(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී පොලිසිය මගින් සොයාගත් රුපියල් කෝටි 28 ලක්ෂයකට අධික මුදල ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රන් මල්ලි නම් ජාවාරම්කරු උපයා ගත් මුදල් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
එම පුද්ගලයා තංගල්ල බන්ධනාගාරයේ දැඩි ආරක්ෂා මධ්‍යයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නැමැත්තාගේ ප්‍රධාන තම ගෝලයකු වන බව පොලිසිය සඳහන් කරයි.
හරක් කටා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රන් මල්ලී දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධානතම පුද්ගලයන් කීපදෙනා අතුරින් අයෙක් බවද පොලීසිය පවසයි.
දඹුල්ල කුරුණෑගල මාර්ගයේ කිරි වවුල තෝරා යාය ප්‍රදේශයේදී කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී ඉකුත් (16) වෙනි දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රියදුරු අසුන යට බෑගයක තිබූ රුපියල් දෙකෝටි 35 ලක්ෂයක මුදලක් සහ මැණික් පාෂාණ කොටස් 35 ක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රවනාශක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් සමත් විය.
එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු පදිංචිව සිටි අංගමුව නිවසේ සේප්පුවක් තුළ බහා තිබූ රුපියල් විසිපන් කෝටි අනූඅට ලක්ෂයක මුදලක් පොලිසිය මගින් සොයාගෙන තිබිණි.
උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීම
නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි
කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි
නීති විරෝධී ලෙස කොටස් මෙරටට ගෙන්වා එකලස් කළ ලොරියක් තබා ගත්තැයි කියන සිද්ධියකට හිටපු අමාත්‍ය විජිත්මුණි සොයිසා අත්අඩංගුවට ගත් බව පානදුර වළාන මධ්‍යම
පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණ. එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි(76000) රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ මෙහෙයවීම මත යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් සංවිධානාත්මක අප
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කෝටි 28 හිමිකරු මාට්ටු
pj Sunday, 19 January 2025 12:19 PM
මාට්ටු වෙලා තියෙන්නේ පුද්ගලයාගේ නම විතරයි ද....?