IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගඟ අපවිත්‍ර කළ තෙල්හල වහයි

භූගත ටැංකියකින් නිල්වලා ගඟට ඩීසල් විශාල වශයෙන් කාන්දුවී යැයි කියන සිද්ධියකින් පසු අකුරැස්සේ තෙල් හල යළි දන්වන තුරු වසාදමන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය තෙල් හල් හිමියාට අද නියෝග කළේය.

නිල්වලා ගඟට හා පරිසරයට සෑහෙන හානියක් සිදුවී ඇතැයි අධිකාරියේ මූලික වාර්තාවේ දැක්වේ. මේ අතර එම සිද්ධිය වාර්තා කළැයි අකුරැස්සේ ලංකාදීප මාධ්‍යවේදී ප්‍රියන්ත දසානායකට මරණීය තර්ජන එල්ල කර ඇත.



අදහස් (0)

ගඟ අපවිත්‍ර කළ තෙල්හල වහයි

නන්දලාල් - ප්‍රංශය Sunday, 17 January 2016 08:25 PM

මෙම තෙල්හල් හිමියා පරිසර දුෂණය කළ නිසා පරිසරය පිරිසිදු කිරීමට වැයවෙන සම්පුර්ණ වියදම ඔහුගෙන් අය කරගත යුතුවෙනවා. එය රටවැසියා ගෙවියයුතු වන්නේ නැහැ. වෙන රටවල නම් වෙන්නේ එහෙමයි. ඒ වගේම තෙල් සමාගම් මෙවැනි භූගත ටැංකි නිරතුරුවම පරික්ෂාවට ලක්කිරීම සඳහා නීති සම්පාදනය කළයුතු වෙනවා. එය හදිසි කාලීන අවශ්‍යතාවක්. ලංකාදීප මාධ්‍යවේදියාට අපේ ආචාරය !!!! (නි)

:       0       0

රවී Sunday, 17 January 2016 11:36 PM

මේ මාධ්‍යවේදියාට කරපු තර්ජන නම් ආයෙත් දෙකක් නැහැ, ඇත්තම ඇත්ත වෙන්න ඇති. මොකද අපි දන්නවා ඔය පැත්තේ අයගේ හැටි (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 18 January 2016 12:02 AM

මම නම් එදාම කිවුවා මේ තෙල්හල වසාදැමිය යුතුයි කියලා (නි)

:       0       0

චාරු Monday, 18 January 2016 12:54 AM

ඔය මාතර ප්‍රදේශය කියන්නේ කොහොම පැත්තක්ද කියලා අපි දන්නවා. හරිම දරුණුයි. කණගාටුවෙන් වුණත් කියන්නේ මේ වාර්තාකරුට තර්ජනය කළා කියනකොට අපි නම් පුදුම වෙන්නේ නැහැ. (නි)

:       0       0

සරසි Monday, 18 January 2016 01:03 AM

ඕක නම් එකත් එකටම දේශපාලකයෙකුගේ තෙලහලක් වෙන්න ඇති. ඒකනේ බයක් නැතුව පරිසරයත් විනාශ කරලා , මාධ්‍යකරුවන්ටත් තර්ජන ගර්ජන දාන්නේ. (නි)

:       0       0

ජගත් Monday, 18 January 2016 01:15 AM

කලින් පාර කැළණි ගඟ අපවිත්‍ර වුණ වෙලාවේ නම් ඒ ආයතනය වැහුවේ නැහැ නේද? පොඩි මිනිහට තමයි හැම පැත්තෙන්ම ගහන්නේ. (නි)

:       0       0

මේනක Monday, 18 January 2016 01:28 AM

ඔය මාතර පැත්තේ නෑදෑයන් ඉන්න, යන්තම් හරි තමන්ගේ ගෙයක් දොරක් තිබෙන මිනිසුන්ගෙන් අහන්න ඒ පළාතේ හැටි. වාර්තාකරුට පොලිස් ආරක්ෂාව දුන්නත් කමක් නැහැ. (නි)

:       0       0

රංග Monday, 18 January 2016 01:42 AM

මේ පළාතේ මිනිස්සු කරන දරුණු වැඩ ගැන හිතනකොට තර්ජනයෙන් පමණක් නැවතීම ගැන අපි සතුටු වෙන්න ඕනෑ. (නි)

:       0       0

නිවන්තක Monday, 18 January 2016 02:33 AM

නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

ජයන්ත Monday, 18 January 2016 03:10 AM

රංග, මේනක, ඔයාලා හිතා ඉන්නේ මේ පළාතේ ඉන්න මිනිසුන්ගේ හැටි නිසා මේවා සිද්ධ වෙනවා කියලද? එතකොට අනෙකුත් පළාත් වල සිද්ධවෙන්නේ ඔක්කොම දහමට සහ පිනට අනුව වෙන්න ඇති (නි)

:       0       0

සරත් Sunday, 17 January 2016 12:27 PM

ඒ කියන්නේ මැරයන්ට ගිය රටද (බ)

:       0       0

චන්න Monday, 18 January 2016 07:48 AM

මාතර පළාත ගැන මිනිස්සු දන්නේ නැහැ කියලා හිතන්නේ. ඔය පළාත ගැන අපේ පුද්ගලික අත්දැකීම් මෙතන කියන්න ගියොත් මාතෘකාවෙන් බැහැර වෙනවා. මිනිස්සු නිකන් ලියන්නේ නැහැ සිල්වා. (බ)

:       0       0

තරිඳු Monday, 18 January 2016 07:55 AM

මාතර අයට බනින්න එපා. මොකද මේක මාතර අය කරපු දෙයක් නෙවෙයි. අනිත් එක ඒ ෂෙඩ් එකේ අය මේක හිතලා කරලා නෑ. අපිත් පීඩාවට පත්වුණා. (බ)

:       0       0

තුෂාර Monday, 18 January 2016 07:53 AM

ඉඩ කඩම් දේපල වලට කාඩර කමෙන් ඥාතින්ටත් විනේ කටින මිනිස්සු ඉන්න පළාත කිව්වම මුළු රටම දන්නවා. කොච්චර සුද්ධ කරන්න හැදුවත් උගතාගේ සිට නුගතා දක්වාම ඔය ප්‍රදේශයේ ඉඩම් නඩු නැති ගෙයක් නැහැ (බ)

:       0       0

සම්පත් Monday, 18 January 2016 04:11 AM

වහාම ජලය පිරිසිදු කරන්න ගිය වියදම අයකරගන්න. (නි)

:       0       0

ද සිල්වා Sunday, 17 January 2016 01:25 PM

තෙල් හල වහල විතරක් මදි වහාම තෙල් හල හිමිය අත්අඩංගුවට අරගෙන ඔහුට විරුධව පරිසරයට කල විනාශයට නඩු පැවරිය යුතුය , ලංකාදීප මාධ්‍ය වේදියාට කල තර්ජන වලට තවත් නඩුවක් පැවරිය යුතුය ,ප්‍රියන්ත අප ඔබ සමගය (කෞ)

:       0       0

ඉනෝකා Sunday, 17 January 2016 02:16 PM

ලංකාදීප මාද්‍යවේදී ප්‍රියන්ත දසනායක මහතාට කළ තර්ජන වලට අප සැම තරයේ හෙලා දැක යුතු වෙනවා.මාධ්‍යවේදීන් මෙවැනි තර්ජන,ගර්ජන හමුවේ කරන අමිල සේවය අගය කළ යුතු වෙනවා. (බ)

:       0       0

සිල්වා Monday, 18 January 2016 05:57 AM

මම මේ ප්‍රශ්නය අහන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෙන් මෙපමණ පාරිසරික විනාශයක් කරලත් පැය 48 පමණ ගතවී ඇතත් වරදකාරයා අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නොහැකිවීම ගැන ඔබගේ මතය කුමක්ද? (බ)

:       0       0

සිල්වා බෙර්ලින් Monday, 18 January 2016 06:10 AM

මෙම තෙල් හල තිබෙන්නේ අකුරැස්සේය මෙම තෙල් ප්‍රශ්නය නිසා අපහසුතාවයට පත්වෙලා තිබෙන මාතර ජනතාව ප්‍රචණ්ඩ මැරයන් සහ භයානක ජනතාවක් ලෙස හදුන්වා අදහස් ලියන පුද්ගලයන් ගේ දැනුම ඉතා අල්ප මට්ටමක පවතින බව මගේ අදහසය , ඔබතුමාලා කියන විදිහට සෙල්ලම් පිස්තෝලකාරය, ජුලම්පිටියේ අමරේ , මර්වින් ආචාර්ය තුමා , කුඩු දුමින්ද යන සියලු දෙනාගේම ගම මාතරද ? රටේ අනිත් ප්‍රදේශ වල අපරාධ සිද්ධවෙන්නේ නැද්ද ? මාතර කියන්නේ උගතුන් , රණවිරුවන් , ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයන කලාකාරයන් ලංකාවට බිහිකළ නගරයකි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 123 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 148 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1866 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2741 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2054 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 532 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36866 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site