IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගේට්ටු සවි කිරීමට කෝටි 64ක්

අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සවි කිරීමට සඳහා රුපියල් කෝටි 64.3ක් වෙන් කළ බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.

ගේට්ටු 486කින් භයානකම අනාරක්ෂිතම ගේට්ටු 159ක් අලුත්වැඩියා කිරිමට නියමිතය.

අමාත්‍යංශයේ මේ තීරණය පැසසුම් කටයුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

 



අදහස් (0)

ගේට්ටු සවි කිරීමට කෝටි 64ක්

රොඩ්නි Wednesday, 03 July 2013 07:57 AM

ලක්ෂ 40ක් එක ගේට්ටුවකට? මේවා අපේ බදු සල්ලි නේද? මේ ගැන මම දන්නේ නැහැ. කරුණාකරලා ඉංජිනේරු මහතෙක් මේක බලනවා නම් මට කියලා දෙන්න ඇත්තටම මේ තරම් යනවද කියලා. (නි)

:       0       0

අර්ෂා Wednesday, 03 July 2013 11:54 AM

දුෂණය.. දුෂණය,, දුෂණය.. ****** පක්ෂ පෝෂණය ද ? (අ)

:       0       0

සම්පත් ප්‍රියංකර Wednesday, 03 July 2013 08:19 AM

මීට වඩා අඩු මුදලකට හදන්න පුළුවන් ගේට්ටුවක් ලංකාවේ මහත්මයෙක් හොයාගෙන තිබුනා නේද? මෙච්චර මුදලක් නාස්ති කරන්න යන්නේ මොන අපරාදයක්ද? ඕවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 03 July 2013 08:40 AM

ලෝකේ අනෙකුත් රටවල් අනතුරුවීමට කලින් එය හදුනාගෙන ඒ සදහා ස්ථිර පිළියම් යොදවයි. ලංකාවේ අනතුරු බොහෝ ප්‍රමාණයක් සිදුවී ජීවිත බොහෝ ප්‍රමාණයක් අහිමිවී, මිනිසුන් පාරට බැස කෑ ගැසූ පසු පිළියම් යොදවයි. නමුත් මෙම පිළියම් කොපමණ කාලයකටදැයි අපි නොදනිමු. ලංකාව එදත් එහෙමය අදත් එහෙමය මතුවටත් එහෙම්මමය. (නි)

:       0       0

ගුණසේකර Wednesday, 03 July 2013 08:52 AM

ගේට්ටු දැම්මට මදි. කෝච්චි වෙලාවට යනවද කියලත් හොයලා බලන්න ඕනෑ (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 July 2013 09:51 PM

අඩන්න ඕනෑ කිරි එරෙන්න, හැප්පෙන්න ඕනෑ ඇස් ඇරෙන්න (නි)

:       0       0

කල්ප Wednesday, 03 July 2013 12:35 PM

විනාශ වෙන ජිවිත වල වටිනාකම ඊට වඩා අඩුද (දී)

:       0       0

අස්මිත් Wednesday, 03 July 2013 09:07 AM

ලක්ෂ 40යි. අනේ රැවුලත් ඕනෑ කැදත් ඕනැ, ලංකාවේ ඉන්ජිනේරු මහත්මයා කියපු ගානට වඩා හුගක් වැඩියි.ජනතාව බ්ලැක්මේල් කරනවා වගෙයි ගණන් ටික දැක්කම.උබලට ඕනෑ නම් හදන්නම්, හැබැයි මෙච්චර මුදලක් යනවා කියනවා හා සමානයි.අපි හරිම පව්කාරයන්.කෝටි65කට මුළු ලංකාවේම ගේට්ටු පද්ධතියක් සැදිය හැකියි. (නි)

:       0       0

ශීළා Tuesday, 02 July 2013 10:21 PM

අප්‍රිකානු රටකට අපි ඩොලර් කෝටියක් තෑගි දුන්නු එකේ ඕකත් ලොකු මුදලක් නොවේනේ.දෙයියනේ කියලා ඔය ගේට්ටු ටික සවි කරන්න. (නි)

:       0       0

රොහාන් Wednesday, 03 July 2013 09:29 AM

අපේ රටේ මේවා හදන අයට කියලා මේවා අඩු මුදලට හදාගන්න සැලසුම් කරගන්න. එහෙම වෙනකොට නැති බැරී අයට සල්ලි ටිකක් ලැබෙනවා. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 03 July 2013 09:29 AM

එක ගේට්ටුවකට දල වශයෙන් 1323,000/=ක්... ඇත්තටම එච්චර වෙයිද? (නි)

:       0       0

ගිම්හානි Wednesday, 03 July 2013 12:52 PM

ගේට්ටු කොහොම උනත් සාක්කු වලට වාසනාවන් (ත)

:       0       0

ගයාන් Tuesday, 02 July 2013 11:20 PM

මම හිතන්නේ කවුරුවත් මේකට යන ගාන ගැන හිතුවේ නැහැ වගේ.ගේට්ටු 486 ක් නම් එකකට ලක්ෂ දහයක් ගනනේ මොවුන් වියදම් කරන්න හදන්නේ. ගේට්ටු 159ක් ට නම් එකකට ලක්ෂ 40ක් ගානේ දාලා තියෙනවා. රත්තරන් වලින් ද ගේට්ටු ගහන්නේ? කරන වැඩේ ඉතාම හොඳයි. ඒත් මේ සංවර්දනයට යොදන්න පුළුවන් සල්ලි නේද? (නි)

:       0       0

රුවන් Wednesday, 03 July 2013 04:15 PM

හොද ගානක් හම්බ කරගන්න පිළිවන්. මේ විදියට තමා වැදගත් විදියට ගසා කන්න ඕනා. එකෙන් කාටවත් ලැජ්ජාවක් වෙන්නේ නැහැනේ. මෙයාල තමා වැදගත් හොරු කියන්නේ.(නදී)

:       0       0

මොහමඩ් - සෞදි Wednesday, 03 July 2013 09:51 AM

මේ සල්ලි කන්නේ නැතුව හරියට යෙදෙව්වා නම් මේකෙන් හදන ගේට්ටු හොඳ සුපිරි තාක්ෂණයෙන් යුතු ඒවා වෙන්න ඕනෑ. බලමු කොයි විදිහේ ඒවාද කියලා???? (නි)

:       0       0

තිලක් Tuesday, 02 July 2013 11:42 PM

රජයට කෝටියක් කියන්නේ කජු ඇට කොස් ඇට වගේනේ. ඒ කියන්නේ එක ගේට් එකකට ලක්ෂ කීයක් වැය කරනවද? (නි)

:       0       0

අසංග Wednesday, 03 July 2013 10:09 AM

හොඳ වැඩක්... එහෙත් මේකෙන් කීයක් සාක්කු වලට යයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සිල්වා Wednesday, 03 July 2013 12:58 AM

ඉම්තියාස් මහත්තයෝ නුබට බැරිද ඒ රස්සාව කරන්න, අනුන්ව පත් කරන්න කලින්. (අ)

:       0       0

තිලක් Wednesday, 03 July 2013 10:28 AM

ඕනෑ මෝඩයෙක් වුනත් දන්නවනේ ගේට් එකකට යන වියදම. (නි)

:       0       0

පද්මිනි Wednesday, 03 July 2013 10:30 AM

වෙන් කලාට මදි. ඔය පැලවෙන මුල්ගල් එහෙමත් තියෙන්නේ.මේවා ක්‍රියාත්මක වෙයිද.(අ)

:       0       0

ශාන සෞදි Tuesday, 02 July 2013 07:28 PM

දුම්රිය පාරවල් වල අනාරක්ෂිත ගේට්ටු සවිකිරීම සදහා වෙන්කළ මේ මුදලින් 50% වත් ගේට්ටු සදහා වියදම් කරයිද දන්නේ නැහැ (දී)

:       0       0

රන්ජනී ලන්ඩන් Wednesday, 03 July 2013 03:48 AM

ලොකු දෙයක්. කෝටි 64ක් වගේ ද මිනිස් ජීවිතවල වටිනාකම? (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 03 July 2013 01:57 PM

මේ වැඩේ මීට කලින් කලානම් ජීවිත කීයක් බේරගන්න තිබුනද? මේකේ කොන්ත්‍රාත් එක් පුසිද්ද ගැසට් එකක් මගින් කළොත් හොදයි. නැතිනම් පාරවල් කාපට් කෙරුවා වගේම තමයි. රුපියල් පන්දාහකින් වැඩේ කරලා එක ගේට්ටුවකට ලත්ෂ පනහකවත් බිලක් දමයි.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Wednesday, 03 July 2013 05:08 AM

වැඩේ නම් හොඳයි ! හැබැයි මේකෙන් කීයක් කොමිස් තිබෙනවද දන්නෙ නැහැ (නි)

:       0       0

සඳුනි Tuesday, 02 July 2013 07:46 PM

දැන්ද ඇස් ඇරුනේ..?දැයට කිරුල වාගේ ප්‍රදර්ශන වලට වියදම් කරපු මහජන මුදල් ඕවගේ දේකට යොදවන්න තිබුනනේ..? (අ)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 02 July 2013 07:47 PM

ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුයුක්ත කර සිටි ඉංජිනේරු වරයෙක් ,විදුලි, සූර්ය බලයෙන් ක්‍රියා කරන දුම්රිය ගේට්ටු සම්බන්ධව පුවත් පතක පලවී තිබුනා.කාගෙන් හරි කමක් නැහැ , කඩිනමින් ,කාලයක් පවතින ලෙඩ නැති ,ගේට්ටු , දුම්රිය එන්ජින්,පෙට්ටි පරිත්‍යාග කල රටවලින්ම මිලදී ගැණීම කලොත් ඒ අය වගකීමක් දරයි. (අ)

:       0       0

හෂාන් අල් සවුදි Tuesday, 02 July 2013 08:05 PM

කාලයකින් අහන්න ලැබුන හොඳම ප්‍රවෘතියක්. (අ)

:       0       0

සක්ති Tuesday, 02 July 2013 08:08 PM

හෙජින් නිසා ස්ටෑන්ඩඩ් චාටඩ් එකට ගෙවූ මුදල රුපියල් කොටි 700 (අ)

:       0       0

සරත් Wednesday, 03 July 2013 06:38 AM

අර මාතර මනුස්සය හදපු සූර්ය බලයෙන් ක්‍රියා කරන ගේට්ටු කීයක් මේ මුදලට ගෙනත් සවි කළ හැකිද? හැබැයි කොමිස් ප්‍රමාණය අඩු වෙනවා. අනේ, අවශ්‍ය කොමිස්ගාන තියාගෙන ඒ මනුස්සයාගේ ගේට්ටුව සවි කරන්න. එතකොට සල්ලි ටික රටේ ඉතුරු වෙනවානේ. (නි)

:       0       0

අමිල Wednesday, 03 July 2013 06:40 AM

ෂා... එක ගේට්ටුවකට රුපියල් ලක්ෂ 40 ක්. මේ ගේට්ටු හැදුවම සුපිරියටම තියෙයි එහෙනම්. ජපානෙවත් නැතිවෙයි මේතරම් ඉහල තාක්ෂණයක් සහිත ගේට්ටු (නි)

:       0       0

මලී Tuesday, 02 July 2013 08:11 PM

ඒකනම් හොද වැඩක් ටව මිනිස්සු මැරෙන්න ඉස්සෙල්ල (අ)

:       0       0

මොහොමඩ් ඉමිතියාස් Tuesday, 02 July 2013 08:34 PM

බොහොම හොඳයි රැකියා විරහිත උපාධිධාරියන් පත් කළොත් හොඳයි (අ)

:       0       0

එදිරිසිංහ Wednesday, 03 July 2013 06:20 PM

මෙයට අවංක සාදාරන නියෝජිතයන් පත්කරන්න.ඒ අතරින් ගසාකන අය බලන්න අවංක සාදාරන කොමිසමක් පත්කරන්න. (නි)

:       0       0

දමිත Wednesday, 03 July 2013 11:47 AM

එක ගේට්ටුවකට 139000ක්? මේ ලංකාවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3604 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1296 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2243 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site