(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්රිය ගුණසේකර)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ලබන ජනවාරි 25 වැනිදා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (15) අතුරු තහනම් නියෝගය දීර්ඝ කළේය.
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටියි.
මෙම තහනම් නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා විරෝධතා ඉදිරිපත් කළත් නිකුත් කොට තිබු අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබු පෙත්සම විභාග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානී අබේසේකර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කොට ඇත.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨාට එරෙහි අතුරු තහනම දිගුවෙයි
Tissa Friday, 15 December 2017 09:41 AM
ඔබතුමා ගැනීමට තරම් කොන්දක් ඕකුන්ට නැත. ගෝඨාට ජයවේවා! රුහුණු පුතාට ජයවේවා!
Ajith NissankaFriday, 15 December 2017 08:11 PM
එයාගේ කොන්ද කෙසේ වෙතත් මෙයා බලයට අවොත් අනිත් අයගේ කොන්දට නම් දෙවි පිහිට තමා!
ගිරිගොරිස් Saturday, 16 December 2017 04:53 AM
අපේ ෆොන්සේකා මහත්තයත් රුහුණේ පුතෙක් නිසා එතුමාටත් ජය වේවා !!!
aseSaturday, 16 December 2017 06:09 AM
දන්නේ නැති නිසි අහන්නේ, දුටුගැමුණු රජුටත් ඇමරිකන් පුරවැසි බව තිබ්බද? අනේ මේ රුහුණු පුතාට තියනවනේ, මේ නිකන් බොරු නැතිව ඉන්න. දේශ ප්‍රේමියෙකුට කොහේද රටවල් දෙකක්?
appuhami Friday, 15 December 2017 09:58 AM
හොරු ටික ඔක්කොම තහනම් නියෝග ගත්තා නම් හරි...
Wijesundera pranshayaFriday, 15 December 2017 10:10 AM
අනේ මෙහෙමත් අප්පුහාමිලා. කෙරුවොත් ගොන් කතාවක්ම තමයි.
රනවිFriday, 15 December 2017 11:55 AM
විජේසුන්දර ප්‍රංශය, ප්‍රංශෙ කකුල් හතරෙ සිංහලයොත් ඉන්නවනේ. ලොකේ තියන පට්ට කෙබර කෙල කෙල ජීවත්වෙනවා. ලෝකේ තියන පහසුකම් සේරම බොරු කියල ලබාගන්නවා. එහේ හැම දෙයක්ම නීතියට. ලංකාවේ ඉන්න අය, දේශපාලකයෝ කරන ජරා වැඩවලට කඩේ යනවා.
RasithaFriday, 15 December 2017 10:55 AM
ඇස් පනාපිට හොරකම් කළ අය තාම යහතින් වැජඹෙනවා.. ආණ්ඩු බලයේ පිහිටෙන්, රටට සේවයක් කරපු මිනිහෙක් වෛර පිරිමහගන්න අත්අඩංගුවට ගන්න හදනවා. පුළුවන්නම් පක්ෂ, පාට, බේධයකින් තොරව සියලු වංචා කාරයෝ අත්අඩංගුවට අරං පෙන්නන්න. එතකොට අපි කියන්නම් මෙන්න නියම යහපාලනය කියලා..
dahamFriday, 15 December 2017 11:04 AM
ඔහේගේ මව්තුමියටවත් කියල බැලුව නම්. තක්සේරු දෙපාර්තමේන්තුවෙන් එෆ්සීඅයිඩී එකට යවලා තියෙන ලියුමෙන් කියලා තියෙන්නේ... ඒ ව්‍යාපෘතියේ වටිනාකම ලක්ෂ 30 ගණනක් කියලයි. ඒ අනුව ලක්ෂ 2ක් වැඩිපුරත් ගෙවල තියෙනවලු පහත් බිම් සංවර්ධන මණ්ඩලේට. එහෙම නම් අත්අඩංගුවට ගන්න ඕනේ බොරු බී වාර්තා ඉදිරිපත් කරපු පොලිස් ලොක්කන්ව නේද?
පිටිගල මිලානෝ Friday, 15 December 2017 10:15 AM
කෝටි ගණනක මහජන මුදලින් අම්මා තාත්තාට සොහොන් හැදුවා නම්, රටේ ජනාධිපති වුනානම් මොනවා නොකරයිද?
එර්දි Friday, 15 December 2017 10:15 AM
රුහුණු පුතාද? මොන පුතාද කියලා අදාලම නැහැ. හොරකමක්, වංචාවක් කරලා නම් එයා අහවලාගෙ පුතාද කියලා බලන්නේ මේ දිවයිනේ විතරයි. මේ අයගේ දේශපාලන ඩීල් පොඩි මිනිහට මේ නීතිය අදාල නැද්ද? තාත්ත නැතිනම් පුතාව අරන් යන අමන නීතියක්..
prabhath Friday, 15 December 2017 10:31 AM
වැරදි කරලා නැති නම් ඇයි විභාගය නවත්වන්නේ? එක්කෝ නඩු දමන්න හේතු නෑ කියලා හොයා ගනී. නැත්නම් නඩු පැවරුවට පස්සේ නිදහස් වෙයි. තහනම් නියෝග ගන්න අවශ්‍ය නෑ.
Ashan Friday, 15 December 2017 10:39 AM
රන්ජන් රාමනායක මහතා කියූ දෙය සහතික ඇත්ත.
sampathSaturday, 16 December 2017 06:42 AM
ඇයි රන්ජන් රාමනායක මහතා තමන්ගේ වාහන පර්මිට් එකෙන් තමන්ගේ සගයෙකුට බී.එම්.ඩබ්ලිව්. එකක් ගෙන්නලා දීලා කරපු රුපියල් කෝටි 3.5ක බදු මුදල් වංචාව ගැන දන්නේ නැතිද? තමන්ගේ ඇහේ පොල්පරාල තියාගෙන අනුන්ගේ ඇහේ රොඩ්ඩ හොයන කුජීත ආණ්ඩුවක් වෙලා මේක.
[email protected] Friday, 15 December 2017 10:58 AM
ආ මේ පොදු දේපල කේස් එකට විතරයිනේ...
Raawanaa Friday, 15 December 2017 11:30 AM
නීතියට කුමක් වීද? පොඩි කෙනාට එක නීතියක්.... අනෙක් අයට තව නීතියක්...
අසෝක ජයතිලක මිලානෝ Friday, 15 December 2017 11:30 AM
සමහරුන්ට සොහොන් කැපුවට හදන්න බැරිවුනා නේද?
padmini Friday, 15 December 2017 11:49 AM
ලංකාව පිහිටලා තියෙන්නේ ඉතියෝපියාවේද?
dahamFriday, 15 December 2017 01:32 PM
නැහැ, ඉතියෝපියාව පිහිටලා තියෙන්නේ ලංකාවේ. හරිද?
rohana kumara mendis Friday, 15 December 2017 01:37 PM
ලියන්න දේ එමටයි... එ්ත් නොලියා ඉන්නවා ලීවත් දාන්නේ නැති නිසා හොඳේ. හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියන්නාක් මෙන් හොරු හොරුන්ට කියනවා. එයාලව අත්තඩන්ගුවට ගන්න එපා. හිරේ විලංගුවේ දාන්න එපා කියලා... මෙහෙම වෙනකොට රටකට මොනවා වේවිද?
emerson Friday, 15 December 2017 01:40 PM
හොරකම් කරන සංස්කෘතිය මහා පරිමාණයෙන් පටන් ගත්තේ 77න් පස්සෙයි. ඔය කොයි කවුරුත් ඇති වෙන්න සප්පායම් වුණා. අදත් වෙනවා. එ්ක හෙටත් වෙනවා. හැබැයි අපේ රටේ තිබුණු එකම ප්‍රශ්නයක් හරි විසඳුවේ මහින්ද රාජපක්ෂ මහත්මය විතරයි. එ්කට ඔහුට අනුබල දුන්නේ ගෝඨාභය මහත්මයයි. ඔය අත්අඩංගුවට ගන්න වලි කන පොලිස් නිලධාරීන් අද ජීවත් වෙලා ඉන්නෙත් එතුමාට පින්සිද්ද වෙන්න... කොටින්ම කියනවා නම් ඒ කාලේ උද්ඝෝෂණය කරන්නවත්, කවුරුත් එළියට බැස්සේ නැහැ. මරාගෙන මැරෙන බෝම්බ කාරයින්ට බයේ. ඔබතුමා දුක්වෙන්න එපා. හැමෝම කෙලෙහි ගුණ නොදන්නා මිනිස්සු නෙමෙයි. මේ හදන්නේ එන්ජිඔ කාරයෝ සතුටු කරන්න ඔබතුමා හිරේ ගියත් ඒ යන්නේ රටට කරපු සේවයටයි..
නන්දන පනාගොඩ මිලානෝ Friday, 15 December 2017 03:42 PM
ඔයතරම් රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇමෙරිකන් පුරවැසිකම අයින් කරගෙන බය නැති කෙනෙක් කියලා ලෝකෙට පෙන්වන්න.
wijesundera pranshayaFriday, 15 December 2017 06:20 PM
එතකොට ඔය මිලානෝ තියෙන්නේ ලංකාවේද ?
dasunFriday, 15 December 2017 11:01 PM
ගෝටාභය ඇමරිකන් පුරවැසිකම අයින් කරගත්තේ දැන් අවුරුදු 3 - 4 පෙර. සරත් ෆොන්සේකා නම් තාම මොකක්ද එකක් තියාගෙන ඉන්නවා.
emerson Friday, 15 December 2017 04:11 PM
බය නැති කම පෙන්නන්න පුරවැසි කමෙන් වැඩක් නෑ. ඉතාලියේ හෝටල්, කුස්සිවල වැඩ කෙරුවා කියලා ලංකාව ගැන කතා නොකර ඉන්නවයැ... අනිත් එක ලංකාවේ මෑත ඉතිහාසයේ කාටවත් කරන්න බැරි වුණු වැඩක් තමයි ඔය කරලා පෙන්නලා තියෙන්නේ. දැන් ඉන්න උන්නැහේලාට තියෙන්නේ බල බල ඉන්න විතරයි.
Gamage Friday, 15 December 2017 04:12 PM
මේ දෙගොල්ලන්ගේ නීති ඒ අයව රකිනවා වගේ...
emerson Friday, 15 December 2017 04:24 PM
එතුමාට ඇමෙරිකන් පුරවැසිභාවය තියෙන එකත් ලොකු දෙයක්. අපේ රටේ ගුණමකුවන්ට අමතක වුණුදාට යන්න තැනක් තියෙන්නත් එපැයි.
Janaka alahapperuma London Friday, 15 December 2017 04:32 PM
කොළඹ නගරේ නෙළුම් පොකුණේ කොන්ත්‍රාත් ගොඩක් ලන්ඩනයේ වේලි වේලි අතේ සතේ නැතුව චාටර් වුණු කෙනෙක්ට ඒ වැඩ බාරව කටයුතු කල ලන්ඩනයේ සිටි ජෙනරාල් වරයකු හරහා දුන්නා හිතවත් කමට. ඔහු දැන් කොළඹ ඉන්න කෝටිපතියෙක්. ඔන්න නගර සංවර්ධනේ තරම.
sanath Friday, 15 December 2017 06:05 PM
දකුණු කකුල ඇමෙරිකාවේ තියාගෙන වම් කකුලෙන් අපිට කොකා පෙන්නලා ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න මිනිහෙකුට ලයික් දමන මැටි මෝල්ලුන්ගේ මොළ පැදෙන්නේ ලංකාව ඇමෙරිකාවේ වහල් දේශයක් උනාට පස්සේ කියලයි මටනම් හිතෙන්නේ.
ANURA Friday, 15 December 2017 06:36 PM
අනේමන්දා ශ්‍රී ලංකාවේ ඉන්නේ අන්ද ගොළු බිහිරෝද ?
Bhadra California Friday, 15 December 2017 07:01 PM
මොහු කෙතරම් හොඳද කියන්නේ එක්තරා මදාවි දේශපාලකයෙකුට වෙඩි වැදිලා රෝහලට ගෙනෙනවිට ඉස්සෙල්ලාම පැමිණියේ ඔහු. ලෙඩාට නිසි ප්‍රතිකාර කිරීමට රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය පවා මාරු කරා. ඉන්පසු ලෙඩාට නිසි ප්‍රතිකාර ලබාදීමට ඉක්මනින්ම සිංගප්පුරුවටත් ඇරියා. ඉන් නොනැවතී ලෙඩාගේ ව්‍යාපාරවලට බාධා කරයි කියලා සිතු ගොඩක් අයටත් වග කිව්වා. රට්ටුන්ට මේවා මතකයි.
BamunuarachchiSaturday, 16 December 2017 04:16 PM
හැබැයි මෙයා අර එල්ටීටීඊ මදාවියා නැතිකාලේ නැතිනම් අපි තවමත් ඒ මදාවියාට යටත්. හොහේ වත් ඉන්න මදාවියෙක් ගැන ඔහේ කලබල වෙන්න එපා. මෙතුමා 30 අවුරුද්දක් අපිව පෙලූ එල්ටීටීඊ මදාවියාව මැරුව එක ගැන සතුටුවන්න ගුණමකු වෙන්න එපා. තමන්ට අබමල් රේණුවක කරදරයක් නොවූ මදාවි දේශපාලකයෙකු ගැන කතා කරනවා. අපිට ගෙයින් එලියට බහින්න ඉඩනොදුන් අය කරපු මදාවිකම් අමතක කරලා. සිංහලයා ගුණමකු ජාතියක් කියන්නේ එ්කනේ.
Laxman-Santa Monica-California Friday, 15 December 2017 08:35 PM
මෙයා සොහොන් ගැන හරි ප්‍රසිද්ධයිලු නේද?
BamunuarachchiSaturday, 16 December 2017 05:39 PM
ත්රස්තවාදීන් නැතිකරන්නත් බොහොම ප්‍රසිද්ධ බව ඉක්මණටම අමතක වුණා නේද? ඒ අමතක වීමට සිංහලෙන් කියන්නේ ගුණමකුකම කියලාලු නේද?
ranjith Saturday, 16 December 2017 12:50 AM
මේ වගේ සහන රටේ වංචා දුෂණ කරන හැම එකෙකුටම ලේබෙනවද මේවා රටකට ඇත්තටම නරක පුර්වාදර්ස
ajith Saturday, 16 December 2017 12:52 AM
මෙයාට ඉස්සර මිනිස්සුන්ගේ පිළිගැනීමක් තිබුන. මිනිස්සුන්ට පෙන්නන්න බැරුව ගියේ 30 වසරක යුද්දය ඉවර කරලා දීපු ජාතික වීර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කරපු කෙනෙහිලිකම් නිසා.
ajtih Saturday, 16 December 2017 02:15 AM
ගොඩක් අයට මතක නෑ. කලින් අයත් හොරකම් කළා. ඒ විතරක් නෙවෙයි අහිංසක මිනිසුන් දස වද දීලා මැරුවා. ඒ අයත් අල්ලලා හිරේ දාන්න ඕනෑ.
sumudu Saturday, 16 December 2017 03:44 AM
ගෝඨාභයලා රටට කරලා තියෙන දේවල් හැටියට අපේ සල්ලි ගත්තට කමක් නැහැ. ඒ අයට කියල යහතින් ජීවත් වෙන්න ඕනේ නැද්ද? රජ කාලේ රජ්ජුරුවන්ට ඕනේ නම ඕනෙම ගැහැණියෙක් වුණත් ගන්න පුළුවන්... ඇයි දැන් බැරි? ඒ ගොල්ලන් රජ පවුලේ ය. ඒ අයට ඕනෙ නම් අපේ දුවලා වුණත් තියාගන්න පුළුවන්. අපි සිංහල ලෝකයේම ශ්‍රේෂ්ඨ ජාතිය, රජ පවුලට කරන්න බැරිනම් කාටද පුළුවන්...?
SanathSaturday, 16 December 2017 08:32 PM
පිස්සු හැදෙන සඳ කියලත් ලියන්නකෝ.
prakaash Saturday, 16 December 2017 05:09 AM
පූජිතයි, ශානුයි දෙන්නම ඩොලර් කාක්කන් තමයි. එන් ජී ඕ කාරයින්ගෙන් යැපෙන රටට ආදරයක් නැති අය බව කවුරුත් දැන ගත යුතුය.
emerson Saturday, 16 December 2017 12:31 PM
මේ අදහස් පල කරන සමහර අය ලෝකේ තියන රටක හරි නගරයක නමක් දානවා. තමුන් ඉන්නේ අහවල් තැනයි කියල පෙන්නන්න හැබැයි කරන රස්සාව දාන්නා නම් ලැජ්ජයි වගේ. සමහරු ඉන්නේ ලන්ඩන් වල... ඒ වුණාට යර්ස් නොකියනවට වැඩිය දෙයක් දන්නේ නෑ. කැලිෆෝනියාවල සැන්ටා මොනිකා කියන්නේ ගොවිපොළවල් විශාල වශයෙන් තියෙන තැනක්... වැඩි හරියක් තියෙන්නේ හරක් ගොවිපොළවල්. මැක්සිකන් මිනිස්සු තමයි ඒ වගේ වැඩ කරන්නේ... අපේ අය කරන්නේ මොනවද කියල මං අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...
ධම්මික Saturday, 16 December 2017 12:44 PM
මේ රටේ තරම් කෙළෙහිගුණ නොදන්න ජාතියක් ලෝකෙ කොහේවත් නැ. ගොඨාභය හිරේ දාන්න ලොකුම වුවමනාව තියෙන්නේ LTTE එක ශක්තිමත් කරපු රට බෙදන්න දඟලන අයටයි.
KamalaSaturday, 16 December 2017 02:54 PM
එතකොට සරත් ෆොන්සේකා නිරපරාදේ හිරේ දමපු එක ගැන මොකද කියන්නේ? එතුමා යුද්ධය දාල ගියේ නැහැ.
BamunuarachchiSaturday, 16 December 2017 04:01 PM
දැන් කට ඇරලා කියන්න... ෆොන්සේකා කියනවා අපේ හමුදාව යුද අපරාධ කළා කියලා... ඉතින් හිරේ නොදා ඉන්න පුළුවන්ද? ඔය මනුස්සයා ජනාධිපති වුණානම් කොහොම හිටීද? මිනිහා කව්ද කියලා රටේ මිනිස්සු තේරුම් ගත්තේ පස්සේ. එතකොට මෑන්ස් බින්දුවට ගියා.
BamunuarachchiSaturday, 16 December 2017 04:08 PM
සරත් ෆොන්සේකා හොඳ සොල්දාදුවෙක්... නමුත් හොඳ දේශපාලකයෙක් නොවෙයි. ඝෝඨාභය නිර්භය පරිපාලකයෙක්.. හොඳ සොල්දාදුවෙක් නොවෙයි. මහින්ද මහතා යුද්ධය දිනීමට මේ ගොල්ලන්ගේ හොඳ පැත්ත ප්‍රයෝජනයට ගත්තා. සරත් ෆොන්සේකාගේ තරම දැනගෙන සිටියේ නැත. ඕවාට ගැලපෙන ඊසොප්ගේ උපමා කතා ඇත... දැන් මතක නැත.
Sathyayaa Sunday, 17 December 2017 02:17 AM
ගෝඨාභයට යම් පිළිගැනීමක් තිබුණානම් එය ඇති වුනේ හිටපු ජනාධිපතිගේ සොහොයුරෙක් වීම නිසා නොව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා සමග ත්‍රස්තයින්ට විරුද්ධව කළ සටනේ දැක්වූ සුසංයෝගයයි. ගෝඨාභයට වඩා මහින්ද, නාමල් හා බැසිල් වැරදි කළත් අදත් මහින්ද මත්තේ මැරෙන්න මිනිස්සු සිටීම අදහාගත නොහැකි දෙයක්. ඒ වැරදි ආකල්පයට අනිවාර්යයෙන්ම වන්දි ගෙවීමට ගෝඨාභයටත් සිදුවන්නේ ඔහු රාජපක්ෂ පවුලට අයත් වීම නිසාම නොව, ඔහු අනාගත ජනාධිපති වෙයි කියා මහින්ද රාජපක්ෂ පවුලට තිබෙන බිය නිසයි. ගෝඨාභයට විරුද්ධව අති මහත් සංඛ්‍යාවක් මෙහි අදහස් පලකරන්න හේතු වී ඇත්තෙත් එම සාධකයමයි. අප මේ ලියූ දෙයට අත් වන්නේත් ඒ ඉරණමමයි.