IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


ගංගාරාමයෙන් ගැබිණි මවුනට වියලි ආහාර:දරුවන්ට පොත්

(යොහාන් භාසුර)

බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි (ඕතඩොක්ස්) සමාජ සේවා වැඩසටහනේ පියවරක් ලෙස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගැබිණි මව්වරුන්ට වියළි ආහාර සහ උපකරණ ද, ප්‍රදේශවාසී පාසල් දරුවන්ට පොත් කට්ටල ද, අද (16) ප්‍රදානය කළේය.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති කිරින්ඳේ අස්සජී නාහිමියන්ගේ සංවිධානයෙන් පැවැති මෙහිදී ගැබිණි මව්වරු 100 කට සහ දරුවන් 100 කට වියළි ආහාර සහ පාසල් උපකරණ ප්‍රදානය කළහ.

කේරළ සිට පැමිණි බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි මෝරන් මෝර් සැමුවෙල් කියෝපිලස් මෙට්‍රපොලිටන් සහ ඇමෙරිකාවේ සිට පැමිණි ඩැනියෙල් මෝර් තිමෝතියස් අගරදගුරුහිමිපාණන් ඇතුළු හිමිපාණන් කණ්ඩායමක් මෙම ප්‍රදානයට සහභාගි වූහ.

බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි කොළඹ පරිපාලන පියතුමන් වන කල්්‍යණප්‍රිය පියතුමෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය:

මෝරන් මෝර් සැමුවෙල් කියෝපිලස් මෙට්‍රපොලිටන් පියතුමන් ගැබිණි මවකට වියළි ආහාර සහ උපකරණ පිරිනැමූ අවස්ථාව. ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති කිරින්ඳේ අස්සජී නාහිමියෝ ද මෙහි වෙති.

(ඡායාරූපය: ඉසුරු පෙරේරා)

 

 



අදහස් (1)

ගංගාරාමයෙන් ගැබිණි මවුනට වියලි ආහාර:දරුවන්ට පොත්

Nelum Monday, 17 March 2025 02:10 AM

වැඩේ නරක නෑ. ඒත් මේ අන්‍යාගමිකයන් හිස් මුදුනින් පිලිගනිද්දි ඔවුන්ගේ අවසන් අරමුණ ගැන ගංගාරාමය සොයලා බලනවද. කැලේ ගහක් කපන්න ගන්නේ තවත් කැළේ ගසක්ම තමයි කියලා අපේ හාමුදුරුවරුන් සිතන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සාර්ථකයි
2025 මාර්තු මස 17 178 0

නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කළේය.


පුංචි ජන්දයේ නාමයෝජනා බාරගැනීම අද සිට
2025 මාර්තු මස 17 23 0

පලාත් පාලන ආයතන 336 ක් සදහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (17) පෙරවරුවේ සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


මෝටර් රිය තාප්පයක හැපී රක්ෂණ නිලධාරියා මරුට
2025 මාර්තු මස 17 224 0

සිය පෙම්වතිය හමුවීමට ගොස් නිවස කරා යමින් සිටී රක්ෂණ නිළධාරියෙකු මෝටර් රථය තාප්පයක ගැටී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.


මැතිසබේ තවත් ලිංගික හිංසනයක්: පියවරක් ගන්නැයි කතානායකගෙන් ඉල්ලයි
2025 මාර්තු මස 17 808 0

නීතිඥ ස්වස්ථිකා අරුලිංගම් මහත්මියට ලිංගික හිංසන කරන ලදැයි කියන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සුදුසු ස්ථාවර නියෝගයක් අනුව කටයුතු කරන්නැයි සභානායක අමා


ග්‍රෑන්ඩ්පාස් ඝාතනයකට තවත් 4 ක් සැකපිට
2025 මාර්තු මස 17 116 0

ග්‍රෑන්ඩ්පාස් ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල තවත් පුද්ගලයන් 4 දෙන


කොන්ත්‍රාත් කරන මන්ත්‍රී සංස්කෘතිය ඉවර කරනවා
2025 මාර්තු මස 17 304 0

මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්‍රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව එක්ක එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 792 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 302 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site