IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ගගන සංචාරකයෝ ආපසු එති

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ. 

‘ස්පේස් එක්ස්’ යනු බිලියනපති ඉලොන් මස්ක්ට අයත් අභ්‍යවකාශ ගමන් බිමන්වල නියැලෙන පෞද්ගලික සමාගමකි. අතමිටසරු ඕනෑම අයකුට, ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ එක් වී, ගගනගාමියකු ලෙස කෙටි පුහුණුවක් ලබා ගැනීමෙන් ද පසු, අභ්‍යවකාශය දක්වා සවාරියක් යෑමටත් ආපසු පැමිණීමටත් හැකියාව ඇත.

‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරයට එක් වුණු ගගන සංචාරකයන් සිවුදෙනා පෘථිවි කක්ෂයේ කිලෝ මිටර් 1,400 කට වඩා වැඩි දුරක්, ඈතට ගොස්, දින කීපයක් ඈත පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින්, ඔවුන් ගමන් කළ ‘කෲ ඩ්‍රැගන්’ නමැති ගගන කැප්සියුලයෙන් පිටතට පැමිණ, අභ්‍යවකාශයේ පාවී (මෙය ගගන සක්මනක් ලෙස හැඳින්වෙයි.) අලුයම යළි පෘථිවිය බලා පැමිණියහ.

වාණිජ ගගන සංචාරයකින්, අභ්‍යවකාශයට ගිය ගගන සංචාරකයන්  සිවු දෙනකු ගගන සක්මනක නියැලුණු පළමු අවස්ථාව මෙයයි. ස්පේස් එක්ස් ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලයේ නැගී මෙම සංචාරයට එක් වූයේ පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනෙකි. 

බිලියනපති ව්‍යාපාරික ජැරඩ් අයිසෙක්මන්, ගුවන් හමුදා නියමුවකු ද වන ස්කොට් පොටේට සහ ස්පේස් එක්ස් සමාගමේ ඉන්ජිනේරුවරියන් දෙදෙනකු වන ඇනා මෙනොන් සහ සේරා ගිල්ස් යනු ඔවුන් සිවුදෙනාය. 41 හැවිරිදි ජැරඩ් අයිසෙක්මන් මීට පෙර ද ගගන සංචාරකයකු ලෙස අභ්‍යවකාශයට ගොස් ඇත. කණ්ඩායමට නායකත්වය දුන් ඔහු, මෙම සංචාර වෙනුවෙන් බර පැන දැරූ බව ද පැවැසෙයි. අභ්‍යවකාශයට යෑමෙන් පසු කෲ ඩ්‍රැගන් කැප්සියුලයෙන් පළමුවෙන් පිටතට ආවේ ද අයිසෙක්මන්ය.

ස්පේස් එක්ස් ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල පසුගිය සැප්තැම්බර් 10 වැනිදා අභ්‍යවකාශය බලා ගියේ ස්පේස් එක්ස් ‘ෆෝල්කන් 9’ අධිබලැති රොකට්ටුවේ ආධාරයෙනි. ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ හවුලේය. නාසා ගගනගාමීන් පෘථිවි කක්ෂයේ පහළින් ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට ගෙන යෑමටත් ආපසු ගෙන ඒමටත් ‘ෆෝල්කන් 9’ රොකට්ටු සහ ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල භාවිතයට ගැනෙයි.

ගගන සක්මන් අවසන් වීමෙන් පසු, ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල, එහි එන්ජින් පණ ගන්වා, තෙරපුම් පද්ධති ක්‍රියාත්මක කර, යළි පෘථිවිය බලා පැමිණියේය. කැල්සියුලය පෘථිවි වායුගෝලයට ඇතුළු වූයේ සෙල්සියස් අංශක 1,900 ක උෂ්ණත්වයක් යටතේය. ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල ෆ්ලොරීඩා වෙරළට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයට පතිත කෙරුණේ යෝධ පැරෂූට් ආධාරයෙන් වේගය අඩාල කිරීමෙන් පසුවය.

මෙම මෙහෙයුමට ආදාල සියලු වැදගත් සිදුවීම් සජීවී ලෙස ‘එක්ස්’ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණි. ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජලයේ හිමිකරු වන්නේ ද ඉලොන් මස්ක්ය. ඒ, ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලය් සහ ගගනගාමීන්ගේ ගගන ඇඳුම් කට්ටලට සවි කර ඇති කැමරා ආධාරයෙන් දසුන් ලබා ගනිමිනි.



අදහස් (0)

ගගන සංචාරකයෝ ආපසු එති

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට
2025 ජනවාරි මස 15 406 0

යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති


සත්ව කොටස් අලෙවි කරන්න ගිහින් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ
2025 ජනවාරි මස 15 173 0

නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද


තැනින් තැන අදත් වැසි
2025 ජනවාරි මස 15 84 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


දොඩංගොඩ නිවෙසකට වෙඩි ප්‍රහාරයක්
2025 ජනවාරි මස 15 699 0

දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .


පළාත් සභා වාහන 2000ක් අතුරුදහන්
2025 ජනවාරි මස 14 1442 4

පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ


අම්පාරට යළි ගංවතුර:ගල්ඔය ගඟත් අවදානමේ
2025 ජනවාරි මස 14 847 0

අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 215 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 552 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 299 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site