IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගෝඨාට/ බැසිල්ට නාමයෝජනා දෙනවාට වාසු අකමැතිලු

ඉදිරි මහ මැතිවරණයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දෙනවාට තමා විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා හිරු රූපවාරිනිය සමඟ පැවැති සාකච්ඡාවක දී කීවේය.

‘ගෝඨාභයට මා කොහොමත් විරුද්ධයි. ඔහු බලය අයුතු ලෙස භාවිත කළා. පාර්ලිමේන්තුව අසල තිබුණු ස්මාරකයක් අපි එපා කියද්දි බලහත්කාරයෙන් ඉවත් කළා. වෙන තැනක් ඉල්ලුවට දුන්නෙත් නෑ. ඔහු බලයට එන්න සුදුසු නෑ. ‘



අදහස් (0)

ගෝඨාට/ බැසිල්ට නාමයෝජනා දෙනවාට වාසු අකමැතිලු

ජනිත් - මැදිරිගිරිය Monday, 25 May 2015 04:31 AM

තිවංක,කලින් අදහසක වට්ටක්කා කතාවක් කියලා තියෙනවා.අන්න අපි කියන කෙනා.දැන් වෙන නමකින් වාසුව පතුරුගහනවා.අම්මපා! මේ මිනිස්සු කටින්ද කතා කරන්නේ හැබෑට.....? (නි)

:       0       0

සමන්ති Monday, 25 May 2015 09:08 PM

වාසු කාටවත් බැනලා නැහැ. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Sunday, 24 May 2015 03:41 PM

ගෝඨාභයට මා කොහොමත් විරුද්ධයි. ඔහු බලය අයුතු ලෙස භාවිත කළා. වාසු සහෝදරයත් විමල් මල්ලි වගේමයි. හිටපු ගමන් අවදි වෙලා මොනා හරි වාචාල කතාවක් ඇදල ගන්නවා. බැසිල්, ගෝඨා එක්කම නේද වාසුත් පහුගිය සමයේ එකට හිටියේ ? "ඔහු (ගෝඨාභය ) බලය අයුතු ලෙස භාවිත" කල බව කියන වාසු, ඒ ගැන කලින් දැනගෙන හිටියේ නැති එකයි ලෝක පුදුමේ ! (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 25 May 2015 11:59 PM

රේණුක,නිර්භීත නිසා වෙන්න ඇති කාලයක් රටින් පැනලා වෙන රටක හිටියේ (නි)

:       0       0

සේන Monday, 25 May 2015 05:09 AM

මෙයා නම් දැන් හොඳටම කල් ඉකුත්වෙලා. කියන්නේ නොකියන්නේ මොනාද කියලා දන්නේ නැහැ. බැසිලුයි, ගෝටයි නාම යෝජනා ඉල්ලගෙන මෙයා ගාවට යයිද ? (නදී)

:       0       0

ශ්‍රී ලාල් Monday, 25 May 2015 05:14 AM

මේ වාසුදේව නානායක්කාර. (නදී)

:       0       0

රේණුකා Monday, 25 May 2015 11:09 AM

ගෝඨාභය කියන්නේ රටක සිටිය යුතු නිර්භීත නායකයෙක් වාසු වගේ පතොලයෙක් නොව. (ම)

:       0       0

නාරද Monday, 25 May 2015 05:21 AM

මෙයත් කයිවාරු ගැහුවාට පිං මන්ත්‍රී කෙනෙක් නේද?(නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 25 May 2015 05:24 AM

මෙයා කියන දේ හරි නේද..වෙලුනු වට්ටක්ක ගෙඩියක් උනත් හරි කතාවක් කියල තියනවා..(නදී)

:       0       0

ලැසී Monday, 25 May 2015 05:25 AM

ගෝඨාභය මහතාගේ වැරදි දැන් කියන්නේ ජනවාරි 08ට කලින් කියන්න තිබ්බනේ. එල්ලෙන්න වැල් නැතිව මහින්ද මහත්තයාට කඩේ යන්නේ හෘද සාක්ෂියට එකඟවද? (නදී)

:       0       0

යද්දෙහි ආරච්චි Monday, 25 May 2015 05:29 AM

වට්ටක්කා කතාව අප අනුමත නොකරමු. එනමුදු ගෝඨාභය වැනි දැයේ විරුවන් මේ රටට ඇවැසි බව වාසු සහෝදරයා අවබෝධ කරගත යුතුයි. (නදී)

:       0       0

යද්දෙහි ආරච්චි Monday, 25 May 2015 05:33 AM

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව තමා කළකිරීමට පත්ව සිටින බවත් ඉදිරියේදී දේශපාලනයේ නිරතවීමට තරම් මානසිකත්වයක් නොමැති බවත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත (ම)

:       0       0

පතිරණ Monday, 25 May 2015 05:51 AM

එතකොට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා ඉස්කෝලේ ළමයා ඉස්සරහ කුණුහරුප කිය කියා තුට්ටු දෙකේ චන්ඩිකම් පෙන්නපු මිනිස්සු පාර්ලිමේන්තුවේ තියාගන්න වටිනවාද? (නදී)

:       0       0

ශාන් සෞදි Monday, 25 May 2015 05:53 AM

ගෝඨාභය රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයේ දී නාම යෝජනා ලබා දෙනවාට ජනතාවගේ කිසිදු අකැමැත්තක් නැහැ. මන්ද ඔහු අප රට බේරා ගත් විරුවෙක් නිසාා. නමුත් අනෙක් අයටත් පොදු ජන එක්සත් පෙරමුණ යටතේ නිදහස් පක්ෂය යලි ඡන්දයට එන එකට සියලු දෙනාම විරුද්දයි මන්ද රටට කිසිදු වැඩක් නොකරන ජාතික දනය කොල්ල කන අමනයන් එතුලින් පාර්ලිමේන්තුවට යලිත් රිංගා ගන්නා නිසා (නදී)

:       0       0

අනූෂා Monday, 25 May 2015 05:56 AM

බැසිල් කෙසේ වෙතත් ගෝටාභය මහත්තයා දේශපාලනයේ සිටිය යුතුයි. එතුමා දීපු වැඩ කොටස හරියට කරපු නායකයෙක්. දේශපාලනයේ නැත්තේ එවැනි අයයි (නදී)

:       0       0

මොහාන් Monday, 25 May 2015 06:11 AM

අනුෂා, එ්ක ඇත්ත හරියටම කළා වැඩ කොටස. ටිකක් වැඩියෙනුත් කරපු එක තමා වැරැද්ද.(නදී)

:       0       0

චින්තක Monday, 25 May 2015 06:18 AM

ගෝඨා එනවට රනිල් ඇතුළු කවුරුත් බයයි. වාසුට නම් බයවෙන්න දෙයක් නැහැ. මේ කතාව ඔහු කියන්නේ එදා වට්ටක්කා කතාවෙන් පස්සේ නේද? දැන් රනිල් එක්ක ෂේප්ද දන්නේ නැහැ. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 24 May 2015 06:19 PM

බලය අයුතු ලෙස පාවිච්චි කල එකක් දෙකක් කීවානම් බලන්න ජනතාව නොදන්නා ඔබ දන්නා ? (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 24 May 2015 06:24 PM

වෙන රටක නම් මෙලහකට ජම්පරේ ගස්සලා (නදී)

:       0       0

ශාන් Monday, 25 May 2015 06:49 AM

වාසු කියන්නේ මොන දේශපාලකයෙක්ද? මිනිහා නිකම් විහිළු කාරයෙක් විතරයි. ඕව ගණන් ගන්න එපා. අම්ම තාත්ත එක්කත් පොඩි කාලේ ඉඳල කුණුහරුප කියාගෙන ඉන්න ඇති (නදී);

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 24 May 2015 06:33 PM

බලය තිබුණු කාලේ මේ වගේ චෝදනාවක් කළා නම් සුදු වැන් එකේ රවුමක් ගිහින් එන්න තිබුනා. සමහර විට නොඑන්න තිබුනා නේද ? (නදී)

:       0       0

නිහාල් Monday, 25 May 2015 08:01 AM

එක එක්කෙනාගේ කැමැත්තෙන් වැඩක් නැහැනේ. තමන් කැමති නම් තරඟ කළා. එච්චරයි (නි)

:       0       0

ඇසළ Monday, 25 May 2015 08:07 AM

චින්තක,ගෝඨාභය එනවට ඇයි රනිල් බය...? පැහැදිලි කිරීමක් කරන්න.එසේ නොකරන්නේ නම් ඔවැනි කතා නොකියා ඉන්න. (නි)

:       0       0

යසරත්න Tuesday, 26 May 2015 02:31 PM

ඉතින් අපිට මොනවද කරන්න කියන්නේ? (නි)

:       0       0

රිෂ් Monday, 25 May 2015 03:36 AM

රටට සේවයක් කල ගෝඨාභයට නාම යෝජනා දෙනවාට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ එහෙත් මහජන මුදල් කොල්ලකාපු සහ උත්තරීතර පාර්ලිමේන්තුවේ කුණුහරප කියන ආසනයට සත පහක වැඩක් නොකරපු වේලිච්ච වට්ටක්කා වලට නාමයෝජනා දෙනවාට අපි එකෙන්ම විරුද්ධයි (නදී)

:       0       0

බටංගල Monday, 25 May 2015 03:37 AM

වාසු කියන අයට වගේම වාසුට චිට් මන්ත්‍රීකම දෙන අයටත් අපි විරුද්ධයි (නදී)

:       0       0

මොවින්ද Monday, 25 May 2015 03:52 AM

වාසුට කිසි ගාණක් උත්තරීතර තැන කෙලෙසනවා මේවාගේ මන්ත්‍රිවරු විශ්‍රාම ගැන්විය යුතුයි (ම)

:       0       0

ජනිත් - මැදිරිගිරිය Monday, 25 May 2015 04:03 AM

යහපාල මෙතෙන්දී කාට බනියිද දන්නැහැ . (වාසුටද,ගෝටාභයටද) මොකද රනිල්,වාසු ප්‍රශ්නයේදී පිවිතුරු,වාසුව නග්ගලා තිබ්බ හන්දයි එහෙම කිව්වේ.(ම)

:       0       0

පුබුදු Monday, 25 May 2015 04:04 AM

දැන් ගෙදර යන්න කාලය හරි කියලයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

තිවංක Monday, 25 May 2015 04:16 AM

ජනිත්,නියමයි. යහපාලට මේවා පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 399 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 868 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 555 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 895 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1377 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 573 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37641 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site