IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


කෙහෙළිය ඇත්තටම ලෙඩින්දැයි සොයන්න කමිටුවක්

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන ආකාරයේ රෝගී තත්ත්ව ඇතිවීම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි මෝෂමක් මාර්ගයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට හෘද රෝග හා විකලාංග රෝග, පෙනහලු රෝග, සම්බන්ධයෙන් විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් ඇතුළත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

රඹුක්වැල්ල නමැත්තාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ලබන 26 වැනිදා වනවිට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරවීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන “ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන විමර්ශනයේ 08 වැනි සැකකරු ලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබු කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා පසුගිය 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි අන්දමේ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, පසුගිය 15 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත් දැනුම් දෙමින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කළ අතර කෙහෙළිය රඹුක්වැල්ල නොමැතිව නඩුව විමසීය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ගිලන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණියේය.

කෙහෙළිය රඹුක්වැල්ලගේ පපුවේ වම් පස වේදනාවක් ඇති බවත් ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළෙන බවත් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන් කර තිබූ අතර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට ප්‍රතිකාර කළ සිංගප්පුරූ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු නිකුත් කළ වෛද්‍ය නිර්දේශවල ඡායාස්ථ පිටපත්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෝෂමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලෙන් හෝ ජාතික රෝහලෙන් ප්‍රතිකාර කිරීමට හැකියාව ඇද්ද? පසුගිය පෙබරවාරි 03 වැනිදා සිට 14 වැනිදා දක්වා ඔහුට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව 15 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරමේ රෝගී තත්ත්වයකින් පසු වුණේද? යන්න සම්බන්ධයෙන් විද්‍යාත්මක හේතු දක්වන ලෙස විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට නියම කරන්නැයි ඉල්ලීමක් කර තිබිණි.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට ජාතික රෝහලෙන් ප්‍රතිකාර දීමෙන් අනතුරුව පසුගිය 15 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට යම් බාධාවක් තිබුණේද? යන්න සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයෙන් හේතූ විමසන්නැයි ඉල්ලා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විශේෂඥ වෛද්‍ය මණ්ඩලය හමුවට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා කැඳවා කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා පසුගිය 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබු බාධාව සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමට නියම කරන්නැයි අධිකරණයන් ඉල්ලීමක්ද කළාය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතතුරුව පැමිණිල්ලේ ඉල්ලීම්වලට අවසර දෙමින් අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධ වාර්තාව ලබන 26 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

 



අදහස් (12)

කෙහෙළිය ඇත්තටම ලෙඩින්දැයි සොයන්න කමිටුවක්

Asanga Monday, 19 February 2024 09:34 AM

මෙයාට ඇති ලෙඩක් නෑ. තිබ්බත් හොර ලෙඩ...!

:       0       0

Lalla Monday, 19 February 2024 10:15 AM

රිමාන්ඩ් බන්ධනාගාර ගත වුණාම හිතට එන වේදනාවට ලෙඩ වෙලාද..? මහජනයා වස බෙහෙත්වලට ලෙඩවෙලා..

:       0       0

අරවින්ද මොනරවිල Monday, 19 February 2024 10:23 AM

මොවුන් එළියේ හිටියත් රට විනාශ කරනවා ඇතුළට දැම්මත් රට විනාශ කරනවා, දැන් විශේෂඥයින් වෛද්‍යවරුන් නම දෙනෙක් තමන්ගේ සියලු රාජකාරි පැත්තකට දාලා මේ අය ගැන හොයන්න තමන්ගේ කාලය හා ශ්‍රමය වැය සිදුවෙලා. ඒකෙන් ඇත්තටම රෝගිවෙලා අසරණව ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්න මිනිස්සුන්ට කොතරම් අසාධාරණයක් වෙනවාද?

:       0       0

මීගහහේනේ ධම්මසිරි හිමි Monday, 19 February 2024 10:28 AM

මේ වගේ අය තමයි වැඩිහරියක් පාර්ලිමේන්තුවේ ඇමැතිකම් කරන්නේ...!

:       0       1

Hafeel Monday, 19 February 2024 12:25 PM

අහිංසක රෝගීන් වෙනුවෙන් සහ අසාධාරණයට එරහිව ඉතා එඩිතරව ඉදිරිපත්වූ සිවිල් සංවිධානාවල් ඇතුළු, මෙම නඩුව මෙහයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සහ මහේස්ත්‍රාත්වරිය රටට හොඳ ආදර්ශයක් සහ ආඩම්බරයක්. මෙතැන් සිට මේ රටෙන් දූෂණය නැත්තටම නැති කරන්න කටයුතු කරමු.

:       0       47

ravin Monday, 19 February 2024 12:34 PM

අනේ අනේ මන්දා .ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් දැක්කා 2017 වස්සරේදී ලබාගත්ත ප්‍රතිකාර අනුවලු 2024 දී වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා තියන්නේ .මහජනයා අන්දන ආකාරයටම අධිකරණයත් අන්දන්න හදනවා වගේ ?

:       0       33

P.D Goonawardrne Monday, 19 February 2024 01:28 PM

ඕකේ ඉන්නකන් ඔතැන තමයි. බොරු සංදර්ශන.

:       0       2

kris Monday, 19 February 2024 01:42 PM

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඇතුළු මෙම නඩුව ගොනුකළ හා පවත්වා ගෙනයන සියලුම මහත්ම මහත්මීන් දැඩි ලෙස අරක්ෂාකාරී විය යුතුයි. මොකද රටේම මිනිස්සු මළත් ඔවුන්ගේ කොමිස් ටිකගන්න බෙහෙත් ගෙනාපු අයට, මෙම නඩුව ගොනු කළ හා පවත්වා ගෙනයන සියලුම මහත්ම මහත්මීන්ට කරදරයක් හෝ ජීවිත හානි කිරීමට ඔවුන් නොපැකිලෙන හා දෙවරක් නොහිතන බව සිහි තබාගනු මැනවි.

:       0       2

Rohana Monday, 19 February 2024 02:09 PM

රිමාන්ඩ් කරන්න හදනකොටම ලෙඩවෙලා. එහෙම වෙන්නේ කොහොමද කියන එක ගැටළු සහගතයි. ඒ නිසා ඇත්තටම ලෙඩවෙලාද කියා පරීක්ෂාකිරීම හොඳයි...

:       0       3

සෙනෙවිරත්න Monday, 19 February 2024 03:09 PM

ලෙඩ වාට්ටුද ඇමැතිකම් කරන්නේ...?

:       0       7

Abeydeera Monday, 19 February 2024 04:05 PM

මොන කරුමයක්ද හලෝ මේ..? මෙහෙම රටේ මිනිසුන්ට වදදෙන්නේ නැතුව...!

:       0       6

chandima Monday, 19 February 2024 06:53 PM

කමිටුවක්නේ...! ඕක බොහෝම පරණ සින්දුවක්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 98 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 358 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 418 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 44 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2550 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1591 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site