(මනෝ ප්‍රිය ගුණසේකර)
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටියේ දී කොල්ලුපිටිය පිත්තල මංසන්ධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් වසර 17 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටි කොටි සාමාජිකයකු බව පවසන ඉජිනේරු වරයෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) නියම කළේය.
කොටි සාමාජිකයකු බව පවසන සිවලිංගම් ආරූරන් නැමැති මෙම ඉංජිනේරුවරයා සහකාර පොලිස් අධිකාරි සිසිල් ද සිල්වා මහතා හමුවේ කළ ප්‍රකාශය හැරෙන්න වෙනත් කිසිදු සාක්කියක් ඔහුට එරෙහිව නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කළ දැනුම්දීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
ගමන් ගත් මෝටර් රථයට මරාගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි සිවලිංගම් ආරූරන් නමැති විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෝඨාට බෝම්බ ගැසුවැයි කී ඉංජිනේරුවා නිදහස්
Lalla Wednesday, 17 May 2023 06:45 AM
ඔහුගේ ජීවිතයට කල විනාශය?.ගෝඨා කවුද කියල දැන් රටම දන්නව නේද?
දාස Wednesday, 17 May 2023 10:40 AM
මේව පොලොව නුහුලන අපරාධ , ඔය බොම්බ සිද්දිය මුල ඉදලම ෆොන්සේක මහත්තය සැක කලා . අවුරුදු 14 හිරේ කිසිම චෝදනාවක් නෑ. මේ තමයි අපේ පොලිසිවල දස්කම් , අවුරුදු 29 හිරේ ගිය මිනිහ එලියට එන්නෙ 43 දි, ඉංජිනේරුවෙක් රටට වැඩක් කරන්න තිබුන මිනිහෙක් , මේ හිරේ ගෙවුනු මිනිහගෙ තරුන කාලයට කවුද වග කියන්නෙ , මොහු නිදොස් කොට නිදහස් කල ගරු විනිශ්චකාර තුමාට ජාතියේ ප්‍රනාමය. මේතමයි මේ දුෂිත දේශපාලනයෙ අතුරු පල. මුන් මේව තියාගෙන තව ත්‍රස්ත පනතක් ගෙනල්ල , මුන්ගෙ චෞර පාලනය ස්තාපිත කරන්න හදන්නෙ. මුලු රටම මෙයට විරුද්ද විය යුතුයි.හිරේ අසාධාරන විදියට අවුරුදු 14 ක් තැබු ඉංජිනේරුවාට විශාල වන්දියක් ගෙවුවත් ඒ කල පව සමාකරගන්න අමාරුයි.
fairoos Wednesday, 17 May 2023 01:58 PM
රනිල් ඩයස්පෝරාවට වැඩේ කරලා දෙනවා වගේ...
නාමල් Thursday, 18 May 2023 09:20 AM
සිරාවටම බොම්බයක් ගැහුව නම් උඹ අද ජතික වීරයෙක් බන්. ඔය කට්ට කන්න වෙන්නෙ නැහැ