IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ගෝඨාට එරෙහිව නඩු පවරයි

( මනෝප‍්‍රිය ගුණසේකර)

වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා ත‍්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (24)  නඩු පවරන ලදී.

ත‍්‍රී පුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවන නඩුව ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ සහ දණ්ඩ නීතී සංත‍්‍රහය යටතේ මෙම නඩුව නීතීපතිවරයා විසින් පවරන ලදී.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. මල්ලිකා නමැත්තන්ය.

 

 



අදහස් (13)

ගෝඨාට එරෙහිව නඩු පවරයි

sirimal Friday, 24 August 2018 10:37 AM

ඔහෙ පලයන්.... දැන්නේ තදියම හැදිලා තියෙන්නේ... ඕක අහන්න පළවෙනි එක ඉවර වෙනකල් ඉන්නවද? නැත්නම් අලුත් තැනක් විවෘත්ත කරනවාද?

:       275       478

Nishantha Friday, 24 August 2018 10:43 AM

ගෑස් මිල වැඩි කළේ මේකටද දන්නේ නැහැ. තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි.

:       647       706

sirimal Friday, 24 August 2018 10:51 AM

ගෝඨාභයගේ දේශපාලන ව්‍යාපෘතියේ පෙරගමන් කරුවන් අතර විමල් වීරවංශ සහ ගම්මන්පිල ප්‍රධානය. මොවුන් දෙදෙනාම බරපතල දූෂණ චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත වූවන්ය. නමුත් අරුමෝසම් ආකාරයෙන් හිරෙන් ඇප මත නිදහස් විය. නිදහස් වූ විගස මොවුන් දෙදෙනා ගෝඨාභයගේ 2020 මැතිවරණ ව්‍යාපෘතියේ පෙරගමන් කරුවන් වූහ. ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපෘතියට කර ගැසීමත් සමගම දූෂණ චෝදනා යට ගියේය. හිරෙන් ගැලවීමට විමල්ට සහ ගම්මන්පිලට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ අනුග්‍රහය ලැබුණු බව අද හෙලිවී ඇත. ගෝඨාභයගේ දේශපාලනයට උනන්දු කරමින් ඔහුගේ මැතිවරණ ව්‍යාපෘතියට මෙලෙසින් ආණ්ඩුවේ බලවතෙකු අනුග්‍රහය දැක්වූයේ යටි අරමුණක් සහිතවය. මහින්දගෙන් දේශපාලන විවරණ නොලබන ගෝඨා තමන්ගේ කරත්තයේ බැඳ ගැනීම ඒ සැලසුම විය. ගෝඨාභයගේ වියත් මඟ, එළිය සහ හරිමඟ නිකම්ම දියාරු වී ගියේය. මේ නාඩගමේ තිරයෙන් පිටුපස නාමල්ගේ නමද කියවෙන්නේය. 19 වැනි සංශෝධනය අනුව 2020 අපේක්ෂකත්වයට මහින්ද සහ නාමල් මුලුමනින්ම නුසුදුස්සන්ය. එසේනම් මේ හදන්නේ ගෝඨාභයට ඇති කෙස් ගසක තරමේ වූ අවස්ථාවත් ලොප් කර දමන්නද?

:       1007       670

ThusithaFriday, 24 August 2018 02:34 PM

මෙහෙම දැම්මා කියලත් බුද්ධිමතෙක් වෙන්නේ නැහැ මල්ලි .....

:       194       235

sirimalFriday, 24 August 2018 04:19 PM

අද වන විට රාජපක්ෂ පවුල අර්බුදයකට ලක්ව ඇත. රාජපක්ෂවාදී සාමාන්‍ය ජනයා මෙම අර්බුදය දකින්නේ විසඳාගත හැකි ගැටලුවක් ලෙසය. නමුත් ඇත්ත කථාව එයට බොහෝ වෙනස්ය.

:       302       117

AsankaSaturday, 25 August 2018 07:26 AM

අයියට අබ ඇටයක් තරම්වත් බුද්ධියක් නැති බවත් පැහැදිලියි. අපේ රටට මෙහෙම වුනේ අයියලා වගේ අය නිසයි.

:       51       133

Thilina Friday, 24 August 2018 11:14 AM

දැන් මේකේ ගොඩක් කට්ටියට සැපට නින්ද යයි..මේ මනුස්සයා කරපු දේවල් හැමෝටම අමතකයි ........ මහ බැංකු කඩලා ආර්ථිකය වට්ටලා ජාතිය පාවා දුන්නු අයට කිසිම ප්‍රශ්නයක් නැහැ ..

:       0       0

සෙනෙවි Friday, 24 August 2018 07:40 PM

සත්‍ය වශයෙන්ම දෙමාපියන් සිහිවීමට කල ඉදිකිරීම් සඳහා රාජ්‍ය මුදල් භාවිතා කල බව ඔප්පු වුවහොත් ඉරණම කුමක්වේද?

:       0       0

Nandalal DE SILVA - FranceSaturday, 25 August 2018 01:10 PM

"රාජ්‍ය මුදල්"...? ඒ කියන්නේ අසරණ රටවැසියා විවිධ ක්‍රම මගින් රජයට, මහා භාණ්ඩාගාරයට ගෙවන ඍජු සහ වක්‍ර බදු මුදල්ය ! අක්කලාගේ ගෙදර යාමට බස් එකට ඇතුල්වෙන අප ටිකට් එක මගින් එක එක අට්ටාල ඉදිකිරිම සඳහා මුදලක් ගෙවන බව සමහර අය දන්නේ නැති බව පේනවා. වාහන ඉන්ධන සඳහා රජය ගහන බද්ද අති විශාලයි ! මහජනයා මිලදී ගන්නා භාණ්ඩ මෙන්ම ඍජු අාදායම් මගිනුත් රජය උපයන විශාල මුදල් කන්දරාවෙන් මෙවැනි සොහොන් කොත් රටපුරාම ඉදිකරන්න පුළුවන්නේ ! මේ සොහොන ඉදිකරන්න පවුලේ අයට මුදල් යොදන්න බැරි තරමටම අසරණ බව පෙන්වීම සඳහා, ඊටත් වඩා අසරණ, දුප්පත් බදු ගෙවන්නන්ගෙන් මුදල් කොල්ලකා පාට, පාට ලයිට් දමා හදපු තොරණ ගැන එ්ක ඇතුලේ ඉන්නා අය මොනවා හිතනවා ඇත්ද?

:       117       11

senevi Friday, 24 August 2018 07:53 PM

ගෝඨාගේ ජනාධිපති සිහිනය බොඳ වන බව පෙනේ...

:       127       105

senev Friday, 24 August 2018 07:54 PM

වියත්මගේ දේශප්‍රේමි පාර්ශුද්ධ මහතුන් මොකද කියන්නේ? මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ආයෙමත් පිඩුසිඟා යාවිද?

:       112       37

Chanak Los angeles Friday, 24 August 2018 09:43 PM

මව්පියන්ට සැලකීම දරුවන්ගේ උතුම් ගතියක්... හැබැයි එය අනුන්ගේ සම්පත් මගින් නොවිය යුතුයි..

:       88       26

sirimal Saturday, 25 August 2018 10:27 AM

අසංක සහ තුසිත කරන්නේ නිකන් තේරුමකට නැති ප්‍රකාශ. කරුණු කාරණා හරිහැටි තේරුම්ගෙන කරන ප්‍රකාශ නොවන නිසා මේවා සමහරවිට අනවශ්‍ය විවාදයකට ඇදගෙන විනෝද වෙන්න ගන්නා උත්සාහයන් වෙන්නත් පුළුවන්.

:       195       117

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 404 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 212 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 295 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 895 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 490 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 3488 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 594 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 306 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site