ලෝක බැංකුවේ සහන ණය මත කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නම් කෙරුණු කොළඹ නගර සභා චතුරස්‍රය හා විහාර මහා දේවී උද්‍යානය නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ආරක්ෂක ලේකම්වරයා කොළඹ පුරපති ඒ ජේ එම් මුසාමිල් මහතා ට බසියිකලයක් පදින ලෙස ආරාධනා කළේය.
ජල සම්පාදන හා ජලාප්‍රවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන මහත්වරුද මේ අවස්තාවට එක්ව සිටියහ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෝඨාගෙන් මුසාමිල්ට තල්ලුවක්
හේවගේ Friday, 21 February 2014 11:28 AM
ආරක්ෂක ලේකම්තුමා වැඩ කාරය සතියට දවසක් අනිවාර්යයෙන්ම මම කොළඹ යනවා ඒ හැම සිතියකම මොනයම් හරි වෙනසක් සිදු වෙලා මේ වගේ අය ලංකාවට පහල වෙන්නේ අපේ පිනට ඔහොම යං අපි සැමද ඔබ සමගින් ඉන්නවා (අ)
රජින්ද Wednesday, 19 February 2014 09:21 PM
මුළු හදවතින්ම සතුටුයි..!!! (අ)
ගාමිණී - සිරි Wednesday, 19 February 2014 09:36 PM
පක්ෂ භේද අත හැර දමා ,ලංකාවේ අග නගරය වත් අලංකාරව තබාගැනීමට ගන්නා උත්සාහයට සුභ පැතුම ! (අ)
සඳුනි Wednesday, 19 February 2014 09:56 PM
මනරම් අගනුවරක් තනන ගෝඨා සහ එයට සහය දක්වන මුසම්මිල්ට අපේ ප්‍රණාමය. (අ)
ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 19 February 2014 10:10 PM
බයිසිකලයෙන්ම රවුමකින් ඔහොමම අරලිය ගහ මැදුර පැත්තට යමුද? (අ)
නිහාල් Wednesday, 19 February 2014 10:14 PM
හොඳ ආදර්ශයක්.සියලුම දේශපලකින් එන්නේ රටට ජනතාවට සේවයක් කිරීමටනම්,ඒ දේ සාමුහිකව,සහයෝගයෙන්,එකමුතුව, ජනතාවට කළ යුතුයි.සුබ අනාගතයක්.
රොෂාන් ප්‍රනාන්දු Wednesday, 19 February 2014 10:43 PM
කොහොමත් ඉතින් මෙයා ඉන්නේ තල්ලුවෙන් තමා. (අ)
නඩරාජ් Wednesday, 19 February 2014 11:35 PM
මුසාමිල් මහතාණෙනි තල්ලු නැතුව යන්න, රටට වැඩෙක් කරන්න ,රටට හිතකාමී වත්මන් රජයට එකතුවුනොත් නේද හොඳ. දැන් කොලපාට පක්ෂය වතුරේ වැටුණු කොලය වගේ.(අ)
සම්පත් Friday, 21 February 2014 11:53 PM
දැන්නම් බයිසිකල් පදින්න මතකත් නෑ වගේ. බඩත් එවිල්ලා. ඉස්සර වගේ නොවෙයි (අ)
ලලිත් අපොන්සු Thursday, 20 February 2014 12:19 AM
බයිසිකල් පැද්දාට කමක් නෑ පරිස්සමින් (අ)
ගුණරත්න/dubai Thursday, 20 February 2014 03:44 AM
ළඟදීම ආණ්ඩුවේ තමා නතර වෙන්නේ.කොහොම උනත් හොඳ පුද්ගලයෙක්. (අ)
සුසන්ත - ඉතාලිය Thursday, 20 February 2014 03:59 AM
නියමයි. අනිත් වැඩත් මේ වගේ ලස්සනට/ක්‍රමවත්ව කරන්න. ආයෙ අපිට ඇදකුද හොයන්න තියන්න එපා (අ)
සත්‍යයා Thursday, 20 February 2014 04:06 AM
මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ. ණය වල සහනය තියෙන්නේ පාලකයින්ටද පාලිතයින්ටද? නැත්නම් කෙටි කාලීනවද දීර්ඝ කාලීනවද? (අ)
බන්දු Thursday, 20 February 2014 07:09 AM
සත්‍යයා පාලකයෝ උත්තර නොදන්නා ප්‍රශ්න අහන්න එපා. (අ)
බන්දු Thursday, 20 February 2014 07:11 AM
සත්‍යයා මොනවා උනත් නය ගෙවීම සදාකාලිකයි ඒක ගැන මට සහතික වෙන්න් පුළුවන්. (අ)
මිහිරි Thursday, 20 February 2014 07:30 AM
සත්‍යා ඔය වගේ ප්‍රශ්න අහන එක එච්චර සුදුසු නැහැ නේද ? මේවා දිහා බලාගෙන බඩගින්නේ හිටියත් සැපක් නේද ? බඩගින්නේ ඉඳගෙන, ඉන්න හිටින්න තැනක් නැතිවුනත්, අඳින්න වස්ත්‍රයක් නැති වුනත් බලන්නකෝ මේ පාරත් ඉතා විශාල වැඩි ඡන්ද ගණනකින් දිනන හැටි. සත්‍යා, මේක ශ්‍රී ලංකාව. ලෝකේ උතුම්ම රට. (අ)
බන්දුල පෙරේරා Thursday, 20 February 2014 07:37 AM
සැම දෙයක්ම කුහක දෑසින් දකින සත්‍යගේ දෑසට මේවා කටු අනින්නාක් වාගේ කියල අපිනම් දන්නවා..යමක් කරන්න හදනවට වඩා කරන්න හදන එකාව විවේචනය කරලා වට්ටන්න බලන එක ඔය සත්‍යාලා අදහන මත වාදෙ ජන්ම ගතියක්..මොනවා කරන්නද....සත්‍යගේ ආණ්ඩුව ඇවිත් සත්‍යවා මොක්පුර දක්කනකම් අපිට සත්‍යගේ මේ අවලාද අහන්න සිදුවෙනවා අකමැත්තෙන් හරි.. (දී)
බණ්ඩාර ' Thursday, 20 February 2014 07:49 AM
කපුරු සුවදයි
රකිත් Friday, 21 February 2014 06:06 AM
කොළ පාට බයිසිකලයක් දුන්නේ ඇයි (අ).
ධම්ම Thursday, 20 February 2014 09:40 AM
කොළඹ පුරපති වරයා යු එන් පී ඉන්න හොඳ ප්‍රායෝගික දේශපාලකයෙක් බව නම් හොඳටම පැහැදිලියි. (දිල්)
ආරියසේන Thursday, 20 February 2014 09:59 AM
අරලිය ගහ මැදුරටම යයි ද ? (ත)