(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
එම ආරම්භක උත්සවයට සමගාමීව රිදී ජුබිලිය සැමරීමද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී ඊයේ පෙරවරුවේ පැවත්විණි.
එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස එම සංගමයේ හිටපු සභාපතිවරුන් වන ආරියදාස වීරමන්, එච් ඩී පෙු්මසිරි, රංජිත් සමරනායක, විජිත යාපා සහ උපාලි වනිගසූරිය යන මහත්වරු සහභාගි වුභ.
මෙහිදී එම හිටපු සභාපතිවරුන් ඇගැයීම සඳහා විශේෂ සම්මාන ප්‍රදානයක් ද සිදුකෙරිණි. එම සම්මාන ප්‍රදානය කරනු ලැබුවේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආර්යරත්න මහතා විසිනි.
මෙහිදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමයේ විසිපස් වසරක ගමන් මග පිළිබඳව එම සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම ප්‍රකට ලේඛකයකු වන උපාලි වනිගසූරිය මහතා විසින් රචිත "අප ආ මාවත" කෘතිය එළිදැක්වීමද සිදුවිය.
ඒ අනුව එම කෘතියේ මුල් පිටපත් සංගමයේ වත්මන් නිලධාරි මණ්ඩලය විසින් ප්‍රධාන ආරාධිතයින්ට පිළගන්වනු ලැබිණි.පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන පිරිස් වෙතින් අයකරන රුපියල් 20ක ප්‍රවේශපත්‍ර ගාස්තු ව අරමුදලකට බැර කර පිහිටුවා ඇති "දරු දිරිය" ශිෂ්‍යත්ව මෙවරද ප්‍රදානය කෙරිණි .
ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව ලාභින් වූයේ කැලණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ සන්දීපා නිලුක්ෂි, ජී.ජි ඹසඳ ලක්ෂාන්, කේ ඩී ඉරේෂා ,වී ජී තිසරු ෂෙහාන්, හංසනී නිසංසලා , සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පී ඒ වෙනුර ජයසංඛ, යන සිසු මානවක මානවිකාවෝය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකින් සංගමයේ සභාපති ඉන්ද්වර සමරසිංහ ආරම්භක සභාපතිව රන්ජිත් සමරනායක සහ වින්ද්‍යා සමරසිංහ යන මහත්ම මහත්මීහු මෙහිදි අදහස් දැක්වු අතර ගායන ශිල්පී විශාරද එඩිවඩ් ජයකොඩි සමග සැරිසර සංගීත ශාලිකාවේ ළමයින් පිරිසක් සංගමයේ තේමා ගීතය ගායනා කළහ.
සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග භාණ්ඩාගාරික අතල ජයකොඩි, උප සභාපති චන්දා සපුතන්ත්‍රි යන නිලධාරී මණ්ඩලය ද මෙම අවස්ථාව ට එක්ව සිටියහ
ආරම්භක උත්සව සභාවෙන් අනතුරුව 2024 වසරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ප්‍රධාන ශාලාවේ පිවිසුම් දොරටුව රිදී ජුබිලියේ සැමරීම සඳහා වූ අලංකාර අන්තිම සකස් කර තිබූ කේක් ගෙඩිය කැපීම හිටපු සභාපතිවරු පිරිස අතින් සිදුකෙරිණි.
උත්සව සභාව මෙහෙයවිම සිංහල බසින් නිවේදිකා මයුරි අබේසිංහ ද ඉංග්‍රීසි බසින් නිවෙිදක අරුන් ඩයස් බණ්ඩාරනායක ද සිදුකළහ.
(ජයාරුප: සමුද්‍ර හේවාපතිරණ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි