(චන්දන හෙන්දුරුගොඩ සහ ලලිත් නවරත්තන )
අපරික්ෂාකාරි ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරකු පිළිබදව සැක සිතා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා පානය කර ඇති බව තහවරු වු බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
සැකකාර රියදුරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයකු බවයි පොලිසිය සදහන් කරන්නේ.
අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමේ වරදට මන්නාරමේ සිට කොළඹ බලා මගීන් රැගෙන ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් පොලිස් නිලධාරීන් විසින් නවත්වා ඇති අතර එම බස් රථය පැදවූ රියදුරුගේ අසාමාන්‍ය හැසිරීම සහ කථා විලාශය අනුව ඔහු කිසියම් මත් ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට අනුමාන කළ පොලිස් නිලධාරීන් ඔහුව හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර රියදුරා ගංජා පානය කර ඇති බවය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගංජා බී බස් එළවලා
prasanna Sunday, 23 March 2025 10:25 AM
බීලා වගේ තමයි දැන්නම් පේන්නේ..!
රියදුරු මිස්ටර් හාන්සි Sunday, 23 March 2025 11:36 AM
ඕක සාමාන්‍ය දෙයක් වෙලා. තව අර පුවක් වගේ ජාතියක් තියෙනවා. කඩවල නවත්තලා බස් (විශේෂයෙන් AC Bus) කොන්දොස්තර මහත්මයා දුවලා ගිහින් අරන් එනවා. ඒක රියැදුරු මහත්මයාට සැරින් සැරේට කන්න පුලුවන් තැනක තියනවා. මං හිතන්නේ ඒ මාවා කියන මත්ද්‍රව්‍ය වෙන්න ඕනෑ. ඕක අනුරාධපුර නුවර නිතර වෙන එකක්. අනික් ඒවායේත් ඒක වෙනවා ඇති. ඔතැන ප්‍රශ්නය සංකීර්ණයි. එකක් අල්ලන එක නෙමෙයි. දුර ධාවනය වන අය කම්මැලිකම නිදිමත යන්න කියලා හිතාගෙන කරන්න පුරුදු වෙන දේවල්. නමුත් අනතුරක් වුනාම ඒකට විතරයි පැලැස්තර දාන්නේ. මේවා ලේ පරීක්ෂණයකින්, මුත්‍රා පරීක්ෂණයකින් ඇර ලේසියෙන් හොයන්න බැහැ. ඒ නිසා කළ යුතු වන්නේ නිරන්තර පරීක්ෂා කිරීම් සමග පරීක්ෂා කරන නිළධාරීන්ව පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් සැකසිය යුතුයි. මොකද, ඉස්සර පොලිසියම තමා තාමත් ඉන්නේ. ජනතාවට මේ දේවල් දැනුම් දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. නිර්ණාමිකව පොලිසිය සහ පොලීසිය තුළ ප්‍රතිදූෂණ ඒකක වලට SMS හෝ අන්තර්ජාල මගින් දැනුම් දිය හැකි විදියට. ඒ අයව රකින්න ක්‍රමයක් සකසන්න.
Nandalal de Silva - France Sunday, 23 March 2025 09:49 PM
මගීන් ගෙ පෙර පිණකට, පොලීසිය බසය පරීක්ෂා කල නිසා, සමහර විට සිදුවීමට ඉඩකඩ තිබුන භයානක අනතූරක් වලක්වා ගැනුමට පුළුවන් වුනා. මෙම රියදුරුගේ බලපත්‍රය වහා ක්‍රියාත්මක වන පරිදි තහනම් කර, ජීවිතාන්තය දක්වා මහජන ගමන් සෙවයක රියදුරු කෙනෙක් හැටියට, සුක්කානම අතට ගැනීමත් තහනම් කල යුතු වෙනවා....
Mangala Dissanayake Monday, 24 March 2025 08:21 AM
මේක දැන් ඩ්‍රයිවර්ලාට සාමාන්‍ය දෙයක් වෙලා. බහුතරයක් දෙනා දුම්කොළ හෝ ගංජා භාවිතා කරලා ධාවනය කරනවා, විශේෂයෙන් දුර ගමන් සේවාවේ ධාවකයෝ. එහෙම බිව්වේ නැත්තම් ධාවනය කරන්න බැරිලූ, නින්ද යනවලු
Nandalal de Silva Monday, 24 March 2025 02:58 PM
ගංජා නොබී බස් රථ දැක්කුවොත්, මෙ ගොන්නුන්ට නින්ද යනවාලු ! ගංජා ගහල එලවලා මාරක අනතුරක් වුණොත්, මගීන් සදාකාලික නින්දකට, මෙම ගංජා බෙබද්දන් ගෙන යනවා නොවෙද ? මුන්ට නින්ද නොයන ජොබ් දීමට, ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ හිමියන් කඩිනමින් වගබලා ගතයුතුය....