IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දීමට බාධාවක් නෑ

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට කිසිඳු බාධාවක් නොමැති බවත් පාරිතෝෂික ගෙවීම පිළිබඳව මහ බැංකුව ඉදිරිපත් කර ඇති මාර්ගෝඋපදේශලට අනුව ප්‍රසාද දීමනා ගෙවිය හැකි බවත්  පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසීය.  

රාජ්‍ය සංස්ථාවල සේවකයන්ට පාරිතෝෂික නොවන ලෙස මහා බන්ඩාගාරයෙන් මේ දක්වා කිසිඳු චක්‍රලේකනයක් නිකුත් කර නොමැති බව පවසන බන්දුල සමන් කුමාර මහතා වසර තුනක සේවක සමුහික ගිවිසුම් අස්සන් කර තිබෙන නිසා නිත්‍යානුකූල ප්‍රශ්නයක් නොමැති බව ද සඳහන් කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් ‘කොවිඩ්’ සමයේ ද අඛණ්ඩව සේවය කළ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (15)

ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දීමට බාධාවක් නෑ

Buddika Thursday, 05 January 2023 03:50 PM

බාධාවක් නෑ ?ඔව් ඔව් රටටම මහා දැවැන්ත බරක් වගේම ආර්ථික විනාශ කාරයෙක් උන පෙට්‍රෝලියම් එකට තවත් බෝනස්.මිනිහෝ දැනගනින් බෝනස් දෙන්නේ ප්‍රොෆිට් කරපු ආයතන වලට.බිලියන ගණන් පාඩුවක් ලබපු රටටම බරක් උන ඔහෙලට බෝනස් නෙමෙයි තියන පඩිත් කපන්න ඕනි.ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු උනත් අපි මෙහෙ ගන්නේ ගිනි ගණන් දීලා.මේ ආයතන බංකොලොත් වෙන්න මේ වෘර්තීය සමිති සහ සේවකයෝ වගකිව යුතුයි

:       1       66

lanka loverThursday, 05 January 2023 04:18 PM

4200 කට බෝනස් දීලා .4200 වැඩ පෙට්‍රෝලියම් එකේ .නිකන් හිතන්න .ඔච්චර මොකටද . කාලකන්නි රටට බරක්

:       2       42

ගජමිතුරු Thursday, 05 January 2023 04:35 PM

හරියට හරි බුද්ධික බෝනස් නැත්නම් ප්‍රසාද දීමනා ගෙවිය යුත්තේ ආදායම් ලබා රජයට ගෙවියයුතු බදු ආදියත් ගෙවීමෙන් පසුව ශුද්ධ ලාභයක් ඇත්නම් පමණයි එහෙම නැතුව වැඩකලා කියලා ජනතා මුදල් ගෙවීම කෙසේවත් සුදුසු නැහැ වැඩකරනවට තමයි වැටුප් හා දීමනා දෙන්නෙ එයට අමතරව අතිකාල දීමනාත් දෙනවා නේද එහෙනම් ආයතනයේ පාඩුවක් තිබේනම් අප්‍රසාදය ලෙසට පාඩු ලැබූ මුදල් ආයතනයේ සියලු දෙනාගේ වැටුපට අනුපාතිකව අප්‍රසාදය අයකර ගැනීමක් ලෙසට අයකර ගැනීම කරන්න ඕන එහෙම බැරිනම් ජනතාව පීඩාවට පත්නොකර මකබෑවිලා පලයල්ලා

:       1       42

RohithaThursday, 05 January 2023 05:34 PM

සහතික ඇත්තක් .කවුද යකෝ පාඩු ලබන ආයතන ලවා සේකයන්ට බෝනස් දෙන්නේ.උඹලා ඉස්සෙල්ලා ආයතනය ලාභ ලබන එකක් බවට පත් කරපන්.ඊට පස්සේ බෝනස් ඉල්ලාපන්.මේ බෝනස් දෙන්නේ උඹලාගේ බුදලයෙන් නෙමෙයි .ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි සහ අපි වෙන රටවලින් ගන්න ණය මුදල් වලින්

:       0       1

ABThursday, 05 January 2023 05:52 PM

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට යොදාගන්නා මුදල් පාසල් දරුවන්ගේ දිවා ආහාරය සදහා වියදම් කරන්න.

:       0       0

Lanka lover Thursday, 05 January 2023 04:17 PM

බුද්දික හොඳට කිව්වා. පෙට්‍රෝලියම් එකේ වැඩ කරන උන්ගේ ළමයි පාසල් ආවම කියන්න ඔයාගේ තාත්තා වැඩ කරන්නේ රටට බරක් උන තැනක කියලා.හැම පාඩු ලබන තැනකම මිනිස්සුන්ට පබ්ලික් එකේදී කියන්න ඕනේ අපි ඔය වගේ කතා. නැත්නම් හැමදාම මුන් හොරා කකා පාගා ගහ ගහ ,පාඩු ලබමින් පම්පෝරි ගහනවා .අපි සමාජයේ එහෙම මතයක් හදන්න ඕනේ.කොහෙද වැඩ? ශ්‍රීලන්කන් එකේ .අපෝ රටට බරක්නේ ඔයා වැඩ කරන තැන

:       2       44

Rocky Thursday, 05 January 2023 04:47 PM

මුන්ට එලව එලවා තඩි බාන්නයි තියෙන්නේ

:       0       0

Buddika Thursday, 05 January 2023 04:48 PM

නිකන් සරලව බලන්න.. ඉන්දියාවේ ඛනිජතෙල් නෑ මා දන්නා තරමින්.... ඒත් ලංකා IOC එක පිටින් අපේ රටට තෙල් ගෙනත් cpc මිලටම විකුණලා ගියා. ගිය වසරේ ප්‍රොෆිට් එක බිලියන කීපයක් වුණා. එහෙව් රටක cpc එක කොහොමද රටටම මහා බරක් වුණේ? නාස්තිය, වංචාව, දූෂණය, අධික සේවක පිරිස සහ ඒ මිනිස්සු වැඩ නොකර මාස් පතා ලක්ෂ ගණන් පඩි ගැනීම, ඕටී ගැනීම.. ඒ එක්කම හැම දේකටම ඉස්සරහට පනින සමිතිකාරයින්...

:       1       36

Prabha Thursday, 05 January 2023 04:49 PM

මේ අයගේ කටවල් ඇරෙන්නේ අයිතිවාසිකම් වලට විතරයි.

:       1       36

සෙනෙවිරත්න Thursday, 05 January 2023 05:11 PM

මේවට සේවකයන්ට දොස් තබන්නෙ ඇයි ? රජය විසින් පත්කල සභාපති අධ්‍යක්ෂ මණ්ඩලය සිටියදී? දුන්නම එපා කියන සේවකයො කොහේවත් නැතිව ඇති.

:       0       0

Lal Thursday, 05 January 2023 05:44 PM

හොරු

:       0       0

sena Thursday, 05 January 2023 06:42 PM

මෙතන තියෙන ප්‍රශ්නේ නීතිය නෙවෙයි... සදාචාරාත්මක භාවය කියන එක මේ මනුස්සයාට තේරුම් ගන්න බැරි මොකද?

:       1       25

praheeth Thursday, 05 January 2023 07:20 PM

ඔහු කියූ දේ අහන්න. ඔවුන් නීත්‍යානුකූලව බෝනසුත් දීලා තියෙන්නේ 2023 අවසාන වෙනකන්ම..

:       4       7

de silva Friday, 06 January 2023 06:47 AM

රජයේ සංස්ථා සමාගම් වල පාලකයෝ සහ වෘර්තිය සමිති එකතුවෙලා බොරු නාටක පෙන්වමින් අපේ බදු සල්ලි හොරකම් කරනවා.වහාම මෙම සංස්ථා විනිවද භාවයකින් යුතුව ටෙන්ඩර් කැඳවා පුද්ගලික අංශයට බදු දීමක් හෝ විකිණීමක් කරන්න.තව දුරටත් අපට මේ බදු බර උහුලන්න බැහැ .රටේ මිනිස්සු ජීව්ටැහැ වෙන්නේ හාමතේ

:       0       0

Bamunuarachchi Sunday, 08 January 2023 12:52 PM

ආ බොල උඹලාට බෝනස් දෙන්නද අපිට තෙල් මිල වැඩිකළේ? උඹලාට කොරන්න බැරිනම් දාලා පලයල්ලා. ඇමරිකාවටම ඔවුන්ගෙන් ගත්ත තෙල් බිස්නස් එක බාර දෙමු. ඒගොල්ලන්ගෙන් උඹලාට බෝනස් ලැබෙන්නේ නැහැ. ඇමරිකන් ක්‍රමය Hire and Fire.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1375 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1166 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1110 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 729 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 611 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5411 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25434 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site