(අංජුල මහික වීරරත්න)
2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
නිශ්පාදන ක්ෂේත්රයට අදාල රැකියා සඳහා 4384 දෙනෙකුද,ධීවර ක්ෂේත්රය සඳහා 721 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා 14 දෙනෙකුද පිටව ගොස් තිබේ.
මොවුන් අතරින් තරුණයින් 3984 දෙනකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය පිරිස වන අතර, තවත් 719 දෙනකු දකුණු කොරියාවේ සේවය කර දිවයිනට පැමිණ යළිත් එරට සේවය සඳහා පිටව ගිය පිරිස (Re-entry) වේ. එසේම තවත් 417 දෙනෙකු Computer Base Test (CBT) ක්‍රමයට දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ. තරුණියන් 102 දෙනකුද මෙම කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.
දකුණු කොරියාවේ කෙටි කාලීන E-8 වීසා කාණ්ඩයේ රැකියා වෙනුවට ඉහළ වැටුප් හිමිවන E-9 වීසා කාණ්ඩයේ රැකියා සඳහා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ඉදිරියේදී දකුණු කොරියානු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහත පැවසීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී ඉකුත් 10 වැනිදා මහ දවල් අඹු සැමි යුවලගේ ඝාතනය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන්නේ යයි කියන ගැබිනි කාන්තාවක් ඊයේ (13)
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අද( 14) අලුයම එකට පමණ මහ මැතිවරණ අපේක්ෂකයකු,ඡන්ද දායකයින්ට මුදල් බෙදමින් සිටිය දී කල්පිටිය අල් මනාර් කදවුර අසළදී කල්පිටිය
තලාව,හැළඹවැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක දරු දැරියන් 17 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්විමෙන් රෝහල්ගත කළ බව තලාව පොලිසිය කියයි.
දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරියාවට 5000ක්