IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කේ.එල් ඩියුටි ෆ්‍රී ගැහැලි

මලයාසියා සංචාරයකට ගොස් ශ්‍රී ලංකාව බලා පැමිණෙන අවස්ථාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටේ දී පොතක් මිලදී ගත් විශේෂඥ වෛද්‍යවරයකුට සිදුවූ අකරතැබ්බයක් ගැන කෑගල්ල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.

පොත්වලට බෙහෙවින් ප්‍රියකරන එම වෛද්‍යවරයා ලංකා මුදලින් රුපියල් 1100ක් පමණ වටිනා පොතක් මිලදී ගෙන ඇත්තේ ක්වාලාලාම්පූර් ගුවන්තොටේ තීරුබදු රහිත සාප්පුවකිනි. එම පොත ආකර්ශනීය පිටකවරයක් සහ ඉටි කවරයකින් ආවරණය කර තිබිණි. කිසිදු සැකයකින් තොරව මුදල් ගෙවා පොත මිලදී ගත් වෛද්‍යවරයා ලංකාවට පැමිණි පසු පොත දිගහැර බලන්නට විය. ඔහුගේ ඇස් අදහාගත නොහැකි විය. පුදුමයකි. මෙය සාමාන්‍ය තනිරූල් පොතකි.

එවැනි වගකිවයුතු ගුවන්තොටුපළක මෙවැනි වංචනික ක්‍රියාවක් සිදුවීම ගැන ඔහු කනගාටුවට පත්විය. මලයාසියාවට යන සෑම දෙනාටම ඔහු පවසන්නේ මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසයි. ඔහු පවසන්නේ නැවත මලයාසියාවට ගියද එහිදී කිසිදු දෙයක් මිලදී නොගන්නා බවයි.

web20160906_071748 web20160906_071834



අදහස් (0)

කේ.එල් ඩියුටි ෆ්‍රී ගැහැලි

සෑම් Friday, 23 September 2016 05:32 AM

ඉංග්‍රීසියෙන් කියමනක් තියනවා නේද "ඩෝන්ට් ජජ් බුක් බයි ඉට් කවර්" කියලා. මෙතුමා වෛද්‍යවරයෙක් වුණාට ඉහත කියමන කවදාවත් අහලා නැහැ වගේ. (නි)

:       0       0

දිලන්ක Monday, 26 September 2016 01:23 AM

මට නම් මේ දොස්තර මහත්තයා ගැන හරිම දුකයි (නි)

:       0       0

ජයාත් Monday, 26 September 2016 01:23 AM

ඔය පැත්තේ ඉන්නවා නේද හරිම ප්‍රසිද්ධ දොස්තර කෙනෙක්. මේ එයාද දන්නේ නැහැ (නි)

:       0       0

කුමාර Wednesday, 28 September 2016 04:42 PM

ඕකේ ලියලම තියෙන්නේ එන් බී කියලා (නෝට්බුක් කියලා) ඩියුටි ෆ්‍රී වල බඩු ගණන්. (නි)

:       0       0

චමල්කා Monday, 26 September 2016 02:10 AM

මොළය කල්පනා කරලා බලලා ගන්න එපායැ (නි)

:       0       0

ජනහිත Friday, 23 September 2016 04:42 PM

මැලේසියාවේ වුණ නිසා ඕකත් මහින්දගේ ගිණුමට වැටෙයි. බලාගෙනයි. කොහෙන් මොනවා ගත්තත් හොඳට හොයලා බලලා තමයි ගන්න ඕනෑ. අර පිටකොටුවේ පේමන්ට් කඩවලින් බඩු ගන්නවා වාගේ තමයි.නොගෙන හිටියහම ඉවරනේ. දැන් අපේ රටෙත් ලෝකේ තියන හැම දෙයක්ම තියනවා. එ්ත් තත්වය ගැන නම් කියන්න බැහැ. මදැයි දොස්තර මහත්තයට අහගන්න වෙලා තියෙන දේ දැනමුතුකම් දෙන්න ගිහින්. (නි)

:       0       0

උදය Monday, 26 September 2016 02:59 AM

අනේ මන්දා ලෙඩ්ඩුන්ට කාගේ පිහිටද කියලා (නි)

:       0       0

ඔසිත Tuesday, 27 September 2016 03:08 AM

මිනිස්සුන්ට අවවාදයක් දෙන්න ගියාම එතනත් දේශපලනයයි, දොස්තරලා ගැන තියෙන ඊර්ෂියාවයි ඉස්මතු වෙනවා, අනේ මෙහෙමත් ජාතියක් (ම)

:       0       0

කලන Monday, 26 September 2016 12:21 PM

මේ ගැන වැඩිය හිතන්න එපා.(හේ)

:       0       0

දේශප්‍රිය Sunday, 02 October 2016 03:36 AM

ගැඹුරින් හිතල බැලූවොත් මෙතැන වැරදි කරු මලේසියානු වෙලෙන්දාවත් දොස්තර මහතාවත් නොවේ. දොස්තර මහතාගේ ඇත්තේ නොදෙනුවත්කම පමණි. මෙය ඕනෙම රටක අන්තර්ජාතික ගුවන්තොටුපොළක විකිනීමට ඇති සිහිවටන සමරු සටහන් පොතකි. මෙය නොදැන සිටීම දොස්තරමහතාගේ නොහැකියාවක් නොවේ. එය ඔහුගේ රැකියාවට බාධාවක්ද නොවේ.(බ)

:       0       0

රූපාවතී Thursday, 22 September 2016 08:23 PM

මම පොතක් ගත්ත හැම වෙලාවකම ..එය නමින් තෝරාගෙන අනිවාර්යෙන්ම ..ඇතුළ පිටු පෙරලලා බලලයි මුදල් ගෙවන්නේ ..?පොතේ මුද්‍රණය බලන්න කවදාවත් අමතක කරන්නේ නැහැ .? අනික මෙයා ඇයි ඒ පොත පෙරලා නොබැලුවේ නිකමටවත් ..? (ම)

:       0       0

දුමින්ද Wednesday, 28 September 2016 10:06 PM

පොත් කියවනවා කිවුවට ජීවිතේට පොතක පිටකොලයක් දැකලා නැහැ. පොතක් නම් එ්කේ පිටකොලේ ලියපු කෙනා ඇතුළු බොහෝ විස්තර තියෙනවා. පිටුපසත් පළකරන පොත් සමාගමේ නම වගේ ගොඩක් දේ තියෙනවා. මේක තනිකර නොදන්නාකම.

:       1       0

පසන් Friday, 23 September 2016 07:18 AM

මම නම් හිතන්නේ නැහැ මේක ඒ කඩේ වැරැද්ද කියලා. මොනවාහරි කරුණු අඩංගු පොතක් ඉටි කවර වලින් ආවරණය කරන්නේ නැහැ සඟරා වගේ ඒවා ඇරෙන්න. මොකද ඒක ගන්න කෙනා කියවලා බලලා ගන්න නිසා. මේක සම්පූර්ණයෙන්ම මිලදීගත් කෙනාගේ වැරැද්ද මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 22 September 2016 11:01 AM

හිතන්නත් අමාරුයි. ඔය කියන සමාගම එංගලන්තයේ ප්‍රසිද්ධ සමාගමක්. (අ)

:       0       0

ප්‍රදීප් Thursday, 22 September 2016 10:56 AM

ඉතින් මේකේ කවරේ කියල නැහැනේ මේකේ ඇතුලේ තියෙන්නේ ක්වාලාලම්පුර් ගැන කියල. අනික බිලෙත් තියෙන්නේ නොට් බූක් කියල කෙටියෙන් දමල. ලංකාවෙත් පොත් වල සත්තු පිටකවරේට දාපු කොපි පොත් කොච්චර තියේද එහෙනම්. ඒවායේ ඇතුලේ වනජීවී විස්තර නෙමෙයිනේ තියෙන්නේ. මේකනම් ගත්තු කෙනාගේ වරද. අනික ලෝකේ කොහෙවත් රු.100 ට ඔයිට වඩා බලාපොරොත්තු වෙන එකත් වැරදියි. (අ)

:       0       0

සරා Thursday, 22 September 2016 11:11 AM

පොතක් ගත්තොත් පොත ඇරලා කියවල බලන්නේ නෙද්ද? මෙහෙම දෙයක් විස්වාස කරන්න බැහැ. "ඔහු පවසන්නේ නැවත මලයාසියාවට ගියද එහිදී කිසිදු දෙයක් මිලදී නොගන්නා බවයි." මේක ඊට වැඩ සැක සහිත කියමනක්. (අ)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 24 September 2016 08:59 AM

මෙවැනි කොපි පොත් දියුණු රටවල තියෙනවා. මේ දොස්තර විචක්ෂණ බුද්ධියෙන් මේ පොත දිහා බලලා නැහැ. රෝගිනුත් මේ විදියටම පරීක්ෂා කළා නම් ඉතින් ඔවුන්ගේ අවසානය තමයි. (නි)

:       0       0

රසික Friday, 23 September 2016 08:00 AM

තමන්ගේ නොදැනුවත්කම පිළි අරන් පාඩුව විඳ ගන්නේ නැතුව ප්‍රසිද්ධියේ මෙවැනි චෝදනා නැගීමෙන් සිදු වන්නේ තම වෘත්තියේ යෙදෙන රට තොට දැනුමක් ඇති අයවත් සෝපහාසයට ලක් කිරීමයි (බ)

:       0       0

මහීපාල Sunday, 25 September 2016 09:28 AM

දොස්තර ගැන දුකයි. (නි)

:       0       0

රොෂාන් ද සිල්වා Thursday, 22 September 2016 11:38 AM

මේ දොස්තර ගැන මට හරි දුකයි. (හේ)

:       0       0

දහම් Friday, 23 September 2016 11:18 PM

බඩුවක් ගන්නකොට බලලා නෙමෙයිද ගන්නේ. සමාවෙන්න, දොස්තර මහත්වරුන්ට රටතොට ගැන තියෙන අවබෝධය අඩු නිසා මේ දේ සිද්ධ වෙනවා. ගණන් ගන්න එපා. රුපියල් 1100 මොකක්ද ඔබට? (නි)

:       0       0

බෙනට් Thursday, 22 September 2016 11:53 AM

මේක හොයලා බලන්නේ නැතුව ගත්තු කෙනාගේ වරදක් .(හේ)

:       0       0

ලලිත් Friday, 23 September 2016 12:44 AM

මම නම් කියන්නේ මේක තනිකරම දොස්තර මහත්තයාගේ වැරැද්ද (නි)

:       0       0

කසුන් Friday, 23 September 2016 12:52 AM

මේ වගේ කවර සහිත කොපි පොත් ලෝකයේ අනිත් රටවලත් විකුණනවා. තමන් පොතක් ගන්නවා නම් අඩුතරමින් පෙරළලා බලලාවත් ගන්න ඕනෑ. අනික විශේෂඥ වෛද්‍යවරයකුත් වෙලා මෙහෙමද වැඩ කරන්නේ. (නි)

:       0       0

ලලිත් Friday, 23 September 2016 12:53 AM

නමුත් සොයානොබලා මෙහෙමද පොත් ගන්නේ? රෝගින්ටත් දෙවි පිහිටයි. මම නම් කියන්නේ කඩේ වරද නෙමෙයි. දෙ‍ාස්තරගෙ වරද. (නි)

:       0       0

සිරි Friday, 23 September 2016 08:39 AM

"පොත්වලට බෙහෙවින් ප්‍රියකරන" අය පොත් ගන්නෙ ඔහොම නොවෙයි. පොතක් ගන්න කලින් එහි පෙරවදනෙන් ටිකක් කියවා බැලීම, මුල මැද අග ටිකක් පෙරළා බැලීම වැනි දෙයින් පසුව තමයි පොතක් ගන්නේ. (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Thursday, 29 September 2016 10:28 AM

ඕව අර කියනවා වගේ නොට් බූක්. අපේ ඉන්න රටේ තියෙනවා. ලංකාවෙත් තියෙනවා .ඉස්සරහ ලස්සන තම රටේ පින්තුරයක් දාල තියෙන්නේ (බ)

:       0       0

සමන් Saturday, 24 September 2016 01:23 AM

අපේ රටේ වෙදැදුරන්ට සාමාන්‍ය දැනුම නැහැ කියන එක මේ රටෙන් එළියෙදීත් ඔප්පු කර ඇත. මෙහෙදී දාන තර්ක ඇහෙනකොට වෛද්‍ය උපාධියට සමාජ දැනුම පරික්ෂා කිරීමකුත් අවශ්‍යයැයි සිතේ. (නි)

:       0       0

උදය Sunday, 25 September 2016 11:15 AM

ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියෙනවා කවරය බලා පොත ගැන තීරණය කරන්න එපා කියලා. බලනකොට උගත් දොස්තර මහත්තයා කරලා තියෙන්නේ එ්කනේ. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 24 September 2016 12:43 PM

මේ බිලේ ‘NB‘ යනුවෙන් සඳහන්වෙලා තිබෙන්නේ note book යන්න නේද? ඩියුටි ෆ්‍රී සාප්පු වලින් පොත්පත් ගන්නේ නැහැ දන්නා කෙනෙක්. හේතුව මිල අධික නිසා. මේ දොස්තර මහත්තයට මේක තේරුම් කරලා දෙන්න කවුරුවත් හිටියේ නැද්ද? (නි)

:       0       0

සමන්ත Friday, 23 September 2016 09:05 AM

හොයන්නේ බලන්නේ නැතුව ඇස් කන් පියාගෙන පොතක් මිලදීගෙන අනුන්ට බැණවැදීම මෝඩකමක්. තමුන්ට අවශ්‍ය දේ නිසිලෙස හොයාබලා මිලදීගැනීම තමන් සතු වගකීමක්. (නි)

:       0       0

ධම්ම Friday, 23 September 2016 09:13 AM

සද්ද නොකර හිටියා නම් කරපු වැඩේ වහගන්න තිබුනා. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 28 September 2016 04:50 AM

හදිසි අවස්තාවලදී ඔහොම දේවල් වෙනවා. හොදට බලලා තෝරන දේ නෙමෙයි ගෙදර ඇවිත් බලද්දී තියෙන්නේ. පිටකොටුවට ගිහින් ඇපල් හෝ වෙන පළතුරක් අරන් ගෙදර ඇවිත් බලන්න තෝරපු දේවල්ද තියෙන්නේ කියලා ඇතුලේ. මටනම් අනන්තවත් ඔය දේවල් වෙලා තියෙනවා. (බ)

:       0       0

කර්තිනි Friday, 30 September 2016 05:30 AM

බොහෝ විශේෂඥ වෛද්‍යවරයනට සාමාන්‍ය බුද්ධිය වත් නැහැ. මෙන්න හොඳ උදාහරණයක්! (ම)

:       0       0

උපුල් Friday, 30 September 2016 03:33 PM

අනේ ඉතින් ලෙඩුන්ට අබ සරණයි!

:       0       0

රත්නේ Thursday, 22 September 2016 12:37 PM

මේක වංචාවක් නොවෙයි. රු. 11 00 කට ගුවන් තොටුපොලකදී වටිනා පොතක් ගන්නේ කොහොමද ? ඩියුටි ෆ්‍රී කියලා තිබුනට ගුවන් තොටුපොල තුලදී ඔය වගේ දේවල් වල මිල බාහිර ස්ථාන වල මිලට වඩා බොහෝ වැඩි. මි.මී. 500 වතුර බෝතලයකුත් රු. 250 ක් 300 ක් විතර වෙනවනේ. එය හොඳ කවරයක් සහිත පොතක් නිසා ද ටිකක් මිල වැඩි වෙනවා. මිල දීලා ගන්න ඉස්සෙල්ලා ටිකක් හොඳින් බැලුවා නම් මේ වගේ වැරදි වැටහීමක් වෛද්‍ය වරයාට වෙන්නේ නැහැ.(හේ)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 22 September 2016 01:05 PM

මම හිතන්නෙත් දොස්තරට වැරදිලා (නි)

:       0       0

දුමින්ද Thursday, 22 September 2016 01:09 PM

මේක ගත් කෙනාගේ වරද. පොතක් ගන්න කලින් පිටකවරය විතරක් නෙමෙයි, ඇතුළත් ටිකක් බලන්න ඕනෑ. එක ඕනෑ පොඩි එකෙක් කරන වැඩක්. (නි)

:       0       0

කුමාර Monday, 26 September 2016 07:03 PM

මේක හොයලා බලන්නේ නැතුව ගත් කෙනාගේ වරදක්

:       0       0

භද්‍රානි Friday, 23 September 2016 10:35 AM

පුළුවන් තරම් මහපාරවල් වල උද්ඝෝෂණ කරලා බිහිවුණ දොස්තර මහත්තයෙක් වගෙයි. එකඅතකට පුදුම වෙන්න දේකුත් නැහැ. පිටකවරේ තියන පින්තූරේ දිහා බලලා ඇතුළේ තියෙන දේ තීරණය කරන දොස්තර මහතෙක්. මෙයාගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩු ටිකට දෙයියන්ගේම පිහිටයි. එ්කට කමක් නැහැ. අඩුතරමේ ළමයි ටිකවත් හොඳ ඉස්කෝලෙකට දාලා හොඳට උගන්වන්නකෝ. (නි)

:       0       0

ධනසිරි Thursday, 22 September 2016 01:55 PM

අනේ මන්දා මෙහෙම දොස්තරලා? (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 22 September 2016 02:03 PM

බලාගෙන මෙයාගෙන් බෙහෙත් ගන්නේ. (නි)

:       0       0

පෙරේරා Monday, 26 September 2016 07:42 AM

දොස්තර මහත්තයා හරි. (හේ)

:       0       0

දහම් Thursday, 22 September 2016 02:19 PM

දොස්තර මහත්තයා ගැන දුකයි (නි)

:       0       0

හිමාල් Thursday, 22 September 2016 02:12 PM

අනේ මෙහෙමත් දොස්තරලා? (නි)

:       0       0

චානක Sunday, 25 September 2016 05:47 PM

කෝ පොතේ කතුවරයාගේ නමවත් පිටකවරේ ගහලා නැහැනෙ (නි)

:       0       0

රාධා Thursday, 22 September 2016 02:19 PM

මෙය සටහන් පොතකි. එය නොපෙනුනේද? (නි)

:       0       0

ජයන්ත Friday, 23 September 2016 03:42 AM

නමුත් ලංකාවේ දොස්තරලා සිතාගෙන සිටින්නේ එයාලා හරි බුද්ධිමත් අය කියලා. (නි)

:       0       0

ඇන්තනි Friday, 23 September 2016 11:46 AM

ඔය ගොඩක් ලංකාව ඇතුළේ ලොකු ලොකු කෙරුමෝ, දැනමුත්තෝ වගේ ඉන්න කට්ටිය පිටරටකට ගියාම මෙලෝදෙයක් දන්නේ නැහැ. මේවා හොඳ උදාහරණ. (නි)

:       0       0

සිරිල් Friday, 30 September 2016 07:22 AM

අපිටත් ඔය වගේ දේවල් අනන්තවත් වෙලා තියනව අනික ඔය වගේ පොඩි ගනන් වලට නොවෙයි. (ර)

:       0       0

ඇසළ Friday, 23 September 2016 11:58 AM

මෙතුමා නම් අන්තරේ කලින් සාමාජිකයෙක් වගෙයි (නි)

:       0       0

සපරමාදු Friday, 23 September 2016 12:25 PM

මෙහෙම පොත් ලංකාවේ සාමාන්‍ය කඩවලත් තියෙනවනේ! (නි)

:       0       0

අනුර Friday, 23 September 2016 04:01 AM

පරගැති මානසිකත්වයෙන් ඉන්න උදවියට,අපේ රටේ අයට වඩා විදේශීය වංචාකාරය වුනත් හරි අගෙයි.ඊයේ පෙරේද ඉපදුනා වගේ ඉන්න අපේ ඉතිහාසය නොදන්නා උදවිය අපේ රට මංකොල්ල කාපු අය ගැන දන්නේ නැහැ.අපේ රටේ මුදලින් රුපියල් එක්දහස් එකසියයක් (1100)වගේ මුදලකට කොපි පොත් විකුණන රටක් මම අහල නැහැ. (බ)

:       0       0

සෑම් Friday, 23 September 2016 01:03 PM

දැක්ක ගමන් සල්ලි දෙන්න කලින් පොත දිග ඇරලා බලන්න එපායැ. (නි)

:       0       0

එන්සිනා Thursday, 29 September 2016 03:04 PM

මේ දොස්තරගෙන් බෙහෙත් ගන්නාවිට පරිස්සමෙන් (නි)

:       0       0

රංජන් Friday, 23 September 2016 04:32 AM

මම නිතරම මැලේසියාවට යනවා. ඔවුන් "රවටන" වැඩ කරන්නේ නැහැ . මෙය දොස්තරගේ බිලේ පෙන්වල තියෙනවා මේක ‘නෝට් බුක්‘ එකක් කියලම ...කවරය විතරක් පින්තුරයක් ....ඒ සිහිවටනයක් විදියට තියාගන්න (බ)

:       0       0

ගොඩගේ Saturday, 01 October 2016 01:47 PM

මේ පොත තියෙන්න ඇත්තේ ඉටි කොලේකින් වටකරපු පැකින් එකක. ඒ නිසා දොස්තර මහත්තයට ගන්න කලින් දිග ඇරලා බලන්න බැරිවෙන්න ඇති. හිතන්න ඇති ක්වලාලම්පුර් ගැන ලියපු පොතක් වෙන්න ඇති කියලා. ගෙදර ගිහින් බලනකොට තමයි නෝට් බුක් එකක් කියලා දකින්න ඇත්තේ. ස්වයං රැවටීමකට ලක්වෙලා. (නි)

:       0       0

ප්‍රියා Friday, 23 September 2016 02:18 PM

මේකේ සම්පූර්ණ වැරැද්ද දොස්තරගේම තමයි

:       0       0

ප්‍රසන්න Friday, 23 September 2016 02:18 PM

රටේ නම හොඳවුණ පමණින් හැමදේම පිළිගන්න හොඳ නැහැ. එක වතාවක් මම සිංගප්පුරුවේ ඉතාම නමගිය සාප්පුවකින් ජංගම දුරකතනයක් ගත්තා තෑග්ගක් දෙන්න. එයාලටම කිව්වා ලස්සනට පැක් කරලා දෙන්නත් කියලා. නිකමට පැක් කරන්න කලින් අායේ ඉල්ලලා බැලුවම එ්කට ලැබෙන හැන්ඩ්ස් ෆ්‍රී එක නැහැ. ඇහුවම කියනවා ඒක එන්නේ නැහැ, එ්කට වෙනම ගෙවන්න කියලා. අන්තිමට මම මේක පැමිණිලි කරනවා කිව්වම, ටක්ගාලා සමාවෙන්න වැරදීමක් වුණේ කියලා ඕනෑනම් මුදල් ආපසු දෙන්න හරි හැන්ඩ්ස් ෆ්‍රී එක දෙන්න හරි එකඟවුණා (නි)

:       0       0

ලලිත් Thursday, 29 September 2016 03:31 PM

දොස්තර වුනත් ලංකාවේ කෙනෙක්නෙ. වැඩේ විසඳගන්න බලනවා වෙනුවට ප්‍රසිද්ධ කරන එකයි, පෙළපාලි යන එකයි, විරෝධතා පවත්වන එකයි, වර්ජනය කරන එකයි. මේ ආයතනයේ වෙබ් අඩවියක් තියෙනවා. එකේ තියෙනවා ඔවුන්ට පණිවුඩයක් යැවීමට පිටුවක්. ව වගේම දුරකථන අංක දියත් තිබෙනවා. ඉ මේල් පණිවුඩයක් යැවුවනම් බිල් අංකයත් එක්කල. වරද කොතනද කියල හොයාගන්න පුළුවනි. ටෙලිපොන් : 603 8777 7000 - එච්කිවු, ෆැක්ස්: 603 8777 7778 - එච්කිවු; telephone: 603 8776 2000 (බ)

:       0       0

සැන්ඩ්‍රා Monday, 26 September 2016 12:46 AM

අපේ රටේ වෙදැදුරන්ට සාමාන්‍ය දැනුම නැහැ කියන එක මේ රටෙන් එළියෙදීත් ඔප්පු කර ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1325 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1495 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 926 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 404 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1331 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site