IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල

(තරිඳු ජයවර්ධන සහ නිමල කොඩිතුවක්කු)

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඔවුන් තිදෙනාගෙන් අයෙක් රාත්‍රී 6.45 ට පමණ මියගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලබා සිටින දෙදෙනාගෙන් අයකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග කියයි. 

දෙදෙනකුට හිසට සහ පපුවට වෙඩි වැදී තිබිණ. 

හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන  අමාත්‍ය අර්ජුන රණතුංග  මහතා සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට  පැමිණි අවස්ථාවේදී එහි සිටි  පිරිසක් සමඟ ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් එම අවස්ථාවේදී   මෙය සිදු වී ඇතැයි පොලීසිය පවසයි.‍

මේ  මොහොත වන විට   පොලීසිය, කැරලි මර්දන ඒකකය   සහ පොලිස් විශේෂ කාර්ය බලකාය  යොදා  අවට ආරක්ෂාව තර කර  තිබේ. ගුවන් පාලම අසලින් මාර්ගය වසා දමා  ඇති අතර රැස්ව සිටින පිරිස් අතර දැඩි උණුසුම් තත්ත්වයක් මේ වන විට ඇති වී  ඇත.

මේ වන විට  පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාමිණි ලොකුගේ මහතා  ඇතුළු  ඒකාබද්ධයේ මන්ත්‍රී  කණ්ඩායමක්  එම ස්ථානයට  පැමිණ සිටිති.

 (  ඡායාරූප ලහිරු හර්ෂණ )

 වෙඩි වැදීමෙන් මිය ගිය තරුණයා 

 



අදහස් (22)

ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල

Amila Sunday, 28 October 2018 11:09 AM

ගමයෙකුගේ වැඩ නිසා රටම අරාජිකත්වයට.... වහාම පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කරගන්න. බහුතරය තියෙන ඕනෑ කෙනෙක්ට එතකොට ආණ්ඩු කරන්න පුළුවන්...

:       15862       8472

dasaSunday, 28 October 2018 12:17 PM

කිසිම ආරාජිකත්වයක් නැහැ. අර්ජුන රණතුංගට දැන් ඇමතිකමක් නැහැ ඛනිජ තෙල් එකට රිංගන්න. නිකම් මිනිස්සු කුලප්පු කරනවා අදාළ නැති තැන් වල රිංගලා.

:       2733       2761

සමන්තSunday, 28 October 2018 01:32 PM

ඇයි ඇමතිකමක් නැත්තේ?ඡන්දෙකින් පැරදිලද? රාජ්‍ය විරෝධී වැඩ වලට දඬුවම දන්නෑ වගේ.

:       0       0

AsankaSunday, 28 October 2018 01:44 PM

එහෙම සේවකයින්ට බැහැ ඇමතිව හිර කරගන්න. ඔෆිස් එකට ආවම ෆයිල් ගෙනියන්න. ඔබ හොද රැකියාවක් කරලා තියනවනම් එකෙන් අස් වෙනකොට කොහොමද කරන්නේ කියලා දන්නවා ඇතිනේ.

:       0       0

AmilaSunday, 28 October 2018 03:16 PM

අමතක කරන්න එපා හැමෝගෙම ඉවසීමේ සීමාවන් තියෙනවානෙ. එක පාර්ශවයක්වත් පසු නොබසින තත්වයක් නිර්මාණය වෙලා තියෙන නිසා හොදම විදිය මේ ගැටලුව පාර්ලිමෙන්තුවේ විසදගන්න එක. අද එක්කෙනෙක් මැරිලා හැබයි මේවා හෙට අනිද්දා වෙනකොට කොහෙන් කෙලවර වෙයිද.

:       0       0

SamankSunday, 28 October 2018 01:04 PM

තමුන්නැහේ වැසිකිළි යන්නෙත් දේශපාලනය කරගහගෙනද? යන්නේ කොහෙද මල්ලේ පොල්...

:       364       409

BamunuarachchiMonday, 29 October 2018 06:43 AM

රටේ තිබුන ආරාජිකත්වය දැන් ඉවරයි. රටේ පුර වැසියෙක් විදිහට ජනාධිපතිගේ කියමනට සවන් දුන්නානම් ඔය කතාව කියන්නේ නැහැ. රටේ සිදුන සිදුවීම අපි දැක්කා ජනාදිපති ගේ කතාවෙන් අපි රනිල් සමග ඇතිකරගෙන තිබුන විරෝදය තහවුරු උනා.

:       0       24

cal Sunday, 28 October 2018 12:16 PM

ගමරාළට පිස්සු... පාර්ලිමන්ට් එක ඕපන් කළා නම් බලය තියන එක කරයි. දැන් බොරුවට කෙළගන්නවා.

:       313       850

සතයපාල Sunday, 28 October 2018 12:57 PM

ඝාතන සංස්කෘතියේ ආරම්භය හෙවත් පළමු වෙඩි මුරය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ආරම්භ කරලා තියෙන්නේ ලබන 16 වෙනිදා වෙනකම් මේ භීෂණ සංස්කෘතියට රටට මුහුණ දෙන්න සිදුවේවි. එය පරාජය කිරිමේ වගකීම ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් මත පැවරෙන වගකීම වේ. ජනතා ද්‍රෝහී සිරිසේන කල්ලිය පලවා හැර රටතුල නීත්‍යානුකූල භාරකාර ආණ්ඩුවක් පිහිටුවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ආරක්ෂාකිරීමට පියවර ගතයුතු වේ.

:       4803       3574

rasikaSunday, 28 October 2018 03:02 PM

සත්‍යපාල මොනවද කියවන්නේ.. හරියට වෙලා තියෙන දේ දන්නේ නැතුව.

:       0       0

Nimali Sunday, 28 October 2018 08:49 PM

සත්‍යපාල, මේ වෙඩි තියලා තියෙන්නේ අර්ජුන රණතුංග කියන යු එන් පී දේශපාලනඥයාගේ බොඩි ගාඩ්ලා. එහෙම නැතුව සංස්ථාවේ සේවකයන්වත් වෙන කවුරුවත් නෙමෙයි. කරුණාකරලා මේ සත්‍යය අසත්‍යය කිරීමේ ඔබේ පිළිවෙත නතර කරන්න.

:       0       52

BamunuarachchiMonday, 29 October 2018 06:47 AM

සත්‍යපාලට සත්‍ය, අසත්‍ය තෝරන්න යන්න එපා. ඒ ගොල්ලෝ සත්‍ය අසත්‍ය තේරෙන අය නොවෙයි. එජාපෙන් එන ඕනෑම කුණුගොඩක් බාර ගන්න කට්ටිය...

:       0       61

සතයපාලMonday, 29 October 2018 01:06 PM

ඇත්ත ඒ තමන්ගේ ජීවිත ආරක්ෂාවට, හීටපු අමාත්‍යවරයා තමන්ගේ කාර්යාලයට ගියේ අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කර නීත්‍යානුකූල මාර්ගයෙන් වන අතර ඔහුට මරණීය තර්ජනය කරන්න හෝ පහර දෙන්න හෝ රදවා තබා ගන්න පොහෝට්ටුවේ බීගත් මැර කල්ලීවලට කිසිදු අයිතියක් හෝ බලයක් නැති අතර යම්කිසි සැකයක් හො විරෝධයක් ඇත්නම් එය ආයතනයේ පරිපාලනයට හෝ ආරක්ෂක අංශවලට දැනුම් දිය යුතුව තිබුණද එසේ නොකර ඇමතිවරයා රදවා තබා ගැනීම හා සිරකර ගැනීමේ අරමුණ ඔහුට පහරදීම හෝ ඝාතනය කිරිම බව පැහැදිලි කරුණකී.

:       6       0

ගාල්ල පාල ගාල්ලෙග් Sunday, 28 October 2018 02:33 PM

වහාම පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කරගන්න. බහුතරය තියෙන ඕනෑකෙනෙක්ට එතකොට ආණ්ඩු කරන්න පුළුවන්...

:       291       728

sandyMonday, 29 October 2018 04:46 AM

පාර්ලිමේන්තුව කැඳවන්නේ තමන්ට පැහැදිලි ඔලු ගෙඩි සංඛ්‍යාවක් තිබුනොත් පමණයි........

:       20       4

රොෂාන් Sunday, 28 October 2018 03:03 PM

අපට සතුටුයිනේ දැන්... අවුරුදු සමරන වෙලාවට, මල්වෙඩි ගහද්දී, ප්‍රවේසම් වෙන්න කියලා කොච්චර අවවාද කලත් මිනිස්සු අහන්නේ නැහැනේ...අපරාදේ දේශප්‍රේමී ජීවිත....

:       0       0

ranaweera Sunday, 28 October 2018 03:12 PM

රට අරාජික නොකර පාර්ලිමේන්තුව කැදවන්න.

:       0       0

Don perera Sunday, 28 October 2018 03:19 PM

මේක තමයි ඉල්ලුවේ

:       0       0

sameera Sunday, 28 October 2018 04:27 PM

කරුණාකරලා රට විනාශ කරන්න එපා. රනිල් එලවලා මහින්ද ගෙනාව කියලා රටේ මොකක්ද වෙනස් වෙන්නෙ. ඕක කරන්න ලබන මාසේ වෙනකම් ඉන්න බැරිද අය වැය පැරද්දුවනම් ඉවරයිනේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව කැඳවලා බහුතරය තියන කෙනාට බාර දෙන්න. රට අවුල් කරලා මිනිස්සු අතරේ වෛරය පතුරුවලා අසරණ මිනිස්සුන්ට හිරිහැර කරන්න ඉඩ තියන්න එපා. මොනවා උනත් පහුගිය කාලේ මිනිස්සු අතරේ වෛරය අඩු උනා ලොක්කෝ එකට හිටපු හින්දා.

:       0       0

V.warnakulasuriya Sunday, 28 October 2018 09:11 PM

ඒකාබද්ධයේ අය ඔතනට රිංගුවේ ලකුණු ගන්නද? ශ්‍රී ලංකාවේ පොලිසිය ඒ ගොල්ලද? බඩගෝස්තරය සොයන දේශපාලකයන් තව කොපමණ කලක් රට උලා කෑම කරන්නේද?

:       6       0

Udaya Monday, 29 October 2018 02:14 AM

පාර්ලිමේන්තුව රැස් කරන්න හදන්නේ අපේ ඡන්දෙන් එක එක පක්ෂවලට තේරුන මැති ඇමතිවරු එක පක්ෂෙකට සල්ලි දීල බා ගත්තට පස්සේ. එයාලට සල්ලි හම්බ කරන්න නියම අවස්ථාව.

:       47       64

d.upul Monday, 29 October 2018 05:44 AM

අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් පළමු නර බිල්ල.

:       60       46

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 239 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 622 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 879 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1976 3

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2367 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් ප්‍රියසාද් මරුට
2025 අප්‍රේල් මස 23 3566 13

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 615 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site