IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගුජරාටයෙන් නවදිල්ලියට

භාරතීය ජනතා පක්ෂ සන්ධානය, පාලක කොංග‍්‍රස් පක්ෂය අභිබවා අතිවිශිෂ්ට ජයක් හිමි කර ගන්නා ලකුණු පෙන්නුම් කිරීමත් සමඟ ඉන්දියාවේ මීළඟ අගමැති ධුරයට පත් වනු ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධුර අපේක්ෂය නරේන්ද්‍ර මොඩිය.

63 හැවිරිදි මෝඩි, ගුජරාට ප‍්‍රාන්තයේ මහ ඇමැති ලෙස 13 වසරක් පුරා ගුජරාටය ප‍්‍රාන්තය දියුණු කිරීමෙහිලා කැපී පෙනෙන සේවයක් ඉටු කළේ මෝඩිය.

මෝඩි ජාතික නායකත්වයකට සුදුසු යැයි භාරතීය ජනතා පක්ෂය තීරණය කළේ ද එහෙයිනි.

මෙවර මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂයට ශක්තියක් වූයේ මෝඩි බව කාටත් රහසක් නොවේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෝඩිගේ මාපියෝ බටහිර ගුජරාටයේ අඩු කුලයකට අයත් වූවෝය. මෝඩි දැඩි හින්දු ජාතික වාදියෙකි. මෝඩි ලාබාල වියේ දී යෝජිත විවාහයකට අනුව විවාහ වූ බව පැවැසුණි. මෝඩිගේ පෞද්ගලික ජීවිතය කාටත් රහසක් විය. කෙසේ නමුත් ඔහු පසුගියදා කියා සිටියේ 62 හැවිරිදි පාසල් ගුරුවරියක සමඟ තමන් විවාහ වුණු බවය.

ගුජරාටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිළීම සම්බන්ධයෙන් මෝඩිට චෝදනා එල්ල වී ඇත. ඒ, 2002 වසරේදීය. රටේ යහ පාලනනය ඇති කිරීම සහ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට මෝඩිගේ මැතිවරණ ඉලක්ක විය. මෝඩි අගමැති ධුරයේ දිවුරුම් දීම සහ නව රජයක් පිහිටුවීම ලබන 31 වැනිදා සිදුවනු ඇත.

 

 



අදහස් (0)

ගුජරාටයෙන් නවදිල්ලියට

නිසාර් Friday, 16 May 2014 01:44 PM

නරේන්ද්‍ර ලංකාව ඇතුළු ලෝකයේම ඉන්න හින්දු ජාතිකයන් ගැන තමිල්නාඩුවේ දී කියලා තියෙනවා. බලමුකෝ මොකද්ද පුළුවන් කියලා. (ස)

:       0       0

නිරාජ් Friday, 16 May 2014 02:01 PM

බලාපොරොත්තු තියාගෙන පමණක් සිටියොත් කවදාවත් අපට අවශ්‍ය දේ ඔහුගෙන් ඉටු නොවනු ඇත. එබැවින් අපිට ඔහුගෙන් අවශ්‍ය වන දේ අප විසින්ම තැනට අවැසි වේලාවට ඉටුකරගැනීමට කටයුතු කලයුතු වෙමු. (මුදී)

:       0       0

මනෝජ්-සාජා Friday, 16 May 2014 02:06 PM

සුරත් ,ඔයා අපේ රටට මොන වගේ වාසියක්ද මේ නව පාලකයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ?.පැහැදිලි මදි .(මුදී)

:       0       0

අමිල Friday, 16 May 2014 02:45 PM

මනෝජ් අපි බලාපොරොත්තුවෙන වාසිය තමයි ඉන්දියාව අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට ඇඟිලි නොගහන එක. නැතුව මැච් පැරදුනාට හිලව්වට බස් දෙන්නයි, ලොකු කොමිස්වලට කෝච්චි දෙන්නයි වගේ සිල්ලර වැඩ නෙවෙයි.(මුදී)

:       0       0

ෆර්ඩීන් Friday, 16 May 2014 03:46 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සාරුක් Friday, 16 May 2014 03:46 PM

හොඳයි. නව වෙනසක් තිබෙනවා (නි)

:       0       0

මනෝජ්-සාජා Friday, 16 May 2014 03:52 PM

අමිල ,මම නම් දන්නා ඉතිහාසේ ඉදන් ඉන්දියාව අපේ රටට කෙනහිලි කම් තමා කරලා තියෙන්නේ ,ඔය මොන පක්ෂෙයක් බලයට ආවත් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැ. දැන් අායෙත් කොටි සංවිදානය [14 වෙනිදා සිට ]අවුරුදු 5 ට තහනම් කරලා තියනවා .අලුත් රජය මේ තහනම ඉවත් කරයි කියල ඔබ සිතනවද ?.ලංකාවේ තමා ආණ්ඩු වෙනස් වෙනකොට ප්‍රතිපත්තිත් වෙනස් වෙන්නේ .ඔය බස් ,කොච්චි ගැනනම් මම දන්නැ . (ස)

:       0       0

ආසිරි Saturday, 17 May 2014 09:18 AM

අල්ලස, දුෂණය, වංචාව, නාස්තිය සිදුකරන වෙනත් රටවල ආණ්ඩු වලට මේවා හොඳ පාඩම් ‍(නි)

:       0       0

සුරත් Friday, 16 May 2014 12:47 PM

ගුජරාටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිළීම සම්බන්ධයෙන් මෝඩිට චෝදනා එල්ල වී ඇත. මේ පාලකයාගෙන් අපේ රටට වාසියක් වේවි කියා බලාපොරොත්තු තියා ගත හැකිද? (ස)

:       0       0

නිරෝෂන් නිරෝශාත් Friday, 16 May 2014 01:18 PM

මොහු ලංකාවේ යුද්ධය පවා දකින්නේහින්දුබ්න්ට එරෙහිව කල යුද්ධයක් විදිහට. මෑතකදී ඔහු තමිල් නාදුවේදී කියා සිටියේ මොහේ බලයට පැමිණීමෙන් පසු ලංකාව ගැන බලා ගන්නම් කියා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3800 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2779 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3563 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3260 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 728 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1412 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36124 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site