IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගෝඨාගේ ෆේස්බුක් දින පොත : ‘අවංක සේවයට උපහාර‘

මේ සතියේ තමාගේ කාලසටහන පහත පරිදි යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කරයි.

සඳුදා - අල්ලස් කොමිසම

අඟහරුවාදා - මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය

බදාදා - රහස් පොලිසිය

බ්‍රහස්පතින්දා - අල්ලස් කොමිසම

‘ඇප කැප වී උනන්දුවෙන් අවංකව කළ සේවයට උපහාර ලැබෙන්නේ මේ විදියටයි.‘ යනුවෙන් ඔහු එම ෆේස්බුක් පණිවිඩයේ සඳහන් කර තිබේ.

තමා බොදු බල සේනාවෙන් ඡන්දය ඉල්ලන බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි ද, එම කතාව පළ කළ වෙබ් අඩවියක් තමාගෙන් සමාව ගෙන ඇතැයි ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.



අදහස් (0)

ගෝඨාගේ ෆේස්බුක් දින පොත : ‘අවංක සේවයට උපහාර‘

ඩයස් Tuesday, 12 May 2015 09:45 AM

අනිල් මේවට "කියන්නේ "කළ හොඳ පස්සෙන් එලවනවා" කියලා.(හේ)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 12 May 2015 10:02 AM

කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් දැඩි වේ ගිනිසේ.(හේ)

:       0       0

සියාතු Wednesday, 13 May 2015 01:55 PM

ලන්ඩන් නිමල් ළමයෝ, යුද්දය විකුණගෙන කෑවේ කවුද? ඒක ඉවර කළේ කවුද කියල මේ පොළොවේ පය ගහල ඇහැ කණ අරගෙන ජීවත් වෙන මිනිස්සු දන්නවා. ඔය ළමය රට ඇරලා ගියා නං ගිය විදිහට හිටියනං හොඳයි. (අ)

:       0       0

ඉන්දික Wednesday, 13 May 2015 03:38 AM

ඒක තමයි අපි ලංකාවේ ඉගෙනගෙන වෙන රටකට වැඩ කරන්නේ. මොකද ඔහේ වැඩ කළොත් අපේ ළමයින්ටත් යන එන මං නැතිවෙනවා (නි)

:       0       0

රිකිත් රෝහිත් Wednesday, 13 May 2015 02:02 PM

මුදිතා මිනී මෝරු දැක්කේ තේ කෝප්පෙක ද? (අ)

:       0       0

රිතික් රෝහිත් Wednesday, 13 May 2015 02:09 PM

නිමල්ගේ අදර ගෞරවය සුදු කොඩි කතාවෙන් රට පාවල දුන්නු එක්කෙනාටත් ලැබෙනවද? (අ)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 13 May 2015 07:09 AM

රට රැකගත් දිවිපිදු රණවිරුවන්ට අපේ ගෞරවය ආදරය හැමදාමත් එලෙසමයි.එහෙත් යුද්ධය විකුණාගෙන කා බලය වෙනුවෙන් අනීතික හා දුෂිත ලෙස රටේ මහජන දේපල අපහරණය කර බලයෙන් මත් වූ පිරිසකගේ සැබෑ තත්වය හෙළිකිරීම වරදක්ද? අපහාසයක්ද? අප කියුදේ මතු දා සත්‍යක් වනු ඇති. මා කියූ දහම් පදය රටේ දේශපාලකයින් සැමටම අදාළය... (නි)

:       0       0

ස්මිත් Tuesday, 12 May 2015 05:39 AM

විදුලි පුටුවටත් යන්න හිටපු අය අත්අඩංගුවට ගනීවි කියලා උසාවි ගිහින්. වැරදි කරලා නැත්තම් ඇයි බය? (නි)

:       0       0

හුසේන් Tuesday, 12 May 2015 05:47 AM

රට බේරාගත්තාට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 12 May 2015 05:50 AM

ඔබ ඇත්තෙන්ම විශිෂ්ටයෙක් (නි)

:       0       0

රෝසි Tuesday, 12 May 2015 05:58 AM

ඔබ කවුද යනු මුළු දේශයම දනී. පිහිය මුවහත් වනුයේ ගලක ගෑමෙන් මිස එය වෙනත් සුමුදු දෙයක ඇතිල්ලීමෙන් නෙවේ. මෙයින් ඔබ තවත් පරිනත වී, ඉදිරියට විත් ජාතියට සේවය කරනු දැකීම අපගේ බලාපොරොත්තුවයි. (නදී)

:       0       0

ඇල්පිටිය Tuesday, 12 May 2015 06:00 AM

ඔබ තුමා ඇත්තටම බොරුවක් වංචාවක් කලානම් මේ වන විටත් සුද්දගේ රටේ පදිංචි වී අවසානයි. එසේ නොකළේ ඔබ ස්තිර වශයෙන්ම මේ රටින් කොටි පලවා හරින්න විශාල සේවයක් කල නිසා. ඔවුන් ඔබව මරා දමන්නට මග බලන් සිටිය බව ඔබ දන්නා නිසායි (නදී)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 13 May 2015 05:22 PM

රණ වීරුවන් යුද්ධ කරද්දී චන්ද කළා..රේස් පැද්දා.විරුද්ධවාදීන් දඩයම් කළා..සුදු වැන් සංස්කෘතිය සමාජ ගත කළා..කාටුනායක, හලාවත.රතුපස්වල සාධාරණ උද්ගොෂනවලට ගිනි බින්දා.පොළොවේ පයගපු අයට මේවා පෙනුනේ නැද්ද ඒ දවස්වල. අපි විදෙස් ගත උනෙත් මෙන්න මේ නිසා.සායින් හඬන දූදරුවන් උදෙසාම.ආයෙන් මෙහෙවරට නොරටුන් ලඟ මෙහෙම. (කේ්‍)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 13 May 2015 05:31 PM

මෙ සියලු දෙනාම නිතිය ඉදිරියට ගෙනා යුතුමයි...නැත්නම් ශ්‍රී ලංකාවේ අනාගත පරපුර නීති කඩන්න පෙළඹෙන එක වලක් වන්න විදියක් නැහැ...තරාතිරම නොබලා දඬුවම් කළ යුතුමයි..(කේ)

:       0       0

සමන්ති Tuesday, 12 May 2015 06:03 AM

මේ උපහාරය සතුටින් පිළිගන්න.(හේ)

:       0       0

ඉන්දික Tuesday, 12 May 2015 06:16 AM

ඕවා තව ටික දවසයි.(හේ)

:       0       0

නාමල් Tuesday, 12 May 2015 06:27 AM

රටට සේවය කළා කියන එක නීතියෙන් බේරිලා ඉන්න හේතුවක් නෙමේ.අපරාධ කරලා නැතිනම් බයවෙන්න දෙයක් නෑනේ..(හේ)

:       0       0

ජනිත් Tuesday, 12 May 2015 06:31 AM

මම අහලා තියෙනවා ගොඩක් වැඩ කළොත් ගොඩක් කරදර ,ටිකක් වැඩ කළොත් ටිකක් කරදර කියලා.(හේ)

:       0       0

ලුම්බිණි Tuesday, 12 May 2015 06:31 AM

සරත් ෆොන්සේකාටත් මෙහෙම යුගයක් තිබුණා. (හේ)

:       0       0

අනිල් Tuesday, 12 May 2015 06:30 AM

ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය කියලා. (හේ)

:       0       0

දුමින්ද Tuesday, 12 May 2015 07:03 AM

ඉතිහාසය සාෘධරණය ඉටුකරාවී (ම)

:       0       0

දිලිප Tuesday, 12 May 2015 07:08 AM

ඔබ තුමා අප රට නිදහස් රටක් කර කල සංවර්ධනය අපට මතකයි ඔබතුමා පසුතැවිලි නොවන්න අප ඔබ සමගයි (ම)

:       0       0

සමීර Tuesday, 12 May 2015 07:11 AM

අනිල් කියන්නේ මොන විදිහේ දිට්ට ධම්ම කර්මයද ? රට නිදහස් කරලා දෙන්න උදව් කළ පවද මේ මහත්තයා කරපු පව ??? අනගාරික ධර්මපාල තුමාගේ කතා මතක් වෙනවා මේවා දකිනකොට.. මේ වගේ රටට වැඩ කරපු යට මෙහෙම සලකල මේ රට හොඳක් වේවිද?(හේ)

:       0       0

සුනිල් Tuesday, 12 May 2015 07:14 AM

ඇයි දැන් මේ දේවල් මුහුණු පොතේ ලියන්නේ.(හේ)

:       0       0

චින්තක Tuesday, 12 May 2015 07:19 AM

ලංකාවේ ඉතිහාසය ගත්තොත් වැඩිපුරම තිබෙන්නේ මහා පරිමාණයෙන් රට පාවාදීම්ය. (හේ)

:       0       0

රිතික් Wednesday, 13 May 2015 10:16 PM

මං කිව්වේ මුදිතා ඔය තාමත් අර ජනාධිපතිවරණ කාලේ දුන් අන්තර්ජාල ලණු ගිලපු ගමන් නේද කියලයි (නි)

:       0       0

ඉෂාර දමයන්ත Tuesday, 12 May 2015 07:35 AM

දැන් දන්නවා ඡන්දයකට ගියොත් ගෙදර යන බව. එ්ක නිසා හොදම දේ තමයි පහුගිය ආණ්ඩුවේ හිටපු ඔක්කොම අල්ලලා හිරේ දැම්මම ගොඩක් හොඳයි කියලා. මෙන්න යහපාලනය. (නදී)

:       0       0

මහානාම - කඳාන Tuesday, 12 May 2015 07:43 AM

ලුම්බිණි නෝනා, මෙතුමා සුදු කොඩි වනාගෙන ආව අයට වෙඩි තියන්න කිව්වේ නැහැ. ඔය කියන කතාව ඔබ තුමියට සැප්තැම්බර් මාසේ ජිනීවා වලින් අහන්න පුළුවන්. අනිල් මහතා හරි බෙදුම්වාදින්ව අවසන් කිරීම ගැන ඩයස්පෝරාව තියෙන තරහා තමා මේ ගන්නේ. මේ ආණ්ඩුව ඩයස්පෝරාව සතුටු කරන්න ඕනෙනේ. කමක් නැහැ මහින්ද , බැසිල් , ගෝඨා , චමල් නාමල් යන සියලුම මහත්වරු හිරේ දාල ඩයස්පෝරාව හා නොර්වේ සතුටු කරන්න. නමුත් රට වෙනුවෙන් යුද වැදුන අබීත රණ සෙබළුන්ව පාවා දෙන වැඩ කරන්න එපා. එයාල අතින් යුද අපරාධයක් උනා නම් ඒ අනෙකුත් සිංහල , ද්‍රවිඩ , මුස්‌ලිම් වැඩි දෙනාගේ යහපතට මිස තමා ගේ පුද්ගලික ලාබය වෙනුවෙන් නොවේ .(නදී)

:       0       0

කල්හාරී Tuesday, 12 May 2015 07:54 AM

අවංක සේවය කරා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ.(හේ)

:       0       0

දුමින්ද Tuesday, 12 May 2015 08:00 AM

ඉටුකොට තමසතු යුතුකම්-ලැබුණත් ලෝකෙන් ගැරහුන්-ඉවසන්නට පුළුවන් නම්-නුබයි මගේ පුතා උතුම් (ම)

:       0       0

සියාතු Tuesday, 12 May 2015 10:10 PM

ලන්ඩන් ඉඳන් කවියෙන් බණ කියන නිමල් හෙට්ටිආරච්චි පුතේ, උඹේ ඔය බණ ඩිංග මේ රට බේරාගත් දරුවන්ට නිකරුනේ කරදර කරන උදවියටත් ඇහෙන්න ටිකක් සද්දෙන් කියාපන්කෝ හොඳ ළමයා වගේ.. (නි).

:       0       0

මුදිතා Tuesday, 12 May 2015 08:05 AM

ප්‍රශ්න කලා කියල හිරේ දන්නා බෑ. මෙතුමන්ලට මෙහෙම උනේ වටේ හිටපු අය මෙයාලව අන්දපු නිසා. දැක්කනේ මෙයාලගේ ගෙදර තිබුණු මිනි මෝරු ඉන්න ටැංකිය දැක්කනම් පියවි සිහියෙන් වැඩ කලේ නැහැ කියල තේරෙනවා. බලෙන් මත් වෙලා හිටියේ පොලිසියේ බැනුම් අහපු ලොක්කෙක්ගෙන් ඇහුවනම් මෙයා ගැන කියයි. රටක නීතියක් සදාචාරයක් නැහැ වගේ වැඩ කලාම මේවට මුණ දෙන්න වෙනවා රාජපක්ෂලා රජවරුන්ටත් වැඩිය ඉහලින් ඉන්න තිබුනා. අඩු ගානේ දැන් වත් පැත්තකට වෙලා ඉන්නවා නම්. (නදී)

:       0       0

සුමුදු හේවා Tuesday, 12 May 2015 10:15 PM

දුමින්ද, බොහෝ දෙනෙකුට අමතකවුණ මේ අනගි කවි ඔබට මතක තිබීම බොහොම අගෙයි. මුල් කවියේ තියෙන්නේ "ඉටු කොට කළයුතු යුතුකම් - ලැබුණත් ලෝකෙන් ගැරහුම් -ඉවසන්නට පුලුවන් නම් නුඹයි මගේ පුතා උතුම්" කියලයි. ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ මේ කවි ලිව්වෙත් අද වගේම අපේ රටේ නිදහස අනතුරක තිබුණු යුගයක සැබෑ නිදහස් සටනක් වෙනුවෙන් ජාතිය මෙහෙයවීමටයි. (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 12 May 2015 10:40 PM

සමීරගේ කටේ මසුරන් දාන්න වටිනවා. අපේ රටට අනුපමේය මෙහෙවරක් කළ ධර්මපාලතුමා අන්තිමට කිව්වේ නිවන් දකිනා ජාති දක්වාම මේ රටේ නම් උපදින්නවත් සිද්ධවෙන්න එපා කියලයි. එපමණටම එතුමන්ට නින්දා අපහාස කළා. අනිල්ලා, නිමල්ලා සහ මුදිතලා වගේ අය ඒ කාලෙත් ඉන්න ඇතිනේ. (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 12 May 2015 10:45 PM

නිමල්, හැඳින එපව් දුරලන උපදේසේ - නොදුන මැනවි තුන්දොර අවකාසේ කියලත් ඒ කවියේ තියෙන හින්දා උතුමන්ට අවලාදකීමට ලෝවැඩ සඟරාවේ කවි යොදාගෙන තවත් පව් පුරෝගන්නවට වඩා හොඳ නැද්ද ඔයාගේ ඔය බ්රේක් නැති කට පාලනය කරගත්තා නම්? (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 12 May 2015 10:59 PM

පෙළ දහම් නොදන්නා අප හැමට ධර්මාවබෝධයට උපකාර වනු පිණිස වීදාගම හාමුදුරුවන් විසින් ධර්මෝපදේශ කැටිකොට ලියු කවි පවා රට රැකගන්නට මහා මෙහෙයක් කළ ජාතික වීරයෙකුට අවලාද කීම පිණිස යොදාගන්නා තරමට අපේ උදවිය පිරිහිලා නේදැයි ලන්ඩන් නිමල් හෙට්ටිආරච්චි වැනි අයගේ අදහස් දකිද්දී ඔබට සිතෙන්නේ නැද්ද? (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 12 May 2015 11:11 PM

ගෝඨාභය මහතාණෙනි, ඔබ රට වෙනුවෙන් කළ මෙහෙවර ජනතාව දනිති. මේ තාවකාලිකව එළැඹි දුර්දසාවට මුහුණදීමට ඔබට සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමි. සියලු දෙවියෝ ඔබ රකිත්වා! ඔබ රකිත්වා!! ඔබ රකිත්වා!! මේ අවනඩු දෙවියෝම බලාගන්නා සේක්වා! (නි)

:       0       0

රන්ජිත් Tuesday, 12 May 2015 08:12 AM

වැපිරූ හැටියට තමයි අස්වැන්න ලැබෙන්නේ. (නි)

:       0       0

විජයබාහු Tuesday, 12 May 2015 09:06 AM

සැලෙන්න එපා මහත්තයෝ. බොහෝ ජනතාව ඔබ සමඟයි (නි)

:       0       0

ජයා Tuesday, 12 May 2015 09:13 AM

ඔබට අපේ උපහාරය! ඔබ නිසා අපි අද බය නැතුව පාරේ බැහැලා යනවා. අවුරුදු තිහක් රටේ තිබුණු ත්‍රස්තවාදය නැති කරන්න කොන්ද පණ ඇති ආරක්ෂක ලේකම් කෙනෙක් ලෙස රටට කළ සේවයට අපි සදා ණයගැතියි. ඔබගේ සේවය හෙට දිනයේදීත් රටට අවශ්‍යයි. ඔබට ජය! (නි)

:       0       0

ප්‍රකාශ් Tuesday, 12 May 2015 09:31 AM

කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න ඔබතුමායි කළමනාකරණය කොට සියල්ල නොපිරිහෙළා එඩිතරව කළේ. එදත් නිවට ද්‍රෝහී පිරිස් එයට අකුල් හෙලුවා.කිසි බලවේගයකට නොනැමී ඔබත් ,මහින්ද මහත්මාත් ජයග්‍රහණයේ නායකත්වය දුන්නා.කවුරු ‍කෙසේ කිවුවත් අපි ඔබතුමාට ආශිර්වාද කරනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 May 2015 09:32 AM

අනේ අම්මෝ! මම නම් මුකුත් කියන්නේ නැහැ. (නි)

:       0       0

aponsu Tuesday, 12 May 2015 09:36 AM

ධර්මය රකින්නා ධර්මයෙන් රැකේ.ධාර්මිකව රට පාලනය කරපු අයව ධර්මයෙන් ආරක්ෂා කරාවි. (කේ)

:       0       0

lakmal Tuesday, 12 May 2015 09:41 AM

මුදිත ඔය ටැංකිය බලන්න ගියද? අනේ මවත් එක්ක යන්නකෝ.(කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 498 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 235 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3232 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1153 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 598 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1993 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site