( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්කි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සළකා බැලූ බුවනෙක අලුවිහාරේ,ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළේය.
හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.
එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබිණි.
එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ප්රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.
එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන්නේය.
මෙම අභියාචන පෙත්සම් විභාගය ඔක්තෝබර් 1 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් මෙම අතුරු නියෝග නිකුත් කළේය.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා , නීතීඥ සුගත් කල්දේරා යන මහත්වරුන් ද නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨාට එරෙහි මැදමුලන නඩුවට අතුරු නියෝගයක්
Narayana Thursday, 25 July 2019 06:45 AM
අරුණලු පිපෙයි... කාලකණ්ණින් බයේ හැංගෙයි.
ධනුෂ්කThursday, 25 July 2019 02:24 PM
ආ එහෙමද අරුණළු පිපෙන්නේ. මහජන මුදල් හොරකන් කරලා සොහොන් හදලා මාට්ටු වුනාම නීතියට බයේ නීතියට වෙට්ටු දානකොට ද අරණළු පිපෙන්නේ.....
වල්ගම්පොල Thursday, 25 July 2019 06:59 AM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...
samanThursday, 25 July 2019 12:58 PM
පහුගිය කාලේ අධිකරණයෙන් ආණ්ඩුවට පක්ෂ තීන්දු දෙනකොට අධිකරණය ෂෝයි ... දැන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේලු හික් හික්
Amila Thursday, 25 July 2019 07:04 AM
තනතුරු දරන කාලේ හැමතැනම යාලුවෝ හදගත්තා උදව් එහෙම කළා. අමාරු කාලේ ගොඩ..!
සිමියොන්Friday, 26 July 2019 06:58 AM
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක් අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරනයේ විනිසුරුවන් හමුවීමට අවස්ථාවක් ඉල්ලුවා කියලා ආරංචියි. ඒක ඇත්තද? හමුවෙන්න ඉඩ දුන්නාද? නොදන්නා නිසා ඇහුවේ...
Chanak los angeles Thursday, 25 July 2019 07:08 AM
එකඑක සෙල්ලන් දමලා නීතිය නවන්න ගියාට වැඩක් නැහැ. හෙලවෙන්න බැරිවෙන්න මොහුව හිරවෙලයි ඉන්නේ.. මෙයා දඟලන්න දඟලන්න තවත් තදට හිරවෙනවා.
Senarath Bandara Thursday, 25 July 2019 07:12 AM
රටට ජය වේවා..!!!
athuraThursday, 25 July 2019 07:24 AM
දැන් මේකෙන් රටට ජය වෙන්නේ කොහොමද?
යාපාFriday, 26 July 2019 04:34 AM
රටට ජයවෙන්නේ බොරු චෝදනා කරලා අවුරුදු 5ක් යනකල් ඒවා ඔප්පු කරගන්න බැරුව ඉන්න මිනිස්සුන්ට කනේ පාරක් වදින නිසා... ඇත්ත ජයගන්නවාමයි. බොරු චෝදනා ඔක්කොම දැන් මිනිස්සු තේරුම්ගෙන ඉවරයි..
ranaFriday, 26 July 2019 06:38 AM
දීලා බලමු නේද? කෙල වුනාම අපි දන්නේ නැහැ, මතක නැහැයි කියමු..! මේ පට්ට මොඩයින්ට ජයවේවා... !!
Mahee Thursday, 25 July 2019 07:21 AM
ඒකෙනුත් ප්‍රතික්ෂේප වුනොත් ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය ඉදිරිපත් කරන්න පුළුවන් නොවැ... එතකොට සාක්කි කාරයෝ එහා මෙහා වෙලා නඩුකාර උන්නාසේලා එහෙමෙහෙ වෙලා තියෙයි නොවැ... ගමේ ජුවාලගේ හොර පොල් නඩු වගෙයි මේවා..
Buddika Thursday, 25 July 2019 07:23 AM
රාජපක්ෂලාට ජයම වේවා..!!! මොකක්ද මේ නීතිය? හොරකම් කරන්න හොඳයි. නඩු දාලා අහන්න බැරිවෙන්න වසර ගාණක ඉඳලා තහනම් නියෝග ගන්නවා. ප්ලෑන් එක ජනාධිපතිකම... ඊටපස්සේ නීතියට දෙවියන්ගේම පිහිටයි. මේ වගේ කාලකණ්ණි රටක් මේ ලෝකෙම තියෙයිද?
de silva Thursday, 25 July 2019 07:24 AM
ඔය නඩුව අහලා ඉවර කරන්න ඔච්චර අමාරුද? ඔක්කොම විකාර අපිව ගොනාට අන්දවන්න.
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 25 July 2019 07:44 AM
නඩුව නැවත ඔක්තෝබර් 1 වැනිදා යළි කැඳවලා එදාටත් උප්පරවැට්ටියක් දාලා ඉන් පසු ජනාධිපතිවරණය. ඉන්පසු?
BANDIRALA MONARATHANNA Thursday, 25 July 2019 08:08 AM
ලංකාවේ පුරවසිභාවයවත් නැති ගොබිලන්ට, තනතුරු දීල, පඩි ගේවල අපට මොකද වුණ, දැන් ඇමෙරිකාවේ සිංගප්පුරුවේ හිටිය අය ,ඉන්න අය දිහා බලාගෙන් ඉඳපල්ලා
saliya Thursday, 25 July 2019 08:11 AM
ජනතා කැමැත්ත ප්රජාතන්ත්රවදයයි. හන්දියක් හන්දියක් ගානේ සොහොන් හැදුවත් කැමැත්ත අඩු වෙන්නේ නැත. අපේක්ෂකයා දිනනවා සිකුරුයි. එබැවින් මතු ආරක්ෂාව හා රැකවරණය ගැන සිතා තීන්දු තීරණ ගැනීමට සිදුවේ
Kamal Thilakasiri Thursday, 25 July 2019 08:29 AM
හැංගිලා ඉදලා දැන් ආවේ ඕක වෙන බව දන ගෙන
kolam boss Thursday, 25 July 2019 08:36 AM
ඩී. ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයක් රටට අවශ්‍යද? ඔව් නම් ලයික් සහ නැහැ නම් ඩිස්ලයික් මගින් ඔබගේ කැමැත්ත ප්‍රකාශ කළ හැක...
Bamunuarachchi Thursday, 25 July 2019 08:36 AM
ඝෝඨාභය මහතාණෙනි, මේවට තමයි සිංහලෙන් කියන්නේ කරන "හොඳ පස්සෙන් එලවනවා කියලා"... ප්රභාකරන් තවදුරටත් ඔහුගේ වැඩකිඩ පෙන්වන තුරු ඔබතුමාට බලන් ඉන්න තිබුණා. අලිමංකඩට පාර නොදන්නා අයට ප්රභාකරන් ස්වර්ගයට පාර පෙන්වන තුරු සහ තවත් සිංහලයින් දසදහස් ගණනකගේ සොහොන් ඉදිවෙනතුරු ඔබතුමා ඉවසාගෙන සිටියා නම් ඔබතුමා පියා වෙනුවෙන් සොහොනක් ඉදිකර නඩු මගට යන්න වුණාට දුකක් නැත. මේ ගුණමකු, පාදඩ සිංහලයින්ගේ සහ අලිමංකඩ, පාමංකඩ කොහෙද කියා නොදන්නා පාදඩයින්ගේ සොහොන් ඉදිවීම වැළැක්වූ ඔබ බලයේ සිටියා නම් මේ ජීවිත 260ත් රැකගන්න තිබුණා. නමුත් එසේ නොවුණු එක බොහොම හොඳයි...
rama Thursday, 25 July 2019 08:38 AM
නීතිපතිට U.N.P. එකේ මුදල් අවභාවිතාව පේන්නේ නැත්ද? ඇයි ඒවාට නඩු දාන්නේ නැත්තේ? නීතිපති පක්ෂග්රාහී වුණාම රටකට හරියනවද?
sirimal Thursday, 25 July 2019 08:38 AM
අන්තෝ ජටා බහි ජටා.. ඔහොම යනකොට නඩුව අහන්න ඕනෑද? එපාද? කියලා තීන්දු කරන බලයත් විත්තිකාරයාගේ අතටම ලැබෙන්නත් බැරි නැහැ.
dilanThursday, 25 July 2019 08:55 AM
ඔයාට මොලේ තිබ්බට බුද්ධිය අඩුයි නේද..?
sirimalThursday, 25 July 2019 09:15 AM
එහෙමනම් ඔයවගේ ප්‍රතිචාරයක් දක්වන්න ඔබේ වටිනා කාලය මිඩංගු කරන එකත් "මෝඩ" වැඩක් නේද ඩිලාන්?
V.warnakulasuriyaThursday, 25 July 2019 10:06 AM
සිරිමල්ගේ අදහස ඉතා නිවැරදියි. අතීතයේ බොහෝ චුදිතයන් ආණ්ඩු මාරුවත් සමඟ නිවැරදිකරුවන් වී උසස් තනතුරුද ලබා ඇත. එම තත්ත්වය ඇතිවීමට ජනතාවද වගකිවයුතුය.
Chanak Los Angeles Thursday, 25 July 2019 07:46 PM
මේ යන විදියට සිරිමල් කියා තිබෙන්නේ සත්‍යක්. හැබැයි ඒ හිමිකම නීතිගත කරාවි අඹ ගෙඩියක් පොල්ගෙඩියක් වගේ දෙයක් කඩාගන්න දුප්පතුන්ට හැර කියා
යාපාFriday, 26 July 2019 04:53 AM
බොරුව බොරුවමය. එය ඇත්ත කිරීමට නොහැක. ආණ්ඩුව විසින් පාලනය කරන අධිකරණයක් මගින්වත් බොරුව උප්පුකරගන්න බෑ. මොකද දක්ෂ නීතිවේදීන් නිසා... ඔය බොරුව කවදාවත් ඔප්පු කිරීමට මොහැක. මිනිස්සු තවත් රැවටෙන්නේද නැත. ගෝඨාභයගේ චරිත ඝාතනයට කොයිතරම් උප්පරවැට්ටි යෙදුවත්...
Pradeep Thursday, 25 July 2019 08:42 AM
ඕක මොකක්ද? අර මහබැංකු ගිලපු අය යස අගේට ඉන්නේ...
ජයන්ත මිලානෝ Thursday, 25 July 2019 08:46 AM
සමහර පුද්ගලයන් තමන්ගේ නායකයින්ට ගැතිබව නොරහසක්... නමුත් රට 71 අවුරුදු ශාපයෙන් මුදවා ගන්න නම් වහල් මානසිකත්වයෙන් අප සැම මිදිය යුතුයි.
Rata Perata Thursday, 25 July 2019 09:13 AM
අපේ සල්ලිවලින් අම්මලට සොහොන් හදලා, දැන් ඒවා ගැන පරීක්ෂණ කරනකොට බයේ හැංගෙන මේ වගේ අයෙක් කොහොමද රටේ නායකයා වෙන්නේ...?
wimal Thursday, 25 July 2019 09:25 AM
මොකක්ද මේක..? ලංකාවේ යුද්ධය ඉවර කරපු එක මදිද? අපේ රටේ ඉන්නවා නිකම් බොරුවට එක එක දේවල් පෙන්වලා මහා ජනතාවගෙන් ඈත්කරන්න කරන කූට අදහස්... ඉස්සර් හිටිය රජවරු ඔක්කොම කළානේ. මම හිතන්නේ නැහැ වරදක් කියලා. ඊට වැඩිය බැංකුව මංකොල්ල කාපු අයට කෝ නීති, ආර්ථිකය විනාශ කරපු එවුන් නිදහසේ, බෝම්බ දාපු අයට මොනවද වෙන්නේ කියල දැනෙන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් මේ ගමන ගෝඨාභය දිනනවා. 2020න් පස්සේ ටික දවසකින් බලාගන්න පුළුවන් රටේ වෙනස... මුළු ලෝකයම පිළිගන්න නායකයෙක් ගෝඨා කියන්නේ. අපේ ගල් මෝඩයින්ට තියෙන්නේ කුහකකම... 30% ඉන්නවා අපේ රටේ පාවාදෙන සිංහල ගෝත්‍රික ජාතියක්... මේ අයට කටට ලෝදිය දැම්මත් වෙනස්කරන්න අමාරුයි.
athuraThursday, 25 July 2019 10:57 AM
එතකොට යුද්දෙ දිනන්න නායකත්වය දුන්නේ මහින්ද මහත්මය නෙමෙයිද? අදහසටම ගැලපෙනවා ඔයාගේ නමත්...
කසුන්Thursday, 25 July 2019 11:57 AM
විමල් ඔබ හරියටම හරි.
Chanak los angelesThursday, 25 July 2019 03:17 PM
එයා දිනන්නේ කොහොමද ඉදිරිපත් වෙන්න නොහැකිනම්. හිත හදාගන්න බලන්න
යාපාFriday, 26 July 2019 04:45 AM
ඇත්ත සහෝදරයා... මේ වගේ බොරු චෝදනා කරලා මිනිස්සු රවට්ටන්න බෑ.. තවත් අවුරුදු 5ක් ආණ්ඩු කරලත් ආණ්ඩුවට ඕනෑ... පාලනය වෙන අධිකරණයක් තිබිලත් එකම දෙයක්වත් ඔප්පු කරගන්න බැරිවුණා. මිනිස්සු තවත් රැවටෙන්නේ නෑ බොරුවලට..
Prabha Thursday, 25 July 2019 05:28 PM
වැරද්දක් කරලා නැත්නම් මොකද ඔච්චර බය. සිංහයෙක් වගේ ගිහින් තමා නිවැරදි බව උසාවියේදී ඔප්පු කරලා ඡන්දෙට එන්නකෝ
යාපාFriday, 26 July 2019 04:39 AM
දූෂිත, ආණ්ඩුවේ අතකොළුවක් වූ අධිකරණයකින් දෙන තීන්දු ගැන කවර කතාද? මේ වගේ ආණ්ඩුව විසින් පාලනය කරන අධිකරණයක් ඉතිහාසයේ කවදාවත්ම තිබිලා නෑ. ඒ වගේ අධිකරණයකට ගිහින් සාධාරණ නඩුවක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
Saman Friday, 26 July 2019 02:17 AM
එයා කවදාවත් මේ වැරැද්ද කලේ නෑ කියන්නෙ නැහැනෙ.. කියන්නෙ නඩුව අහන්න එපා කියලනෙ.
යාපා Friday, 26 July 2019 04:36 AM
බොරු චෝදනා කරලා මිනිස්සු රවට්ටන්න හැදුවා.. බොරුකාරයින්ට කනේ පාරක්. ඇත්ත ජයගන්න එක නවත්තන්න කාටවත්ම බෑ. මේ වගේ බොරු චෝදනාවලින් මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරන්න බෑ කියලා දැන්වත් තේරුම් ගන්න එක තමයි ඉතින් යමපාලනයට තියෙන්නේ...
rohana Saturday, 27 July 2019 01:31 AM
ගෝඨා තමයි එක මිනිහෙක් මරන්න හිරගෙදර 25 මරපු මිනීමරුවා. ලංකාවේ බූරුවන් බමුණුආරච්චි වගේ බූරුවන්ට ගෝඨා ඇරෙන්න වෙන කෙනෙක් නැහැ...