IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගුටිකෑ සිසුහු පොලිස් කොමිසමටත් යති

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී එච්එන්ඩීඒ උද්ඝෝෂකයන්ට පොලිසියෙන් පහර දීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු ළහිරු වීරසේකර සහ විරෝධතාවේ සිටි සිසුහු 50ක් පමණ අද ජාතික පොලිස් කොමිසමට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළහ.

IMG_1019 IMG_1028 IMG_1036 IMG_1048 IMG_1058



අදහස් (0)

ගුටිකෑ සිසුහු පොලිස් කොමිසමටත් යති

අම්බන්ගොඩ Monday, 02 November 2015 06:11 PM

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොහොමද උසස් ජාතික ඩිප්ලෝමාවේ ප්‍රශ්න වලට හොට දාන්නේ? හෙට අනිද්දාට මෙයාලට උපාධි සමානත්වය දෙන්න එපා කියලා කෑගහන්න ගත්තොත්, මේ බල මණ්ඩලය කාගෙ පැත්තද ගන්නෙ? (නි)

:       0       0

වීරකෝන් Monday, 02 November 2015 06:28 PM

අනේ මන්දා මේ ප්‍රශ්න කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)

:       0       0

රණවක Monday, 02 November 2015 07:42 PM

මෙයාලට නම් පොලිස් කොමිසම හරි තිබෙනවා. නමුත් ගම්වල අසරණ මිනිසුන්ට? (නි)

:       0       0

අතුල Monday, 02 November 2015 07:42 PM

නිදහස් අධ්‍යාපනය උසස්පෙළ දක්වා පමණක් සීමාවිය යුතුයි. ලෝකයේ රටවල් 196 න් සෑම දියුණු රටකම පාහේ විශ්ව විද්‍යාලවල සිසුන් ඉගෙනගන්නේ ශිෂ්‍ය ණය ක්‍රමයක් මත. රැකියාවක් ලද පසු එම ණය ගෙවනවා. මෙහිදී සිසුන්ට වගකීමක් තිබෙනවා. දෙමව්පියන්ට බරක් නැහැ. රටට බරක් නැහැ. දේශපාලකයින්ගේ පටු අරමුණු සඳහා කළ බොහෝ දේ වෙනස් කළයුතු කාලය දැන් ඇවිල්ලා. (නි)

:       0       0

දහයියාගම Monday, 02 November 2015 09:11 PM

පිස්සු නටන්න එපා ළමයිනේ (නි)

:       0       0

ශානක Monday, 02 November 2015 09:21 PM

ලංකාවේ තමයි මේ හැමදේම! (නි)

:       0       0

විකුම් රංගන Monday, 02 November 2015 09:40 PM

බලමු, දැන්වත් මේ අයගේ මොළේ පෑදෙයිද කියලා? (නි)

:       0       0

මංජුල Monday, 02 November 2015 10:29 PM

අනේ දන්නේ නැති හින්දයි අහන්නේ. මේ අය මේ ඔක්කොම ඉගෙනගන්න කාලේ විතරනේ . කවුද ඉන්පස්සේ උද්ඝෝෂණ කරන්නේ? (නි)

:       0       0

සත්‍යයා Monday, 02 November 2015 11:08 PM

මේ කණගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් මෙහි අදහස් පළකළ වාසු නම් තැනැත්තාත් ඊට උඩගෙඩි දෙන පුෂ්පකුමාරි නම් තැනැත්තියත් දියුණු රටවල අධ්‍යාපනය හා ශිෂ්‍යයන්ට ඇති පහසුකම් ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් ඇති අය බව පෙනෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව වැනි අර්ධ දියුණු රටක රැකියාවක් ලැබීමට උපාධිධාරියෙකුට ඇති ඉඩකඩ අවමවීම ශිෂ්‍යයන් අතර ඉච්ඡාභංගත්වය වැඩිකිරීමට එක් ප්‍රධාන හේතුවක්. (නි)

:       0       0

වාසු Monday, 02 November 2015 01:10 PM

අනේ දරුවනේ ඔබලාගේ තරුණ කාලේ නේද මේ පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ? තියෙන විදියට ඉගෙනගෙන එළියට ඇවිල්ලා රස්සාවක් කරපල්ලකෝ. ලෝකේ දියුණු රටවල් වල විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මොකක් හෝ සුලු රැකියාවක් කරනවා තමන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සල්ලි හොයාගන්න. ඒ අයට මොකුත් නිකන් ලැබෙන්නේ නෑ. කොච්චර කෑගැහුවත් ලැබෙන්නේ නෑ. ඕ අය හම්බකරන් ඉගෙනගන්න ඕන. ඔබල මොන නාස්තියක්ද මේ කරන්නේ. අඩුම තරමෙන් ඉගෙන ගන්න එකාටවත් ඒක කරගන්න දීපල්ලා. ඔබලට මුලු ලෝකෙම වැරදි හදල එලියට එන්න බෑ ඔය අවුරුදු 4 න්. මුලින් ඕකෙන් එලියට ඇවිල්ලා හිටපල්ලා (අ)

:       0       0

නිලංග Tuesday, 03 November 2015 12:16 AM

සුසන්ත , වෙන රටවල පහසුකම් සැපයෙන්නේ ශිෂ්‍ය ගාස්තු අරගෙන කියලා දන්නේ නැද්ද? දියුණු රටවල කිසිම පහසුකමක් නිකම් දෙන්නේ නැහැ. රජයේ සේවකයා පවා බද්දට යටයි. සරසවි සිසුන් අර්ධකාලීන රැකියා කරලා සරසවි ගාස්තු සොයාගන්නේ. (නි)

:       0       0

කුමා Tuesday, 03 November 2015 08:45 AM

රමණි : ඔයා කැමතිද ඔයාගේ ළමයෙක්ට දොස්තර කෙනෙක් වෙන්න ලක්ෂ 80ක් අරගෙන එන්න.නැත්තං බෑ කියනවට ? ඔහොම ආත්මාර්ථකාමී වෙන්න එපා.ඔයාට පුළුවන් උනත් දුප්පත් අම්ම තාත්තට එක ගෙවන්න බෑ.ඉතින් එයාලගේ ළමයට කොච්චර දක්ෂ වුණත් කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න බෑ. (අ)

:       0       0

නිශේන් Tuesday, 03 November 2015 12:35 AM

සත්‍යා කියන්න අපේ රටේ කට්ටිය අයිස් ගහන්න ආණ්ඩුවේ රැකියා බදාගෙන ඉඳලා, වයස්ගතවෙනකොට පුද්ගලික අංශයේ රැකියාවක් සොයාගන්න කැමති නැති ඇයි කියලා. (නි)

:       0       0

කුමා Tuesday, 03 November 2015 08:55 AM

මනෝජ් මහත්තය. මේ ගහන්නේ තමන් වෙනුවෙන් නෙවේ.හෙට එන පොඩි අය වෙනුවෙන්.අපිට ඉගෙන ගෙන යන්න පුළුවන්.එත් මේක විනාශ වෙන්න දෙන්න බැරි නිසයි මේ කෑ ගහන්නේ. කොච්චර හොඳට උසස් පෙළ සමත් වුණත් SIITM එකට නිකන් ඔබතුමගේ පුතාව ගන්නවද ? කැමතිද රාජ්‍ය අධ්‍යාපනයත් ඒ වගේ කරගන්න ? (අ)

:       0       0

නෙළුම් Tuesday, 03 November 2015 12:40 AM

ඉච්ඡාභංගත්වයට හේතුව හැටියට මට පෙනෙන්නේ ලොකු ලොකු තනතුරු බලාපොරොත්තුවීමයි. සුදුසු රැකියාවක් ලැබෙනතුරු සුළු රැකියාවක් කරන්න කැමති නැහැ. තමන්ගේ මේ උද්දච්ච ආකල්පය නිසා පත්වෙන පත්වෙන ආණ්ඩුවට බනිමින් ඉන්නවා හැරෙන්න වෙන වැඩක් නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 02 November 2015 01:29 PM

මටත් හරිම කනගාටුවක් දැනෙනවා ඇයි මේ දරුවන් මේ විදිහට හැසිරෙන්නේ කියලා. කාගේවත් අතකොළුවක් නොවී තම දෙමාපියන්ගේ බලාපොරොත්තු සුන් නොකර ඔබලාගේ අනාගතය අදුරේ නොවැටෙන්න වගබලාගන්න කියලයි ඉල්ලන්නේ. (ර)

:       0       0

පුෂ්පකුමාරි Monday, 02 November 2015 01:33 PM

වාසු කියන දේ හරි. (ර)

:       0       0

රංගන Tuesday, 03 November 2015 12:49 AM

දියුණු රටවල ශිෂ්‍යයින් තමන්ම ගාස්තු ගෙවාගෙන තමයි ඔය පහසුකම් ලබාගන්නේ. (නි)

:       0       0

ඊෂාන් Tuesday, 03 November 2015 12:50 AM

සත්‍යා, දියුණු රටවල ශිෂ්‍ය පහසුකම් නිකම් දෙනවා කියලා ඔයාට කිව්වේ කවුද? ගිහින් බලන්න ඒ රටවල ළමයි දුක්විඳලා පාට්ටයිම් රැකියා කරලා ගාස්තු සොයාගන්න හැටි (නි)

:       0       0

කාන්ති Tuesday, 03 November 2015 12:56 AM

සමහරු ඉපදෙන්නේම මව්පියන්, නෑදෑයන්, අනෙක් මිනිස්සු සහ ආණ්ඩුව පහළවෙලා ඉන්නේ තමන් ඉල්ලන දේවල් අතට පයට සපයා දෙන්න කියලා හිතාගෙන. මෙහෙම කෙනෙක් සරසවියට ගියාම මානසික තත්වය තව දරුණු වෙනවා. (නි)

:       0       0

මංජු Tuesday, 03 November 2015 01:04 AM

සත්‍යා, නොමිලේ වැඩි පහසුකම් සරසවි සිසුන්ට සපයන දියුණු රටක නම කියන්න. (නි)

:       0       0

ශශී Tuesday, 03 November 2015 01:10 AM

සත්‍යා,නිකම් බොරු කියන්න එපා. අපි ජීවත්වෙන්නේ පිටරටක. මගේ ළමයා සරසවි ගාස්තු ගෙව්වේ ණයක් අරගෙන. එහෙමත් බැරි සිසුන් අර්ධකාලීන රැකියාවන් කරලා තමයි ගාස්තු ගෙවන්නේ. මෙහෙ සරසවි ශිෂ්‍ය පහසුකම් නිකම්ම පහළ වෙන්නේ නැහැ. (නි)

:       0       0

චම්පික Tuesday, 03 November 2015 01:19 AM

සත්‍යා, ඔයා සරසවි අධ්‍යාපනය ලැබුවේ දියුණු පිටරටක නම් ඔය ටික කිව්වට කමක් නැහැ. එහෙත් ඒක එහෙම නොවන බව කියා තිබෙන ටික දිහා බැලුවහම පෙනෙනවා. නිකන් ශිෂ්‍ය පහසුකම් සපයන රට මොකද්ද සත්‍යා? (නි)

:       0       0

සෙනෙවි Tuesday, 03 November 2015 09:30 AM

ඉහත අදහස් ඉදිරිපත් කර ඇති සමහර අය මේ උද්ඝෝෂණය කරන සිසුන් දෙස ද්වේෂයෙන් බලන බව පෙනේ. ඔවුන්ගේ ප්‍රශ්න නොපමාව සොයා බලා විසඳීමට හවුල් වීම රජයේ සහ මහ ජනයාගේ යුතුකමකි. (ර)

:       0       0

කණිෂ්ක Tuesday, 03 November 2015 01:52 AM

සත්‍යා මෙහෙම පිටරටවල ඇති සිසුන්ගේ පහසුකම් ගැන කතාකිරීම හරිම වැරදියි. මෙයා කතා කරන්නේ හරියට ඒ දේවල් නොමිලේ පිනට පහළවෙනවා වගේනෙ. ඇත්ත ඇති සැටියෙන් නොපෙන්වන මිනිස්සු නිසා තමයි අද මේ තරුණ ළමයි අමාරුවේ වැටිලා ඉන්නේ. (නි)

:       0       0

දුමින්ද Tuesday, 03 November 2015 01:56 AM

කවුරු මොනවා කිවුවත් නිදහස් අධ්‍යාපනය රැකුනේ සිසු අරගල නිසා (නි)

:       0       0

කාංචන Tuesday, 03 November 2015 02:30 AM

ඔය අරගල නිසා තමයි මේ අයට පුද්ගලික අංශයෙන් රැකියාවක් ගන්න අපහසු වෙන්නේ. රාජකාරිය පැත්තකට දාලා එතනත් අරගල කරාවි. නැත්නම් මෙච්චර රැකියා ප්‍රශ්නයක් මේ රටේ නැහැ.(නි)

:       0       0

කමල් ගාල්ලගේ Tuesday, 03 November 2015 02:50 AM

මේ උද්ඝෝෂණ කරන කට්ටියට තේරෙන්නේ තව අවුරුදු 20 ගියාමයි. දැන් කොච්චර කිව්වත් එයාලා හරි කියලා කියයි. එදාට තේරෙයි පාරේ නටන්නේ නැතුව ඉගෙනගත්තා නම් හොඳයි කියලා(නි)

:       0       0

පද්මිණි Tuesday, 03 November 2015 10:32 AM

සත්‍යා හරි. බටහිර දියුණු රටක සියලුම දරුවන්ට අධ්‍යාපනය නොමිලේ. සරසවි ගියාම. රජයෙන් දීමනා ලැබෙනවා අදායම් වැඩි පවුල් වලට ලැබෙන්නේ නැහැ. නමුත් මේ රටවල කෙටි කාලින රැකියා ළමයින්ට කිරීමට ඕන තරම් තියෙනවා. සමහරු කතා කරන්නේ විදේශ වලින් පිටරට ගිහින් ඉගෙනගන්න ළමයින්ට එම පහසුකම් නැති එක. එම රටේ පුරවැසියන්ට සියලු පහසුකම් ලැබෙනවා නමුත් ලංකාවේ දරුවෝ පිටරටින් අපු අය නෙවෙයිනේ. (ර)

:       0       0

කුෂී Tuesday, 03 November 2015 03:12 AM

අපේ රටේ මව්පියන් තමන් මියයනතුරුම, ළමයින් වයස 40 , 50 වුණත් උදේ තේ එක අතට දීලා රෙදි ටිකත් හෝදලා දෙනවා. ඉතින් මේ ළමයින් හිතන්නේ අනෙක් හැමෝම තමන්ට සේවය කරන්න මිසක් තමන් නිසි වයසට ඉගෙනගෙන පිළිවෙලක් වෙලා ඉන්න අවශ්‍ය නැහැ කියලා. පිටරටවල ළමයින් වයස 16 වෙද්දී නිදහස් කරනවා. ඉතින් ඒ ළමයින් අඩු වයසින්ම ජීවිතයේ වගකීම අරගෙන තමන්ගේ මුදලින් ඉගෙනගෙන, රැකියා සොයාගෙන පිළිවෙලක් වෙනවා. (නි)

:       0       0

සමීර Tuesday, 03 November 2015 03:17 AM

කමල් මහත්මයා, මමත් මීට අවුරුදු විසිපහකට කලින් මේ විදියටම පාරේ උද්ඝෝෂණ කළා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, පුද්ගලික විශ්ව විද්‍යාල දමන එකට විරුද්ධව. එදා අපිට මේ වගේම ගැහුවා. මමත් හිරේ හිටියා. එහෙත් මම කවදාවත් ඒකට පසුතැවෙන්නේ නැහැ. අද මගේ දරුවා රජයේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගන්නවා. අපි එදා පාරට බැස්සේ නැත්නම් අද මේ දරුවන්ට මේ දේවල් නැතිවෙන්න තිබුනා. (නි)

:       0       0

කෝලිත Tuesday, 03 November 2015 03:18 AM

ප්‍රතිචාර දැක්වූ උදවිය යථාර්ථය දැනගෙන කතාකළා නම් මීටවඩා වටිනවා (නි)

:       0       0

තනුර Tuesday, 03 November 2015 03:17 AM

සිසුන්ට ජයවේවා! (නි)

:       0       0

ගිහාන් Tuesday, 03 November 2015 10:45 AM

සෙනෙවි අපි දිගට හරහට බදු ගෙවමින් යුතුකම ඉටු කරනවා. දැන් මේ සිසුන්ට යුතුකමක් නැද්ද තිබෙන පහසුකම් වලින් කලට වෙලාවට ඉගෙන ගෙන තමන්ගේ කාරිය ඉටු කරන්න. අපිට බැහැනේ මේඅයගේ නේවාසිකාගාරේ කටේ තියන්න බැරි කෑම වල ඉඳලා බස් ගාස්තුව දක්වා ප්‍රශ්න විසඳන්න. සියල්ල රටේ මිනිස්සු කරලා දෙන්න ඕන කියලා හිතන එකම කොච්චර ආත්මාර්තකාමිද ? (ස)

:       0       0

වසන්ත Tuesday, 03 November 2015 03:29 AM

මෙි අදහස් දැමූ අය අය කවුරුවත් විශ්ව විද්‍යාලයක් ළඟින්වත් ගිහිල්ලා නැති, උපාධියක් ගන්න තියා අපොස සාපෙවත් සමත් නැති අය කියලයි මට හිතෙන්නේ. උගත්කමට උරුම දේවල් වෙනුවෙන් නැඟීසිටිය යුතුයි. එහෙම කළොත් තමයි ඊළඟට එන ශිෂ්‍යන්ට හරි නිදහසේ ඉගෙනගන්න ලැබෙන්නෙ. (නි)

:       0       0

දිනෙත් Tuesday, 03 November 2015 03:33 AM

මේ ළමයි මේවා කරලා නිකන් නාස්ති වෙනවා. මම වැඩකරන ආයතනයේ එක රජයේ විශ්ව විද්‍යාල ශිෂයෙක් නැහැ. එයාලව ගන්න කැමතිත් නැහැ. (නි)

:       0       0

මධුශංක Tuesday, 03 November 2015 03:39 AM

තමන්ගේ කටින් වචනයක් පිටවෙන්න කලින් පොඩ්ඩක් හොයල බලල කතා කරන්න. මොකද දවසක ඕනෙම කෙනෙක් අසරණ වෙන, තමන්ට වෙන අසාධාරණය කියාගන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඔය සිසුන් ගිහින් ඉන්නේ ඒ ගොල්ලන්ට උන අසාදාරනයක් ප්‍රකාශ කරන්න. අැරත් වගකිවයුතු බලදාරීන්ට සියලුම විදියේ දන්වල දන්වල. දින 500ක් ලියුම් ලියල. (ස)

:       0       0

චන්දික Tuesday, 03 November 2015 03:56 AM

වාසු මහතාගේ කතාව හරි.මගේ අදහසත් එ්කමයි. (බ)

:       0       0

චන්දික Tuesday, 03 November 2015 04:02 AM

වසන්ත ඔබ වගේ අදහස් දාන 100ක් හිටියොත් සුන් ම තමයි. විශ්වවිද්‍යාලයට ගියේ ඔයා විතරක් නොවේ (බ)

:       0       0

දිනිඳු Monday, 02 November 2015 02:00 PM

ඔව් නිදහස් අධ්‍යාපනය සම්පතක් තමා, එත් සිසුන් ඒ වෙනුවෙන් පෙනී සිටියේ නැත්නම් අපේ දුප්පත් දුදරුවන්ට උපාධියක් ගන්න තැනක් මේ වෙද්දී අපේ වටිනා දේශපාලකයෝ නැති කරලා ගොඩක් කල්. ලක්ෂ 60ක් ගෙවලා උපාදියක් ගන්න පුළුවන් කී දෙනෙක් මේ රටේ ඉන්නවද? (ර)

:       0       0

සුරංග Tuesday, 03 November 2015 04:42 AM

මේ වැඩේ හොඳ නරක දෙකම තිබෙනවා. මේගොල්ලෝ මෙහෙම නොකළොත් අනාගත පරම්පරාවට කාගෙත් බෙරපදේට නටන්න වෙනවා. සමහර රටවල තරුණ පරම්පරාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවලා තියෙනවා, ඒ ඒ දේශපාලකයන්ට රට ඕනෑ ඕනෑ විදියට පාලනය කරන්නයි, හැමදාම බලයේ ඉන්නයි. මත්වූ තරුණ පරම්පරාවක් ඉන්න රටක උ්දඝෝෂණ නැහැ, ඉල්ලීම් නැහැ වගේම අනාගතයකුත් නැහැ. (නි)

:       0       0

දිළුම් Monday, 02 November 2015 02:26 PM

අනෙක් රටවල ළමයින්ට උසස් අධ්‍යාපනයට , ආණ්ඩුවෙන් අතට පයට අපේ රටේ වගේ ලැබෙන්නේ නැහැ. ඉගෙනගන්න අතරේ කම්කරු රැකියා කරන්නේ. අපේ කට්ටිය වයස 40 වෙනතුරු අරක මේක ඉල්ලලා උද්ඝෝෂණය කරනකොට අනෙක් රටවල සරසවි සිසුන් වයස විසිඑකක්-දෙකක් වෙනකොට උපාධිය සම්පුර්ණ කරලා. (නි)

:       0       0

ඩයස් Tuesday, 03 November 2015 04:50 AM

මාගේ පුද්ගලික මතය නම් අපේ නිදහස් අධ්‍යාපනය නුතන ලෝකයට ගැළපෙන ආකාරයට තවත් ශක්තිමත් කර වඩා ගුණවත් උපාධි, වැඩි පිරිසකට ලබාදීම මඟින් වැඩි ආර්ථික වාසි ලංකාවට ලබාගත හැකි බවය (නි)

:       0       0

මෙලනි Tuesday, 03 November 2015 04:52 AM

වසන්ත, උගතා තමන්ගේ උගත්කම ගැන පම්පෝරි ගැසීම සහ අනුන්ගේ නූගත්කම ගැන පරිභව කිරීම යන දෙකම නොකරයි. ඔබෙත් මෙතන ලියන සෙසු වියත් පාඨක භවතුන්ගේත් වෙනස ඔන්න ඕකයි. (නි)

:       0       0

නිහාල් Monday, 02 November 2015 02:25 PM

මෙයාලා මේ කරන ඉල්ලීම සාධාරන නැහැ. විශ්ව විද්‍යාලයේ උපාධි සහ එහි ගුණාත්මකහාවය අප රැක ගතයුතුයි. මම මෙය දකින්නේ පදනමක් නැති දේශපාලන අතකොළු ඉල්ලීමක් ලෙසයි. (නි)

:       0       0

කමල් Monday, 02 November 2015 02:29 PM

දිනිඳු, අපේ රටේ උසස් අධ්‍යාපනය ලබන්නේ මොකුත් කර කියාගන්න බැරි අයද? අනෙක් රටවල ළමයින්ට ඔය ලක්ෂ ගණන් වියදම් ගෙවල් වලින් ලැබෙන්නේ නැහැ. අපේ කට්ටියට හැම දෙයක්ම අනෙක් මිනිස්සුයි ආණ්ඩුවයි කරලා දෙන්න ඕනෑ. (නි)

:       0       0

අතුල Tuesday, 03 November 2015 05:03 AM

ගුටිකෑවාට පසුව නම් ටිකක් විනීතව හැසිරෙන බව පෙනෙනවා. (නි)

:       0       0

රසිත කුමාරජීව Tuesday, 03 November 2015 05:04 AM

මේවා ස්වාභාවිකයි. තරුණ කාලය ආවේගාත්මකයි... (නි)

:       0       0

බුවනෙක Monday, 02 November 2015 02:39 PM

රැකියාවකට ගියත් මෙච්චරයි. යුතුකම් නැහැ අයිතිවාසිකම් විතරයි. රාජකාරි වැඩ පැත්තකට දාලා ස්ට්‍රයික් කරයි. පුදුමයක් නෙමෙයි පුද්ගලික අංශය යන්තම් උසස්පෙළ සමතුන්ට වැඩ පුහුණුකර රැකියා වලට බඳවා ගන්න එක. (නි)

:       0       0

පුෂ්ප Tuesday, 03 November 2015 05:20 AM

සමීර, ඔබ වගේ අය ඒ කාලේ කළ නිසා තමයි අපේ රට මේතරම් තත්වයකට වැටුනේ. ඔබගේ පුතා රජයේ දොස්තර කෙනෙකු වීම ඉතා හොඳයි. නමුත් වැරැද්ද ඒ දොස්තරතුමාම අවසානයේ පෞද්ගලික සායන පැවැත්වීමයි. පිටරටවල ගොස් නැවත නොඒමයි. ඒ මදිවාට තව ළමයෙකුට පෞද්ගලිකව ඉගෙනගෙන දොස්තරවරයෙකු වීමට විරුද්ධ වීමයි. (නි)

:       0       0

අප්සරා Tuesday, 03 November 2015 05:38 AM

සිසුන් දැන්වත් තේරුම් ගත්තද දන්නෙ නැහැ තමන් කළ දේ තිබෙන බරපතළකම? (නි)

:       0       0

සුරේන් Tuesday, 03 November 2015 05:41 AM

නිදහස් අධ්‍යාපනයට කණකොකා හඬලන්න පටන් අරගෙන තියෙන්නේ. අනෙක මේක අද ඊයේ වුණ දෙයක් නොවේ. ජනගහණය වේගයෙන් වැඩිවෙනවා. පාසල් ඊටත් වේගයෙන් වැසෙනවා. තිබෙන පාසල් සංවර්ධනය වෙන්නේ නැහැ. අන්තර්ජාතික පාසල් හතු පිපෙන්නාක් මෙන් බිහිවෙනවා. එදාවේල සොයාගෙන ජීවත්වෙන අප රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ දරුවන්ට අත්වෙන ඉරණම හිතා ගත නොහැකියි. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 03 November 2015 05:41 AM

ඉවසීමෙන් වැඩ කරන්න දරුවනේ (නි)

:       0       0

සමන්ත Tuesday, 03 November 2015 06:00 AM

වසන්ත, මෙතන ඉන්න උගත්තු තමන්ගේ උගත්කම ගැන කෑගහන අය නෙමෙයි. (නි)

:       0       0

වෝල්ටර් Tuesday, 03 November 2015 06:09 AM

මෙතන තිබෙන අදහස් සියල්ල මම කියෙවුවා. මට අවශ්‍ය දේ කියවී ඇති නිසා කිසිම අදහසක් නොදක්වා ඉන්න හිතාගත්තා (නි)

:       0       0

ඉරෝෂන් Tuesday, 03 November 2015 01:03 PM

පද්මිණි, ඔයා මොන රටේද ඉන්නේ? මම ඉන්න දියුණු රටේ නම් ඔය කියන විදියේ නොමිලේ අධ්‍යාපනයක් නැහැ. නිකම් බොරු කියන්න එපා. (නි)

:       0       0

රුකී Tuesday, 03 November 2015 06:14 AM

වසන්ත ඔයගොල්ලන් උරුම කම් ගැන කතා කරනවා.අපේ කරුමය තමයි පන යන කන් ආදායම් බදු ගෙවමින් , ඉගෙන ගන්න වැඩේ වත් හරියට කරගෙන පිළිවෙලක් වෙන්න අකමැති පරපුරක් නඩත්තු කරන්න සිදු වීම. (ස)

:       0       0

දුල්මි Tuesday, 03 November 2015 06:16 AM

වසන්ති, ඔයා ඉගෙනගත්තේ පුද්ගලික බුදලයකින් නම් ඔහොම කතා කරන්න. මේ රටේ සරසවි අධ්‍යාපනයක් නොලැබුනත් වෘත්තීය විභාග සමත් රැකියා කරන අයගේ බදු මුදල් තමයි නිදහස් අධ්‍යාපනයට යොදාගන්නේ. මම උදේහවා ආයතනයට කඹුරා රජයට බදු ගෙවන කෙනෙක්. ඒ නිසා සමහරු වගේ මගෙන් රටට බරක් නැහැ. (නි)

:       0       0

විද්‍යා Monday, 02 November 2015 03:46 PM

මේ තරුණ තරුණියන් අතරින් තමයි අනාගතයේ නායකයන් බිහි වන්නේ. (ර)

:       0       0

දහම් Monday, 02 November 2015 03:53 PM

මේ ඉන්න ලොකු ලොක්කෝ සරසවියේ ඉන්න කාලෙත් මෙහෙම සටන් කල බව අමතක කරන්න එපා. (ර)

:       0       0

සුසන්ත Monday, 02 November 2015 04:23 PM

නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය අපේ ශ්‍රී ලංකාවේ නමට පමණි වෙන රටවල තියෙන පහසුකම් පොඩ්ඩක් හොයල ඉන්න කොමෙන්ට් කෙරන්න ඉස්සෙල්ලා (බ)

:       0       0

විරාජ් Tuesday, 03 November 2015 06:32 AM

අනේ මේ වසන්ත, එතකොට ඔය නිදහස් අධ්‍යාපනය ලැබුනේ ගෙවල්වල සල්ලි වලින්ද? මතක තියාගන්න. පුද්ගලික ආයතන වල උසස්පෙළ සමත් පියන් පවා බදු ගෙවලා උගතුන්ගේ අධ්‍යාපනයට හවුල් වෙනවා. මෙහෙම ගුණමකු කතා කියන ඔබ වගේ මිනිස්සු මඟදී පොලිසියෙන් ගුටිකන එක පුදුමයක් නෙමෙයි. එතනත් කට කැඩිච්ච කතා කියන්න යන්න ඇති. (නි)

:       0       0

සුනිමල් Monday, 02 November 2015 04:49 PM

මේ අදහස් දාන සමහර කට්ටිය හරියට ළිං මැඩියෝ වගේ. දන්නේ තමන් ඉගෙනගෙන තිබෙන ටික විතරයි. ටිකක් ශිෂ්‍යයින්ගේ පැත්තෙනුත් හිතන්න. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 03 November 2015 06:53 AM

මේ ළමයින්ගේ විරෝධතා වලට බැටන් ප්‍රහාර වලින් පිළිතුරු දෙන්න යනවා නම් එයට විරුද්ධවීම අප සැමගේ යුතුකමක් ලෙසයි මම නම් දකින්නේ. (නි)

:       0       0

රමණි Tuesday, 03 November 2015 06:57 AM

කිව්වත් වගේ වසන්ත කොහේ තිබෙන උරුමයක්ද ඕක? අපි මෙහෙ හම්බකරන සොච්චමෙන් බදු ගෙවලා තව මේ වගේ කතාත් අහන්න ඕනෑද? (නි)

:       0       0

මනෝජ් Tuesday, 03 November 2015 07:14 AM

එතකොට අපිට විතරයි යුතුකම් ලුම්බිණි. මේ කලහකාරී සිසුන්ට අයිතිවාසිකම් එහෙමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4206 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 1 0


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 48 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 121 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 276 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 271 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site