IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ගෙට ගිනි තැබුවත් දිරිය දැරිය විභාගයට ලියයි

 තඹුත්තේගම මැදි විදුහලේ ජයමාලි නිස්සංක (17) දැරිය අපොස සාපෙළ විභාගය ලිවීම වැළැක්වීම සඳහා තරහකරුවකු ඇගේ ගෙට ගිනි තබා පිවිසුම්පත විනාශ කළත් එම දැරිය අද විභාගයට පෙනී සිටියාය.

නිල ඇඳුම පිළිස්සී තිබූ නිසා  ඇය පාට ඇඳුමින් විභාගයට ගියාය.

ඇය විභාගයට ගියේ විදුහල්පති ඇගේ ඡායාරූපයක් සහතික කර දීමෙන් පසුවය.

ඇගේ කාමරයට ගිනි තැබීමෙන් ගෙට සෑහෙන හානියක් සිදු කර ඇත.

 



අදහස් (0)

ගෙට ගිනි තැබුවත් දිරිය දැරිය විභාගයට ලියයි

මදු ..ප්‍රංශය Tuesday, 10 December 2013 02:48 PM

මේ දරුවාට තව තවත් ශක්තිය ලැබේවා! (නදී)

:       0       0

ආරියසේන Tuesday, 10 December 2013 07:46 PM

මේ වගේ තිරිසන් වැඩ කරන අයට යන්න වෙනම අපායක් හදන්න වෙනවා.ඊර්ෂ්‍යාකායින්ගේ ඇස් ඇරෙන්න හොදින් විභාගයට ලියන්න. (නි)

:       0       0

සන්ධ්‍යා Tuesday, 10 December 2013 02:50 PM

ඔය වැඩ කරලා තියෙන්න මනුස්සයෙක්ද?? (ස)

:       0       0

උමේෂා මදුමාලි Thursday, 12 December 2013 01:50 PM

නැගනියණි, ඔබ අනිවාර්යයෙන්ම විභාගෙ පාස් වෙනවා. (ස)

:       0       0

සමදරා Tuesday, 10 December 2013 07:50 PM

මේ ළමයාගේත් මොකක් හරි වරදක් ඇති. නැත්තම් නිකන් ගිනි තියනවද? (නි)

:       0       0

කැන්ඩි රිච්වෝල් Sunday, 15 December 2013 07:24 AM

ඔබට සුභ පැතුම්. ඔබට විශිෂ්ඨ සාමාර්ථ ලැබෙනවා අනිවර්‍යයි. (නදී)

:       0       0

අමන්ත Tuesday, 10 December 2013 02:54 PM

ඔබට ජය වේවා. (ස)

:       0       0

ශාන්ත කුමාර Wednesday, 11 December 2013 09:46 AM

ඔය මිනිහ මට බාර දෙන්න. මම පදම් කරලා ගන්නම්.(නදී)

:       0       0

නිහාල් Tuesday, 10 December 2013 02:56 PM

දරුවා ඔබට තෙරුවන් සරණ ලැබෙනවා.ජය අත් වෙනවා. හිත ධෛර්යමත් කරගන්න. අපිට දුක තවත් කැටයම් චින්තකලා බිහිවෙන එකටයි. (ස)

:       0       0

පන්විල ජිවන් Wednesday, 11 December 2013 03:14 PM

නංගි ඔයාගේ තියෙන වාසනාවට ඔයාට අවස්ථාව මඟ හැරීලා නෑ. ඔයා ඔයාට පුලුවන් උපරීමය කරලා විභාගය ගොඩ දා ගන්න. ඔබට ජය ! (ස)

:       0       0

නුගේගොඩ Tuesday, 10 December 2013 02:57 PM

"තිබු තැනක සොර සතුරන් ගත නොහෙන - උගත මනා ශිල්පය මයි මතු රැකෙන". රත්තරන් දුවේ "නුඹ විභාගය ඉහලින්ම සමත්වනවා නියතයි". නුඹව නැවත්වීමට කිසිවකුටත් නොහැකියි. (ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 11 December 2013 09:54 AM

ඔයාට ජය නියතයි නංගි.දහසක් බාධක ආවත් නොසැලී ආත්ම විශ්වාසයෙන් ඉදිරියටම යන්න. (ස)

:       0       0

දනීෂා Friday, 13 December 2013 02:02 PM

නංගි ජයමාලි, හොඳට ඉගෙන ගන්න. කරදර කළ අයට සොභා දහමේ නීතියෙන් නිසි කලට දඬුවම් ලැබෙයි. ඔබ නොසැලී තව ඉදිරියට යන්න. තරගයකදී වුණත් දිනන්නේ තමන්ගේ උපරිමයෙන් වැඩ කරන අයයි. අනුන්ට ඊර්ෂ්‍යා කරන අයට තමන්ගේ කටයුත්ත නිසි ලෙස කරගන්න නොහැකි වෙනවා. (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 10 December 2013 02:58 PM

තිදස පුරෙන් වඩිනු මැනවි මෙත් මහ බෝසතුනේ ... (ස)

:       0       0

ගමගේ Tuesday, 10 December 2013 02:58 PM

අනේ පව් අසරණ දුවෙක්. මේ වැඩේ කරපු එක හොයල හම ගහන්න ඕන. ඒත් එක්කම මේ දරුවට ඡායා රූපය සහතික කර දීපු විදුහල්පතිතුමාට හා පාට ඇඳුමෙන් විභාගය පෙනී සිටීමට අවසර ලබාදුන් ශාලාධිපති තුමාටත් අපේ ප්‍රණාමය පුදමු. නැත්නම් සාමාන්‍යයෙන් වෙන්නේ හැඳුනුම්පත නැහැ, නිල ඇඳුම නැහැ, කියවලා ළමයව ලේසියෙන්ම ගෙදර යවල නිකන් ඉන්න නිලධාරීන් ඉන්න රටකනේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබ දේපල ශ්‍රේෂ්ටයි . අර බලු වැඩේ කරපු එවුන්ට නම් කොහොම හරි හොයල දඬුවම් දිය යුතුමයි. දුව ඔබ නොසැලී විභාගය ලියා හොඳ ප්‍රතිඵල අරගෙන අනාගතේ උන්ට පෙන්න හොඳ ජීවිතයක් ගතකරන්න සිතට ගන්න අපෙත් සුබ පැතුම්. (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 11 December 2013 03:16 PM

දුවේ ඔබ වෛද්‍යවරියක් උනදාට ඔය ගිනිතියපු කෙනාම ඔබ ලඟට එයි අසරණ රෝගියෙක් වෙලා.නිහතමානීව ඔහුව සුව කරන්න. (ස)

:       0       0

චන්දන Sunday, 29 June 2014 11:49 PM

ලෝකෙටම ආදර්ශමත් ළමයෙක් (දී)

:       0       0

බන්දුල ආරියරත්න Tuesday, 10 December 2013 02:59 PM

ඔබට ජය වේවා. (ස)

:       0       0

ගැමුණු කාරියවසම් Wednesday, 11 December 2013 10:00 AM

පුතේ වානේ පන්නරය ලබන්න නම් හොඳට තැලෙන්න ඕනි .බලන්න ඔයාට හැමෝම ආදරේයි නේද?? ඔයාට බුදු සරණයි. (ස)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 10 December 2013 03:00 PM

නොසැලෙන නැගනියනි, බාදා එන තරමට ජීවිතය ලස්සන වෙයි. ඔබට විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලැබෙන්නට මේ පුවත දකින සැවොම ප්‍රාර්තනා කරනවා.(නදී)

:       0       0

යසවතී Tuesday, 10 December 2013 03:00 PM

විමල් මාමාට කියල ඉක්මනින්ම වෙනත් ප්‍රදේශයකින් නිවෙසක් ඉල්ලා ගන්න දරුවෝ.(නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 10 December 2013 03:00 PM

තරහ වෙන්න එපා ඇහැව්වට. මේ ගෙදර දොර තියෙන්නේ කොහෙද? (නදී)

:       0       0

ශිරෝමි Tuesday, 10 December 2013 03:01 PM

ඔබේ දහිරිය ශක්තිය වැඩිවී ඉතා හොඳින් විභාගයට මුහුණ දීමට හැකියාව ලැබේවා! බලාපොරොත්තු වූවටත් වඩා හොඳ ප්‍රතිපල ඔබට ලැබේවා! " තිබු තැනක සොර සතුරන් ගත නොහෙනා... උගතමනා ශිල්පයමය් මතු රැකෙනා.. " (නදී)

:       0       0

සරා Tuesday, 10 December 2013 03:04 PM

සා. පෙළට මෙහෙම නම් අනිත් විභාග වලට මොනවා නොකරයිද? අනේ මන්ද මිනිස්සුන්ට මොනවා වෙලාද? දුවට බුදු සරණයි. හැමවිටම බුදුගුණ සිහි කරන්න. (ස)

:       0       0

චන්ද්‍රිකා Tuesday, 10 December 2013 08:31 PM

වැඩේ කරපු කෙනාට දැන් ලැජ්ජයි. ඒ නිසා ළමයට අනතුරක් වෙන කිසියම් දෙයක් කරයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

අජිත් Tuesday, 10 December 2013 08:32 PM

මේ වගේ තිරිසන් වැඩ කරන අයට යන්න වෙනම අපායක් හදන්න වෙනවා.නංගී ඔයාට තව තවත් ආත්ම ශක්තිය ලැබේවා. ඔයාට බුදු සරණයි! ඊර්ෂ්‍යාකායින්ගේ ඇස් ඇරෙන්න හොදින් විභාගයට ලියන්න. (නි)

:       0       0

මිනෝලි Wednesday, 11 December 2013 10:20 AM

මෙතන වැඩි හරියක්ම අදහස් දාල තියෙන්නේ හොඳ බෞද්ධයෝ. ඒකයි වෛරයෙන් පිරුණු අදහස් එන්නේ. දරුවන්ට වෛරය උගන්වන්න එපා. මෙවැනි දෙයක් කල කෙනාට සමාව දෙන්න දුවේ. ශක්තිය ගන්න බාධක ජය අරගෙන හොඳින් ඉගෙන ගෙන ඉදිරියට යන්න. වෛරය ජීවිතය කෙටි කරනවා. ඉවසීම, සමාව දීම ජීවිත ශක්තිමත් කරන ආයුධයි. යකඩය තැලෙන්න තැලෙන්න තමයි හොඳ පන්නරය ගෙන හොඳ නිපැයුම් බිහි වෙන්නේ. (ස)

:       0       0

ධනංජිත් Friday, 13 December 2013 08:33 PM

ඔයාට සුභ අනාගතයක් නංගි පැටියෝ.(නදී)

:       0       0

සශිමාල් Tuesday, 10 December 2013 03:08 PM

ඔබට තවත් ශක්තිය ලැබේවා.බෝසතුන් මාර සෙනඟ පරදවා බුදු බව ලැබු ලෙසට ඔබටත් සියලු බාධක මැඩ විභාගය සමත් වීමට ශක්තිය ලැබේවා. (ස)

:       0       0

ජයලත් Sunday, 29 June 2014 09:06 AM

නංගි අභියෝගයක් විදියට බාර ගන්න ඔබට ජය නියතයි. බුදු සරණයි! (දී)

:       0       0

රූපවතී Tuesday, 10 December 2013 03:10 PM

මේ කල දෙයින් අපට පෙනෙන්නේ රටේ මිනිසුන්ගේ මානසික විකෘති භාවයයි ..නැගණියණි ..! ඔබ අද පෙනී සිටි විභාගයෙන් විශිෂ්ට ජය ලබා විභාගය ඉහලින්ම සමත් වීමට තෙරුවන් සරණේ බල මහිමයෙන්, මුළු ශ්‍රී ලාංකිකයින්ම වෙනුවෙන් අපි ඔබට සුබ පතනෙමු ..! ධෛර්යමත් වෙන්න ...! ඔබට ජය සිකුරුයි ..!!! (ස)

:       0       0

ඇලෙක්ස් Tuesday, 10 December 2013 03:11 PM

දුව, ඔයාට සිළලු දෙවි පිහිටයි. ඔයාගේ ගමන ඔයා නොබියව යන්න. උදව්වක් අවශ්‍ය නම් දන්වන්න.(නදී)

:       0       0

නුවන්තිකා Thursday, 12 December 2013 06:48 AM

හැකි ඉක්මනට වෙන පළාතකට යන්න. මොකද ඔය මිනිස්සු ඔයාට තව ඉදිරියට මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. පුතේ, ඔබට තෙරුවන් සරණින් සියලු බාධක බිද ඉදිරියටම යන්න වාසනාව ලැබේවා! (නි)

:       0       0

කේ.ඒ කරුණාතිගක කුරුප්පු Wednesday, 11 December 2013 08:33 PM

දුවේ ඔබට ජයෙන් ජය සැමදා ලැබේවා. විභාගයට පෙනී සිටිමට අවසර ලබා දුන් ඔබ දෙපලටත් බොහෝම පින්.(නදී)

:       0       0

ජෝන් Tuesday, 10 December 2013 03:13 PM

නංගි අභියෝගයක් විදියට බාර ගන්න ඔබට ජය නියතයි. බුදු සරණයි! (නදී)

:       0       0

චින්තක Tuesday, 10 December 2013 03:13 PM

ඔබට ජයෙන් ජය නංගී. ඔය වගේ කාලකන්නි මිනිස්සු උල තියන්න ඕනා. වැටි වැටි ඉස්සරහට යන්න නංගී. ඔය වසල වැඩේ කරපු කෙනාව නීතිය හමුවට ගෙනත් උපරිම දඬුවම් දෙන්න ඕනා.(නදී)

:       0       0

අනුකි Tuesday, 10 December 2013 08:45 PM

ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සචිත දිසානායක Thursday, 12 December 2013 03:06 PM

හ්ම්ම්.ඕවට සැලෙන්න එපා නංගී.හොඳට ඉගෙන ගෙන හොඳ තැනකට යන්න. (ස)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 10 December 2013 03:18 PM

මේ පොටෝ එක දැක්කම නම් අයියල ඒවි ගොඩක් උදවු කරන්න. ඒ වට අහුවෙන්නේ නැතුව හොදට ඉගෙනගෙන ලොකු මනුස්සෙක් වෙලා සමාජයට ආදර්ශයක් දෙන්න. ගෙට ගිනි තියපු කෙනා ජීවිත කාළෙම විදවනවා. කවද හරි ඔයාගේ පාමුල වැද වැටෙනවා මට ඒක විස්වාසයි.(නදී)

:       0       0

ධනුෂ්ක සංක Wednesday, 11 December 2013 08:40 PM

මෙය අපේ ගෙවල් ගාව වුන දෙයක්. තවත් මේ වගේ දේවල් නොවේවා! මේ අමනුස්ස දේ කල වුන්ට ජාති ජාතිත් පඩිසන් දෙන්න ඕනේ. ඔබ තව ඉදිරියට යන්න. මේ අභියෝගය ජයගන්න.(නදී)

:       0       0

සචින්ද Thursday, 12 December 2013 11:29 PM

ඔය ගිනි තැබූ කෙනාට එරෙහිව නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනෑ (නි)

:       0       0

ගංගා Tuesday, 10 December 2013 03:20 PM

ජීවිතේට ආශිර්වාද කියන්නේ මේ වගේ බාධක. අනාගතේ ඉස්සරහට යන්න මේ කරපු දේ ලොකුම ආශිර්වාදයක් ලෙස හිතන්න. ඔබට සුබ අනාගතයක්. (ස)

:       0       0

මොහමඩ් Tuesday, 10 December 2013 08:51 PM

ලස්සන ගැහැණු ළමයෙක් (නි)

:       0       0

සහන් බණ්ඩාර Tuesday, 10 December 2013 03:20 PM

කුහක හිත තුල ඇවිලෙනා වූ ඊර්ෂ්‍යාවේ ගින්න පතුරා..... නුඹේ සටහන් පොත් නැසුවද උගත් සිත නුඹේ තිබෙයි උතුරා.....කම්කටොලු මුළු සිතින් දුරුකර ජය ගන්න නැගනියේ සපුරා...නුඹේ හෙට දින පය තබන්නට පලස් ඇත මාවතෙහි අතුරා.... (ස)

:       0       0

ලක්ෂ්මන් පෙරේරා Tuesday, 10 December 2013 03:20 PM

දුවේ.. ඔබට සියලු දෙවි වරුන්ගේ පිහිටයි..ජයෙන් ජයම වේවා !!!! (ස)

:       0       0

කපූ Tuesday, 10 December 2013 03:21 PM

මේක කරන්න ඇත්තේ බුදුන් වදින කෙනෙක් නම් වෙන්න බැහැ. (ස)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 10 December 2013 03:23 PM

මේ සිසුවියගේ තරඟකරු පාසැලෙන් පිට කෙනෙකු වෙන්න බෑ.....තමන්ගේ නොහැකියාව නිසාම වෙන අයගේ හැකියාවන්ට වෛර කරන සමාජයක අද අපි ජීවත්වෙනවා. (ස)

:       0       0

පද්මේ Tuesday, 10 December 2013 03:25 PM

ගම්වල ඔය වගේ අඩු මානසිකත්වයේ මිනිස්සු ඉන්නවා.මම කවදත් කොළඹ මිනිස්සුන්ට කැමති කොළඹ අපි ගාව කුහක වැඩ නැහැ. (ස)

:       0       0

විනෝත් Wednesday, 11 December 2013 11:10 AM

මම තමා ගිනි තිබ්බේ. ඇයි මොනා කරන්න ද ශාන්ත කුමාර. (ස)

:       0       0

ෂෆීක් Tuesday, 10 December 2013 03:28 PM

මෙතරම් වෛරයක් සිත් තුල පුරවාගෙන කොයිබට ද මේ මිනිස්සු යන්නේ. අහන්නත් පිළිකුල්. (ස)

:       0       0

එම්.වික්‍රමසිංහ Tuesday, 10 December 2013 09:05 PM

මේ වගේ පහත වැඩ කරන පහත් ආශාවන් තියන අයට කරන්න ඕනෑ රටේ නිතිය නොවෙයි ගමේ නීතියයි. මේ දරුවා ප්‍රවේශම් කරන්න වේවි. මගතොටේදී හරි කරදර කරන්න පුළුවන්. දෙමව්පියනි, කල්පනාවෙන් (නි)

:       0       0

සරත් ආතාවුද Tuesday, 10 December 2013 03:28 PM

මුන් මනුස්සයෝ ද අමනුස්සයෝ ද?? දියණිය ඔබට ජය !!!! (ස)

:       0       0

දේශාන් Tuesday, 10 December 2013 03:29 PM

විභාග ප්‍රතිපල එනකම් චූදිතයා රිමාන්ඩ් කරනු... (ස)

:       0       0

සම් Tuesday, 10 December 2013 03:30 PM

මොන රටක්ද යකෝ මේක? (ස)

:       0       0

සංජය Tuesday, 10 December 2013 09:15 PM

මේ වගෙ වැඩ කරන අයව ගල් ගහලා මරන්න ඕනෑ (නි)

:       0       0

සුමිත් Tuesday, 10 December 2013 03:30 PM

මේක කළ කාව වුනත් අල්ලලා දඬුකඳේ ගහපියව්.(නදී)

:       0       0

තිලාන් Thursday, 12 December 2013 03:42 PM

මේක කරපු අයට හෙන ගමයි ගහන්න ඕනේ. මිනිස්සු අපිට ඉරිසියා කරන්නේ අපි ඒ මිනිස්සුන්ට වැඩා ඉහළින් ඉන්නවා කියලා දැනුනහම. ඔයා ඒ අයට වඩා ගොඩක් ඉහලින් ඉන්නේ. ඒකයි ඔහොම කරන්න ඇත්තේ.(නදී)

:       0       0

පහන් Tuesday, 10 December 2013 03:32 PM

ගිනි තියපු කෙනාගේ සගවා තැබූ ආයුධ නැද්ද දන්නේ නැහැ නේ හොයන්න ගෙනියන්න. සමහර විට ආයුධ ඇති රාජාංගන වැව කිට්ටුව හංගලා ඇති. (නදී)

:       0       0

ආනන්ද Tuesday, 10 December 2013 03:34 PM

අවශ්‍ය තැනදී සුදුසු නුවනින් කටයුතු කල විදුහල්පතිතුමාටත් විභාග බලධාරීන්ටත් ගෞරව කරමි. කොහොම උනත් මේක ඉරිසියාවට කලා නම් මේ දරුවාගේ ශක්තිය හා ජයග්‍රහණ ඉදිරියේ මෙම ඉරිසියාකාරයින් පිස්සු වැටෙන්නට ඉඩ ඇති බැවින් මෙම දියණිට අවශ්‍ය ආරක්ෂාව ගැනද ගොඩක් සැලකිලිමත් වියයුතු යැයි මට මට සිතේ. දියණිය ඔබගේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා.(නදී)

:       0       0

තුසිත-ලෙබනන් Tuesday, 10 December 2013 09:35 PM

දුවේ දුවට උන දේ හිතින් අයින් කරලා ඔයා හොදින් විභාගය කරන්න. බුදුන් සරණින් දුව හොදින් විභාගය සමත් වෙනවා. දුවේ ඔයාට උන දේට වඩා වෙනස් දෙයක් මට උනේ. මට තරහ කාරයෝ හිටියේ නැහැ. මට පලවෙනි පාර විභාගය ලියන අතරතුර මන් ලෙඩ උණා. මාස 2ක් මම ලෙඩ වෙලා හිටියා. මම උත්සාහය අත හැරියේ නැහැ. මම 2වෙනි වර කරා. මම හොදින් විභාගය පාස් උණා. දුවේ උත්සාහයෙන් හා උනන්දුවෙන් විභාගය කරන්න. ඔබට ජය නියතයි.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 10 December 2013 03:34 PM

මේ වැඩේ කරලා තියෙන්නේ ලගම නෑයෙක්ද? (නදී)

:       0       0

ජනක Tuesday, 10 December 2013 03:35 PM

අනේ නංගි ඔයාට සුබ පතනවා. අනාගතෙ නිසැකවම ජය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට බුදු සරණයි. (ස)

:       0       0

මිලාන් Tuesday, 10 December 2013 03:36 PM

උත්සහවන්තයා ජයගනී. ඔබට ජේසු පිහිට ලැබේවා.(නදී)

:       0       0

ප්‍රසාද් Tuesday, 10 December 2013 09:47 PM

නංගි, ඔයා අනිවාර්යයෙන්ම විභාගය ඉතා ඉහළින් සමත් වෙනවා.ඒක 100% ක් විශ්වාසයි. නොමිනිස් ගුණ ඇති ඒ අධමයා කළ ඒ නොමනා ක්‍රියාව ඔයාට වෙස්වලාගත් ආශීර්වාදයක් වේවා. ඔයාට ජයෙන් ජය ! තෙරුවන් සරණයි ! (නි)

:       0       0

ධම්මිකා Tuesday, 10 December 2013 03:40 PM

දුව ඔයාට සුභ අනාගතයක්.(නදී)

:       0       0

චන්දි වික්‍ Tuesday, 10 December 2013 03:43 PM

කොහොම කරත් කරපු දේ වැරදියි. බොහොම කැතයි.මෙය කරපු මිනිස්සුන්ට දැඩි දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

මාපා Tuesday, 10 December 2013 03:46 PM

නොසැලෙන්න දුවේ ජයගන්න ඉදිරියට යන්න. මව හා පිය කල්පනාවෙන් ඉන්න බුදුසරණයි.(නදී)

:       0       0

රේණුකා Tuesday, 10 December 2013 03:46 PM

දියණිය ඔබට තෙරුවන් සරණයි. සුබ අනාගතයක්...! (ස)

:       0       0

අලී Wednesday, 11 December 2013 04:51 PM

මොකක්හරි ගැටළුවක්වද්ද? (නි)

:       0       0

දර්ශන Tuesday, 10 December 2013 03:50 PM

කරපු මිනිසුන්ට සාප වෙනවා, වෙනවාමයි. (ස)

:       0       0

තුෂාර Tuesday, 10 December 2013 10:09 PM

මේ ගෙදරට ගිනි තියපු බවක් පේන්න නැහැ. හරියටම කාමරේ දන්නා කියන කෙනෙක් අවශ්‍යම භාණ්ඩ සොයා කළ වැඩක් වගෙයි. මේ ගෙදරට අර ඉරිදා ලංකාදීපයේ මානසික ලිපි පළ කරන විද්‍යාකුලපති මහතාව ගෙන ගියානම් සත්‍ය හොයා ගන්න පුළුවන් වෙයි බොහෝ විට. (නි)

:       0       0

ජිම් Tuesday, 10 December 2013 03:53 PM

ඒකත් එහෙමයි කියමුකෝ.ඔය කරපු එවුන් ඔයිට වඩා දෙයක් කරන්ට බලයි.පරිස්සමින්. එවුන්ට හරියන් නෑ. (ස)

:       0       0

චන්දි Friday, 13 December 2013 01:52 AM

මං සෑහෙන දවසකින් එසැණට ආවේ.මේ සිදුවීම දුටුවහම පුදුම දුකක් දැනුණේ.මහා පුදුමාකාර මිනිස්සු ඉන්න රටක අපි ජිවත් වෙන්නේ. කියන්න තියෙන්නේ මෙපමණයි.මේ දුවට කවදාවත් වරදින්නේ නැහැ, දුව හොදට විභාගය සමත් වේවි, තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි! කිහිප දෙනෙක් කියා ඇති පරිදි ඉදිරියේදීත් ප්‍රවේශම් වෙන්න.කිසිදු විපතක් නොවේවා කියා පතමි (නි)

:       0       0

කුමාරන Tuesday, 10 December 2013 03:57 PM

දයාබර නංගි, මහමෙරක් වගේ දහිරිය ගන්න.මොකද මම උසස් පෙළ ලියන විට අමු කුණු හරුප ලියලා පින්තූර වලින්ද ලිපි එව්වා.මාත් එක්ක ඉගෙන ගත්තු අය වගේම එක ගුරුවරයෙකුත් වැඩේට හවුල්.නමුත් මා වටා වෙනම ගුරු පුරුක් හිටියා.එම රත්තරන් ගුරු මෑණිවරුන්, පියවරුන් මාව දිරි මත් කළා. අවසානයේ එක ගුරු මවක් ඇගේ නිවාස ළඟ මට නවාතැනක් සොයා දුන්නා. විභාගය ඉවර වෙන තෙක්.එම සත්කාරයෙන් මුළු ගමටම, පාසලටම කිර්තියක් ගෙන දෙන්න මට පුළුවන් උනා.ඔබටත් එසේම ජය කෙහෙළි නංවන්න සියලු දෙවියන්ගේ සහ ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා.. (ස)

:       0       0

තරුෂි Wednesday, 11 December 2013 12:02 PM

ඔයාට වරදින්නේ නැහැ නංගී. හොදට විභාගේ ලියන්න ශක්තිය ධෛර්‍ය ලැබෙනවා.(නදී)

:       0       0

අයෝමා Tuesday, 10 December 2013 03:59 PM

ඔබට ජේසු පිහිටම ලැබේවා !!! උසස්ම ප්‍රතිපල අත්වේවා!!! මේ වගේ පුංචි හිත්වලට වද දෙන මිනිස්සුන්ගේ අමනුස්සකම නැතිවී මනුස්සකම ඉස්මතු වේවා!!! (ස)

:       0       0

මොහාන් Tuesday, 10 December 2013 03:59 PM

මගේ නංගිත් අද විභාගය ලිව්වා.මට නම් පුදුම තරහයි. මේ වගේ කාලකන්ණි හින්ද තමයි මේ රටට හෙන ගැහෙන්නෙ.මුන්ට හෙන ගහන්න ඕනෙ. (ස)

:       0       0

ධනංජය Tuesday, 10 December 2013 04:01 PM

පොත් ගිනි තිබ්බට ධෛර්යමත් හිත ගිනි තියන්න බෑ. (ස)

:       0       0

දමිත් Wednesday, 11 December 2013 12:05 PM

නංගී එයාලට පේන්නත් එක්ක ඔයා ඉගෙනගන්න ඕනේ. ඔයාට බුදු සරණයි . සැලෙන්න එපා.(නදී)

:       0       0

දිනුෂ Tuesday, 10 December 2013 04:04 PM

මිනිස්සු මේ වගේ වැඩ කරන්නේ රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුනම. මිනිස්සු දන්නවා මොන ජරා වැඩේ කරත් බේරිලා යන්න පුළුවන් කියලා. මිනිස්සුන්ට වෙන්නේ තම හිසට තම අතමය කියලා නීතිය තමන්ගේ අතට අරගෙන අර කිව්වා වගේ මඩු වලිගෙන් ගහලා එල්ලන එක තමා. (ස)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 10 December 2013 04:07 PM

මේ ගැන කියන්න මම වෙනම වචන මාලාවක් හදා ගන්න ඕන. ලංකාවේ වාසය කරන සමහර ජනතාව කොයි තරම් පිරිහිලද කියල පේනවා නේද. අහිංසක දරුවගේ අනාගත ගමනටත් මේ තරම් ජරා වැඩ කරන වෙන ජාතියක් දැක තිබේද?? (ස)

:       0       0

අචිර පණ්ඩිතරත්න Tuesday, 10 December 2013 11:06 PM

නංගියේ හොදින් විභාගය කරන්න ඔයා මේ පාර විභාග ගැන ගත්ත තීරණයම ඔයාට ඔය වගේ දෙයක් කළ අයට හොඳ පාඩමක් වේවි. (ස)

:       0       0

මංජුලා හේමමාලි Tuesday, 10 December 2013 04:12 PM

ඔයාට හොදකම වෙන්න ඕන නංගි. මෙච්චර නපුරු මිනිස්සු මේ රටේ ඉන්නේ හොදට ඉගෙනගෙන මේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න ඔයාට ස්වභාව ධර්මය බලා ගනියි (දිල්)

:       0       0

අසෝකා Tuesday, 10 December 2013 04:12 PM

වයසින් පොඩි උනත් බාධක උහුලන්න!..නොසැලී ඉදින් දියණියේ දිවි ජයගන්න... මාවත එයයි මතු ඉදිරියටම යන්න!...නොසැලී ඔබේ හිහ දිරිමත් කර ගන්න! ...ගිනි දා වැනසුවත් පාඩම් පොත් සෑම...මොලයෙන් ඔබට ජය ගත හැක මේ සැවොම.. දිරිමත් දියණියක් වී යන්නට ඉදිරියට.... අපි සුභ පතන්නෙමු හදවත පතුලෙන්ම!!!(දිල්)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 10 December 2013 04:14 PM

ඔබේ දක්ෂතාවය ඔය නරුමයන්ට ගින්නෙන් විනාශ කල නොහැක ඔබට දෙවියන්ගේ පිහිටයි ඔබට ජය (දිල්)

:       0       0

දර්ෂා Tuesday, 10 December 2013 04:15 PM

ආරක්ෂාව ලබා දෙන්න. මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි. (ස)

:       0       0

උපුල් Tuesday, 10 December 2013 04:18 PM

ආදරණිය දුවේ, ඔබට වැඩ නවයටම හොඳට ලකුණු ගන්නවා.ඒක ඉර හඳ වගේ විශ්වාසයි. (ස)

:       0       0

දනූ Tuesday, 10 December 2013 04:18 PM

නංගි ඔය වගේ මිනිසුන්ට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා...ඔයාට බුදු සරණයි. හොඳට විභාගය සමත් වෙන්න. සැලෙන්නෙපා. (ස)

:       0       0

රොෂාන් Tuesday, 10 December 2013 11:33 PM

පුතේ, රුප සම්පත්තිය උපතින් අරන් ආපු ඔයාට, අධ්‍යාපනය නමැති ආභරනයත් උරුමයි, ඒක මොන කරුමක්කාරයෙකුටවත් වළක්වන්න බැහැ...ඔයාට දිරිමත් වෙන්න ඔය ලැබුණු කඩ ඉම හොදක් සේ සලකන්න....තව දිරිමත් වෙන්න..සුභ අනාගතයක්...(ස)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 13 December 2013 05:14 AM

ගම් වල සිදුවෙන දේවල් අපි දන්නවනේ (නි)

:       0       0

දොන් ෆර්සාන් Tuesday, 10 December 2013 04:20 PM

නිර්භීත ගෑණු ළමයෙක්. (ස)

:       0       0

අනුර Wednesday, 11 December 2013 12:09 AM

ඔබට ජය වේවා නංගියේ (නි)

:       0       0

හේරත් රණවීර Tuesday, 10 December 2013 04:29 PM

ඔයාගේ ගෙදර නෙවෙයි ගින්නෙන් දැවෙන්නෙ.ඔයා ජය ලබා ගත් පසු ඔවුන්වයි දැවි දැවී පිච්චෙන්නෙ. (ස)

:       0       0

ක්‍රිස් Tuesday, 10 December 2013 04:30 PM

මම ඔයාට සුබ පතනවා. ඔයා කිසිවිටක සැලෙන්න එපා. අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා. (ස)

:       0       0

පියල් Wednesday, 11 December 2013 12:22 AM

නංගියෝ, ඔයාට සුබ අනාගතයක්. ඉස්සරහටම යන්න (නි)

:       0       0

අනුරාධ Thursday, 12 December 2013 09:14 AM

නංගි,ඔය‍ාගේ ජීවිතයේ ඔය සිදුවීම පුංචි අත්දැකීමක් විතරක් කරගන්න.ඔය‍ාගේ ජීවිතයේ සාර්ථකත්වය ගැන හිතන්න (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 11 December 2013 12:23 AM

"තිබු තැනක සොර සතුරන් ගත නොහෙනා - උගත මනා ශිල්පයමයි මතු රැකෙනා". (නි)

:       0       0

ධනුකේ Tuesday, 10 December 2013 04:35 PM

කරපු එකාට හොඳක් වෙන්න එපා. (ස)

:       0       0

යසස් Wednesday, 11 December 2013 10:20 PM

ඔබට බුදු සරණින් කිසිම හානියක් නොවේවා...... ජයෙන් ජය ..........! (ස)

:       0       0

ප්‍රභාත් Tuesday, 10 December 2013 04:35 PM

දුවේ උන් ලඟ නැති වටිනා දෙයක් නුඹ ළඟ තියනවා..ඒ තමයි ආත්ම විශ්වාසය සහ ශක්තිය. නතර වෙන්න එපා ..යන්න ඉදිරියටම..වෛර කරන උන් වෛරයෙන්ම විනාශ වෙන්න. අධ්‍යාපනයේ යන්න පුළුවන් ඉහලම තැනට යන්න... උන් එදාට එයි නුඹ ලඟ දනින් වැටීගෙන ..එදාට තිරණය නුඹ අතේ... (ස)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 11 December 2013 12:55 AM

සමදරා,ඔයාට නම් පිස්සු හැදීගෙන එනවා වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

මඩවල හිමි Tuesday, 10 December 2013 04:37 PM

පොඩි දුවේ, දුක ඔබ තුල වඩා ගැඹුරට හාරා ගෙන යද්දී වඩා සතුට ගබඩා කරන්නට ඉඩ ලැබෙන බව වටහා ගන්න. ඔබට වරදින්නේ නැහැ. (ස)

:       0       0

පි .එල් .නිමල් Wednesday, 11 December 2013 12:56 AM

අපරාධය කළවුන්ට හොදක් නම් නොවේවා! (නි)

:       0       0

තිළිණි Tuesday, 10 December 2013 04:42 PM

දිරිය නැගණිය තව තවත් ශක්තිමත් වේවා. මානසික දිළිඳු බව හා පැමිණෙන අනාරක්ෂිත භාවය සහ හීනමානය තව තවත් ජාතික දේහය පුරා පැතිරෙන්න කලින් අපේ අධ්‍යාපන ක්‍රමය තුලින්ම මිනිසුන් ගැහැනුන් ඒ පිළිබඳව දැනුවත් කරමු. (ස)

:       0       0

බවන්ත Wednesday, 11 December 2013 01:00 AM

ඔයාට හොදට විභාගේ හොදට ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා නංගි. ඔයා හොදට විභාගය ලියලා ඔයාට මේ වැඩේ කරපු කෙනාට පෙනෙන්න හොද ප්‍රතිපලයක් ගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට ජේසු පිහිට ලැබේවා! (නි)

:       0       0

අජිත් Tuesday, 10 December 2013 04:45 PM

අනේ පව්, මේ අපරාදේ කරපු එවුන්ට හෙන හතම ගහන්න ඕනේ. මේ දරුවාගේ අනාගතය දීප්තිමත් වේවා කියා පතමි. (ස)

:       0       0

නාමල් Wednesday, 11 December 2013 01:08 AM

මේ වගේ වැඩ කරන්නේ පහත් මානසිකත්වයක් ඇත්තන් (නි)

:       0       0

කුමාර Thursday, 12 December 2013 09:38 AM

මේ තීරණාත්මක මොහෙතේ මෙම දැරිවියට උසස් අධ්‍යාපනයට පිවිසීමට පළමු වන කඩුල්ල පැනීම සඳහා උදව් කළ සියලු දෙනාටම තිසරණ සරණින් යහපතක්ම වේවා!!!. දැරිවියටද ඉදිරියටම යාමට අවශ්‍ය ජවය, බලය සහ ආත්ම ශක්තිය නොඅඩුව ලැබේවා!!! (ස)

:       0       0

ජනක වෙල්ලප්පිලි Tuesday, 10 December 2013 04:47 PM

අනුන් කරන වැරදී දේට දොස් නගනවා වගේම ඔය කවුරුත් තමුන් නිතරම හරි දේ කරනවද කියලත් සොයල බලන්න .. ලෝකය හදන්න බැහැ. ඒත් තමුන්ට හැදෙන්න පුළුවන්. එතකොට ලෝකයම ලස්සන වේවි.. (ස)

:       0       0

ශාන්ති Wednesday, 11 December 2013 01:52 AM

දුවේ ඔයා හොදින් විභාගය ලියා ඉහලින්ම පාස් වෙන්ඩ කියල මම පාර්ථනා කරනවා . ඔයාට ජයෙන් ජයම ලැබේවා.(නදී)

:       0       0

ෂෙරීන් Tuesday, 10 December 2013 04:53 PM

ඒ දරුවා වෙනුවෙන් හැමෝම හොඳ අදහස් දාලා තියෙන්නේ.මටත් කියන්න තියෙන්නේ, ඒවාම තමා. නමුත් විශේෂයෙන්ම ඒ ළමයා ඉන්න තැන වෙනස් කලොත් මන් හිතනවා එයා ගේ ජිවිතේට හොඳයි කියා. (ස)

:       0       0

අනුර යු ඒ ඉ Tuesday, 10 December 2013 04:57 PM

දුවේ "නුඹ විභාගය ඉහලින්ම සමත්වනවා නියතයි". නුඹව නැවත්වීමට කිසිවකුටත් නොහැකියි. මේ දරුවට ආරක්ෂාව ලබාදෙන ලෙස ප්‍රදේශයේ පොලිසියෙන් අපි ඉල්ලා සිටිමු. (ස)

:       0       0

නන්දසිරි තේනුවර Friday, 25 July 2014 09:17 PM

මේ වගේ නරුමයන්ට ගමේ වටපිටා ඉන්න අය මේ ගමේ තවත් ජිවත්වෙන්න ඉඩ දෙනවාද? (නදී)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Tuesday, 10 December 2013 04:59 PM

මේ වගේ එවුන්ට දෙන්න තියෙන හොදම දේ තමා විබාගය ඉහලින්ම සමත් වෙන එක. (ස)

:       0       0

රණසිංහගේ Wednesday, 11 December 2013 02:16 AM

මේ දේ කරලා තියෙන්නේ සිංහලයෙක්ම නේද? .මගේ දරුවා මොකද පිට දරුවෙක් මොකද?  පිපීගෙන එන මලකට නේද මේ අපරාදය කරලා.ලෝකේ කිසිම ජාතියක් කරනවැඩද මේ කරලා තියෙන්නේ පව්. (නදී)

:       0       0

මහේෂිකා Tuesday, 10 December 2013 05:04 PM

දෙවියනි මෙහෙමත් මිනිසුන් ඉන්නවා නේ අපේ ලංකාවේ. නංගියේ ඔයාගේ විභාගය ලියන්න තව තවත් ශක්තිය ලැබේවා..!! ඔබට සුබ අනාගතයක් බුදුසරණ..! (ස)

:       0       0

දයානන්ද - කුවේට් Wednesday, 11 December 2013 01:12 PM

දුවේ ඔයාට ජයෙන් ජය. ඔය වැඩේ කල අයට නිසි දඩුවම් ලබා දේවී. ඔයාට තෙරුවන් සරණයි. (ස)

:       0       0

නිශාර්ඩ් Tuesday, 10 December 2013 05:06 PM

දුව ජයමාලි මොනවා ගින්දර දාල විනාශ කලත් ඔබගේ ධෛර්යය දැනීම කාටවත් විනාස කරන්ට බැහැ. ඔයාගේ නම පටන් ගන්නෙත් " ජය ". ඉතින් දුව ජයමාලි ඔබට හැම ජයම වේවා !!!! කාටවත් හොරකම් කරන්ට බැරිදෙය තමා " උගත්කම " (ස)

:       0       0

සෝමදාස Tuesday, 10 December 2013 05:07 PM

භයක් නැතුව මෙවැනි වැඩක් කලේ කව්ද කියල ‍හෙලිදරව් කළානම් කාටත් දැනගන්න. (ස)

:       0       0

ලංකාජීව Wednesday, 11 December 2013 05:43 PM

ඔය කිසිම දෙයකට බය නොවන්න. උදව් උපකාර ඕනෑ නම් ලියන්න. කිසිම බලවේගයකට ඔයාගේ ඉගෙනීම නවත්වන්න බැහැ (නි)

:       0       0

සෙලනිකස් Tuesday, 10 December 2013 05:09 PM

හොඳම විසඳුම මේ ගිනි තැබීම කළ කෙනාව හංගපු ගිනි පෙට්ටියක් සොයන්න රැගෙන යාමයි (නි)

:       0       0

ගුණේ Tuesday, 10 December 2013 05:11 PM

මට පෙන්න විදියට මේ ගෙදර දෝෂයක් තිබෙනවා. ජනෙල් 3 එක කෙලින් තියෙන්නේ. එකක් මුදුන් වහළයට කෙළින් තියෙන්නේ. ඒක හොද නැහැ (නි)

:       0       0

මේනකා ලොකුපතිරණ Tuesday, 10 December 2013 05:13 PM

ඔයා පව් නංගියෝ.එත් ඔයා ලඟ තියෙන ආත්ම විස්වාසයට මම ගොඩක් ගරු කරනවා.ඔයාට නිසැකයෙන්ම විභාගය සමත් වෙයි.සුබම සුබ අනාගතයක් ඔයාට. (ස)

:       0       0

තිලිණ මධුසංක Tuesday, 10 December 2013 05:13 PM

නංගි ඔයා විභාගය ඉහලින්ම සමත්වනවා නියතයි". ,, මම ඔයාට සුභ පතනවා..........(ස)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 10 December 2013 05:16 PM

ඉගෙනීමේ වටිනාකම නොදන්නා කුහකයෙක්ගේ වැඩක් .... දුවේ ඔයාට ජයෙන් ජයම ලැබෙනවා ... පරිස්සමින් ඉන්න මුන් ආයෙත් ඔයාට කරදර කරයි ... (ස)

:       0       0

තිලිණ මධුශංක Tuesday, 10 December 2013 05:17 PM

නංගි ඔයා O/L ඉහලිනම සමත්වෙනවා.... අනිවාර්යෙන්ම.... එන අවුරුද්දෙ හොදින් A/L කරන්න වාසනාව ලැබේවා කියල මම සුභ පතනවා..... (ස)

:       0       0

සම්සුදීන් Tuesday, 10 December 2013 05:18 PM

පව් නේද. (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 10 December 2013 05:23 PM

ඔයාට සුභ අනාගතයක්. කිසිවිටක සැලෙන්න එපා...!! (ස)

:       0       0

සනත් Wednesday, 11 December 2013 01:37 PM

දුවේ ඔබගේ අනාගතය ජය නියතයි. නොසැලී ඉදිරියටම යන්න. ඔයාට තෙරුවන් සරණයි. (නදී)

:       0       0

විශ්වජිත් Tuesday, 10 December 2013 05:25 PM

දියණියනි ඔබට රත්නත්තරයේ පිහිට ලැබේවි. හොදින් විභාගයට මුහුණදෙන්න.සියලු දෙවි රැකවරණය ලැබේවි. (ස)

:       0       0

ලාල් Wednesday, 11 December 2013 03:42 AM

ගෙට ගිනි තිබ්බට ඔයාගේ දැනුමට ගිනි තියන්න කිසිකෙනකුට බැහැ. ඒ දේවල් අමතක කරලා විභාගෙට හොදින් මූහුණ දෙන්න.ඔයාගේ ප්‍රතිපල ලංකාවේ හොදම 10 දෙනාගෙන් කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ප්‍රතිපල අාවහම ලංකාදීපයට කියන්න (නි)

:       0       0

ජගත් Tuesday, 10 December 2013 05:28 PM

ගිනි තියපු කෙනාව අල්ලලා හොද දඩුවමක් දෙන්න ඕනෑ (නි)

:       0       0

ලංකා Tuesday, 17 December 2013 09:56 PM

අසංගට වුණා වගේ දෙයක් මටත් වුණා.මගේ සටහන් පොත් ඔක්කොම හොරකම් කළා මම බොහොම අමාරුවෙන් පාඩම් කරලා විශිෂ්ට ලෙස පාස් උනා. හැබැයි සටහන් පොත් හොරකන් කරපු අයට ඒ දේ පලදීලා තිබ්බා (දිල්)

:       0       0

මරික්කාර් Tuesday, 10 December 2013 05:28 PM

මනුස්සකම ඔප්පු කරමින් කටයුතු කළ විදුහල්පතිතුමාට මගේ අවංක ප්‍රණාමය පුදකරමි. (නි)

:       0       0

සනත් Wednesday, 11 December 2013 01:40 PM

දිරිය දියණියනි, ඔබට ජය නියතයි (නි)

:       0       0

චන්දන ගමගේ Tuesday, 10 December 2013 05:29 PM

මේ මිනිස්සු මුරුගසන් වැස්සට තෙමිලද ? (නි)

:       0       0

මොහමඩ් Tuesday, 10 December 2013 05:34 PM

නංගියේ, ඔබට මගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

හංසි Saturday, 14 December 2013 06:53 PM

ඔයාට ඒ 9 යක් ලැබේවා.(නදී)

:       0       0

සනත් Saturday, 15 February 2014 02:27 PM

බාදක ජයගන්නවා කියන්නේ ඔයා දිනනවා කියන එක තමයි නංගෝ. ඔයාට කවදාකවත් වරදින්නේ නැ. මගෙන් සුබ පැතුම්.(නදී)

:       0       0

නන්දන Tuesday, 10 December 2013 05:42 PM

ඔයාට ජය පතනවා පැරිස් වලින්.වරදකරුවන්ට වහාම දඩුවම් දෙන්න (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 10 December 2013 05:45 PM

මෙන්න අභියෝගය.දිරිය ගන්න දූ. ඔබට දළඳා සමිදුගේ පිහිට ආරක්ෂාවම ලැබේවා! බුදු දහම සත්‍යයයි.ඔබට ජයවේවා! සතුරන්ට වෙන දේ වෙයි. (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Tuesday, 10 December 2013 05:45 PM

මේ අදහස් බැලුවහම දැනෙන සතුට අතිමහත්. ඒ වෙන කිසිවක් නිසා නොව අනුන්ගේ දුක දැනෙන ,සානුකම්පිතව සිතන මිනිසුන් තවත් ලොව ඇති නිසා (නි)

:       0       0

ආශා Sunday, 29 June 2014 05:57 PM

අධෛර්යමත් නොවී ඉදිරියට යන්න දුව . එනමුත් මිතුරන් වෙසින් එන සතුරන්ගෙන් පරිස්සන් වෙන්න . විශේෂයෙන් අනුන් දෙන කෑමකන්න එපා . ඔබට බුදුසරණයි ! (දී)

:       0       0

දර්ශන Tuesday, 10 December 2013 05:45 PM

ඇලෙක්ස්, උදවුවක් අවශ්‍ය නම් දන්වන්න කියන්නේ කාටද?මොකද ඔයාගේ ලිපිනයක් දාලා නැහැනේ. ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැ (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 11 December 2013 06:10 AM

මට හරි දුක හිතුණා. විභාගයට ලියන්න අවස්ථාව දුන්නට ස්තූතියි. ඔබට ජය! (නි)

:       0       0

කාන්ති Tuesday, 10 December 2013 05:51 PM

මින් ඔබට තවත් ධෛර්යයක් ලැබිය යුතුයි (නි)

:       0       0

අමල් ද සිල්වා Tuesday, 10 December 2013 05:55 PM

නංගියේ, ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණින් ජයම වේවා! (නි)

:       0       0

රකිත් Wednesday, 11 December 2013 06:53 AM

ගිනිගෙන දැවුණ පත පොත මට අහිමි වුණත්.... ගෙන යා යුතු පිවිසුම් පත පිළිස්සුනත්.... තිබුන එකම නිල ඇඳුමම අහිමි කළත්.... ජයමාලි වුනේ නිකමට නම් නොවේ මමත්.... (නි)

:       0       0

රත්න Tuesday, 10 December 2013 05:58 PM

ඔයාට සුබ පතනවා.ජයෙන් ජය වේවා........! (ස)

:       0       0

විනෝත් Thursday, 12 December 2013 11:22 AM

මම හිතන්නේ මේ ගෙදරට ගාලා තියන තීන්ත වල පා‍ටෙත් වැරැද්දක් තියෙනවා. මාත් එක්ක කව්ද එකග. (නි)

:       0       0

ෂෙරීන් Thursday, 12 December 2013 12:59 AM

චමත් ඔයා හරි.සමදරා ට නම් ඇත්ත ට ම ලූස්.නැත්නම් මේ ළමයාගේ වරදක් ඇති කියන එකක් නැහැ. (ස)

:       0       0

අජිත් Tuesday, 10 December 2013 06:07 PM

කර්මය විසින් ගිනි තැබූ නරුමයාට දඩුවම් ලබා දෙනු ඇත . දුව හොදින් විබාගයට ලියන්න . (ස)

:       0       0

ලීල් චානුක Tuesday, 10 December 2013 06:13 PM

පුලුවන් තරම් හොඳට විභාගය ලියන්න නංගි...ඔයාට සුභ පතනවා..!! (ස)

:       0       0

එදිරිසිංහ Friday, 13 December 2013 10:42 AM

දිරිමත්ව ඉදිරියට යන්න දු‍වේ සුභ පැතුම්(දිල්)

:       0       0

අනිල් රාජපක්ෂ Sunday, 29 June 2014 06:33 PM

විදුහල් පති තුමාට හා අනෙකුත් කාර්යය මණ්ඩලයට මගේ සුබපැතුම් (දී)

:       0       0

ගයාන් දංගල්ල Tuesday, 10 December 2013 06:15 PM

ගිනි තියපු අයට නිතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන්ඩ ඕනේ. නංගියේ ඔයා හොදට විභාගේ ලියලා අනිවාර්යෙන්ම ජය ලබන්ඩ . ඔයාට ජය! (නදී)

:       0       0

අනිල් රාජපක්ෂ Sunday, 29 June 2014 06:37 PM

මේවගේ විදුහල් පති තුමන්ලා රැකදෙන්න දෙවියනි අනිත් අයට ඉගෙන ගන්න හොඳ පාඩමක් (දී)

:       0       0

අනිල් රාජපක්ෂ Sunday, 29 June 2014 06:40 PM

ගුරු තුමා දෙවි පිහිටයි කරපු උදවුවලට (දී)

:       0       0

කැලුම් Wednesday, 11 December 2013 02:18 PM

මේ ළමයා හුඟක් දක්ෂ ඇති.ඒ වගේම මෙම නිවසේ ගාලා තියන පාටට විරුද්ධ අයත් ඇති. (ස)

:       0       0

ඉන්දු මෙල්බර්න් Wednesday, 11 December 2013 07:44 AM

නැගණියනි, මේ පුවතට අදහස් දාලා තියෙන සැමදෙනාගේ ආශිර්වාදයම ඇති ඔබට ඉහළින්ම විභාගය සමත් වෙන්න. ඔබට ජය නියතයි. (නි)

:       0       0

සාරසී Wednesday, 11 December 2013 02:24 PM

ගම් වල හුඟක් මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. මේ දරුවාගේ ජීවිතේටත් අනතුරක් වෙන්න බැරි නැහැ. පදිංචියත් වෙනස් කලොත් හොඳියි වගේ. හොඳ ගම්වලත් ජරා මිනිස්සු ඉන්නවා. උන් පිච්චිලම පලයන්.(නදී)

:       0       0

ආර්නෝල්ඩ් Friday, 13 December 2013 11:40 AM

ලංකාවේ අයට මොනා වෙලාද මන්දා ඉරිසියාකාරයෝ. විභාගේ පේල් උනොත් බලු කුඩුවේ දානවා පුච්චනවා. අපේ පන්තියේ කොල්ලෙක් හිටිය පොඩි කාලෙ ඉඳන් පන්තියේ අන්තිමයා. අවරුදු 3 ක් පේල් උනා. දැන් ඉන්නේ ඇහරිකාවේ වාරයේ වැඩ මාසයට ඩොලර් පනස්දාහක් උපයනවා.(නදී)

:       0       0

මුදි දසනායක Sunday, 29 June 2014 02:27 AM

ඔබගේ විභාග ප්‍රතිපල සඳහා විශිෂ්ට සමාර්ථ ලැබීමට පර්ර්තනා කරමි .! ඔබට දීප්තිමත් අනාගතයක් ! (දී)

:       0       0

අශාන් Tuesday, 10 December 2013 06:47 PM

මේ වැඩේ කරපු අයට හොදක් වෙන්නෙ නැහැ. මම සුබ පතනවා නංගි. (නි)

:       0       0

ශාලින්ත Sunday, 29 June 2014 03:39 AM

නංගියෝ ඔයාට දෙව් මවු රැකවරන්යි ..ඕව තුට්ටුවකට වත් ගණන් ගන්න එපා ... (දී)

:       0       0

අසංග Saturday, 14 December 2013 10:09 PM

දයාබර දියණිය , මට ඔයාගේ වයසේදීම සිදු උන දෙයක් කියන්නම්. මම සාමන්‍ය පෙළ ලියන්න ලෑස්ති වෙනකොට ලංකාවේ එක පළාතකින් මගේ පාසලට ආව කල්ලියක් එයාලගේ පළාතෙන් ආව අය විතරයි ඉගෙන ගන්න දක්ෂ කියල පෙන්නගෙන හිටිය. එත් එයාලට මම පන්තියේදී ගත්ත ලකුණු වලට කිට්ටු කරන්නවත් බැරි උනා. අන්තිමට විභාගයට මාසයක් තියල මගේ පොත් ඔක්කොම හොරකම් කළා. මම හොස්ටල් එකේ හිටිය නිසා එයාලට එක ලේසි උනා. මම අමාරුවෙන් යාළුවෙක්ගෙන් සටහන් අරගෙන ලියාගෙන විභාගය ඉහලින්ම සමත් වුණා. ඒ විතරක් නෙවෙයි අද මම මහාචාර්ය වරයෙක්. ඔයා හොදින් ඉගෙන ගන්න. එයාලට ඔයාගේ ගමන නවත්වන්න දෙන්න එපා. ඔබට ජය (දිල්)

:       0       0

අශාන් Wednesday, 11 December 2013 08:09 AM

දියණියනි, ඔබේ ආත්ම ශක්තිය ඔය තිරිසනුන්ගේ සිත් හැමදාමත් ගිනි තියාවි. පරිස්සම් වෙන්න. ඔබට දෙවි පිහිටයි! ජය පතමි (නි)

:       0       0

මදූ ෂෙරීනා Tuesday, 10 December 2013 07:13 PM

නංගී ඔයාට තව තවත් ආත්ම ශක්තිය ලැබේවා. ඔයාට බුදු සරණයි.(නදී) .

:       0       0

සුරංග Saturday, 21 December 2013 02:33 PM

අනේ නංගි ඔයාට සුබ පතනවා. අනාගතෙ නිසැකවම ජය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට බුදු සරණයි.....(අ)

:       0       0

මර්වින් Wednesday, 11 December 2013 08:20 AM

මම නම් බනින්නේ නැත ඒ මිනිසුන්ට. ඔයා ලංකාව පුරාම ප්‍රසිද්ධ වුණා. (නි)

:       0       0

සිරිමල් Tuesday, 10 December 2013 07:30 PM

කහල ගොඩේ තිබුණත් මැණික මැණිකක් මයි. අද අයුක්තිය, අසාධාරණය තමයි වැඩියෙන් අහන්න දකින්න වෙන්නෙ.ඔබ දිරිය දියණියක්. ඔබගේ අනාගතය ඔබගේ අධිෂ්ටාන  ශක්තිය මත අනිවාර්යයෙන්ම සුභ වෙනවා. මගේ ප්‍රාර්ථනයත්  ඒකයි. ඒත් ඔබගේ ගෙට  ගිනි තැබූ අයගේ  ප්‍රාර්ථනය පළවෙනි  අදියරේදී ඉටු නොවුණා නම් ඔවුන් නැවත වරක් ඔබට පහර එල්ල  කරන්න බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ කල්පනාවෙන් සහ පරීක්ෂාවෙන්  යුතුව සිටින්න. ඔබට නපුරක් නොවේවා !!! ඔබගේ සියලු බලාපොරත්තු ඉටු වේවා !!! ඔබට ජයෙන් ජයම අත්වේවා !!! (නි)

:       0       0

සිරි Wednesday, 11 December 2013 02:47 PM

මේ තීරණාත්මක මොහෙතේ මෙම දැරිවියට උසස් අධ්‍යාපනයට පිවිසීමට පළමුවන කඩුල්ල පැනීම සඳහා උදව් කළ සියලු දෙනාටම තිසරණ සරණින් යහපතක්ම වේවා!!!. දැරිවියටද ඉදිරියටම යාමට අවශ්‍ය ජවය, බලය සහ ආත්ම ශක්තිය නොඅඩුව ලැබේවා!!! (ස)

:       0       0

සනා Tuesday, 10 December 2013 07:34 PM

පොත්පත් ගිනි තිබ්බට ඔයාගේ මතකය නැති කරන්න බැහැ. ඔයාට වෙනදාටත් වඩා හොද මතකයක් විභාගයේදී ඇතිවෙන්න කියලා මම පතනවා. ඔබට සුබ අනාගතයක් (නි)

:       0       0

දුෂ්මන්ත Wednesday, 11 December 2013 08:51 AM

නංගි, ඔයා ජිවිතේ ජය ගන්න. ඔයාට පුළුවන්. ඔයාට මේ අපරාදේ කරපු අයට හොදක් වෙන එකක් නැහැ. නමුත් ඔයා ඒ මිනිස්සුන්ට ශාප කරන්න එපා. මොකද ඔවුන්ට ධර්මයෙන් දඩුවම් ලැබෙනවා. ඔබට ජයෙන් ජය පතනවා (නි)

:       0       0

රන්දික Wednesday, 11 December 2013 09:01 AM

නංගි, ඔය වගේ දේවල් වලින් සැලෙන්න එපා.ඔය දේවල් වලින් හිතට ධෛර්යක් ගන්න.මම ඔයාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා (නි)

:       0       0

මනෝජ් Wednesday, 11 December 2013 09:04 AM

ඔයා බය වෙන්න එපා. ඔයා දිනනවා (නි)

:       0       0

පතිරණ Wednesday, 11 December 2013 07:24 PM

ඔයා ඉදිරියටම යන්න දුවේ. සුභ අනාගයක්! (නි)

:       0       0

කුමාර Tuesday, 10 December 2013 02:42 PM

ගෙට ගිනි තියපු අයට හෙනම ගහන්න ඕනේ.(නදී)

:       0       0

දිලන්ක Wednesday, 11 December 2013 09:05 AM

නංගි, මේ වුණ හැමදේම ඔයාගේ හිතට ශක්තියක් කරගන්න (නි)

:       0       0

සෙනරත් Tuesday, 10 December 2013 07:39 PM

මේවා නම් කැත වැඩ. නමුත් මේ දෙන්නා විතරද සා. පෙළ ලියන්නේ? එහෙම නම් හැම සා. පෙළ ලියන ගෙදරක්ම ගිනි තියන්න වේවී (නි)

:       0       0

ආනන්ද Wednesday, 11 December 2013 09:08 AM

අදහස් දක්වපු හැමෝම හදවතින්ම සුභ පතලා තියෙන නිසා මෙම අදහස් ඒ දියණියට ශක්තියක්. කරුණාකර මෙම අදහස් ටික ඇයට ලැබෙන්න සලස්වන්න හැකි නම් ලංකාදීපය කරන තවත් හොඳ වැඩක් තමයි ඒ. (ස)

:       0       0

ගෝකුලන් Tuesday, 10 December 2013 02:43 PM

ඔයාට සුභ අනාගතයක් නංගි. ඔයා සැලෙන්න එපා. ඉතිරි විභාගවලටත් හොදට මුහුණ දෙන්න. ඔයාට මාගේ සුභ පැතුම් ! (නදී)

:       0       0

සංජු Wednesday, 11 December 2013 09:24 AM

කවුරු මොනවා කීවත් කරත් ඔබ සැලෙන්න එපා. මෙවාගේ කරපු කෙනාට ඔබ මෛත්‍රී කරන්න. (ස)

:       0       0

නලින් Tuesday, 10 December 2013 07:41 PM

ඔයාට පුලුවන් නංගියෝ මෙ කඩඉම පැනගන්න? තෙරුවන් සරණින් ජයම වේවා! (නි)

:       0       0

සේනානායක Tuesday, 10 December 2013 02:47 PM

නැගනියෙණි, ඔබට විශිෂ්ට ජයක් ලැබීමට ආත්ම ශක්තිය ලැබේවා ..!! ඔබගේ සටහන් පත්ද සියල්ල විනාශ වන්නට ඇත. එසේ වුවත් උගත් දේ මෙනෙහි වීමට මනසටත් ශක්තිය ලැබේවා..!! මේ අපරාධය කරපු මිනිස් වෙස් ගත් තිරිසනුන් හට දිට්ට ධම්ම වේදනීය ලෙසත් නීතියෙනුත් දඩුවම් ලැබේවා..!!! (ස)

:       0       0

මෙන්ඩිස් Tuesday, 10 December 2013 02:48 PM

ඔය වැඩේ කරපු එකාට/ එවුන්ට මඩු වල්ගෙන් තල තල නගරය මැද්දට ගෙනල්ල ප්‍රසිද්ධියේ එල්ලන්න ඕනා. වෙන කියන්න දෙයක් නෑ. අද ලංකාවේ ගොඩක් දෙනෙක් ඉන්නවා ඉගෙන ගන්න දක්ෂ හැදිලා එන ළමයි පේනකොට ඇස් වලට කටු අනිනවා වගේ දැනෙන අය. මුන් විනාශ කරන්නේ දක්ෂ ළමයින්ගේ විතරක් නෙවෙයි රටෙත් අනාගතය. (නදී)

:       0       0

සුසිල් Wednesday, 11 December 2013 03:01 PM

අභියෝග බාධක මැද ඉදිරියටම යන්න ශක්තිය දිරිය ලැබේවායී ප්‍රාර්ථනා කරමි.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 6 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 53 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 114 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 428 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 551 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 83 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14547 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site