IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කෑ ගසා ජාතික ගීය ගැයුවැයි සිසුවාගේ හිසට පහර පිට පහර

(නිමන්ති රණසිංහ)

උදෑසන රැස්වීම පැවැති අවස්ථාවේදී කෑ ගසා ජාතික ගීය ගායනා කළැයි උරණවී 09 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ හිසට පහර පිට පහර ගැසූ බව කියන හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි හංවැල්ල පොලීසිය පවසයි.

පාසලේ ප්‍රධාන රැස්වීම පැවැති ඊයේ 14 පෙරවරුවේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර, එම ගුරුවරයා රැස්වීමෙන් දරුවා පසෙකට ඇදගෙන ‘සද්දේ මදි. තවත් හයියෙන් කෑ ගහලා කියන ලෙසට කියමින්’ හිසට පහර පිට පහර ගසා ඇති බව දරුවාගේ මව කළ පැමිණීල්ලේ සදහන්ව ඇතැයි පොලීසිය පවසයි.

පාසල නිමවීමෙන් පසු නිවසට ගොස් ඇති දරුවා හිසේ කැක්කුම බව කියමින් මවට සිදුවීම පවසා ඇති අතර පසුව අවිස්සාවේල්ල මූලික රෝහලට දරුවා ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ස්ථානීය පරික්ෂණය සදහා අද (15) දින එම පාසලට නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබූ බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුව ඇති බවත් පසුව අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලීසිය සදහන් කරයි.

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ඉකුත් සැප්තැම්බර් මස පැවැති ප්‍රදර්ශනයකදී මිනිස් කටහඬට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක රෝබෝ යන්ත්‍රයක් ද නිෂ්පාදනය කර ඇති මෙම සිසුවා ගණීත ඔලිම්පියාඩ් පදක්කම්ලාභී ශිෂ්‍යයෙක් වන බවද වාර්තා වෙයි.



අදහස් (14)

කෑ ගසා ජාතික ගීය ගැයුවැයි සිසුවාගේ හිසට පහර පිට පහර

ගජමිතුරු Tuesday, 15 November 2022 04:48 PM

එහෙමනම් ඔය ගුරුවරයාට සුවකළ නොහැකි ඊර්ෂ්‍යාව නැමති භයානක රෝගය වැළදී ඇතිබව පෙනේ.නොපමාව මානසික වයිද්‍ය වරයෙකුට පෙන්වා ප්‍රතිකාර දීමට හෝ වයිද්‍ය හේතු මත විශ්‍රාම ගැන්වීමට කටයුතු කරන්න ඕන

:       1       8

Prase Tuesday, 15 November 2022 06:20 PM

කෝ අර ගුරු සංගමයේ ගොන් නාම්බා .මානව හිමිකම් යන්නේ නැද්ද ළමයින්ට පහර දෙනවා කියලා ගුරුවරු ..වහා නීතිය ක්‍රියාත්මක කර යුතුමයි .ගුරු වෘර්තිය සමිති අහෝසි කරන්න රජයට බල කරන ජනතාව පෙළගැස්විය යුතුමයි

:       1       8

Sisira Tuesday, 15 November 2022 09:05 PM

දැන් ගුරුවරු මැරයෝ වෙලා වගෙයි.

:       0       7

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 15 November 2022 09:21 PM

ජාතික ගීය තිබෙන්නේ තොල් මතුරන්නද හඩ නගා කියන්නද

:       1       6

Pradeep Tuesday, 15 November 2022 09:50 PM

මේක දකින ගුරුවරුන්ගේ බිරින්දෑවරුන්ට....... රෑට හොඳට තම ගුරු සැමියාගේ තුවක්කු වලට බයේ පොලිෂ් කරහල්ලා . නැත්නම් ඊළඟ දවසේ ඒ ඇරියස් කවර් වෙන්නේ අහිංසක දරුවොන්ගෙන්....

:       1       8

pakeer Tuesday, 15 November 2022 10:05 PM

මට එන කේන්තියට මේකේ මට පල කරන්න බැහැ වචන .නීතියෙන් ඕකට අච්චු කරන්න .ඕනේ අඩුම ගානේ ඔකාගේ වෘෂණ කෝෂයක් අරන් දාන්න ඕනේ .සිහිය තියෙද්දී

:       1       7

jayarathna Wednesday, 16 November 2022 08:41 AM

කෑ ගසා ජාතික ගීය කීවානම් ඒකත් හොද වැඩක් නෙමෙයි නේද?

:       7       5

blank Wednesday, 16 November 2022 09:00 AM

කරුණාකර ගුරුවරයා වසරක අනිවාර්ය නිවාඩු සඳහා යවා ප්‍රතිකාර සඳහා උපදේශක මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන්න.

:       1       9

ganegoda Wednesday, 16 November 2022 10:01 AM

කොතන බැලුවත් මානසික රෝගියෙක්

:       2       6

ස්ටැන්ලි Wednesday, 16 November 2022 02:45 PM

එහෙම නොවෙයි මානසික වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වෛද්‍ය හේතු මත විශ්‍රාම ගැන්වීම කරන්න. නැත්නම් වසරක් අනිවාර්ය නිවාඩු යැව්වාම ජනතා මුදල් වසරක වැටුප් වෙනුවෙන් නාස්ති වෙනවා. මෙයා රජයේ වැටුප් ලබාගෙන වෙනත් රැකියාවක් කරාවි එය ඔහුට දෙන තෑග්ගක් වගේ වේවි..!

:       0       1

randil Wednesday, 16 November 2022 09:53 AM

ලමයට ගහපු එක හොදවැඩක් නේඩද අනික ඔලුවට, එ දරුව රටට වටින දරුවෙක්, ඔයා ගුරුවරයෙක් නොවුනෙ වාසනාවට

:       1       5

sena Wednesday, 16 November 2022 10:12 AM

දක්ෂ දරුවෝ ගැන අවභෝධයක් නැති මේ වගේ අය ගුරු වෘතියට කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.

:       1       6

සමරකෝන් Wednesday, 16 November 2022 10:53 AM

රජයේ අනෙකුත් සේවකයින්ට නොමැතිව ගුරුවරුන්ට වැටුප් හොඳ හැටි වැඩි කළා... ගුරුවරුන්ට වැඩ නෑ. 1.30 ගෙදර යනවා. ටියුෂන් කරකර ඉන්නවා. මේ අයට නම් විකාර...!

:       0       3

sam Wednesday, 16 November 2022 11:44 AM

අනිවාර්යයෙන්ම ඔය ගුරුවරයා මොලේ කොලොප්පම් වෙච්චි, ඉරිසියාවෙන් පෙළෙන කෙනෙක් වෙන්න ඕනෑ. මේ වගේ අය ගුරු වෘත්තියට නිගාවක්. මේ අයට නීතිය ක්‍රියාත්මක කරලා දැඩි දඬුවම් දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 956 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2065 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1716 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1741 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2831 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1499 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1919 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site