IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගූගල් ලූන් අන්තර්ජාලය අඩු මිලට

ගූගල් ලූන් නමැති අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ගූගල් සමාගමත් ආණ්ඩුවත් අතර අද (28) උදෑසන ගිවිසුමකට අත්සන් කෙරිණි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙන අතර ඒ අනුව අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම 3G අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හැකිවනු ඇත.

මෙම ඉහළට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වේ.

ගූගල් සමාගමේ ව්‍යාපෘති ප්‍රධානී මයික් කැසිඩ්, ඉක්ටා ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මුහුන්තන් කැනගේ, විදේශ ඇමැති මංගල සමරවීර, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා හා ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.

 01 RDS_8812 RDS_8819 RDS_8831 RDS_8862



අදහස් (0)

ගූගල් ලූන් අන්තර්ජාලය අඩු මිලට

නිල්මිණ Tuesday, 28 July 2015 10:52 AM

හෙට වෙනකොට රැස්වීම් වල කියයි , ශ්‍රී ලංකා ගුවන් කලාපය ගුගර්ල් සමාගමට බදු දීලා , ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා.(ම)

:       0       0

චමින්ද Tuesday, 28 July 2015 10:59 AM

මෙය ඉතාම සතුටුදායක පුවතකි. මෙයට සමගාමීව ඉන්ටෙර්නෙට් ළුලදායක ලෙස භාවිතා කෙරීම පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. (ම)

:       0       0

විහඟ Tuesday, 28 July 2015 11:02 AM

රනිල් කියන්නේ නළුවෙක් නෙමෙයි හොද මොළයක් (ම)

:       0       0

සුරංග Tuesday, 28 July 2015 11:07 AM

හොද වැඩක්....අගනෙයි (ම)

:       0       0

අරවින්ද Tuesday, 28 July 2015 11:10 AM

අපේ අගමැතිතුමා අපට ලස්සන රටක් නිර්මාණය කරාවි.අගමැතිතුමනි ඔබට ඒ සඳහා ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමි. (ම)

:       0       0

රුවන් Tuesday, 28 July 2015 11:11 AM

ඕක හරියන්නේ නැ කියල තමා හිතෙන්නේ. (ම)

:       0       0

සිරිවිකුම් Tuesday, 28 July 2015 11:11 AM

පාර්ලිමේන්තුව විසුරුවල කොහොමද ගිවිසුම් අත්සන් කරන්නේ මේවද යහපාලනය (ම)

:       0       0

ජිවන Tuesday, 28 July 2015 11:13 AM

රටට වැඩ කරනවා කියනේ මෙන්න මේවට තමා (ම)

:       0       0

අමිල Tuesday, 28 July 2015 11:16 AM

ඇත්තටම හොඳ තාක්ෂණික හඳුන්වාදීමක් .....(ම)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 28 July 2015 04:07 PM

ඉතාමත් හොඳ වැඩක් ! ශ්‍රී ලංකාවත් දැන් දියුණු රටවල් සමග කරට කර තත්වයට එමින් තිබෙනවා. කොහොම වුනත් අසභ්‍ය දේවල් බාල පරපුර අතට පත්නොවීමට රජය සතු වගකීමක් වෙනවා. (බ)

:       0       0

රූපවතී Tuesday, 28 July 2015 04:11 PM

අර අපේ සිංහ කොඩිය ගහගෙන අපි හදටත් ගියා නේද ..? අද වෙනකම්වත්..ආගිය අතක් නැහැ ...(බ)

:       0       0

ප්‍රශීන් Wednesday, 29 July 2015 03:02 AM

වටිනා දෙයක්, අගය කළ යුතුයි. (ම)

:       0       0

ප්‍රසාද් Tuesday, 28 July 2015 11:45 AM

කෝ මේ පිවිතුරු යහපාල? මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නෙමෙයි ද? රටේ භෞමික අඛණ්ඩතාවයට හානියක් නෙමෙයි ද? ෆෙඩරල් කුමන්ත්‍රණයක් නෙමෙයි ද? මොනවා හරි කියන්න කෝ ආතල් එකටත් එක්ක. (නදී)

:       0       0

රොමියුලස් Tuesday, 28 July 2015 11:52 AM

මේ දියුණුව ඉදිරියටත් කරගෙන යන්න (නදී)

:       0       0

නදුන් Tuesday, 28 July 2015 12:10 PM

නියම වැඩක් (ම)

:       0       0

චමල් Tuesday, 28 July 2015 12:14 PM

ගෝත්‍රික පාලනයේ සහ යහපාලනයේ වෙනස. දිල්ෂාන් , අපේ රට ගැන ඔත්තු බලල අහවල් කෙන්ගෙඩියක් කරන්නද. ගල් ගුහාවේ ජීවත් වෙන ගෝත්‍රික මානසිකත්වයෙන් එලියට එන්න (නදී)

:       0       0

මහින්ද මුල්ලෙවිතාන-නෙදර්ලන්තය Tuesday, 28 July 2015 12:15 PM

රටක දියුණුවට අන්තර්ජාල පහසුකම් ඉතා වැදගත්. හොද අදහසක්. හොඳ වැඩක්. සුබපැතුම්. (නදී)

:       0       0

නාමල් Tuesday, 28 July 2015 12:15 PM

දිල්ශාන් මෝඩ කථා කියලා තමන්ගේ නොදන්නා කම ප්‍රදර්ශනය කරන්න එපා. 'ගූගල් ලූන්' කියන්නේ පෘතුවියට කිමි. 20 උඩින් රැදවූ බැලූන් ආධාරයෙන් ෆයිබර් ඔප්ටික් රැහැන් ඇදීමට අධික වියදමක් යන ලංකාව වගේ රටවල දුශ්කර ප්‍රදේශවලට අඩු මිලට අන්තර්ජාල අහසුකම් ලබාදීමට තැනූ ක්‍රමයක්. ඉංග්‍රීසි කියවන්න පුලුවන්නම් පොඩ්ඩක් අන්තර්ජාලයේ සොයා බලන්න. (නදී)

:       0       0

ජනක ක්‍රිෂාන්ත Tuesday, 28 July 2015 12:27 PM

රටක් දියුණු කිරිමට නම් දියුණු තාක්ෂණය රට තුළට ලබාගත යුතුයි ලෝකයේ සෙසු රටවල් තොරතුරු තාක්ෂණයේන් දියුනු වෙනකොට අපි තාමත් බඩගානවා අගමැතිතුමා මේ ගෙන ඇති තිරණය අපේ රටේ දියුනුවට වැදගත් ඉදිරි පිම්මක් වේ (බ)

:       0       0

ලෙස්ටර් Tuesday, 28 July 2015 12:43 PM

රනිල් අගමැති තුමාගෙන් මීට කලින් වැඩ ගත්තානම්, අපි ලෝකයේ දියුනු රටක් බවට පත්වෙනේ මීට කලින්... ජය නියතයි. (නදී)

:       0       0

යශෝධා Tuesday, 28 July 2015 12:44 PM

අනේ රසික, අරවින්ද, ප්‍රසාද්. මේක රනිල්ගේවත් ආණ්ඩුව මුල් වෙලා ගත්ත දෙයක් වත් නෙවේ. මේක ලංකාවට ගන්න මුල් වෙලා තියෙන්නේ චමත් පලිහවඩන කියල ශ්‍රී ලාංකිකයෙක්. මෙයාල නිකම් නම දාගන්න වැඩේ කරන වෙලාවේ ඇවිත් (නදී)

:       0       0

නිසාර් Tuesday, 28 July 2015 12:48 PM

ආයේ ඉතින් පත්තර විකුණලා ඉවරයි. ඔක්කොම වෙබ් නිව්ස් තමයි බලන්නේ. (නදී)

:       0       0

දිලීප බණ්ඩාර Tuesday, 28 July 2015 01:43 PM

මේක මහින්ද කරා නම් බයියෝ ටික ලස්සනට සාධාරණිකරණය කරයි. චමත් පළිහවඩන තමයි මේකට 100% ක් දායක වුණේ. බයියෝ දන්නවා නම් කියන්න බලන්න නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ. දක්ෂිණ අධිවේගී මාර්ගය සදහා මේ චමත් පළිහවඩන වගේ දක්ෂ ඉංජිනේරුවෙකුගේ සම්බන්ධිකරණයතින් තමයි අපට දායාද උණේ. උඔලා දන්නවාද ඒ කවුද කියලාවත්? කොහේ දැනගන්නද ඉතිං ඇඟ හැම තැනම මහින්ද රාජපක්ෂ කියලා ලේබල් ගහගත්තම. දැන් රනිල් මැදිහත් උනා කීවම තමයි බයියොට මතක් වෙන්නෙ. ඒකෙන්ම පේනවා බයියොන්ගේ මොළේ කොහෙද කියලා. පුළුවන්නම් හොයාගන්න මං කිව්ව කෙනා? (නදී)

:       0       0

ජගත් Wednesday, 29 July 2015 05:19 PM

නියමි සුපිරි වැඩක්(නදී)

:       0       0

සංක Tuesday, 28 July 2015 01:59 PM

ගූග්ලේ අවා කියල නෙවයි දැන් උනත් ඕනෑම කෙනෙක්ගේ පරිගනකයක ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒ අපේ අයගේ දැනුවත්කම මදි කම නිසයි.. අනිත් එක ලංකාව චීන්නු අල්ලාගෙන ඉවරයි. මොකද ලංකාවට අයත් කක්ෂ පථයේ දැනටමත් චීන්නු චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරන්නේ මහින්ද මහත්තයාගේ අනු දැනුම ඇතුව. (නදී)

:       0       0

දුමින්ද Tuesday, 28 July 2015 10:13 AM

හොඳට-නරකට දෙකටම -අන්තර්ජාල දැලි පිහියෙන් පැණි කෑම (නදී)

:       0       0

සංක Tuesday, 28 July 2015 02:02 PM

බහුතරයක් දෙනා හිතන්නේ අතීතය සහ වර්තමානය පමණක් බව බොහෝ වෙලාවට හැගී යනවා..(ම)

:       0       0

දිල්ශාන් Tuesday, 28 July 2015 10:18 AM

මේ රට ගැන ඉතාම පහසුවෙන් බටහිර රටවලට ඔත්තු ලබා ගන්න පුළුවන් වේවි ගූගල් ලූන් ආවාම. (නදී)

:       0       0

කොඩිතුවක්කු Tuesday, 28 July 2015 10:18 AM

කල්ප කාලයකට පස්සේ ඇහුව හොදම නිවුස් එක. නියමයි ගෝලීයකරණය හැම ලාංකිකයකුටම. මින් පස්සේ අපි හැමෝටම ලෝකයම අැගිලිතුඩ අබියස. මේ කාර්යට සම්බන්ද වූ සැමටම මගේ හදපිරි ප්‍රණාමය!!!!(නදී)

:       0       0

රසික Tuesday, 28 July 2015 10:19 AM

රනිල් කියන්නේ ඇත්තටම හොද මොලයක් (නදී)

:       0       0

යසිරු Tuesday, 08 September 2015 03:08 AM

බොහොම හොඳයි (නි)

:       0       0

පදුම Tuesday, 28 July 2015 10:35 AM

මෙන්න නියමයි . රනිල් ලංකාව සැබවින්නම ඩිජිටල් ලෝකයටම ගෙන යාවි (ම)

:       0       0

රණසිංහ Tuesday, 28 July 2015 10:36 AM

වෙනසකට මුලපිරුවා විතරයි !(ම)

:       0       0

අමිල Tuesday, 28 July 2015 10:49 AM

අගය කළ යුතු නව හඳුන්වාදීමක්....මෙය සාර්ථකව අත්හදා ක්‍රමයකි. (ම)

:       0       0

අනුපමා Tuesday, 28 July 2015 10:51 AM

දැන් ඉතින් මේකටත් කියයි අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක් කියල. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 124 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 17 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 623 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 633 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13532 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3316 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19744 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 290 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site