IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි) 

රුපියල් කෝටි  165 කට අධික  වටිනාකමකින් යුත්  හෙරොයින් කිලෝ  66 යි ග්‍රෑම් 840 ක්  සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී  අත්අඩංගුවට ගෙන තිබූ  සැකකරුවන් 6 දෙනෙකු සහිත බහු දින යාත්‍රාව අද (15) නාවික හමුදාව විසින් ගාලු වරායට රැගෙන ආවේය.

ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ත් 34 ත් අත‍ර වන මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙම බහුදින යාත්‍රාව සහ සැකකරුවන්  පෙරේදා (14 ) නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් ගාල්ල වරායට රැගෙන ඒමෙන් අනතුරුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සඳහා අද (15) ගාල්ල වරායට පැමිණියේය.

එහිදී සැකකරුවන් විසින් ඉතා සූක්ෂම ලෙස උර හයක් අසුරා බහු දින යාත්‍රාවේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගේ නාවික හමුදාව විසින් සොයාගනුු ලැබීය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ගැඹුරු මුහුදේදී තවත් යාත්‍රාවක් මගින් මෙම සැකකරුවන්ට ලබා දෙන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කරයි.

අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් හය දෙනා සහ බහුදින ධීවර යාත්‍රාව  ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත. 



අදහස් (0)

කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 183 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 324 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 2828 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 459 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2062 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 464 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 289 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site