IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ඛේමා’ බිසව වෙලා සබීතා අඬපු තරමක්

SAN_6160  

 

අසූව දශකයේ සිට රංගනයට පැමිණි ඇය සිනමාවේ පේ‍්‍රමණීය මෙන්ම භාවපූර්ණ රංගනයක යෙදී සිටියාය. ඒ රංගනය සීමා කළේ සිනමා තිරයට පමණක්ම නොවීය. රූපවාහිනී තිරයේදීද අපූර්ව රංගනයන් වෙතින් දැක ගත හැකිවිය. නමුත් පසුගිය කාලයේදී ඇය වෙතින් දක්නට ලැබුණේ සීමා සහිත වූ රංගනයක් පමණි. එනම් ඇය රංගනයට දායක වූයේ කලාතුරකිනි. නමුත් මේ දිනවල ඇය නැවතත් මාතෘකාවක් බවට පත්ව සිටින්නීය. සනත් අබේසේකරගේ අධ්‍යක්‍ෂණයෙන්, සුනිල් ටී ප‍්‍රනාන්දුගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ”මහරජ අජාසත්” සිනමා නිර්මාණය මේ දිනවල තිරගතවීම ඊට හේතුවය. එහි ”ඛේමා” බිසවගේ චරිතයට දායක වූ ”සබීතා” සඳැල්ල පිළිසඳරට එක්වූ අයුරුයි මේ. 

 

SAN_6176


buttonසබීතා කොහොමද ජීවිතය? 

සාමාන්‍ය විදියට හොඳින් ගෙවෙනවා.

 


button මොන විදියටද?
බිරිඳක, මවක ලෙස වගේම ගෘහණියක ලෙස කළයුතු කටයුතු ගැන උනන්දු වෙනවා. විශේෂයෙන්ම පුතාගේ අධ්‍යාපන කටයුතුවලට සතියේ දිනවල සහයෝගය ලබා දෙනවා. එයාට දැන් වයස අවුරුදු 15 යි. 10 වසරෙ ඉගෙනුම ලබන්නෙ. එයා ඉගෙනීම් කටයුතු හොඳින්, ආසාවෙන් කරගෙන යනවා. 

 


button කලා කටයුතුවලට එයා ආසා නැද්ද?
චිත‍්‍රපට නැරඹීමට, ගීත ශ‍්‍රවණයට හරිම ආසයි. ඇත්තටම එයා ඒ සියලූ දේවල් සමබරව කරගෙන යනවා. අපට තියෙන්නෙ ඒ සියල්ල අධීක්‍ෂණය කරන්න විතරයි. 

 


button මේ හැර ඔබ දැන් ව්‍යාපාර කටයුතුවලටත් වැඩිපුර දායක වෙනවා නේද? 
සමහර වෙලාවට සැමියාගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් කාර්ය බහුලවන අවස්ථා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා වෙන්වූ ඞී.පී. ජයසිංහ ෆයිලින් සමාගම තව නොබෝ දිනකින් විවෘත වෙනවා. ඉතින් ඒ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සැමියාට උදව් වෙනවා. 

 


button මේ සියලූ දේ වෙනුවෙන් සැමියාට ඔබ උදව් වුවත්, නිරන්තරයෙන්ම විදේශ සංචාරවල යෙදෙනවා නේද?
අධ්‍යාපන කටයුතු නිසා පුතාට විවේකයක් තිබුණේම නැහැ. එයාට මාස දෙකක විතර නිවාඩුවක් තිබුණා. මගේ නංගි පදිංචි වෙලා සිටින්නේ ටොරොන්ටෝවල. ඒ ගිය ගමන් සැමියා මම, පුතා ඇමරිකාවෙත් සංචාරය කළා. ඊට පෙර සම්මාන උළෙලකට සහභාගීවීම සඳහා ගියා.

 


button අපි අහලා තියෙන විදියට කොහොමටත් ඔබ සංචාරවලට ආසයි නේද? 
ඇත්තටම ආසයි. 

 


button හේතුව? 
පසුගිය කාලයේ කාර්යබහුල වෙලා හිටියෙ. දැන් පුතා, සැමියා සහ මම නිවාඩුවක් ලැබුනු විගස කරන්නෙ සංචාරයේ යෙදෙන එකයි. දැන් අපි ඒකට පුරුදු වෙලා. ලෝකයේ බොහෝ දේ ගැන දැන ගන්න, නරඹන්න අපි හරිම කැමතියි. 

 


button අන්තිමට ඔබ රඟපෑ සිනමා නිර්මාණය වුණේ ”අබා”. දැන් නැවතත් ”මහරජ අජාසත්” සමග. ඇයි එච්චර කාලයක් රඟනොපා හිටියේ?
”අබා” චිත‍්‍රපටයට පසුව ටෙලිනාට්‍ය කීපයකම රංගනයට ආරාධනා ලැබුණා. නමුත් ඒවාට දායකවන කාලය ගැන ප‍්‍රශ්න තිබුණා. මොකද බොහෝ දුර බැහැර ගිහින් කාලය ගත කිරීම අසීරු වූ නිසා. තිරගතවීමට නියමිත ”ඇඩ‍්‍රස් නෑ” චිත‍්‍රපටයට දායක වුණේ එය කොළඹදී රූගත කළ නිසයි. නමුත් අජාසත් චිත‍්‍රපටයේ චරිතය තෝරා ගත්තෙ එය ජාතක කතා පොතේ ඇතුළත් කතාවක් වූ නිසයි. ඒ අනුව තමයි මේ චිත‍්‍රපට ප‍්‍රතිනිර්මාණය වුණේ. ”ඛේමා” බිසව ගැන අපි අහලා-කියවලා තිබුනා. අද මේ සමාජයේ අජාසත්තලා වැඩියි. එදා ඒ අජාසත්ත කතාවේ විදියටම සිදුවීම් නොවුණත් අදටත් මේ කතාව ගැලපෙන බව මගේ හැඟීමයි. 

 

SAN_6306

 


button ”ඛේමා” බිසවගේ චරිතය ගැන හිතන්නෙ කොහොමද? 
ඒ කතාව ඇත්තටම බුදුන් දවස කතාවක්. ඛේමා බිසව බුදුන් සරණ ගිය කාන්තාවක්. ජීවමාන බුදුන් දැකීම යනු අපට හීනයකින්වත් හිතන්න බැරි තරම් දෙයක්. ඇත්තටම එවැනි චරිතයක් ප‍්‍රතිනිර්මාණය කිරීමට ලැබීමම එක අතකට වාසනාවක්. ඒ නිසා ඒ චරිතය වෙනුවෙන් මම මගේ උපරිමය කළා. නමුත් තීරණය පේ‍්‍රක්‍ෂකයින් අතේ තිබෙන්නෙ. ඇත්තටම මගේ සිනමා ගමනේ තවත් අත්දැකීමක් ලද චරිතයක් ඛේමා බිසව. 

 


button මේ විදියට හෝ රඟපානවාට සැමියා කැමතිද?
මේ චිත‍්‍රපටය පුතා සහ සැමියා දෙදෙනාම නැරඹුවා. ඒ දෙන්නාම හරිම කැමතියි. අද පරම්පරාව පවා කැමති බව මම තේරුම් ගත්තෙ, පුතාට එයාගෙ යාළුවෝ එක්තත් මේ චිත‍්‍රපටය නැවත නරඹන්න ආසයි කිව්ව නිසයි. මුලදීත් මම කිව්වෙ ඒකයි මෙය කාලීනව අදටත් ගැලපෙන බව. 

 


button මෙහි රඟපෑමට ගොස් සිටියදී, එක් රූගත කිරීමක් අවසන ඔබ කඳුළු සැලූවා කියලත් ආරංචියි?
එක් දර්ශන රූගත කිරීමකදී පුතා තාත්තාව සිර කරන්න කියලා කියනවා. ඇයි ඔයා තාත්තාට මේ වගේ දෙයක් කළේ රට වැසියෝ ඒකට කැමති නැහැ, කියලා මම කියනවා. එතකොට පුතා මෑණියෝ වහාම එළියට යන්න කියනවා. ඒ රූගත පෙළ හරිම තාත්විකයි.” මට ඇස් දෙකට කඳුළු ආවා. දර්ශනය අවසන මම දර්ශන තලයෙන් ඉවතට යද්දී ගීතා කාන්ති ශිල්පිනිය මෙය දුටුවා. ”ඇයි මේ ඇස්වල කඳුළු කියලා එයා ඇහුවා” නෑ නෑ මොනවත් නිසා නෙවෙයි, ඒ සීන් එක නිසයි කියලා මම ඇයට කිව්වා. ඇත්තටම අද කාලයේ සමහර පුතාලා අම්මලාxතාත්තලාට සලකන විදිය අපට අහන්න, දකින්න ලැබෙද්දී මේ වගේ කතා වෙතින් ආදර්ශයක් ගන්න පුළුවනි. 

sadun-gamage



අදහස් (0)

‘ඛේමා’ බිසව වෙලා සබීතා අඬපු තරමක්

තුෂාරී Thursday, 01 October 2015 11:16 AM

මම නම් හිතන්නේ ලස්සන කියන එක රැඳිලා තියෙන්නේ එක, එක්කෙනා බලන දෘෂ්ටිය තුල කියලා. එයට හොඳම උදාහරණය මීට ඉහත මෙහි පල වූ "අංජලී පාටිලී" නම් ඉන්දියානු නිළිය ගැන අපේ පාඨකයන් දැක් වූ අදහස්. ඒ කොහොම උනත් සබීතා මා ප්‍රිය කරන ලස්සන නිළියක්. (ර)

:       0       0

අමල් Wednesday, 07 October 2015 04:55 PM

මං ආසම නිළිය මේ. (ර)

:       0       0

මොහොමඩ් Thursday, 01 October 2015 06:38 AM

රාණි, ඊර්ෂ්‍යා කරන්න එපා (නි)

:       0       0

ගලබඩ Tuesday, 29 September 2015 03:42 PM

ආරක්ෂක සහ කොළඹ නගර සංවර්ධන අධිකාරියේ උපදේශක තනතුර තවමත් දරනවද? දීල තිබුන බී එම් ඩබ්ලිව් රථය සහ ආරක්ෂකයෝ තවමත් ඉන්නවද? (බ)

:       0       0

රානී Tuesday, 29 September 2015 03:50 PM

මෙයාව දැන් මේකප් නැතුව බලන්නට බැහැ. (බ)

:       0       0

එඩ්වඩ් Thursday, 01 October 2015 07:00 AM

ඇය දක්ෂ නිළියක් (නි)

:       0       0

සොපී Thursday, 01 October 2015 12:13 PM

සබීතා දක්ෂ නිළියක් (නි)

:       0       0

ගෞරියෙල් Thursday, 01 October 2015 07:24 AM

අපි ආදරය කරන නිළියක්. සබීතා තවමත් මලක් වගේ ලස්සනයි (නි)

:       0       0

නවරත්න Tuesday, 29 September 2015 05:21 PM

ඇය තවමත් හරිම ලස්සනයි (නි)

:       0       0

විජයබාහු Tuesday, 06 October 2015 12:57 PM

මේකප් නැතත් මෙයා ලස්සනයි. දැන් ඉන්න කට්ටිය වගේ නෙමෙයි. දැනටත් හොඳට තම ශරීර ප්‍රමාණය පාලනය කරගෙන ඉන්නවා (නි)

:       0       0

සුජී Thursday, 01 October 2015 12:37 PM

රනා, ඔලුවත් නැතුව වලිගෙත් නැතුව කියන්නේ නැතුව තේරෙන්න කියන්නකෝ අනේ........! (අ)

:       0       0

සුජානි Wednesday, 30 September 2015 08:07 AM

ලස්සන සැමදේ මොහොතට සුව දේ .....!ලස්සන හැමදාටම තියෙන දෙයක් නොවෙයි.අපේ අම්මලා ගේ පින්තුර දිහා බලපුවාම පේන දෙයක් තමයි ඒ කාලේ කිසිම මේකප් එකක් නැතුව එයාලා මොනතරම් සුන්දරද කියලා.දැන් කාලේ ඉන්න පව්ඩර් බබ්බු වගේ නොවෙයි. ස්වාභාවික ලස්සනකුයි අපි නම් දැක්කේ. (බ)

:       0       0

දිමුත් Friday, 02 October 2015 10:32 AM

කොහොමද තාමත් ලස්සනට ඉන්නේ? (අ)

:       0       0

ලකී Monday, 12 October 2015 10:24 AM

ලංකාවේ අය පුරුදුවෙලා තියෙන්නේ විවේචනය කරන්න විතරයි හොඳ මොනාවත් කවදාකවත් කියන්නේ නෑනේ (ම)

:       0       0

චන්දි Wednesday, 30 September 2015 06:28 PM

අපි යම් දෙයක් දිහා බලන්න ඕනෑ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නැතුව. එවිට හැමදෙයක්ම ලස්සනයි. කවුරු වුණත් තරුණ කාලේ තියෙන පෙනුම ටික ටික වයසට යද්දී වෙනස් වෙනවා. (නි)

:       0       0

චන්දි Wednesday, 30 September 2015 06:28 PM

සබීතා කියන්නේ මගේ හිතගත් හොඳ ලස්සන නිළියක් (නි)

:       0       0

චාරු Wednesday, 30 September 2015 01:59 AM

අපේ අක්කගේ පුතා නිලියෙකුගේ දුවෙක් එක්ක සම්බන්ධයක් තිබුනා. අක්ක වහ බොනවා කියලා යන්තම් දරුවාව බේරා ගත්තා. ආරංචියේ හැටියට දැන් අර වයස 20 ක් වත් නැති තරුණිය පැටලීලා ඉන්නේ විවාහක සල්ලිකාරයෙක් එක්ක . කොහොමද ඔය වගේ ලේලියක්ව ගෙට ගත්තා නම්. හැමෝම එහෙම නැති වුනත් මව බලා දුව ගනින් කියලා ඉස්සර කාලේ මිනිස්සු කිව්වේ කට කහනවාට නෙවෙයි. (බ)

:       0       0

රුවනි Thursday, 01 October 2015 09:05 AM

මීට අවුරුදු 20 ට විතර හිටියා වගේම අදටත් ඉන්න පුළුවන්නම් ඒ කෙනා මනුෂ්සයෙක් වෙන්න බැහැ. මෙතන ඉරිසියාවෙන් කමෙන්ට් අය අය 40 පැන්නම කොහොමද කියලා මටනම් හිතාගන්නත් බැහැ. ඉරිසියා කරන්න කරනන් කැත වෙනවා. (ර)

:       0       0

සමූ Wednesday, 30 September 2015 04:00 AM

තවමත් ඉස්සර වගේම ලස්සනයි. (බ)

:       0       0

රුපාවති Wednesday, 30 September 2015 04:35 AM

තවමත් ඇය පෙර වගේම ලස්සනයි ..! මේකප් එක සමග හෝ ඇගේ පෙර ලස්සන එසේම අපිට දැක ගත හැකිව ඇත්තේ ඇගේ ලස්සන නිසයි ..? (ම)

:       0       0

රනා Tuesday, 29 September 2015 12:21 PM

මට අද වගේ මතකයි මෙයා අපේ පප්පගෙන් සල්ලි ගන්න අපේ හොටෙල් එකට ඇවිත් යනවා ඒ කාලේ (බ)

:       0       0

තිළිණ Wednesday, 30 September 2015 05:43 AM

ඇය ජිවිතය දිනලා ඉවරයි. තව වෙන මොනවද? (ම)

:       0       0

ජනක Thursday, 15 October 2015 03:28 AM

චමර මමත් ඔයාගේ අදහට සහය දෙනවා. හරිම ඉරිසියා කාරයො ඉන්න රටක් තමා ලංකාව කියන්නේ (අ)

:       0       0

චාමර Thursday, 01 October 2015 05:22 AM

අපි ජාතියක් විදිහට කෙතරම් ඊර්ෂ්‍යාවකින් පෙළෙනවද කියලා මේ අදහස් වලින් පෙනෙනවා. ඒකයි මෙච්චර අපරාධ වැඩි. ඔබතුමියට සුබ පතනවා ඉදිරි කලා කටයුතු සඳහා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 74 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 176 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 556 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1105 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 822 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1517 1

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site