IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


’’ගෝඨාට රටින් යන්න සෝභිත හිමි උදවු කලා කියන්නේ බොරු’’

(රංජන්  කස්තුරි)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අරගලකරුවන්ගෙන් මිදී කටුනායක ගුවන්තොටුපළෙන් පිටව යාමට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවට ඕමල්පේ සෝභිත හිමියන් සිදු කරන ප්‍රකාශ අසත්‍යයකැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය.

ඕමල්පේ සෝභිත හිමියන්  ඉකුත්දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමන්ගේ නම ද ඈ දා ගනිමින් කර ඇති අසත්‍ය ප්‍රකාශයකට තමාට පිළිතුරු දීමේ අයිතියක් ඇති බව සඳහන් කරන සුගීෂ්වර  බණ්ඩාර මහතා පවසනුයේ  එවකටත් ජනාධිපති ධූරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට කටුනායක ගුවන්තොටුපලෙන් පිටවී  යාමට සෝභිත හිමියන්ගේ අවසරයක් හෝ පහසුකමක් අනවශ්‍යව තිබූ බවය.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වෙමින් සුගීෂ්වර  බණ්ඩාර මහතා  පැවසීය.

ඕමල්පේ සෝභිත  හිමියන් ඉකුත් 2022 වසරේ ජූලි මස දොළොස්වෙනි දින තමා අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධූරය හැර යන ලෙසට බල කළ බවත් එසේ ධූරය හැර යන බවට වන ලිපිය තමා සන්තකයට ලබාගෙන  තහවුරුවක් උන්වහන්සේට ලබා  දෙන ලෙසත් ඉල්ලා සිටි බවද සුගීෂ්වර  බණ්ඩාර මහතා කීවේය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සෝභිත හිමියන්ගේ ඉල්ලීමට කන් දීමේ අවශ්‍යතාවක් නොතිබූ අතර කටුනායක තොටුපළෙන් පිටව යාමට උන්වහන්සේගෙන් කිසිදු පහසුකමක් හෝ සහායක් ලබා නොගත් බවද  සුගීෂ්වර මහතා කීවේය.

සෝභිත හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ධූරය හැර යන්නැයි  බලකරමින් එදින ඉතා උද්දාමයෙන් කතා කළ බවද බණ්ඩාර මහතා සඳහන් කළේය.

තවද ඕමල්පේ සෝභිත හිමියන් තමාට තවත් වරෙක කතාකර  රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නහොත් තමන් වහන්සේ සහ තවත් භික්ෂූන් පිරිසක් ජනාධිපති මන්දිරය ඉදිරිපිටට පැමිණ   ගිනි තබා ගන්නා බවට තර්ජනය කළ බවද සුගීෂ්වර  බණ්ඩාර මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නැය ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වන ලෙස ඕමල්පේ හිමියන් දුරකථනයෙන් තමාට තර්ජනය කළ බවද සුගීෂ්වර  බණ්ඩාර මහතා කීවේය.

කොළඹ අගරදගුරු  තුමාගේ මතයද විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය  ධූරය හිමි විය යුතු බව යැයිද එහිදී සෝභිත හිමියන් තමාට පැවසූ බවද හෙතෙම සඳහන් කළේය.

තමා සියලු කරුණු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන්වූ නමුත්   සෝභිත හිමියන්ගේ ඉල්ලීම් කිසිවක් ඉටු නොවූ බවද හෙතෙම කීවේය.

තමාගේ අනන්‍යතාවය ඇති ජාතිකවාදී කඳවුර  තුළ ඕමල්පේ හිමියන් ප්‍රතික්ෂේප වේ යැයි පවතින බිය නිසා උන්වහන්සේ අසත්‍ය කරුණු මාධ්‍යයට ප්‍රකාශ කරන බවද සුගීෂ්වර මහතා කීවේය.



අදහස් (2)

’’ගෝඨාට රටින් යන්න සෝභිත හිමි උදවු කලා කියන්නේ බොරු’’

chandima Friday, 15 March 2024 09:39 PM

රොනී නැතිවුණාම කතාවක් පවත්වන්න කියලා රනිල්ට කියපු එක ඇත්තක් නම් මේ කතාව බොරුවක් වෙන්නේ කොහොමද?

:       2       8

sam Saturday, 16 March 2024 06:37 AM

ඔයාලාත් ඒ වගේම තමයි.

:       2       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 450 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1953 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2401 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3772 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site