IMG-LOGO

2025 මාර්තු මස 09 වන ඉරිදා


කෝච්චි ’’සෙක්සි’’ වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අපේ දුම්රිය දැන් හරියට සෙක්සි වෙලා යැයි ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"කවුරුත් ආසයි.දුම්රිය සෙක්සි වුණාට හෙල්දි නෑ.ප්‍රමාද වීම් තියනවා.දුම්රිය සේවය අප රටේ අභිමානයක්. එය පුළුවන් ඉක්මනින් හදන්න අප කටයුතු කරනවා.දුම්රිය සේවයේ යම් ප්‍රතිසංස්කරණ අරඹා තිබෙනවා.සියලු දුම්රිය ස්ථාන වල කාන්තා විවේකාගාර ඉදිකරන්න අප කටයුතු කරනවා.අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමට අප තීන්දු කර තිබෙනවා. පාදුක්ක සිට අවිස්සාවේල දුම්රිය මාර්ගයත් වේගය වැඩි කර නවීකරණය කරනවා.දුම්රිය ස්ටේෂන් "බ්‍රෑන්ඩ්"කරන්න අප පෞද්ගලික අංශයට ආරාධනා කරනවා .නානුඔය සිට නුවරඑළියට සංචාරක දුම්රිය ඇරඹීමට හැකිදැයි සක්‍යතා අධ්‍යයනයක් කරනවා.ලංගම සහ දුම්රිය සේවය සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්ති තීන්දු ගෙන තිබෙනවා.බස් රථයක රියදුරුවරියන් දුම්රිය රියදුරුවරියන් තව වසරක් යන විට දැක ගන්න හැකිවේවි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (8)

කෝච්චි ’’සෙක්සි’’ වෙලා

wije Friday, 07 March 2025 02:25 PM

අගෙයි ඇමැති තුමනි ,වටිනා පොදු ප්‍රවාහන සේවයක් ගොඩනගන්න,

:       7       49

Shantha Friday, 07 March 2025 03:24 PM

රජයට අපේ පුමාණමය

:       3       10

de silva berlin Friday, 07 March 2025 03:39 PM

නවීන බස් රථ කාන්තාවන්ට කිසිම ප්‍රශ්නයක් නොමැතිව පදවන්න පුළුවන් , මේක හොඳ දෙයක් , බස් රේස් නැතිවේවි , අනතුරු අඩු වේවි , මේක මුලින්ම අධිවේගී මාර්ගයේ පටන්ගන්න ,

:       0       10

casmir Friday, 07 March 2025 03:49 PM

අරමුණ අගයකරනවා , මම මේ ලගදි ගියා PORT RAILWAY STATION එකට එත් මටනම් කිසිම වෙනසක් දකින්ඩ නැ . මම දැක්කේ ANTIQUE railway ස්ටටිඔන් එකක් , Railway Staff එක ගැනේ කතා නොකර ඉම්මු , PORT MAIN BUSTAND එක අවට මිනිස්සුන්ට යන්ඩ PAYMENT එකක් ඇත්තෙම නෑ , තනිකරම කඩවලින් පිරිලා . මේවා පිළිවෙලට ලස්සනට හදන්ඩ පුළුවන් , ඉස්සරනම් තීන්දු තීරණ ගද්ද්දී හැමදේටම විරිද්ද උන සෙට්‌ එකක් හිටිය එත් දැන් එයාල රටේ පාලකයෝ ....

:       3       8

de silva Friday, 07 March 2025 03:55 PM

ඇමති තුමනි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සුදු අලියට වියදම් කරන මුදල් කරුණාකර දුම්රියට , ලංගමට වියදම් කරන්න , ඔබලා ජිවිත කාලෙම වේදිකාවල බෙරිහන් දුන්නේ පොඩි මිනිහට යමක් කරන කියල නේද ? දැන් අපි බලේ දුන්න , හදල දෙන්නකෝ අපේ පොදු ප්‍රවාහන සේවේ , A / C බස් අපි ඉල්ලන්නේ නැහැ , අපේ තිබෙන ටකරන් බස් ටික හරි රෙපයාර් කරලා පාරට දමන්න , රාත්‍රී 7 පස්සේ බස් නැහැ , කොච්චි හැමදාම පිලි පනිනවා , මේ ටික රෙපයාර් කරලා දෙන්න , අපේ චන්දෙට සාධාරණයක් ඉටු කරලා දෙන්න , අපි ඉර හඳ ඉල්ලන්නේ නැහැ ,

:       0       12

Asela Friday, 07 March 2025 04:00 PM

සුපුරුදු පරිදි නිෂ්ඵල කතා. දුම්රිය දෙපාර්තමේන්තුව අලුත් බෝතලයක පරණ වයින් වගේ. පරණ වැඩකට නැති සේවකයෙක් නෙරපා හැරීමෙන් තොරව, ඔබට කිසිඳු ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකියි. කෙසේ වෙතත්, ඔබම මෙම පාලනයේ වඩාත්ම වැඩකට නැති මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙකි.

:       4       9

ගුණරත්න Friday, 07 March 2025 06:25 PM

අලුත්වැඩියා කලාම ලස්සන තමයි, ඒත් පාඩු පිට නම් දුවන්නේ බ්‍රහ්මයා මේවායේ පාලනයට හිටියත් ආපහු ජරාජීර්ණ වෙනවා. ඒක තමයි මෙතුවක් කල් අලුත ගෙනා දුම්රිය වලට වුනේ. අනික ඇමති කෙනෙක් මොකක් හරි දෙයකට සෙක්සි කියන එක අහන්න අපුලයි, තුට්ටු දෙකේ රොඩියෙක් කවලන් බාසාවෙන් කතා කළා වගේ. ඊට වඩා හොඳ සිංහල වචන නැද්ද? ලස්සන, ආකර්ශනීය, සිත් ඇදගන්නා සුළු ඔය ඕන තරම් සිංහල වචන තියෙන්නේ...

:       11       14

Aslam Saturday, 08 March 2025 09:08 AM

ඔහු කතා කිරීමට ඉතා ප්‍රසිද්ධයි, නමුත් ඇමතිවරයෙකු ලෙස ප්‍රායෝගිකව කිසිදු ප්‍රයෝජනයක් නැත

:       2       2

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

පුද්ගලයකුට පහර දුන්නැයි එස්.අයි අත් අඩංගුවට
2025 මාර්තු මස 09 39 0

මාර්ගයක් අවහිර වන සේ මෝටර් රථයක් නවතා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග


රිය අනතුරින් 20 තරුණියට දිවි අහිඅමිවෙයි
2025 මාර්තු මස 09 224 0

ගල්නෑව සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ එම දිශාවටම පියෙකු සහ දියණියක් ගමන් කල යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු


පොලිස් වැසිකිළියේ මත්කුඩු පානය කළ පීසි මාට්ටු
2025 මාර්තු මස 09 184 0

අනුරාධපුර මුලස්ථාන පොලිසියේ වැසිකිළියක් තුළ මත්කුඩු පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් වර්ගයේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය කිය


දස වැනි විධායක ජනපති පත් වන්නේ එජාපයෙන්
2025 මාර්තු මස 09 239 0

10 වැනි විධායක ජනාධිපති බිහි වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


ලංකාව හදන්න දිගටම සහය දෙනවා
2025 මාර්තු මස 09 198 0

සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට අඛණ්ඩව සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්


ගිනි අවි උණ්ඩ-කඩුවක් සමඟ අයෙක් අල්ලයි
2025 මාර්තු මස 09 187 0

මෙරට නිෂ්පාදිත ටී 56 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ එයට දමන ටී 56 උණ්ඩ 03ක් දිරා ගිය කඩුවක් සමග එක් අයෙක් කරන්දෙණිය මන්ඩකන්ද ප්‍රදේශයේද අ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 27 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 170 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 534 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site