IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගගන සිසාරා ජයගත් පොළොවට

තිස්වසරක ත‍්‍රස්තවාදය පැරදවීමේ විජයග‍්‍රහණය සැමරීමේ උත්සවයේ පෙරහුරු පෙළපාළියක් අද දහවල් ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ පැරෂුට් භටයෝ අඩි 6000 ක ඉහළ අහසේ සිට පොළවට ආහ.

 



අදහස් (0)

ගගන සිසාරා ජයගත් පොළොවට

අජිත් Thursday, 16 May 2013 09:11 AM

ඇත්තටම මේක හැමදාම පෙන්න පෙන්න රටේ මුදල් නාස්ති කරන්නේ මොකක් බලාපොරොත්තුවෙන්ද? ලෝකෙට නය වෙවී සැණකෙළි පවත්වනවා. විදුලි බිල, ජල බිල, කන බොන දේ තෙල් මිල බස් ගාස්තු හැම එකම වැඩි කරනවා. මේක නම් රටේ ජනතාවගේ කරුමේ.(නදී)

:       0       0

අ‍සේල Thursday, 16 May 2013 08:20 PM

අගය කළ යුතු දේ අගය කළ යුතුයි. රණවිරුවාණෙනි, ඔබට ජය වේවා! ලංකා මාතාව ලොව බැබළේවා! (නි)

:       0       0

ආනන්ද ආර් Wednesday, 15 May 2013 08:24 PM

අනභිභවනීයයි ! රණවිරුවනි ඔබට දැයේ ප්‍රණාමය! (නි)

:       0       0

රංජනී Thursday, 16 May 2013 09:26 AM

බඩ ගැනම හිතන්න එපා සුදීර, මේවා දකිනකොට බඩ පිරනවනේ. නිකම්ම නිකම් හිටිය අය නෙවේ නොකා නොබී සටන් කරලා රට බේරා ගත් අපේ රණ විරුවෝ විජයග්‍රහණය සමරන්න පුහුණු වෙනවා. අපි ආඩම්බර වෙන්න ඕනා.(ප්‍රභාකරන් දිනුවානම් කොහොමද?) මෝඩ අදහස් දාන්න එපා! රණ විරුවනි අපේ ප්‍රණාමය!(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 08:24 PM

ෆොටෝ ටික බලද්දි ඈඟට නියම ගතියක් එනවා. මේ වගේ දක්ෂ හමුදාවක් ලෝකෙ කොහෙවත් නැහැ. දේශපාලන වුවමනා වලට යොදා නොගන්නවා නම් කොයි තරම් වටිනා සම්පතක්ද මේ? (නි)

:       0       0

ප්‍රදීප් Friday, 17 May 2013 08:27 PM

ඇයි මිනිස්සු මේ තරම් මෝඩ? ඔයාල දන්නවද ? මේක කරන්න කොච්චර අමාරුද කියලා? අඩුම ගානේ බොන්නන වතුර ටිකක් නැහැ. ඔයාල හිතන්නේ හරි ලේසි දෙයක් කියලා (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 15 May 2013 08:45 PM

මුල් කාලයේ පැරසුට් භටයෝ ගෝල් පේස් කියලා තොටළඟ කීර කොටුවලට තමයි බැස්සුවේ. නව තාක්ෂනය හා පුහුණු කිරීම් මද්‍යයේ ගුවන් හමුදාව කෆීර් යානා වලින් කල ප්‍රහාර ඉතාමත් අගය කළ යුතුයි. පැරිසුට් පිරිමි සහ කාන්තා භටයින්ගේ දක්ෂකම් බලනවිට අහන්නත් පුදුමයි. මෙවෙනි දක්ෂයින් ජාතික හා ජාත්‍යන්තර ගුවන් සේවා වලට යොමු කිරීම රජයේ වගකීමක්.(නදී)

:       0       0

සමාධි Thursday, 16 May 2013 09:51 AM

ජයග්‍රහනයේ උද්දාමය දන්නේ ජයග්‍රහණයට ලේ කදුළු දහදිය හෙලුවන් පමණි.අපේ නිදහස වෙනුවෙන් කැප වූ රණවිරුවන්ට අපගේ ප්‍රණාමය පුදන්නට නිර්ලෝබි වන්න. මෙවන් සැමරුමක්වත් නැති දින ඔවුන්ගේ කළ මෙහෙය අපට නොදැනිම යාවි. මන්ද අපි බලා සිටිය පමණි.. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 15 May 2013 09:07 PM

ලෝකෙන් උතුම් රට ලංකාවයි. එක්වෙමු මේ රට ගොඩ නගන්න... මේක අපේ රට. (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 16 May 2013 10:19 AM

අජිත්, බලන්නකෝ මේ රංජනී ගේ කතාව. මේ වගේ අය නිසා තමයි රට මේ තරම් ආර්ථික ප්‍රපාතයකට ඇද වැටීම් වලට හේතු සාධක වෙන්නේ. මෙවන් ප්‍රකාශ නිසා පවතින රජය සිතනවා රටේ මහා ජනතාව ඉතාමත් සුකිත මුදිත විදියෙට වැජඹෙනවා කියා. (නි)

:       0       0

විහග Wednesday, 15 May 2013 09:22 PM

රණවිරුවන්ට අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

කනිෂ්ක Wednesday, 15 May 2013 09:24 PM

සැබෑවටම යුද්ධය කරපු රණවිරුවෝ ගඩොල් කපද්දී, වැලි කොට්ට අදිද්දී මිලියන ගණන් වියදම් කරලා සංදර්ශන තිබ්බට වැඩක් නැහැ. (නි)

:       0       0

අසේල Wednesday, 15 May 2013 10:43 PM

රණවිරුවනි, ඔබට දැයේ ප්‍රණාමය! (නි)

:       0       0

අකලන්ක Wednesday, 15 May 2013 11:08 PM

ගාමිණී, හමුදාව ගැන දන්නෙ නැති දේවල් ගැන අදහස් පල කරන්න එපා. ඔයාලා වගේ කිසි දෙයක් දන්නෙ නැති අය මෙවැනි පුවත් වලට අදස් පල කිරීම රට මුදවා ගත් රණ විරුවන්ට කරන අපහාසයක් (නි)

:       0       0

අකලන්ක Wednesday, 15 May 2013 11:17 PM

ඔබ දන්නවද කිසිදු ගුවන් හමුදා නියමුවෙකුට මගී ගුවන් යාන පැදවීමට අවසර නැති බව? සාමාන්‍ය ජනතාව ගමන් ගන්න සියලු ගුවන් යානා පැදවීමට විශේෂ අවසර පත්‍රයක් ගත යුතු බව. ගාමිණී වැනි කිසි දෙයක් නොදන්නා අය මෙහි අදහස් දැක්විමෙන් මෙම අදහස් කියවන්න පැමිණි සාමන්‍ය ජනතාව වැරදි වැටහීමක් හමුදාව ගැන දරන බව. අද වන විට අපගේ හමුදාවන් ජිවිත පරිත්‍යාගයෙන් කළ ඒ මහා සටන අද බහුතර ශ්‍රී ලාංකියන්ට අමතක බව කියනුයේ හමුදාවේ පුද්ගලයෙක් වශයෙනි (නි)

:       0       0

විජේසිංහ Thursday, 16 May 2013 12:31 PM

අපේ රණවිරුවෝ තරම් දක්ෂ හමුදාවක් තවත් නෑ කියල මමත් හිතනවා, අපිට ආඩම්බරයි..! (ස)

:       0       0

සේරම් පැරිස් Wednesday, 15 May 2013 11:59 PM

මට නම් ලොකු ආඩම්බරයක් හිතෙනවා අපේ මේ රණ විරු දස්කම් දකිනකොට. නමුත් අද කොපමණ දෙනෙක් මේ රණවිරුවන්ව පාවා දෙන්න හදනවද? (නි)

:       0       0

මංජු Thursday, 16 May 2013 12:35 PM

මේ වගේ දේවල් තිබුනට කමක් නේ මොකද අපේ මතකයන් අවදි කරන්න. (ස)

:       0       0

ප්‍රදීපා Thursday, 16 May 2013 12:29 AM

ඉතාමත්ම විශිෂ්ටයි. එත් මේ යුද ජයග්‍රහණය සැමරීමේදී අබාධිත සෙබළුන්ට යහපතක් වෙන යමක් කලොත් කාලෝචිතයි නේද? (නි)

:       0       0

රංජනී Saturday, 18 May 2013 02:11 AM

දිසා, ඔබ කැනඩාවේ. මම එංගලන්තේ පුරවැසියක්.නමුත් උපන් රටට අපි ගරු කරන්න ඕනෑ නේද?ලංකාව ඉතියෝපියාව නොවේ.හැම සම්පතක්ම තියන රටක්.ඔවුන් අපේ මුර දේවතාවෝ,ලොකුම සම්පත,.... (නි)

:       0       0

තබුක් සිල්වා Thursday, 16 May 2013 01:39 AM

රණ විරු දු පුතුන් ,ලැවු ගිනි නිවුන හදවත් බී කිරි අමරසින් ,දීවී හෙළ සතුටු කරවත්... (නි)

:       0       0

මොහොමඩ් Thursday, 16 May 2013 01:14 PM

ජය වේවා!!!(ස)

:       0       0

බමුණුසිංහ Thursday, 16 May 2013 04:08 AM

ඇයි මේ මුදල් නාස්තිය? අපි එල්.ටී.ටී.ඊ. එක පරාද කළා.දැන් ඒගැන උදම් ඇනුවා ඇති. තව අවුරුදු කීයක් මෙහෙම කරන්නද? ඉතිහාසය පාසල් විෂයක් කරන්න. එවිට අනාගත දරුවන් සිදුවූ දෙය ඉගෙන ගනීවි. (නි)

:       0       0

ප්‍රදීපා Thursday, 16 May 2013 05:13 AM

අයියෝ සල්ලි. ඇයි මේක තේරුම් ගන්න බැරි? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 16 May 2013 05:46 AM

මේවා මහජනයා රවටන්න කරන වැඩ.(නදී)

:       0       0

කපිල Thursday, 16 May 2013 07:53 AM

සැබෑවටම යුද්ධය කරපු රණවිරුවෝ ගඩොල් කපද්දී, මිලියන ගණන් වියදම් කරලා සංදර්ශන තිබ්බට වැඩක් නැහැ. (නි)

:       0       0

හේරත් Thursday, 16 May 2013 08:10 AM

ඇත්තටම වටිනවා. (නි)

:       0       0

හේරත් Thursday, 16 May 2013 08:19 AM

ඔබට සමකළහැකි වෙනත් කෙනෙක් නොමැත (නි)

:       0       0

චින්තක Friday, 17 May 2013 09:25 AM

අපේ දේශය, අපේ ජීවිත, අපේ අනාගතය වෙනුවෙන් ජීවිත පූජාකළ, ආබාධිත වුණ සහ සියලු රණශූරයන් වෙනුවෙන් කෙලෙහි ගුණදත් සිහලුන් විදියට නිවසේ ජාතික කොඩියක් දමන්න. අපිට ඔවුන් වෙනුවෙන් ඒ දේවත් කරන්න බැරිනම් සිහලුන් විදියට ලැජ්ජා විය යුතුයි. ආගම්, දේශපාලන බේදයෙන් තොරව ජාතික කොඩියක් ඔබ සැමගේ නිවෙස් වල දමන්න. ජීවිත පූජා කළ සියලු රනවිරුවන්ට නිවන් සැප ලැබේවා. අපි ඔබට සදා ණයගැති වන්නෙමු. ජය ජය ජය ජය ජය ජය ශ්‍රී ලංකා! (නි)

:       0       0

සුධීර Thursday, 16 May 2013 08:25 AM

යුද්ධකිරීම ඉවර වෙලා දැන් ගොඩාක් කල්නේ සහෝදරයා. එහෙම නෙමෙයි. මේ යන විදියට නම් අපේ බඩයි පොත්තයි විතරයි ඉතුරු වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 147 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 517 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 468 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 504 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1181 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 458 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38213 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25168 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 295 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site