IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


කෝටි දෙකක කුෂ් කටුනායකදී මාට්ටු

(ටී.කේ.ජී.කපිල)

රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා " කුෂ් " මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කරමින් සිටි විදේශීය  ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (20) දින රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ .

මොහු 33 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක් වන අතර තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 11.45 ට පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබූ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 900 ක් බරැති "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

මේ වනවිට මෙම ඉන්දීය ජාතික ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , එළඹෙන (26) දක්වා රදවා තබා ගෙන  මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්  සිදු කරමින් සිටිති .



අදහස් (0)

කෝටි දෙකක කුෂ් කටුනායකදී මාට්ටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක්
2024 නොවැම්බර් මස 21 1486 0

රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.


ඔක්තෝම්බර් උද්ධමන අඩු වෙයි
2024 නොවැම්බර් මස 21 402 0

මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන


හරින් හැර හිටපු ඇමතිවරු CIDය‌ට
2024 නොවැම්බර් මස 21 1391 0

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා


අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු මෙන්න
2024 නොවැම්බර් මස 21 4189 0

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.


ඩග්ලස් දේවානන්දට වරනේතු
2024 නොවැම්බර් මස 21 1087 0

නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


ආහාර විස වී දැරියන් 9ක් රෝහලේ
2024 නොවැම්බර් මස 21 281 0

තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 453 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1955 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site