IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගූගල් රහස ඇමෙරිකා මහ පොලිසියට

ඇමරිකා පෙඩරල් පොලිසිය අවශ්‍ය වේලාවකදී ගූගල් සෙවුම් යන්ත්‍රයේ පෞද්ගලික තොරතුරු ලබාදීමට ගූගල් සමාගමට ඉදිරියේදී සිදුවනු ඇත.

2011 සැප්තැම්බර් 11 ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව අන්තර්ජාලයේ හෝ බැංකුවල හෝ වෙනත් ආයතනයක හෝ තිබෙන පෞද්ගලික ගිණුම් වල තොරතුරු ලබා ගැනීමේ අයිතිය ඇමරිකා ව්‍යවස්ථාවේ සංශෝධනයකින් පසු ඇමරිකා පර්යේෂණ බියුරෝව වෙත ලැබුණි.නමුත් ඇතැම් සමාගම් හා ආයතන මේ කි‍්‍රයාවලියට විරෝධතාව පළ කළේ මෙයින්තම පරිශීලකයන් හා පාරිභෝගිකයන් තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළුඳු වනවා යැයි කියමිනි.

ගූගල් සමාගම මේ මේ අතුරින් ඉදිරියෙන්ම සිටියෙකි.ගූගල් සේවා ලබාගන්නා පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු තමන්ට අවශ්‍ය යැයි එෆ්.බී.අයි ආයතනය පැවැසූ විට ගූගල් සමාගම කළේ නඩු මගට එළැඹිමයි.එහෙත් නඩුවේදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම ආයතනයකටම වගකීමක් ඇතැයි පවසා ඇති විනිසුරුවරයා එෆ්.බී.අයි ආයතනය සාධාරණීකරණය කරමින් අවශ්‍ය තොරතුරු සපයන ලෙසට ගූගල් සමාගමට නියෝග කර ඇත්තේය.

මේ හමුවේ ගූගල් සමාගම කර ඇත්තේ නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් පැවැරීමයි.එයින් ලැබෙන තීන්දුව අනුව ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට ගූගල් සමාගමට සිදුවනු ඇත.

ලොව වැඩිම දෙනෙක් භාවිතා කරන අන්තර්ජාල සෙවුම් යන්ත‍්‍රය වනුයේ ගූගල්ය.සෙවුම් වලට අමතරව එයින් සපයන ජීමේල්,ගූගල් ප්ලස් ආදී සේවාවන් ලබාගැනීමටද පුද්ගලයින් මිලියන ගණනින් ලියාපදිංචි වී සිටී.මේ ලියාපදිංචි කි‍්‍රයාවලියේදී තම තමන්ගේ පෞද්ගලික තොරතුරු ගූගල් සමාගම වෙත ලබාදීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.ඒ තොරතුරු රහස්‍යව තබාගැනීම සමාගමේ ප‍්‍රතිපත්තියක් නිසාය.

දැන් එස්.බී.අයි. අවශ්‍යව ඇත්තේ මේ තොරතුරු ලබා ගැනීමටයි.සැකටයුතු පුද්ගලයන් සිටී නම් ඔවුන් ගැන සෝදිසියෙන් සිටීමට මේ තොරතුරු යොදා ගැනීම එහි අරමුණයි.



අදහස් (0)

ගූගල් රහස ඇමෙරිකා මහ පොලිසියට

නදී Monday, 03 June 2013 12:34 AM

ත්‍රස්ත වාදය කියලා ඇමෙරිකාව, හෙට අනිද්දා සිරුරේ අවයවත් ගලවලා පරික්ෂා කරන්න බැරි නැහැ.(නදී)

:       0       0

සේරම් Sunday, 02 June 2013 03:54 PM

බොහොම හොඳ දෙයක්. මේක ඇමෙරිකාවට පමණක් නොව අවශ්‍ය ඕනෑම රටකට විස්තර සැපයිය යුතුය. අද ගුගල් සහ යු ටියුබ් මාර්ගයෙන් බොහෝ වැරදී දේවල් සිදුවේ. අන්තවාදී ආගමික සහ ජාතිවාදී අදහස් ඉතා සීග්‍රයෙන් මේවයේ පළවේ. (නි)

:       0       0

උපාලි Sunday, 02 June 2013 04:00 PM

රටේ ආරක්ෂාවට තර්ජනයක් කියලා ඕනෑම පෞද්ගලික තොරතුරක් ලබාගන්න මේ විදිහට ඇමෙරිකා ආණ්ඩුවට පුළුවන්. එතකොට මාධ්‍ය නිදහස, පුද්ගල නිදහස එහෙම වලංගු නැහැ. හැබැයි, ඒ ඔක්කොම අපට වලංගුයි. (නි)

:       0       0

කෙවින් Sunday, 02 June 2013 04:00 PM

මේක අපේ ඇමතිතුමා වේලාසනින්ම දැක්කා. (නි)

:       0       0

පුබුදු Sunday, 02 June 2013 04:19 PM

ඕක ප්‍රශ්නයක් ක‍ර ගන්න එපා. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 02 June 2013 04:33 PM

බෑ කිව්වට කොහොමත් දෙන්න වෙයි. (ත)

:       0       0

සරත් Monday, 03 June 2013 06:48 AM

රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ වගේ දේවල් අනිවාර්යෙන්ම කළ යුතුයි. හැබැයි එය ලංකාවටත් පොදු වෙන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රමන්ත Sunday, 02 June 2013 06:47 PM

ඇයි ඔහේ ගූගල් ගේ අයිතිකාරයද? ලංකාවේ ඉඳන් බයිලා කියන්නේ.(නදී)

:       0       0

විමල් Sunday, 02 June 2013 08:19 PM

මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 104 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 802 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1665 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1085 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 452 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 275 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site