IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ගංජාවල ආනන්දය කියන්න පාර්ලිමේන්තුවේ පොතක් බෙදලා

(බන්දුල ඉලේපෙරුම)

පාර්ලිමේන්තුවේ කටයුතු අද (8) ආරම්භ වනවාත් සමඟම නැගී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුව තුළ බෙදාහැර ඇති පොතක් සම්බන්ධයෙන් ගැටලුවක් ඉදිරිපත් ක‍ළේය.

ඒ ගංජා සම්බන්ධ පොතක් පෙන්වමින් එය පාර්ලිමේන්තු නිලධාරීන් හට බෙදා ඇති බව කියමිනි.

“මම ඊයේ මේ සභාවේ ගංජා සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. අද පොතක් බෙදලා තියෙනවා. මන්ත්‍රීවරුන්ට නෙමේ. පාර්ලිමේන්තුව ඇතුළේ නිලධාරීන්ට. මේ පොත ත්‍රෛලෝකපත්‍ර කියලා තියෙනවා. මේකේ ඇතුලේ නෝට් එකක් දාලා තියෙනවා ආනන්දය ලබන්න කියලා, මේ කියන්නේ පාර්ලිමේන්තු නිලධාරීන්ට ගංජා ගහන්න කියලද? මේක ඇතුළට ආවේ කොහොමද? සීසීටීවී බලලා මේක හොයන්න”
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ මේ පිළිබඳ සොයා බලන බවයි.

සිය නම සඳහන් කළ  බැවින් සභාවේ නැගී සිටි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියා සිටියේ මෙය තම පොතක් නොවන බවත් පොත පත ලියන අප වැනි අය සිටියත් කිසිදු පොතක් තමා විසින් පාර්ලිමේන්තුවේ බෙදා නැති බවත්ය.

මහලේකම්වරයාගෙන් හා වේත්‍රධාරීගෙන් මේ පිළිබඳ සොයා බලන මෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේය.



අදහස් (18)

ගංජාවල ආනන්දය කියන්න පාර්ලිමේන්තුවේ පොතක් බෙදලා

Hiru Thursday, 08 October 2020 05:56 AM

ලෝකේ වෙනස් වෙන විදිය, ලෝකයේ නව නිෂ්පාදන, ඒ තුළින් අතුරු නිෂ්පාදන හරහා විදේශ විනිමය ගන්න හැටි. ඔය බුද්ධිකලා වගේ ගණදෙවි පිළිම අල්ලන් මිනිස්සු මුලා කරන අයට තේරෙන්නේ නෑ. ඒ අයගේ අනුගාමිකයන්ට තේරෙන්නෙත් නෑ. තේරුම් ගත්තත් ඔවුන් මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නෑ. ඉස්සරහට යන්න නම් නව නිෂ්පාදන බෙහෙත්, විවිධ ඇඟලුම් වැනි දෑ කරලියට එන්න ඕනෑ. පැරණි යල්පැනගිය නීති වෙනස් වෙලා. ලංකාවේ ණය ගුණය වගේ හතර පස් ගුණයක් සමහර රටවල් ලබනවා. කාර්තුවකට කංසා ආශ්‍රිත නිෂ්පාදන හරහා. ඔවුන් ඒකයි ඔවුන්ගේම යල්පැනගිය නීතිවලට පයින් ගහලා අලුත් විදියට හිතලා වැඩ කරන්නේ. අපේ ළිං ගෙම්බෝ ගෙවල් වලට වෙලා එළියෙන් කිසිම දැනුමක් ලබා ගන්නේ නැතුව පරණ මානසිකත්වයෙන්ම ඉන්නවා. අපි තමා සියල්ල දත් කියලා. එක පැත්තකින් ලංකාව වගේ ආසියානු රටවල් ගොඩක් වෙලාවට පසුගාමී ආර්ථිකයක් පෙන්නුම් කරන්නේ අප්ඩේට් නොවුණු ජනතාවගේ ජීවන රටාව නිසා...

:       28       30

Hiru Thursday, 08 October 2020 05:58 AM

අනිත් සුබදායි කරුණ නම් කංසා හරහා රටේ තරුණ කෙල්ලෝ කොල්ලෝ අයිස්, පෙති, කසිප්පු, සිගරට්, අරක්කු, හා විවිධ හඳුනා නොගත් දරුණු ගණයේ මත්ද්‍රව්‍ය වලින් ඈත් කරන්න හැකිවීම. නීතිගත කළ රටවල්වල ආර්ථික හා සමාජීය දත්ත ලේඛන සොයා බලන්න. පැරණි සිංහලේ සෑම ගෙදරකම තිබුණු කරපිංචා හා සමානව පැළෑටියක් තමයි කංසා. සුද්දා ඒ කාලේ සිගරට් ටික විකුණා ගන්න තහනම් කළා මත්ද්‍රව්‍යයක් කියලා. කංසා හඳුන්වන්නේ හෙළ වෙදකමේ රජු හැටියට. ආයුර්වේදයේ බලගතුම ශාකය ලෙස... රැල්ලට විරුද්ධ වෙන්නේ නැතුව තොරතුරු සොයා බලා මේ දෙස බලන්න. තේ වලටත් වඩා තරග කරන්න පුළුවන් දෙයක් මේ. අනික තමයි ඔබ දන්නවාද ලෝකයේ ඖෂධීය ගුණයෙන් වැඩිම සහ ගුණාත්මක බවෙන් වැඩිම කංසා ශාකය හැදෙන්නේ ලංකාවේ පවතින පරිසර තත්වයේ බව. කිව්වට පිළිගන්න එපා. ගූගල් තියෙනවනේ ඔබම සොයන්න දැන ගන්න දැනුවත් වෙන්න. ස්වස්ති සිද්ධම්! ලංකාවට ජය!

:       19       31

DilanThursday, 08 October 2020 06:56 AM

මම දන්නා කංසා භාවිතා කරන්නන් සියලු දෙනාම වාගේ ඔබ ඔය කියූ අනිකුත් දේවලුත් භාවිතා කරනවා.

:       11       18

HemaThursday, 08 October 2020 07:17 AM

පුදුම සහගත ක්‍රමයක්... සල්ලි, සල්ලිම තමයි... කෙක්කෙන් බැරිනම් කොක්කෙන්...

:       3       13

NamalThursday, 08 October 2020 11:37 AM

ඔන්න ඕකයි අපේ මිනිස්සු හිතන අනිත් බොළඳ විදිය. අපි වගේ රටවල් සම්ප්‍රදායන් පමණක්ම යැපෙන කොට දියුණු රටවල් සම්ප්‍රදාය එක්ක විද්‍යාව එකතුකරලා ඉදිරියට යනවා. අපි වැදි බණ කියකියා අනුන්ට ආවඩනවා. ලංකාව වගේ සශ්‍රීක රටක විවිධ බෝගයන් සඳහා උචිත සෑම බිම් අඟලක්ම පාවිච්චි කරලා අපිට පුළුවන් බෝග ආනයනෙන් පමණක් මේ රට ගොඩ දාන්න. කංසා කියන්නේ ඒ වගේම භෝගයක්. එහි අතුරු නිෂ්පාදන ලෙස ප්ලාස්ටික් වෙනුවට ගන්න පුළුවන් දේවල් බොහොමයි. කෙක්කෙන් හරි කොක්කෙන් හරි අපිට පුළුවන් ලංකාවේ පස භාවිතා කරලා ලෝකෙට ණය නැති රටක් හදන්න. විධිමත් වැඩපිළිවෙලක් තමයි අවශ්‍ය රජය හරහා. අඩු ගානේ එහෙම කරන්න පුළුවන් නම් විදේශ වල බැලමෙහෙවරකම් කරන කාන්තාවන් ටිකට දුක් විඳින්නේ නැතුව මේ රටේ රැකියාවක් කරන් ඉන්න පුළුවන්...

:       3       5

NamalThursday, 08 October 2020 07:32 AM

සාපේක්ෂව නියම තත්වයේ උසස්ම කංසා (කුෂ්) භාවිතා කරන පුද්ගලයින් වෙනත් දේවල් වලට පෙලඹෙන්නේ නෑ. කොටින්ම ඔවුන් නිරෝගියි.. සහ අරක්කු ඔවුන් භාවිතා කරන්නේම නෑ. අරක්කු, කසිප්පු, සිගරට් වලින් තමයි වැඩිම හානියක් තියෙන්නේ. නියම තත්වයේ කංසා නොමැති නිසා කේරළ ගංජා කියලා ෆෝමලීන් සහ විවිධ විස ගහපු ප්‍රමිතියක් නැති කංසා නිසා තමයි ඔවුන් වෙනත් දේවල් සඳහා යොමු වෙන්නේ. නියම කංසා ආශ්‍රිත නිෂ්පාදන තිබේ නම් කවදාවත් මිනිස්සු අතිශය භයානක ප්‍රබල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්නේ නෑ. කේරල ගංජා කියලා විස ඇතුළත් කර ගන්නෙත් නෑ. වෙනත් රටවල්වල රජයෙන් ප්‍රමිතිගත කරපු කංසා තමයි ඔවුන් විකුණන්නේ.

:       6       7

RaveendraThursday, 08 October 2020 07:53 AM

ඔබගේ වටිනා වැදගත් අදහස් අප අගයන්නෙමු. ඇත්තෙන්ම මෙය මත්ද්‍රව්‍යක් ලෙස වැඩි පිරිසක් අර්ථකථනය කරත් මෙය වටිනා ඔෟෂධයක් ලෙස දැකීමට අකමැති බවක් හොඳින්ම පැහැදිලි වෙනවා නොවේද? සාමාන්‍ය කෙනෙකුට වුවද එසේ සිතීමට අප සමාජයම යහමින් ඉඩ ප්‍රස්ථාව හොඳින් සකසා දී ඇත්තේ අප සමාජයේ වැඩි පිරිසක් බේබදු තත්වයට වඩාත් රුචියක් දක්වන නිසාවෙනි. (මෙම වාක්‍ය කියවීමෙන් පසු වැඩි පිරිසක්ම අපගේ දෙමාපියන්ටද පින් අනුමෝදම් කරනු ඇත.) කෙසේවෙතත් කංසාවලින් නව ඔෟෂධ නිපදවීමට ඥාණය යෙදවීම ඉතාම හොඳ අනාගත ආයෝජනයක් බව නම් කිව යුතුයි. "වැරදි කිරීමට මග බලමින් සිටින තිරිසනා කඩදාසි කැබැල්ලක් ලැබුණත් එමගින් මුළු සමාජයම විනාශ කිරීමට උත්සාහ කරනු ඇත". නමුත් සමාජයට නිවැරදි යමක් කිරීමට උත්සාහ කරන මිනිසාට "අසුචි ගොඩක් ලැබුණත්" ඔහු එමගින් පොහොර නිෂ්පාදනය කර සමාජයට යහපතක් කරනු ඇත. එලෙසම බේබද්දා සියලුම මත්ද්‍රව්‍ය නිපදවීම හෝ ලබා ගැනීම සහමුලින්ම නවතා තිබුණත් දිව්‍යලෝකෙට ගොස් හෝ එය ලබාගනු ඇත.

:       1       10

gamunu Thursday, 08 October 2020 06:07 AM

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.

:       4       13

latha Thursday, 08 October 2020 06:11 AM

සමහරු ඉන්නවා. කළොත් වැඩක් අනාගන්නවා.

:       1       8

ranga Thursday, 08 October 2020 06:24 AM

ඔව්, එයාගේ නමත් මන්ද බුද්ධිකනේ...

:       16       10

Praba Thursday, 08 October 2020 07:56 AM

කංසා භාවිතා කරන්නන්ට භින්නෝන්මාදය, සයිකෝසියාව වැනි උග්‍ර මානසික රෝග වැළඳීමේ අවදානම වැඩියි. ඊට අමතරව කන්සා භාවිතා කරන්නන් වෙනත් මත්ද්‍රව්‍යවලට හුරුවීමේ අවදානමත් වැඩියි. මෙම අවදානම තරුණයන්ට හා ළමයින්ත්ට වඩාත් බලපානවා. කරුණාකර අපේ තරුණ පරපුර මානසික රෝගීන් බවට පත් කිරීමට කෙලින්ම හෝ වක්‍රව දායක වන්න එපා.

:       4       19

Ananda Thursday, 08 October 2020 08:27 AM

ශුවර් එකටම ගංජාබොන ඇමැතියෙක් හරි මන්ත්‍රීවරයෙක් හරි වෙන්න ඕනෑ. ඔය පොත පාර්ලිමේන්තුව ඇතුළට ගේන්න ඇත්තේ..

:       2       8

බද්රානි Thursday, 08 October 2020 09:33 AM

කිසිම මත් ද්‍රව්‍යයක් පාවිච්චි නොකළත්, මනෝ විකාරෙන් ජීවත් වෙන ජනතාවක් සිටින රටකට ගංජා සුරුට්ටුත් නීතිගත කළොත් නියමෙටම තියේවි... කාන්තාවකට බියර් එකක් මිලදී ගන්න බැරි රටේ පිරිමි ගංජා උරන්න අයිතිවාසිකම් ඉල්ලනවා. යුරෝපය ඇතුළු දියුණු රටවල වයින් බෝතලය කෑම මේසයේ තිබීම සාමාන්‍ය දෙයක්... ගැහැණු පිරිමි භේදයකින් තොරව වයින් වීදුරුවක් පානය කර ආහාර ගැනීම සම්ප්‍රදායක්... ලංකාව වැනි උණුසුම් දේශගුණයක් පවතින රටක බියර් වීදුරුවක් බොන්නවත් බොහෝ අයට පිනක් නැහැ. කාන්තාවක් බියර් ටිකක් බොනවා දැක්කොත් සමහර පිරිමින්ගේ ඇස් නලියනවා. සමහර අය කංසා වල ඖෂධීය ගුණ වයනවා. ඔය ඖෂධ අධි මාත්‍රාවකින් ලබා ගත්තොත්, ශරීරයට, මොලයට හා ස්නායුවලට වෙන හානිය ආයේ අමුතුවෙන් කියන්න ඕනැද?

:       2       8

NelumThursday, 08 October 2020 11:50 AM

ඔය පිළිකා රෝගීන්ට දෙන පෙති වර්ග එහෙමත් මාත්‍රාවෙන්ම ගන්න නිසා තමයි සමහර තරුණ කොල්ලෝ කෙල්ලෝ විකාරයෙන් වගේ හැසිරෙන්නේ. කොයිදේත් එහෙම තමයි. ඕනෑවට වඩා බත්කෑවත් එච්චරයි. බියරුත් ඕනවට වඩා බිව්වොත් ලෙඩ තමයි. ප්‍රමිතියක් ඇතුව නීතිගත කරලා දෙනවා නම් ඕක මැජික් එකක් වෙන්නේ නෑ. එහෙම බැලුවොත් නීතිගත කරපු රටවල්වල මිනිස්සු තනිකර පිස්සන් වෙන්න ඕනෑ. බොන පැත්තෙන් ගත්තොත් කංසා කියන්නේ ඇබ්බැහියකින් තොරදෙයක්... ඊට වඩා ඒ හරහා නිෂ්පාදනය කළහැකි නිර්මාණ බොහෝමයි.

:       1       3

Demuni Uduwara Thursday, 08 October 2020 12:02 PM

මේක ප්‍රධාන මාතෘකාවක්ද? රටේ දැවෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා.

:       1       3

විජිත් Thursday, 08 October 2020 01:58 PM

ලෝකයේ දුප්පත්, ඒ වගේම දූෂණ වලින් ඉහවහාගිය රටවල්වල මත්ද්‍රව්‍ය භාවිතයට "රාජ්‍ය අනුග්‍රහය" දෙනවා කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවද? එය සහතික ඇත්ත... එවැනි රටවල "කාර්නිවල්" වැනි වාර්ෂික උත්සව රාශියක් වසරකට පවත්වනවා. ඒ මොහොතේ ජීවත්වන රටවැසියන්ට මේ අවස්ථාව දිව්‍ය ලෝකේ ගියා වගේ... මිනිස්සුන්ට තම හිසමත ඇති ප්‍රශ්න අමතක වෙනවා. දකුණු ඇමෙරිකාවේ රටවල්, ඒ වගේම කියුබාව... මේ හැම රටකම කාර්නිවල් වගේ උත්සව රාශියක් පවත්වනවා. රට වැසියන් ඒ දවස්වලට ජීවත්වන්නේ දිව්‍ය ලෝකේ පාවි පාවී. ඉතින් අපේ පාලකයිනුත් මේ හදන්නේ ගංජා භාවිතයට අපේ රටේ මිනිසුන්ට අවසරදීලා මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට යොමුකරලා රටේ ඉතිරි ටිකත් කොල්ල කා ගන්නද කියලා හිතුවොත් වැරදි නැහැ නේද...?

:       1       11

Perera Thursday, 08 October 2020 06:34 PM

ගංජා සහ බෙදාහැරීමේ ඇමති කෙනෙක් පත් කරමු.

:       1       2

Asoka Friday, 09 October 2020 07:39 AM

ගංජා බිස්නස් කාරයන්ට අහුවී ඇති බව ප්‍රතිචාරවලින් මනාව පිළිබිඹු වේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 627 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 500 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 853 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1527 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 809 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල


රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 6209 11

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21648 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 360 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1820 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site