IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගඟේ සෙල්ලම් දැමු ව්‍යාපාරිකයා ගඟට බිලි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

විනෝදයට දිය මත පදින යතුරුපැදි (ජෙක්ස්කි) බොල්ගොඩ ගඟේ පදිමින් සිටි මාළු ව්‍යාපාරිකයෙක් බොල්ගොඩ ගඟ හරහා ඇද තිබූ නැව්  කඹයක පැටලීමෙන් ගඟට වැටී අතුරුදන්ව ඇතැයි පානදුර උතුර පොලිසිය කියයි.

සිද්ධියෙන් අතුරුදන්ව ඇත්තේ දිග්ගල ශියා මාවත පදිංචිව සිටි හෙශාන් විතානගේ නෙමැති 40 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

අතුරුදන් වූ පුද්ගලයා සතියකට දින හතරක් පමණ ඔහුට අයත් බෝට්ටු දෙක සහ දිය මත පදින යතුරුපැදි දෙක උපයෝගී කරගෙන විනෝදයට මෝටර් බෝට්ටු සහ දිය මත යතුරු පැදි පැදීම පුරුද්දක් කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අද දිනත් ඔහු සුපුරුදු පරිදි විනෝදයට දිය මත යතුරු පැදි පැදවීමේදී  ගොඩබිමේ සිට රස්කින් දූපත වෙත පෙරිට හරහා ගමන් කිරීම සඳහා යොදා තිබෙන නැව් කඹයේ පැටලී වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.

අතුරුදන් වූ ව්‍යාපාරිකයා පැදවූ යතුරු පැදිය  ගං ඉවුරේ තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

ව්‍යාපාරිකයාගේ සිරුර සෙවීම සදහා සඳහා පොලිස් එක් කොට්ඨාසයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කරනු ඇතැයි පොලිසිය කියයි.

පානදුර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (3)

ගඟේ සෙල්ලම් දැමු ව්‍යාපාරිකයා ගඟට බිලි

Kankanamge Sunday, 25 June 2023 02:22 PM

ඇයි ⁣හෑල්ලු කරන්නේ. ඔහුගේ විනෝදාංශයේ අඩුපාඩුවක් පෙනෙන්නේ නැහැ. අවාසනාවන්ත මරණයක්.

:       0       1

M.H.Deeganatha Sunday, 25 June 2023 02:50 PM

මේ දිනවල රුහුන පලාතෙ ජීවිතාරක්ශක පුහුනු වැඩමුලුවකුත් පැවැත්වීමට ස0ගමයක් කටයුතු කෙරෙමින් පවතිනව. මේ ආකාරයේ ජීවිතහානි වලක්වාගැනීමට එම පාටමාලාවෙන් දැක්වෙන්නනේද ?

:       0       0

sam Monday, 26 June 2023 10:32 AM

පඩ ශෝ එකෙත් ඉවරයක් තියෙන්න එපෑය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1137 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2044 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 679 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1855 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 963 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4228 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site