IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගුටි කෑ මාධ්‍යවේදියාට බෙහෙත් ගන්නත් ඉඩ නොදේ

එප්පාවල  වීදී නාට්‍යයක තොරතුරු වාර්තා කිරීමට ගිය අද පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල්  සෝමරත්න මහතාට එප්පාව රෝහලට අද (06) උදෑසන  පැමිණි මැර පිරිසක් තර්ජනය කළහ.

රෝහලෙන් පිටවී නොගියගහොත් තමා හා තම දෙමව්පියන් මරාදමන බවට මැරයෝ තර්ජනය කළ බව ඔහු පැවසීය.

රජරට මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති අතුල බණ්ඩාර මහතා පැවසුයේ මාධ්‍යවේදීයාට ආරක්ෂාව  සපයන ලෙස අනුරාධපුර  නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක්ද කැර ඇති බවයි.

ප්‍රහාරය හෙළා දකිමින්  රජරට මාධ්‍යවේදීන්ගේ සංගමය ,සමස්ත ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව ඉරිදා (07) අනුරාධපුර බස් නැවතුම්පොළ අසලදී උද්ඝෝෂණයක් කිරීමට ද යයි.

මෙම ප්‍රහාරය  එල්ල වී ඇත්තේ රජරට ප්‍රබල දේශපාලනඥයකුගේ  ගෝල බාලයින්ගෙන් යැයි දැනගන්නට ඇත.

 



අදහස් (0)

ගුටි කෑ මාධ්‍යවේදියාට බෙහෙත් ගන්නත් ඉඩ නොදේ

ද silva Saturday, 06 December 2014 07:11 PM

විදි නාට්‍යය කරන්න දුන්නනම් වැඩිම උනොත් 200 විතර එ්ක දකීවි , දැන් මේක ගැන දෙස් විදෙස් වල ජිවත් වෙන මිලියන 10 විතර දැනගෙන , අඩුම තරමේ ඡන්ද 5000 -10000 අතර ප්‍රමාණයක් මේ නිසා රජයට අඩු වෙන්න පුළුවන් , මේක අර ධම්ම මහත්මය රජුරුවන්ට කඩුවෙන් කෙටුව වඳුරාගේ කතාවට සමාන කරලා තිබුන , මෙවැනි වඳුරන්ට විරුධව නිතිය ක්‍රියාත්මක කරන්න බැරි රජය කොහොමද ඉදිරියට අපව ප්‍රාදේශීය දේශපලකයන්ගෙන් ආරක්ෂා කරන්නේ. (ස)

:       0       0

ධම්ම Saturday, 06 December 2014 12:46 PM

රජතුමාගේ ඇඟේ වැසූ මැස්සා එලවන්න කඩුවෙන් කෙටු වඳුරාගේ ජාතියේ මිතුරන්ගෙන් නම් සිදුවෙන්නේ අවැඩක්මයි ජනපතිතුමනි.(නදී)

:       0       0

ටිරෝන් Saturday, 06 December 2014 12:55 PM

තියෙන්නේ පිළිතුරු දෙකයි මේවා අනුමත කරනවාද නැද්ද (දී)

:       0       0

විශ්ව Saturday, 06 December 2014 12:57 PM

මාධ්‍ය නිදහස දැන් නැහැ (දී)

:       0       0

කුමාරි Saturday, 06 December 2014 01:21 PM

මේවා කටු කන අයගේ වැඩ. (දී)

:       0       0

කරුණාජීව Saturday, 06 December 2014 06:03 AM

අපේ පඬිතුමාට නම් දැන් කියන්න සැහෙන්න දේවල් ඇති නේද? (දිල්)

:       0       0

එන් බණ්ඩාර Saturday, 06 December 2014 06:07 AM

මහින්ද මහත්තයානම් හොදයි වටේ ඉන්න අය තමයි හොද නැත්තේ (දිල්)

:       0       0

බුද්ධි Saturday, 06 December 2014 06:09 AM

අට වැනිදා වෙනකල් ඉතින් ඉවසලා බලමු (දිල්)

:       0       0

පුබුදු Saturday, 06 December 2014 06:11 AM

දේශපාලනය නම් දැන් හැම කෙනකුටම එපා වෙලා (දිල්)

:       0       0

රොකී Saturday, 06 December 2014 01:53 PM

මේක තමයි පොදු පෙරමුණු. අනුගාමිකයන් ගේ ඡන්ද ක්‍රමය. පවතින ක්‍රමය මොන ජාතියෙන් හරි රැක ගන්න ගණන්කාර තක්කඩි පාට් දමන්නේ මොකද කියලා තේරුම් ගන්න අමාරු නැහැ. පැරදුනොත් ඉවරයි කියා මේ අය දන්නවා! (නදී)

:       0       0

ලුම්බිණි Saturday, 06 December 2014 06:14 AM

මේ රටේ මිනිසුන්ට මැර බලයේ තරම තවමත් තේරුම් ගන්න බැරි එක හරිම පුදුමයක්. අහෝ අපේ රටට ගිය කලක්. (දිල්)

:       0       0

කමල් Saturday, 06 December 2014 11:29 PM

ඇසිලින් අක්කට කඩේ යන්න තියෙන නිදහස වගේද ? (නදී)

:       0       0

රත්නායක Saturday, 06 December 2014 06:15 AM

මේක යකාට ගිය රටක්නේ . එච්චර හයියක් කොහෙන්ද මේ දේශලාලකයන්ට අවේ. මාධ්‍ය වේදීන් කියන්නේ අපේ සැබෑ සන්නිවේදනය. සැමදා අපි ඔබ සමගයි. (ම)

:       0       0

චින්තක Saturday, 06 December 2014 11:35 PM

සජිත් ඔය ඔබතුමා කියන මාධ්‍ය නිදහස තියෙන්නේ අන්තර්ජාලයේ විතරයි. අපි මේ ලියන ඒවා ලංකාවේ පත්තර වලට ලිව්වා නම් අපිටත්, අපේ පවුල් වල උදවියටත් අබසරණයි. (නදී)

:       0       0

කෙලී Sunday, 07 December 2014 12:33 AM

නිදහස් මාධ්‍ය (නදී)

:       0       0

මොහාමඩ් Saturday, 06 December 2014 06:42 AM

හරිම අසාධාරණයි මාධ්‍යවේදීයාට ගහපු එක (දිල්)

:       0       0

ඇන්ටන් Saturday, 06 December 2014 06:52 AM

කියන මාධ්‍ය නිදහස කෝ ?(හේ)

:       0       0

හීනටිගල Saturday, 06 December 2014 07:20 AM

ලංකාවේ ඉන්නේ නුගත් ජන කොටසක් (නදී)

:       0       0

මොහොමඩ් ඛාන් Saturday, 06 December 2014 07:24 AM

මාධ්‍යෙව්දියෙකුගේ අගය දන්නැති ලෝකේ මේ කතාවත් හෙට වෙනකොට අමතක වේවි (නදී)

:       0       0

සුරංග Saturday, 06 December 2014 07:27 AM

ඕකට කියන්නේ, මාධ්‍ය නිදහස කියල පුතේ. (නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 06 December 2014 07:33 AM

දැන් චන්දය කරවන්න පාතාලය කැදවල තියෙන්නේ. ඉදිරියේදී මීට වඩා දරුණු දේවල් බලාපොරොත්තු වෙන්න සිද්ද වෙනවා.(නදී)

:       0       0

සෝබනා Sunday, 07 December 2014 02:22 AM

“මට උඹේ ඇස් ඉදිරිපිටදීම උඹේ අම්මයි තාත්තයි මරන්න ආසයි“ - මැරයෝ ඊයේ පහර දුන් ප්‍රාදේශීය මාධ්‍යවේදියාට අද යලිත් තර්ජනය කරති (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 06 December 2014 07:33 AM

කුඩු ගෙන්වන අය තමා වැඩි පුරාම බය වෙලා තියෙන්නේ.දැන් නම් ඉතිරි වෙලා ඉන්න ඇමතියන්ටත් රට ගැන හිතන්න කාලය ඇවිත්.(නදී)

:       0       0

දසුනි Saturday, 06 December 2014 07:34 AM

මෙවැනි දේවල් වෙනස් කරන්න මාද්‍ය වේදීන්ට බොහෝ දේ කල හැකි බව මාගේ හැගීමයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 06 December 2014 07:37 AM

මාධ්‍යවේදියා බොරුවට ගුටි කාල රෝහල් ගත වුනහම තමා හා තම දෙමව්පියන් මරාදමන බවට තර්ජනය කිරීම වරදක් කියල මමනම් දකින්නේ නැහැ. (නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 06 December 2014 07:37 AM

ඔය රටේ පොලිසියක් කියල දෙයක් නැද්ද?(නදී)

:       0       0

ඉලේපෙරුම Saturday, 06 December 2014 07:39 AM

ඔය කියන ප්‍රබල දේශපාලනඥයාට නමක් නැද්ද?(හේ)

:       0       0

වෙනුර Saturday, 06 December 2014 07:41 AM

දැන් රටේ මාධ්‍ය නිදහසක් නෑ.(හේ)

:       0       0

නුවන් Saturday, 06 December 2014 02:59 PM

ආසියාවේ ආශ්චර්ය! (නදී)

:       0       0

සිරිසේන Saturday, 06 December 2014 03:01 PM

මොකද අපට ගහන්නවත් නිදහස නැතිද? ඒකත් නැති කරන්නද හදන්නේ. අපි යනවා ජිනිවා. (නදී)

:       0       0

ජනක Saturday, 06 December 2014 07:59 AM

මේ වෙලාවේ ඉතින් මව්පියන් නෙවෙයි සමහරුන්ගේ මුතුන් මිත්තන් තමයි අපිට මතක් වෙන්නේ. (නදී)

:       0       0

සමිත් Saturday, 06 December 2014 08:01 AM

මාධ්‍ය නිදහස පමණක් නෙවෙයි සියලු ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහමුලින්ම නැති කරලයි දැන් තියෙන්නේ, (හේ)

:       0       0

නිමල් රණසින්ග්හේ Saturday, 06 December 2014 09:10 AM

කෝ ඔය බෙරිහන් දෙන මානව නිදහස. සේරම හරබර වචන පිට කරනවා විතරයි. සමහර වෙලාවට ඔය කතා කරන්නේ කටින්ද නැතිනම් වෙන තැනකිවත්ද කියල ..(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 06 December 2014 09:10 AM

ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය ද..? ශ්‍රී ලංකා ඒකාධිපති ජනරජයද? (නදී)

:       0       0

ප්‍රසංක Saturday, 06 December 2014 03:46 PM

පොලිසිය නිදිද? රෙකොර්ඩ් වෙලත් ඇයි අල්ලන්නේ නැත්තේ ? (දී)

:       0       0

අනුර Saturday, 06 December 2014 09:12 AM

මොන ප්‍රබල කමක්ද 9 දායින් පස්සේ බොහෝ වේලාවට දුබල අැම්බට්ටයෝ වෙනවා (නදී)

:       0       0

සජිත් Saturday, 06 December 2014 03:56 PM

දැන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරල නම් කට්ටිය කොහොමද මෙහෙම නිදහසේ විවේචනය කරල කමෙන්ට් දාන්නේ? එෆ් බී එකේ ආණ්ඩුව පතුරැ ගහන්නේ. හැමදේම සාපේක්ෂයි. අතීතයේ තිබුණට වඩා දැන් මාධ්‍යට නිදහස තියෙනවා. ඒක තව වර්ධනය වෙන්න ඕන කියන එක මමත් පිලිගන්නවා. ඒත් “දැන් මාධ්‍ය නිදහස නෑ“ කියල කියනකොට ඕන කෙනෙකුට හිතෙන්න‍ෙ ඉස්සර ඒක තිබුණා දැන් නෑ කියලයි. මතක තියෙන අය මතක් කරල බලන්න තිබුණ නිදහස. (දී)

:       0       0

චානක Saturday, 06 December 2014 09:21 AM

යුද අදිකරණයට යන්නම පාර කපා ගන්නවා .(හේ)

:       0       0

කලණි Saturday, 06 December 2014 04:19 PM

ඔයා හරි සජිත් .. මේ රටේ එක කාලයක් තිබුණා කතා කරන්නත් බය, මාද්‍ය නිදහස කෙසේ වෙතත්. හොඳ වෙලාවට ඒ කාලේ ෆේස් බුක් තිබුනේ නැහැ. (දී)

:       0       0

ටෝනි Saturday, 06 December 2014 09:31 AM

මාධ්‍ය නිදහසක් නැති නිසානේ මයිත්‍රී මහත්තය කියන්නේ සම්පුර්න මාධ්‍ය නිදහස දෙන්නම් කියල.(නදී)

:       0       0

සුජාතා Saturday, 06 December 2014 04:20 PM

ඉස්සරටත් වඩා මාධ්‍ය නිදහස තියෙනවා කියන ඇමතිලට මොකද්ද දැන් කියන්න තියෙන්නේ (දී)

:       0       0

පිටිගල Saturday, 06 December 2014 04:22 PM

දෙසපාලනඥයාගේ නම සඳහන් කරන්න මාධ්‍ය බයයි. එකයි මාධ්‍ය නිදහස කියන්නේ. (දී)

:       0       0

දම්මික Saturday, 06 December 2014 04:42 PM

මේක තමයි මාධ්‍ය නිදහස (දී)

:       0       0

චන්දන ප්‍රනාන්දු Saturday, 06 December 2014 09:47 AM

ජනවාරි 8 වෙනිදා පෙන්නන්න එප්පාවල ජනතාවගේ බලේ (නදී)

:       0       0

යසිරු Saturday, 06 December 2014 10:02 AM

මේවා ජාත්‍යන්තරයට ආරංචි වෙනකොට ඊළඟට බනිවි කවුරු හරි කුමන්ත්‍රණ කළා කියලා. (හේ)

:       0       0

ලලිත් Saturday, 06 December 2014 10:15 AM

මාධ්‍ය නිදහස , ඇහුන්කන් දීමේ නිදහස , අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දැන් මේ රටින් පිටරට පටවලා ද කොහෙද !(හේ)

:       0       0

ඇසිලින් Saturday, 06 December 2014 10:17 AM

මේක ජවනිකාවේම කොටසක්.ඕනෙම දෙයකට නිදහස ඇත.(හේ)

:       0       0

චන්දිම Saturday, 06 December 2014 10:37 AM

ඔක්කොම සෙල්ලම් 8 න් පස්සේ අවසාන වෙනවා..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 426 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 131 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1909 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2370 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3751 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site