(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 200 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග බහු දින ධීවර යාත්‍රාවක් සමග ධීවරයන් හය දෙනකු ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
එම මත්ද්‍රව්‍ය තොගය ඉකුත් මස 21 වෙනි දින දෙවුන්දර සිදු වූ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙහි බාලේ මල්ලි නැමැත්තාට අයත් ඒවා බවට සැක කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.
එම සැකකරුවන් සමග හොරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
ගෝනි හයක් තුළ මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබී ඇතැයි පොලිසිය කියයි.
ත්‍රිකුණාමල ධීවර වරායෙන් මුහුදු ගිය කුඩා වැල්ල බාසුරු ධීවර යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව සැකකරුවන් සමග මෙම බහු දින ධීවරයාත්‍රාව බටහිර මුහුදේ දි අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර ධීවරයන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන ය
රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.
සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය
අවුරුදු සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා අවුරුද
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කෝටි 200ක කුඩු මහ මුහුදෙන් අල්ලයි