IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


කෝටි 7ක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි

(සිතුම් චතුරංග)

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතකට අ‍ාසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 108යි ග්‍රෑම් 460 සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු යාපනය පල්ලිකුඩා ප්‍රදේශයේදී අ‍ත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි.

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් සමඟ කේරළ ගංජා රැගෙන අ‍ා ඩිංගි යාත්‍රාවක්ද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

දීර්ඝ කාලයක සිට සිදුකර අ‍ැති මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සැකකරුවන් ඉන්දියාව වෙත ගොස් එහි සිටින  ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා මිළදීගෙන මෙරටට රැගෙන එ‍්ම සිදුකරන බවත් පැවසීය.

අනතුරුව දින ගණනක් මුහුදේ රැදීසිට ධීවර කටයුතු අවසන්කර ගොඩබිමට පැමිණෙන  මුවාවෙන් කේරළ ගංජා රැගෙන එම සිදුකරන බවත් එලෙස රැගෙන එන කේරළ ගංජා දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන බවට අනාවරණය වූ බවත් පැවැසීය. 

සැකකරුවන් මන්නාරම, මාන්කුලම යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ත් 45 අතර වයසේ පසුවන්නෝ වෙති. 

අත්අඩංගුවටගත් සැකකරුවන් හා කේරළ ගංජා තොගය යාපනය මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අ‍ැතුළු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරයි. 



අදහස් (0)

කෝටි 7ක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අර්චුනාට එරෙහි පොලිසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
2025 ජනවාරි මස 21 304 0

අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා බැන තර්ජනය කළැයි සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින යාපනය දිස්ත


අයවැය හදන හැටි ජනපති කියයි
2025 ජනවාරි මස 21 211 0

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගී කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.


කොටස් වෙළෙඳපොළ ඉතිහාසය අලුත් වෙයි
2025 ජනවාරි මස 21 207 0

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ක් අද (21) ඉක්මවූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.


මනූෂගෙන් පැය 06ක ප්‍රකාශයක්
2025 ජනවාරි මස 21 211 0

කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව ඊ 8 නැමැති වීසා ක්‍රමයක් ඔස්සේ පුද


UN සම්බන්ධීකාරක - මහජන ආරක්ෂක ඇමති හමුවෙයි
2025 ජනවාරි මස 21 115 0

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩේ‍ර ෆ්‍රැන්චේ මහතා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා


දඩ කොළය කඩිනම් කරන්න මෘදුකාංගයක්
2025 ජනවාරි මස 21 406 0

සී.සී.ටී.වී කැමරා මගින් රථවාහන වැරැදි නිරීක්ෂණය කර රථවාහන නඩු ලබා ගැනීම කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට සදහා උපකාරීවන නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලිසිය


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 424 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 618 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 336 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site