IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගුටි කෑ කත කොළඹදි පැමිණිල්ල දමයි

රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් සැරයන්වරයකුගේ පහර කෑමට ලක් වු බව කියන වීදී කත  සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට   නීතීවේදී උදුල් ප්‍රේමරත්න මහතා සමඟ අද (03) කොළඹ පොලිස් මුලස්ථානයට පැමිණියාය



අදහස් (0)

ගුටි කෑ කත කොළඹදි පැමිණිල්ල දමයි

සාමා Saturday, 04 October 2014 07:00 AM

පොලිස් කියන වචනයේ තේරුම දන්නේ නැති පොලිසිය වීදි ගණිකාවකගේ තත්වයට පත්කරපු බලවතුන්ට දෙන දඩුවමද මේ නඩුව ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 04 October 2014 07:43 AM

කට්ටිය වරදවා වටහාගෙන ..මම කිවේ මේ කාන්තාව සහ උදුල් ප්‍රේමරත්න ගැන. මේ සිදුවීම ගැන සවිස්තර තොරතුරු සති අන්ත පත්තර වල තියෙනවා. මේ කාන්තාව පොලිස් නිලධාරියා කුපිත කල ආකාරය අනෙක් අය ඉදිරියේ අසරන කල ආකාරය වගේම මේ කාන්තාව ප්‍රසිද්ධියේ එම ස්ථානයේ වපුරපු අශෝභන වාග් මාලාව ගැන විස්තර හොදින් දක්වල තියෙනවා. මේ ගහපු එක සාධාරණයි. මම ඔය පොලිස් සැරයන් උනා නම් මාත් කරන්නේ ඕක තමයි. ඊට පස්සේ වෙන දේ ගැන හිතන්නේ හිතේ හැටියට පත බෑවට පස්සේ. (නදී)

:       0       0

දිනේෂ් Friday, 03 October 2014 10:35 AM

නීතිවේදී සමග ආපු නිසා හොඳයි. නැත්නම් පොලිසිය දනී සලකන හැටි. (ස)

:       0       0

අරුණ Friday, 03 October 2014 10:52 AM

වීදි කාන්තාවන්ගේ සමාජ විරෝධී ක්‍රියාවන්ට මුලික අවධියේම ක්‍රියා නොකිරීමනිසා රටේ ළමා පරපුරත් විනාශවෙන අතරම රටත් දැන් අපකීර්තියට පත්වෙමින් පවතිනවා. (ස)

:       0       0

රණසිංහ Friday, 03 October 2014 10:52 AM

අනිත් ගණිකාවොත් කෝටි 5 ඒවා ඉල්ලලා පාරවල් හරස් කරලා උද්ගෝෂණ කරයිද දන්නේ නෑ පිටිපස්සෙන් ඉන්න අයගේ උපදෙස් පිට. මොනවා වුනත් පොලිසිය කරපු දේ වැරදි. වරදවා හිතන්න එපා ගණිකාව හරි කියල නම් මම කියන්නේ නෑ. (ස)

:       0       0

චමත් ඉතාලිය Friday, 03 October 2014 11:09 AM

දිනේෂ්ගේ කතාව ඇත්ත (නි)

:       0       0

බණ්ඩාර Friday, 03 October 2014 11:10 AM

හෙට අනිද්දා වෙනකොට මොනවා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

මුතුනායක Friday, 03 October 2014 11:27 AM

මොකද දිනේෂ්, ඔයත් පොලිස්ද? (නි)

:       0       0

ගයා Friday, 03 October 2014 11:27 AM

අපි අප්‍රිකානු රටක සිට මේ සිද්ධිය දෙස බලාගෙනයි ඉන්නේ (නි)

:       0       0

කින් බෙනට් Friday, 03 October 2014 11:29 AM

දැන් එතකොට කවුද කියන්නේ මේ කාන්තාව පොලිස් සැරයන්වරයෙක්ගෙන් ගුටි කෑවා කියලා? කවුද මේ සිද්ධිය දැක්කේ?අනේ අපි නම් දැක්කෙත් නැහැ. දැක්කත් අපිට නම් ඕවා මතකත් නැහැ. (නි)

:       0       0

ප්‍රභා Friday, 03 October 2014 11:32 AM

මොකද්ද මේ නම වීදි කත. සිංහල භාෂාවේ වෙන වචනයක් තිබුනෙම නැද්ද ? (ස)

:       0       0

බමුණු Friday, 03 October 2014 11:43 AM

අරුණ ප්‍රශ්නය එ්ක නෙවෙයි. පොලිස් නිලධාරිය අළුගෝසු ක්‍රියාකාරකම් කොරපු එක. මෙතන එම කාන්තාවගේ රැකියාවගන ප්‍රශ්නයක් පැන නැගී නැහැ. ඇය ගණිකාවක් නම් ගණිකා වෘත්තියේ යෙදෙන එකම ගණිකාව ඇය නොවෙයි. කොළඹ සල්ලිකාර මිනිස්සුත් ගණිකා වෘත්තියට අනුබලදීල තිබුන හැටි අපි පත්තර වල කියෙවුව. (ස)

:       0       0

නුවන් Friday, 03 October 2014 11:46 AM

අන්තර් විශ්ව විද්‍යාලයේ හිටපු කැදවුම්කරු. ජවිපෙ හිටපු ප්‍රබලම සාමාජිකයෙක්. මේ වගේ පීඩිත නිර්ධන පංතියේ සිදුවීමකට මැදිහත්වීම හොදයි. (ස)

:       0       0

බමුණු Friday, 03 October 2014 11:46 AM

ගණිකා වෘත්තිය නීතිගත කරලා තිබුනානම් ම්ගොල්ලොත් බෙන්ස් කාර් වලින් යාවි ලංකාවේ මිනිසුන්ගේ උවමනාවෙ හැටියට. (ස)

:       0       0

පිටබැද්දර ජයා Friday, 03 October 2014 11:47 AM

පොලිස් කාරය එහෙම පිටින්ම වැරද්යි, කාන්තාව ගණිකා වෘතියේ යෙදුනානම් අල්ලලා උසාවි එදිරිපත් කරන්න තිබුන , දඬුවම් කරන්නේ උසාවියෙන් පොලිසියට කවුද එ් බලය දුන්නේ ? අනික මිනිස්සු තමන්ගේ හැඟීම් පාලනය කර ගත්තනම් ගණිකාවෝ කියල කොට්ඨාශයක් නැහැනේ , එතකොට තරු පහේ හෝටල් වලටත් පොලීසිය පැනල ගණිකාවෝ අල්ලනවද ? (ස)

:       0       0

ධනංජය Friday, 03 October 2014 11:57 AM

උදුල් ප්‍රේමරත්න කියන්නේ අර විශ්ව විද්‍යාලයේ කෙනාද? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 03 October 2014 12:04 PM

මේවා අහනකොට මට 'නයි නළගන' මතක් වෙනවා. (නි)

:       0       0

මොරිස් Friday, 03 October 2014 10:09 PM

කීප දෙනෙක් උදුල්ගෙ ජාතකය සොයන්න මහන්සි වෙනවා වගේ. එයා පෙරටුගාමිද ජවිපෙද කියන එක නොවේ වැදගත් සමාජ අසාදාරනය නිසා නින්දාවටද, පසුව ශාරීරික හිංසනයටද පත්වූ කෙනෙක් වෙනුවෙන් තිබෙනවා යයි කියන යුක්තිය ඉටුකරවා ගැනීම වෙනුවෙන් පෙනී සිටීමයි. මම අහල තිබුන විදියට අන්තරේ හිටපු උදුල් දන්ත වෛද්‍ය පීටයේ සිසුවෙක්. (නදී)

:       0       0

ඩෙන්සිල් Friday, 03 October 2014 12:21 PM

ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනේ. (නදී)

:       0       0

සුජිත දිසානායක Friday, 03 October 2014 12:22 PM

අපෝ මෙයාට ලැජ්ජාවක් නැහැ වගේ (නදී)

:       0       0

මොරිස් Friday, 03 October 2014 12:34 PM

99% ගණිකාවන් වෙන්නේ ආශාවට නොවන බවත් තම දිවිය සරි කරගන්න බවත් ඉල්ලුම හා සැපයුම න්‍යායට අනුව ඔවුන්ගෙන් මුදල් ගෙවා සේවාව ලබා ගන්නේ ඔය මහා සුචරිතවාදී පුරුෂ පක්ෂයම බවත් අමතක නොකරන්න. (නි)

:       0       0

බිමල් Friday, 03 October 2014 11:36 PM

ඔන්න මම අද නම් බන්දුල පෙරේරාට මල් මාලයක් දානවා. යථාර්ථය තේරුම්ගෙන ලියු අදහසට මම එකඟයි. සමහරු හරියට මාර්ග ඵල ලබලා වගේ අභිසරු කාන්තාවටම විතරක් ඇඟිලි දික්කරනවා. සේවාව ගන්න එන පිරිමියා ගැන කතාවක් නැහැ. ඒ අය බ්‍රහ්මචාරි වෙන්න ඇති. (නි)

:       0       0

නිර්මලා Friday, 03 October 2014 12:57 PM

මෙතන නිකම් අපිට හොරා පොලිස් සෙල්ලම් පෙන්වන්න එන්න එපා. මේ සිද්ධියේදී තනිකරම ඒ පොලිස් නිලධාරියා වැරදියි. මේ විදිහට පහරදෙන්න ඕනෑ කියලා ලංකාවේ කොයි පොතේද සඳහන් වෙලා තියෙන්නේ? ලංකාවේ තව ඕනෑතරම් ගණිකාවෝ ඇති. හැබැයි පාරට බැහැල උද්ඝෝෂණය කරන්න තරම් නම්, ඒ අයගේ ඔළුගෙඩි අවුල් වෙලා නැතුව ඇති. (නි)

:       0       0

රවිඳු Friday, 03 October 2014 01:12 PM

ලංකාවේ පොලිස් නිලධාරියෙකු මේ විදිහට කාන්තාවකට පහරදීම මුළු පොලිස් දෙපාර්තමේන්තුවට වගේම ශ්‍රී ලාංකිකයන්ටත් මහා අපකීර්තියක්. මහ දවල් දහස් ගණන් ජනතාව ඉදිරියේ වීදි කාන්තාවකට මේ කළ පහරදීම පහත් ක්‍රියාවක් හැටියට තමයි ශිෂ්ටසම්පන්න ජනතාව දකින්නේ. පොලිස් සැරයන්ගේ මේ ප්‍රහාරය අපි තරයේ හෙළාදකිමු. මොහු පොලිස් නිල ඇඳුමට නුසුදුස්සෙකු බව ඔප්පුවී හමාරයි. මව්කුසෙන් බිහිවුවෙකු මේ ප්‍රහාරය අනුමත නොකරන බව මගේ විශ්වාසයයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 04 October 2014 12:30 AM

කොහොමත් ජේ.වී.පී. එක තමයි මෙහෙම වෙලාවට උදවුවට ඉන්නේ. නැත්නම් අර මනුස්සයා අසරණයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 04 October 2014 12:32 AM

අරුණ,වැදි බණ නොකියා ඉන්න (නි)

:       0       0

සමන්ත Saturday, 04 October 2014 12:35 AM

අරගොල්ලන්ගේ බොරුව මෙයින්ම පෙනෙනවා. (නි)

:       0       0

රන්ජිත් Saturday, 04 October 2014 12:39 AM

බන්දුල, මටත් හිතෙන්න එහෙමයි. හැබැයි කාන්තාවගේ වෘත්තියට ලොකු ඉතිහාසයක් තියෙනවා. ලංකාවට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කාර්යාලයක අවශ්‍යතාවය දැනෙනවා පොලිසියෙන් අය කරන වැඩ දැක්කාම (නි)

:       0       0

රොහාන් Friday, 03 October 2014 02:16 PM

උදුල් ප්‍රේමරත්න කියන්නේ අර ජ.වි.පි. කාරයා නේද (අ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 04 October 2014 03:14 AM

පොලිස් නිලධාරියා මොකද ඒ ස්ත්‍රියට පෙරළාගෙන ගැහුවේ? එහෙම වැඩ වෙනවා ලංකාවේ! (නි)

:       0       0

තරංග Friday, 03 October 2014 02:41 PM

උදුල් ප්‍රේමරත්න කියන්නේ ජේවීපී එක්කෙනෙක්. මේක අවුස්සන්න ඕන එයාලට. (අ)

:       0       0

අපොන්සු Saturday, 04 October 2014 03:31 AM

නීතීවේදියෙක් එක්ක පොලිසියට ආපු නිසා බේරුනා. නැතිනම් ආයුධ පෙන්නන්න එක්ක යාවි. (නදී)

:       0       0

මංගලී පොන්සේකා Friday, 03 October 2014 02:50 PM

අරුණ ඒ වගේම නීතිය කරන අයටත් නීතිය කියල දෙන්න ඕනි.ඕනෑම තරා තිරමක කෙනෙකුට ඔය වගේ ගහන්න තලන්න බැ හොදේ.සිද්ද වුණේ දේ ඔයාල දන්නවා ඇතිනේ ඇයි ගැහුවේ කියල නේද ? රට අප කීර්තියට පත් වෙලා තියෙන්නේ දේශ පාලකයෝ කරන දේවල් නිසා පොලිසිය කරන දේවල් නිසා (අ)

:       0       0

ශාන් Saturday, 04 October 2014 04:00 AM

කව්රු මොනවා කිවත් ගැහැණි අහිංසකයි. හනික වැරැද්ද මොනවා වුනත් මෙහෙම මිනිසුන්ට ගහන්න, පොලිසිය මොනවද හිතාගෙන ඉන්නේ. මේකේ ඉතිරි කොටස තමයි අන්න පිටකොටුවේ කොල්ලෝ ටිකක් එකතුවෙලා හොඳට දීල තියෙනවා පොලිසියට (නදී)

:       0       0

රොකි Friday, 03 October 2014 02:55 PM

අනිත් ගණිකාවොත් කෝටි ගණන් අලාභ ඉල්ලයි තමා, අර පොලිස් කාරයා වගේ මුර්ග විදිහට ඔවුන්ට මහා පාරේ දාගන ප්‍රසිද්ධියේ තඩි බැවෝත්. අරුණ කතා කරනවා වීදි කාන්තාවන් ගැන. අර මහා ලොකු හෝටල්වල ලොකුලොක්කන්ගේත් අනුග්‍රහය ඇතුව කොරන ඒවා හොඳයි වගේ නේද? බලපුවාම මේ ගොල්ලෝ හරි සුද්ධවන්තයෝ වගෙයි. මෙම කාන්තාව තමන්ගේ තත්වය පිළි ගෙන තිබීම ගැන මම ඇයට ගෞරව කරනවා. නඩුවෙන් ජය ලැබේවා! (අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 03 October 2014 03:48 PM

දෙන්නගෙම රස්සාවේ වෙනසක් මමනම් දකින්නේ නැහැ.. දෙකම එකයි..කොහොම වුණත් කාන්තාවගේ එක අනෙක් එකට වඩා යම්තාක් දුරකට හෝ නම්බු කාරයි.(අ).

:       0       0

රෝහණ Saturday, 04 October 2014 04:42 AM

අප්පා හරිම පුදුමයි. අද බන්දුලට මොකද වෙලා තියෙන්නේ මිනිහ ඇත්ත නැත්ත තේරුම් අරගෙන වත්ද?ගණිකාවක් ඒ වෘතියට එන්න හේතුව හොයල බැලුවොත් අනිවාර්යෙන්ම එතන දේශපාලක තුමෙක් ඉන්නවාම තමයි. එහෙමත් නැත්නම් කවුරුන්ගේ හෝ රැවටීමකට අහුවුන කෙනෙක්. ඒක නිසා අපි ඒ අයට අපහාස වෙන විදියට කතා කරන්න හොද නැහැ නේද?මේ මගේ සිතුවිල්ලක් පමණි. (නදී)

:       0       0

ආනන්ද Saturday, 04 October 2014 05:07 AM

හෙට අනිද්දා වෙනකොට කොළඹින් තව වටරවුමක් වෙන්කරන්න වෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 14 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 50 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 28 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 199 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 177 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 551 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site