IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ගුටිකෑ මාලක ඇතුළේ : ගැසූ සුද්දා එළියේ‘

‘සුද්දා මගේ නහය කැඩෙන්න ගැසූ බව ගෝඨාභය රාජපක්ෂ රූපවාහිනී සාකච්ඡාවකදී කියා තිබුණා. මං අහන්නේ මම නහය කැඩෙන්න ගැහුවා කියන්නේ මට බරපතල තුවාලනේ. ගුටුකාපු මා මාසයක් විතර ඇතුළේ (හිරේ) හිටියා. ගහපු සුද්දා ඇයි දවසක්වත් ඇතුළේ දැම්මේ නැත්තේ?‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මාධ්‍යයට පැවසීය.

‘මම රෝහලේ හිටපු ෆොටෝ බලන්න. මගේ නහය හතර පස් සැරයක් කැඩිලා තියෙනවා. මේවා රබර් වගේ. මට ගුටිකන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නොවෙයි. මේ සුද්දා ගැහුවේ මං අනිත් පැත්ත බලාගෙන ඉන්දි. මම ඇතුළට ගියා. මට ගහපු සුද්දා තවම එළියේ.

මගේ ප්‍රශ්නයක් තියෙනවා නම් තිබිලා තියෙන්නේ නයිට් ක්ලබ්ස්වල. මං දේශපාලන වේදිකා කුඩු කරලා නෑ. දේශපාලනඥයන් එක්ක ගහගෙන නෑ. මට වෙන පක්ෂයක් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. ‘

ඔබට නාමයෝජනා ලැබේදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මාලක කීවේ තමා ඡන්දය ඉල්ලන බවයි.

‘මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියටයි මං ගරු කරනවා. ඔවුන් මට සෑහෙන්න උදව් කර තිබෙනවා.‘



අදහස් (0)

‘ගුටිකෑ මාලක ඇතුළේ : ගැසූ සුද්දා එළියේ‘

නිශ්ශංක Thursday, 26 March 2015 03:34 AM

හොද දකුණේ අනාගත නායකයෙක්. උණුසුම් සුබපැතුම්.(බ)

:       0       0

ආනන්ද Thursday, 26 March 2015 03:52 AM

රටම ගඳගස්සන වැඩ කරන්න නහයක් කුමටද. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 25 March 2015 01:51 PM

නහය නොකැඩි බේරුනොත් ඇති දේශපාලනයට ඇවිත්.(හේ)

:       0       0

රුක්ෂාන් Thursday, 26 March 2015 04:35 AM

ඡන්දෙ දෙන අපිටයි ගහන්න ඕනේ (දී)

:       0       0

ශංක Thursday, 26 March 2015 04:36 AM

දේශපාලනය නම් ඕනේ නැහැ (දී)

:       0       0

දුමින්ද Thursday, 26 March 2015 04:45 AM

කිසිම මාධ්‍යකින් මැරයන වීරයන් නොකළ යුතුයි (දිල්)

:       0       0

වරුණ Wednesday, 25 March 2015 02:27 PM

නහය කැඩිලා බේරුණා ඇති (නි)

:       0       0

නදිනි Wednesday, 25 March 2015 02:28 PM

මෙයා වගේ අය දේශපාලනයට ආවොත්, මේ වගේ අයට ඡන්දය දෙන්නෙත් නහයක් නැති අයම තමයි. මෙවැනි අයට නාමයෝජනා දුන්නොත්, ඒ ගැනත් ජනතාව තීන්දු කරාවි. (නි)

:       0       0

විජයබාහු Wednesday, 25 March 2015 02:52 PM

මේ වගේ අය එක්ක අපිට නම් හවුලේ කැඳවත් ඕනෑ නැහැ (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 26 March 2015 05:04 AM

ලංකාවේ කෙනෙකුට උගන්වන්න බැරි වුන පාඩම ඉගැන්වූ සුද්දා මොකටද හිරේ දාන්නේ (ම)

:       0       0

රුචී Wednesday, 25 March 2015 03:32 PM

අපි බලන් ඉන්නේ දේශපාලනයට එනකම් තමයි . (ත)

:       0       0

දම් Thursday, 26 March 2015 05:13 AM

ගේකට හොරෙන් පැනල අහුවෙලා ගුටි කෑවම හිරේට දාන්නේ හොරාව තමයි. ගෙදර අයිතිකාරයව නෙවෙයි. (ස)

:       0       0

සිරිල් Wednesday, 25 March 2015 03:40 PM

තාත්ත කළ දේ පුතා නොකොළොත් එයා කවුද කියා කතාවකුත් තියෙනවානේ. (ත)

:       0       0

රමසි Wednesday, 25 March 2015 03:49 PM

කවුද අප්පේ මේ අහිංසකයට ගැහුවේ? (ත)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 25 March 2015 04:11 PM

ඔන්න මර්වින්ට සලකන්න හොඳ අවස්තාවක්. (ත)

:       0       0

ජොනතන් Thursday, 26 March 2015 06:00 AM

මෙයාලට ඡන්දෙ දෙන්නේ ඉතින් බත් කන හරක් තමයි. අනික ඒ සුද්දා ඉංජිනේරුවෙක් නේ. මොනා උනත් එයා මෙයාට වඩා උගත් මිනිහෙක්. මෙයාගේ සහ මෙයාගේ තාත්තගේ පැටිකිරිය හැමෝම දන්නවනේ. මෙයාල වගේ අය තියාගෙන හිටි නිසා තමයි රාජපක්ෂ ලට උන් හිටි තැන් අහිමි උනේ. (ස)

:       0       0

ෙම්නක Wednesday, 25 March 2015 04:35 PM

තොත්ත බබා. අනේ පව් මෙයාට සුද්දෙක් ගහල. සුද්දෝන්න්ට පිස්සු නැහැ වෙන රටවලට ඇවිල්ල වලි දාගෙන නඩු කියන්න. මේ වගේ අයට ඡන්දෙ දෙන උන්ට ගහන්න ඕන. (ස)

:       0       0

චමිලා Wednesday, 25 March 2015 04:38 PM

මෙයාගේ නහය තියෙන්නේ ඔලුව පිටිපස්සේ ද කොහෙද . ගහල තියෙන්නේ අනිත් පැත්ත බලන් ඉද්දිලුනේ . ගොන් මර්වින්ගේ ගොන් පුතා . (ස)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 26 March 2015 04:57 PM

ගහේ කටු උල්කරන්න ඕනෑ නැහැ කියනවනේ! (නි)

:       0       0

පෙරේරා Wednesday, 25 March 2015 05:19 PM

මේ වගේ අයටත් ඡන්දෙ දෙන්න තරම් මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්න නිසා තමයි ලංකාවට කවදාවත් වගතුවක් නැත්තේ. (නි)

:       0       0

රෝහිත Wednesday, 25 March 2015 05:35 PM

මෙයා සුද්දගෙන් ගුටිකෑවේ ඇයි කියලා දන්නෙම නැතුව ඇති. (නි)

:       0       0

සංජය Thursday, 26 March 2015 06:40 AM

ගහල මදි. ඇඟිලි ගහන්ට ගියාට .. ඔඩෙල් එකෙන් කාපු විශිෂ්ට කෑම අමතක වෙලා. (ස)

:       0       0

එරංග Wednesday, 25 March 2015 05:50 PM

අනේ අහිංසක මාලක පුතා! (නි)

:       0       0

සෑම් Wednesday, 25 March 2015 05:53 PM

අපිටයි ගහන්න ඕනෑ, හරිනම් (නි)

:       0       0

පාලිත Thursday, 26 March 2015 07:16 AM

උගතෙක් උනාට ඒ සුද්දත් මහා මැට්ටෙක්. දෙන එක දෙන්න තිබ්බේ ආයිත් ඈනුමකට වත් සදාකල් කට අරින්න බැරිවෙන්න සහ තාත්තට උන ගන්න. බලමුකෝ ඔය යහ පාලනේ කට්ටිය මෙයාලට නොමිනේෂන් දෙයි ද කියල. (ස)

:       0       0

හේමන්ත Wednesday, 25 March 2015 06:19 PM

මේ දරුවත් හොඳ පුරවැසියෙක් වෙන්න නම් තිබුනා?? (නි)

:       0       0

සෙනරත් Wednesday, 25 March 2015 06:20 PM

චමිලා, ඔබේ කතාවට නම් හිනානොවී ඉන්නම බැහැ (නි)

:       0       0

වරුණ Wednesday, 25 March 2015 06:45 PM

ඉතින් ඒකතමයි වෙන්න ඕනෑ. සුද්දා මොනවටද ඇතුළට දාන්නේ? (නි)

:       0       0

රූපවතී Wednesday, 25 March 2015 07:16 PM

දේශපාලකයොත් එක්ක ගහගන්නේ මොකටද? නහය නෙමෙයි කඩන්න තිබුණේ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 25 March 2015 07:30 PM

චමිලා, නිකන් පැනලා දෙන්න එපා. සදාචාරය රකිමින් ප්‍රතිචාර දමමු නේද? (නි)

:       0       0

ටි‍රෝන් Wednesday, 25 March 2015 07:45 PM

දැන් සුද්දවත් ඇතුළට දාන්නද මෙයා කියන්නේ? (නි)

:       0       0

රූපවතී Wednesday, 25 March 2015 07:48 PM

ඇත්තටම චමිලා මම ඔයා ගැන ගොඩාක් අබම්බරයි වගේම ගොඩක් හිනා ආවා. මොකද අපි මේක කියෙව්වට ඒ ගැන එපමණ හිතුවේ නැහැ. ඔයාගේ අදහස කියවද්දී ඇත්තම නේන්නම් ඔයා කියන්නේ කියලා හිතුනා (නි)

:       0       0

රෝහිත සමරකෝන් Wednesday, 25 March 2015 08:52 PM

අර සුද්දාට ජය වේවා!! (නි)

:       0       0

පැල්ෂියානි Wednesday, 25 March 2015 09:12 PM

කාන්තාවන්ට කරදර කරනකොට අපේ ගමේ අය නම් හොඳ පාඩම් උගන්වනවා ආයේ නොකරන්නම (නි)

:       0       0

උපසේන Wednesday, 25 March 2015 09:21 PM

පරණ දේවල් එහෙම තවම කරගෙන යනවද? (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 25 March 2015 10:20 PM

කොන්ද පණ ඇති සුද්දෙක්.දේශපාලන හයිය තිබෙන පුතාලා කරන දේවල් වලට ලංකාවේ පිරිමි කරබාගෙන හිටියට කොන්ද පණ තිබෙන සුද්දා නහය කඩලා නිකන් හිටියා ඇති. (නි)

:       0       0

සරත් Wednesday, 25 March 2015 10:29 PM

චමිලා හරි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 25 March 2015 10:55 PM

මේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවෝ. මඩගහලා දැන්මම මේ අය යටපත් කරන්න හදන්නේ (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 25 March 2015 11:25 PM

සමහරවිට 225 වන ඇමතිතුමා වෙන්නත් පුලුවන්. සුභ පැතුම් ! (නි)

:       0       0

ගමගේ Wednesday, 25 March 2015 11:55 PM

ලංකාවේ දැන් තිබෙන්නේ යහපාලනය නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ (නි)

:       0       0

ජයාත් Thursday, 26 March 2015 12:17 AM

නදිනි, ඔයත් මමත් බලාගෙන ඉන්නේ "මෙයාලා වගේ අයට " ජනතාව සළකනතුරු තමයි. නමුත් ඔයාට පෙන්නන්න පුලුවන්ද මේ අපේ ඉතිහාසයේ මෙයා වගේ කෙනෙක් ඡන්දයකින් පැරදුන අවස්ථාවක්? මොනවද ඔට්ටු? ඉල්ලුවොත් වැඩිම මනාපයෙන් ඒවි. (නි)

:       0       0

ජයාත් Thursday, 26 March 2015 12:19 AM

මොනවද චමිල, ඔයාටයි මටයි තියෙන්නේ කෑගගහා බලා ඉන්න විතරයි. හෙට අනිද්දා ඇමතිකමක් දුන්නත් පුදුම වෙන්න එපා! (නි)

:       0       0

වීරසිංහ Thursday, 26 March 2015 12:27 AM

දේශපාලකයන්ගේ දරුවන් ආදර්ශවත්ව හැසිරියයුතු නොවේද? (නි)

:       0       0

හිරාන් Thursday, 26 March 2015 01:28 AM

එතකොට පසුගිය රජයේ හොටියේ හොඳ බෝපැල වගේ ආදර්ශවත් දේශපාලකයෝද? මොනවා කරන්නද හැමදේම පාට කණ්ණාඩියෙන් බලා සමහරු අදහස් දමනකොට. (නි)

:       0       0

රකිත් Thursday, 26 March 2015 01:43 AM

අනේ පවු. තාත්තාගේ කටින් වැරදි වචනයක් පිටවුණාලු. පුතාගේ කටත් හොඳට හැදීගෙන එනවා වගේ. ඔහොම යමු. (නි)

:       0       0

දමිත් Thursday, 26 March 2015 01:44 AM

අනේ චමිලා, මෝඩ කෙල්ලේ, අනිත් පැත්ත බලාගෙන ඉන්නවා කියන්නේ අංශක 180 ට හැරිලා ඉන්නවා කියන එක නෙමෙයි. (නි)

:       0       0

රකිත් Thursday, 26 March 2015 01:44 AM

සුද්දාව පැත්තකට තියලා අර සුද්දී ගැන පොඩ්ඩක් කියමුද බලන්න. (නි)

:       0       0

සනුකි Thursday, 26 March 2015 01:58 AM

රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ ...// බාරයි මගේ පුතේ....// තරුණ සවිය රට රැකුමට යොදනු සොදින් සිතා .....// ඔබේ උපන් බිම කවදත් ඔබටයි මගේ පුතා....// ඔබටයි මගේ පුතා..// මෙතුමා දේශපාලනයට එන බවට ප්‍රකාශයක් කර තිබෙනවා නේද? අනාගත නායකතුමන්ට ජයවේවා...!! දකුණේ අපේ උපහාරය! (නි)

:       0       0

අජිත් Thursday, 26 March 2015 02:11 AM

මොවුන්ට ඡන්දය දෙන්නේ නහය නැති අය තමයි (නි)

:       0       0

ධූෂර Thursday, 26 March 2015 02:40 AM

ඔක්කොම ඉන්න ඕනෑ ඇතුළේ (නි)

:       0       0

ඩෝසන් Thursday, 26 March 2015 02:47 AM

දුක කියන්නේ මේවා අහලත් බලලත්, මෙවැනි අයට අපේ අය ඡන්දෙත් දෙන එක. (නි)

:       0       0

අභය Thursday, 26 March 2015 03:08 AM

කව්ද මේ වගේ අයට ඡන්දේ දෙන්නේ? (ම)

:       0       0

සිතුජය Thursday, 26 March 2015 03:15 AM

මෙයාගේ නහය තියෙන්නේ අපේ වගේ මූහුණේ නෙමෙයි වෙන්න ඇති. මොකද මූහුණ තියෙන්නේ ඔලුවේ ඉස්සරහනේ! (නි)

:       0       0

අජිත් Thursday, 26 March 2015 03:16 AM

ඔයාලට ඡන්දෙ දෙන්න අපි මඟබලාගෙන ඉන්නේ. ඔයයි අප්පච්චියි දෙන්නම එන්නකෝ (නි)

:       0       0

අනුර Thursday, 26 March 2015 03:16 AM

අපි සුද්දගේ සපත්තු දෙක ලස්සනට පොලිෂ් කරලා දෙමු (නි)

:       0       0

යවනාඩ් Thursday, 26 March 2015 03:18 AM

සුද්දාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

අභය Thursday, 26 March 2015 03:19 AM

මොවුන්ට නාමයෝජනා දෙන අයත් එකයි. ඡන්දය දෙන අයත් එකයි (නි)

:       0       0

කීර්තිරත්න Thursday, 26 March 2015 03:20 AM

අනේ අසරණයා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 343 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 174 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 414 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1442 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 375 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 168 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site