IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


කෝටි 43 ක දුම්වැටි ඔරුගොඩවත්තෙන් අල්ලයි

(යොහාන් භාසුර)

නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ රුපියල් මිලියන 435 ක් හෙවත් රුපියල් කෝටි 43 කට අධික වටිනාකමින් යුතු විදේශීය දුම්වැටි තොගයක් රේගු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම දුම්වැටි තොගය  ඔරුගොඩවත්ත බහලුම් පරීක්‍ෂණ අංශයේදී රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බවත් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ජබිල් අලි වරායේ සිට මෙරටට ගෙන්වා තිබූ අඩි 20 බහලුමක් තුළ මෙම දුම්වැටි තොගය තිබූ බවත් අරුක්ගොඩ මහතා කීය.

කාර්යාලීය පුටු ගෙන්වන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම බහාලුම තුළ මෙලෙස නීති විරෝධීව දුම්වැටි ගෙන්වා  ඇති බවත් මෙම දුම්වැටි තොගය රේගුවෙන් පිටවූයේ නම් රුපියල් මිලියන 378 ක් හෙවත් රුපියල් කෝටි 38කට  අධික තීරු බදු මුදුලක් රේගුවට අහිමිවන බවත් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම දුම්වැටි ගෙන්වීම සම්බන්ධයෙන් රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් වාප්පු ලිපිකරුවකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන්වීමට කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගේ අධීක්‍ෂණය යටතේ රේගු අදායාම් අධීක්‍ෂණ අංශයේ රේගු අධ්‍යක්‍ෂ තිලක් සුරවීර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ තිස්ස දහනායක,  නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරු වන උපුල් ගෝනවල, සඳගෝපන්, රේගු අධිකාරි අකිල රූපසිංහ, සඳුන් බටගොඩ, අනුෂ්කා කුරේ, රඛිත ආරියසේන යන මහත්ම මහත්මීහු මෙම දුම්වැටි තොගය සම්බන්ධයෙන් වැඩිදුරට පරික්‍ෂණ පවත්වති. 



අදහස් (0)

කෝටි 43 ක දුම්වැටි ඔරුගොඩවත්තෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1046 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 225 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 402 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 425 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 494 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 878 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 435 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 923 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site