(සුජිත් හේවාජුලිගේ )
ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන තුනක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි පහළොස් දහසකට වැඩි මුදලක් ණයවී සිටින බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වැඩිම මුදලක් ණය වී සිටින්නේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයයි ණය වී සිටින මුදල රුපියල් කෝටි අට දහස් දෙසීයකි.
මෙයට අමතරව සංස්ථාවට ශ්‍රී ලංකන් එයාර් ආයතනය රුපියල් කෝටි පන් දහස් හත් සියයක මුදලක් ද ස්වාධීන විදුලි නිෂ්පාදකයන් රුපියල් කෝටි එක් දහස් දෙසීයක මුදලක්ද ණය වී සිටින බව සභාපති වරයා සඳහන් කළේය
මේ ආයතන තුනෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අය විය යුතු මුළු මුදල රුපියල් කෝටි පහළොස් දහස් එක සියයකි.
මේවා වසර දෙකක් තිස්සේ එකතු වුණු ණය මුදලක් බවත් විදුලිබල මණ්ඩලය 2019 වසරේ මාර්තු මාසයේ ලබාගත් ඉන්ධන වෙනුවෙන් පවා අදාල හිඟ මුදල් ගෙවා නැති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මේ හිඟ මුදල් පියවීම සඳහා සහන කාල සීමා ලබා දී ඇතත් නියමිත පරිදි ඒ කටයුතු සිදුනොවීම නිසා හිඟ මුදල් මෙලෙස විශාල වශයෙන් එකතු වන බවත් හිඟ මුදල් කඩිනමින් ගෙවන ලෙස මේ ආයතනවලට සිහි කැඳවීම් ගණනාවක්ම කර ඇති බවත් සුමිත් විජේසිංහ මහතා පැවසුවේය.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 15,000ක පොල්ලක්
chandima Thursday, 17 June 2021 01:33 AM
මොන පොලු වැටුණත් කමක් නැහැ. ඉන්දියන් තෙල් සමාගමට නම් විකුණන්න එපා.. දෙනවා නම් ශෙල් මොබයිල් හරි වෙනත් ඒවගේ එකකට හරි දෙන්න... පින් සිද්ද වෙයි..
Asanga Thursday, 17 June 2021 08:25 AM
පෙනෙනවා නේද මහජන මුදල් ගසාකෑමේ තරම... මොකද අපි කවදාවත් නිකන් ඉන්ධන ගහගෙන නැහැනේ...
Perera Thursday, 17 June 2021 10:39 AM
බලවතුන්ගේ V8 වලටයි, රේන්ජ් රෝවර් වලටයි ඉන්ධන ගහලම වෙන්න ඇති.
Sri Lanka Thursday, 17 June 2021 04:33 PM
තෙල් වැඩි කිරීම සාධාරණිකරණය කරන්න දැන් තමයි මතක් වෙලා තියෙන්නේ
උපාලි Saturday, 19 June 2021 12:37 PM
විදුලිබල මණ්ඩලය සහ එයාර් ලංකා එක ගෙවන්න තියෙන සල්ලි ආයිත් කවදාවත් හම්බවෙන්නෑ කියලද කියන්නේ...? ඒවා බොල් ණයද? නැත්තම් ඒ ටික හම්බවුණාම ජනතාවට ගෙවනවද? සුරංගනා කථා.. හොඳයි මොන්ටිසෝරි ළමයින්ට..