(චන්දන හෙන්දුරුගොඩ සහ ලලිත් නවරත්තන )
අපරික්ෂාකාරි ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරකු පිළිබදව සැක සිතා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා පානය කර ඇති බව තහවරු වු බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
සැකකාර රියදුරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයකු බවයි පොලිසිය සදහන් කරන්නේ.
අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමේ වරදට මන්නාරමේ සිට කොළඹ බලා මගීන් රැගෙන ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් පොලිස් නිලධාරීන් විසින් නවත්වා ඇති අතර එම බස් රථය පැදවූ රියදුරුගේ අසාමාන්‍ය හැසිරීම සහ කථා විලාශය අනුව ඔහු කිසියම් මත් ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට අනුමාන කළ පොලිස් නිලධාරීන් ඔහුව හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර රියදුරා ගංජා පානය කර ඇති බවය.
කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය පසුගිය 22 වැනිදා වි
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් දෙවැනි කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත්
කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙණෙන වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 33.28 ක් දක්වා අද (24) ඉහළ ගිය බව එම වෙළෙඳපොළේ උසස් නිලධාරියෙක් පැවසීය.
බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශිය ශ්‍රමිකයන්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවිම වලක්වීම සඳහා භාවිතා කරන Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්යය කර ඇති බව එරට සෞඛ්‍ය අම
නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස පත් කෙරුණු නදීකා වටලියද්ද මහත්මිය නාරාහේන්පිට - මෙහෙවර පියස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී අද වැඩ බාර ගත
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත් එම විශේෂ වැඩසටහන අප්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ගංජා බී බස් එළවලා
prasanna Sunday, 23 March 2025 10:25 AM
බීලා වගේ තමයි දැන්නම් පේන්නේ..!
රියදුරු මිස්ටර් හාන්සි Sunday, 23 March 2025 11:36 AM
ඕක සාමාන්‍ය දෙයක් වෙලා. තව අර පුවක් වගේ ජාතියක් තියෙනවා. කඩවල නවත්තලා බස් (විශේෂයෙන් AC Bus) කොන්දොස්තර මහත්මයා දුවලා ගිහින් අරන් එනවා. ඒක රියැදුරු මහත්මයාට සැරින් සැරේට කන්න පුලුවන් තැනක තියනවා. මං හිතන්නේ ඒ මාවා කියන මත්ද්‍රව්‍ය වෙන්න ඕනෑ. ඕක අනුරාධපුර නුවර නිතර වෙන එකක්. අනික් ඒවායේත් ඒක වෙනවා ඇති. ඔතැන ප්‍රශ්නය සංකීර්ණයි. එකක් අල්ලන එක නෙමෙයි. දුර ධාවනය වන අය කම්මැලිකම නිදිමත යන්න කියලා හිතාගෙන කරන්න පුරුදු වෙන දේවල්. නමුත් අනතුරක් වුනාම ඒකට විතරයි පැලැස්තර දාන්නේ. මේවා ලේ පරීක්ෂණයකින්, මුත්‍රා පරීක්ෂණයකින් ඇර ලේසියෙන් හොයන්න බැහැ. ඒ නිසා කළ යුතු වන්නේ නිරන්තර පරීක්ෂා කිරීම් සමග පරීක්ෂා කරන නිළධාරීන්ව පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් සැකසිය යුතුයි. මොකද, ඉස්සර පොලිසියම තමා තාමත් ඉන්නේ. ජනතාවට මේ දේවල් දැනුම් දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. නිර්ණාමිකව පොලිසිය සහ පොලීසිය තුළ ප්‍රතිදූෂණ ඒකක වලට SMS හෝ අන්තර්ජාල මගින් දැනුම් දිය හැකි විදියට. ඒ අයව රකින්න ක්‍රමයක් සකසන්න.
Nandalal de Silva - France Sunday, 23 March 2025 09:49 PM
මගීන් ගෙ පෙර පිණකට, පොලීසිය බසය පරීක්ෂා කල නිසා, සමහර විට සිදුවීමට ඉඩකඩ තිබුන භයානක අනතූරක් වලක්වා ගැනුමට පුළුවන් වුනා. මෙම රියදුරුගේ බලපත්‍රය වහා ක්‍රියාත්මක වන පරිදි තහනම් කර, ජීවිතාන්තය දක්වා මහජන ගමන් සෙවයක රියදුරු කෙනෙක් හැටියට, සුක්කානම අතට ගැනීමත් තහනම් කල යුතු වෙනවා....
Mangala Dissanayake Monday, 24 March 2025 08:21 AM
මේක දැන් ඩ්‍රයිවර්ලාට සාමාන්‍ය දෙයක් වෙලා. බහුතරයක් දෙනා දුම්කොළ හෝ ගංජා භාවිතා කරලා ධාවනය කරනවා, විශේෂයෙන් දුර ගමන් සේවාවේ ධාවකයෝ. එහෙම බිව්වේ නැත්තම් ධාවනය කරන්න බැරිලූ, නින්ද යනවලු
Nandalal de Silva Monday, 24 March 2025 02:58 PM
ගංජා නොබී බස් රථ දැක්කුවොත්, මෙ ගොන්නුන්ට නින්ද යනවාලු ! ගංජා ගහල එලවලා මාරක අනතුරක් වුණොත්, මගීන් සදාකාලික නින්දකට, මෙම ගංජා බෙබද්දන් ගෙන යනවා නොවෙද ? මුන්ට නින්ද නොයන ජොබ් දීමට, ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ හිමියන් කඩිනමින් වගබලා ගතයුතුය....