(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව ජල මූලාශ්‍රයන්ගෙන් සහ ජල ප්‍රවාහයන්ගෙන් පෝෂිත දූපත් රටක් වන බැවින්, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙන්ම නාගරික මගී ප්‍රවාහනය සඳහා ද එකී ජල මූලාශ්‍ර හා ජල ප්‍රවාහ ඵලදායීව යොදා ගැනීමට හැකියාව පවතින බව රජය පවසයි .
එබැවින්, මෙරට මුහුදු තීරය මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ජල ප්‍රවාහයන් භාවිත කරමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.
ඒ අනුව, පුත්තලම - කොටුව,කොටුව - ගාල්ල, ගාල්ල - මාතර ආදී වශයෙන් සමුද්‍ර ජල ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීම මඟින් සංචාරක ප්‍රවර්ධනය සහ මගී ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම, හැමිල්ටන් ඇළ, බේරේ වැව, දියවන්නා ඔය හා මාදු ගඟ වැනි විභවයන් භාවිත කරමින් අභ්‍යන්තර ජල ප්‍රවාහන පහසුකම් සැපයීම මඟින් ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිතය.
ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමටත්, එහි ප්‍රතිඵල මත පදනම්ව රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් ලෙස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගඟේ - මූදේ මගී ප්‍රවාහනය අරඹන්න යයි
Kabeer Tuesday, 22 April 2025 12:47 PM
ගෝටා ත් ඒකම පටන් ගත්තා. වෙන ශක්‍යතා කරන්න ඕන නෑ. එයාගේ සැලැස්ම එළියට අරන් ක්‍රියාත්මක කරන්න.
බකල ජයාTuesday, 22 April 2025 01:27 PM
ඕක මුලින්ම පටන්ගත්තෙ ප්‍රේමදාස උන්නැහේ. ඒ කාලේ සෑහෙන ගාණකට ගඟේ මූදේ ට්‍රාන්ස්පෝට් දුන්නා.
Anura Tuesday, 22 April 2025 12:53 PM
බස් ගැමුනුවට දෙන්න.....බස් පාරු සේවය කියල.. ඕකගෙ බස් හැතිකරේ වගේ පාරු පද්දො සෙට් එක මිනිස්සු ටික වතුරෙ දාල ටර්න් එක ගන්න කියල පාලන් උඩින් ...ගල් උඩින් යයි