(අංජුල මහික වීරරත්න)
කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවක් අද පැවැත්විණි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවැති එම සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි හා කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරු ද සහභාගී වූහ.
කොළොන්නාව ගංවතුර වැළැක්වීමේ කමිටු වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශ ක්‍රියත්මක කරමින්, ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දුන් අග්‍රාමාත්‍යවරිය මීලඟ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී එම ක්‍රියාමාර්ග ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබදව ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නාය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොළොන්නාව ගංවතුර ප්‍රශ්නයට අගමැතිනී මැදිහත් වෙයි
Ganga Tuesday, 04 February 2025 11:26 PM
දැන් ඉතින් ගංවතුර ප්‍රශ්න ඉවරයි...
Rasi Wednesday, 05 February 2025 05:21 AM
මේක හරිද වැරදිද මම දන්නේ නැහැ. හැබැයි මේක තමයි වෙන්න ඕන. විශේෂන්ච කමිටුවකින් උපදෙස් ගන්න ඕන, ප්‍රදේශවාසීන්ගෙන් විමසන්න ඕන, ඉන් අනතුරුව ක්‍රියාත්මක කරන්න ඕන. කිසිදු පිළිතුරක් හැමෝම සතුටු නොකරන බව පුරවැසියන් දැනගන්න ඕන. සාමාන්‍ය ක්‍රමය නම්, බහුතරය සදහා අවශ්‍ය සහ ඉතුරු අනෙක් යට අවම බලපෑම ඇතිවන සේ යම් දෙයක් ක්‍රියාත්මක කිරීම වේ.
Bunny Preena Wednesday, 05 February 2025 10:10 AM
අවංක උත්සහයක් හොඳම සුුදුසු දෙය සහ හානිය ආවාම කීරිමට කටයුතු කළ යුතුයි..