හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අංශය අද පැය හයක් පමණ ප්‍රශ්න කළේය.
බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එම කොමිසම පිහිටුවා ඇත.
ප්‍රශ්න කිරීම අවසානයේ ඔහු පිටව යද්දී මාධ්‍යවේදීන් ඇසුවේ කුමක් ගැන ප්‍රශ්න කළේද යන්නයි.
රක්නා ලංකා සමාගම ගැන ප්‍රශ්න කළ බව ඔහු කීවේය.
රක්නා ලංකා යනු විශ්‍රාමික හා හමුදාවෙන් ඉවත් වූ පිරිස්වලින් සමන්විත සමාගමකි.
‘ඔයගොල්ලොන්ට දැන් නිව්ස් නැහැනේ.‘ යනුවෙන් ඔහු කීවේය.
‘ඔබ මොනවද කීවේ?‘ යනුවෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
‘ඒවා කියන එක හරි නැහැනේ. ඒවා ඕනෑ නෑ‘ යනුවෙන් කියාගෙන ඔහු වාහනය දෙසට ගමන් කළේය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ
පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.
ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම
නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි
2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ගෝඨාගෙන් පැය හයක් ප්‍රශ්න කරයි
පෙරේරා Monday, 24 August 2015 06:40 PM
දූෂණ වංචාවල් ගැන ගොඨාගෙන් ප්‍රශ්න කිරීම වරදක්ද?? (නි)
කැනඩා දිසා Monday, 24 August 2015 10:39 PM
ඕක තමයි පව් කරන්න එපා කියන්නේ. කවදාහරි පටිසන් දෙනවාමයි. (නි)
රෝහණ Monday, 24 August 2015 11:48 PM
බලය තාවකාලිකයි, මොනම ආකාරයකින්වත් අනිසි ලෙස භාවිතා නොකළ යුතුයි. (නි)
නිශාන්ත Monday, 24 August 2015 10:59 AM
මුල්‍ය වංචාවට එජාපයේ ලොක්කෝ අත් අඩංගුවට ගන්නේ කවදාද ? (නදී)
සුමිත් Monday, 24 August 2015 11:45 AM
මොහු තාම වරදකරුවකු නොවේ.(හේ)
චමල් Monday, 24 August 2015 11:48 AM
නිශාන්ත , ඔයා දන්නා මොකක් හරි වංචාවක් තියෙනවා නම් පොලිසියට පැමිණිලි කරන්නකෝ. පැමිණිල්ලක් නැතුව අල්ලන්න බැහැනේ.(හේ)
සහීඩ් කටාර් Tuesday, 25 August 2015 03:22 AM
වැරැද්දක් කළැයි කියමින් සරත් ෆොන්සේකාව හිරේ යවන්න පුලුවන් නම් මෙතුමා ගෙන් ප්‍රස්න කිරීම සමහරුන්ට ප්‍රස්න වෙන්නේ අැයි ? නීතිය ඉෂ්ට විය යුතුමයි. මින් ඉදිරියටත් නීතිය කාටත් සමාන බව තහවුරු වේවා ! (නදී)
ප්‍රකාශ් Monday, 24 August 2015 12:07 PM
මේ රටේ පහල වූ අවංක ශ්‍රේෂ්ට සැබෑ යුග පුරුෂයෙක්.(හේ)
ජයසේන Monday, 24 August 2015 12:20 PM
යුගයේ සිටි එක හොදම රාජ්‍ය නායකයෙක් (අ)
විමුක්ති Monday, 24 August 2015 12:35 PM
යුග පුරුෂයෙක් වුනත් හොරකම් කෙරුවොත් දඬුවම් දෙන්න ඕනේ. (බ)
අදිරි Monday, 24 August 2015 12:48 PM
තාමත් අපි පණ බයේ කොටි යටතේ, මොහු නැත්නම් (හේ)
චන්ද්‍රා Monday, 24 August 2015 12:58 PM
කරන කලට පව් මිහිරිය මි සේ , හාල්මැස්සන් කරෝල කෑවා නම්... ආදී කියමන් පැරැන්නන් කියා ඇත්තේ නිකන්ම නොවේ (හේ)
චන්දන Monday, 24 August 2015 01:03 PM
කළ පවු පල දෙයි කියන්නේ ඕවාට තමයි.(හේ)
ඉන්දික Monday, 24 August 2015 02:00 PM
දුක තමයි.(හේ)
අබේරත්න Monday, 24 August 2015 02:28 PM
මොහු යුග පුරුෂයෙක් . (හේ)
අබේරත්න Monday, 24 August 2015 02:30 PM
අපට නිදහසේ ඉන්න වට පිටාව සෑදු ඔබට දළදා රැක වරණය ලැබේවා!(හේ)
සුදේශ් Monday, 24 August 2015 02:39 PM
රට බේරාගත් අයව හිරේ යවන්න හදන්නේ රටට ආදරේ කරන අයද? (හේ)
හර්ෂ Monday, 24 August 2015 04:16 PM
බලය අනිසි ලෙස භාවිතා කරමින් කළ දේවල් සහ තම අණපරිදි ක්‍රියාත්මක වූ සියලු කටයුතු වලට පිළිතුරු දියයුතුයි. (නි)
දේවේන්ද්‍ර Monday, 24 August 2015 04:48 PM
රටට සේවය කිරිම එකක්.ජනතාවගේ බදු මුදල් තමන්ගේ බුදලයට එක්කර ගැනීම තව එකක්. (නි)
ජගත් Monday, 24 August 2015 05:09 PM
වරදක් ඇතිවන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. එහෙත් මේ වැනි උතුම් සේවයක් කළ මහත්මයකුට ගරහන්න නරකයි. මේ රටේ හොරා නොකාපු දේශපාලුවෝ නැතිතරම් (නි)