(විමුක්ති එස් රුද්‍රිගු)
තායිලන්තයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රැඳී සිටින හෝටලයෙන් පිටව නොයන ලෙස බැංකොක් පොලිසිය උපදෙස් දී ඇතැයි එරට ආරංචි මාර්ග උපුටා දක්වමින් බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගමන් ගත් ගුවන් යානය තායිලන්තයේ ෆුකෙට් වෙත ගොඩ බැසීමට සැලසුම් කර තිබුණත් ආරක්ෂා හේතුන් මත ගුවන් යානය මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇතැයි බැංකොක් පොස්ට් පුවත් පත සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව තායිලන්ත ආරක්ෂක අංශ බැංකොක් නගරයේ ස්ථානය හෙළි නොකළ හෝටලයකට රැගෙන ගොස් ඇතැයි බැංකොක් පෝස්ට් පුවත්පත ප්‍රකාශ කළේය.
සිවිල් ඇඳුමෙන් සැරසි තායිලන්ත ආරක්ෂක අංශ නිලධාරීන් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔහු රැඳී සිටින හෝටලයේ යොදවා ඇතැයි බැංකොක් පෝස්ට් පුවත්පත් වාර්තා කළේය.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨාභයට දැඩි රැකවල්:හෝටලයෙන් පිටව නොයන්නැයි ඉල්ලයි
Prabha Saturday, 13 August 2022 12:03 AM
ඇයි ලංකාවට එන්න බය...? රනිල් විශ්වාස නැද්ද?
චතුරි Saturday, 13 August 2022 01:41 AM
මේ සේරම කරන්නෙ ගෝටාගෙ. ඉල්ලිම් මත. හොඳට වියදම් කරන්න රටේ මුදල් තියෙනවානෙ ගේටාගේ පවුලෙ සැමෙ ලෝබකමක් නැතිව මුදල් වියදම් කරන්නෙ. නොමිලේ මේ වගෙ සේවයක් කිසිම රටකින් ලබා ගන්න බැහැ. අපේ රටේ නීතියෙ වැරැද්ද. රටේ ජනතාවගෙ මුදලින් පැනලා යනකම් බලන් හිටියා. සිංහල ජාතිය රටේ පලවෙනි තැනට ඉන්නෙ. නමුත්. පිටරට ඉන්න අපි වගෙ අයට ලැජ්ජැයි. අපේ රටේ වෙන දේවල්. මේ විදියට අහන්න. ලෝකෙ කිසිම රටක් මේ වගෙ නැහැ. රට බන්කොලොත් කරලා මුදල් හොරා කලා බය නැතිව ලෝකෙ වටේ යනවා. හිරේ ඉන්න ඔන මිනිහෙක් අරාක්ශාව දීලා බලන් ඉන්නවා. නීතියක් නැති රටක් කවදාවත් දියුනු වෙන්නෙ නැහැ. බොරුවට පොඩි මිනිස්සු අල්ලන් හිරගේ පුරවනවා.
Pradeep KumaraSaturday, 13 August 2022 09:55 AM
චතුරිගේ අදහසට දීලා තියන ප්‍රතිචාරවලින් පේන්නේ අපේ රටේ බහුතරයකට තවමත් වුවමනා කරන්නේ දූෂිත පාලනයක් බවයි. රටේ ජනතාව මේ තරමට පීඩාවට පත්වූ කාලයක් ඉතිහාසයේ තවත්නම් නැතුව ඇති (බැමිණිතියා සායට පසුව) ඒත් බහුතරයක් දෙනා දූෂිතයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම ඛේදනීයයි...
සුරංග Saturday, 13 August 2022 12:02 PM
හෝටල් අඩස්සියේ ඉන්නවා කියන්නේ හිරගෙදර හිටියා වගේ තමයි. වෙනසකට බරපතළ වැඩක් නැහැ... බලන්නකෝ මාස තුනක් කාමරේක ඉඳලා සැප කොහොමද කියලා...?
විපරමා Saturday, 13 August 2022 02:40 AM
එහෙට මෙහෙට පැනපැන හැංගි හැංගී ඉන්නවාට වැඩිය ලංකාවට ඇවිත් බංකරේකට වෙලා ඉන්න බැරියෑ....
C.K.Lankaputhra Saturday, 13 August 2022 06:00 AM
අනේ පවු. එතුමාට අන්තර් ජාතික මට්ටමෙනුත් මරණ තර්ජන තියනවා වගෙයි.
Nandalal DE SILVA - FranceSaturday, 13 August 2022 11:41 AM
බුදු දාහමට අනුව කෙනෙක් කල පව් වල විපාක වලින් මිදීම සඳහා දුපතක, හෝ ග්රහාලොවක ,හෝ පොලව යට සැගවී සිටියත් ඒවයින් මිදීමට බැරිය.ගෝඨා සිදු කල පව් අනුව මාලදිවයිනේ හෝ සිංගප්පුරුවේ හෝ තායිලන්තයේ තරු පන්තියේ හොටල් වල සැඟවී සිටියත් ,ඒ පව් වල විපාක වලින් ගැලවීමට බැරි බව මුළු රාජපක්ෂ පවුලම මෙනෙහි කල යුතු වෙනවා!!!
BamunuarachchiSaturday, 13 August 2022 11:41 AM
අහන්න දෙයක් යැයි යුද්දෙන් බැටකෑව දෙමල ඩයස්පෝරාව බලාගෙන ඉන්නේ එතුමාගෙන් පලිගන්න.
සත්‍ය ගවේෂී.Saturday, 13 August 2022 03:25 PM
ඝෝඨාභයත් එක්කම බමුණු ආරච්චිලා වගේ මිනිසුන්වත් රටින් නෙරපන්නයි තිබුණේ. ඒත්, දැන් සද්දේ දැම්මාට ඒ දිනවල උන්හිටි තැන් හොයාගන්න බැරිවුණා.
BamunuarachchiSaturday, 13 August 2022 04:30 PM
හලෝ මගේ සද්දෙන් වැඩක් නැහැ.. ඔහෙලා දෙමළුන්ගේ වැසිකිලි හෝදන්නේ නැතුව බේරුනේ රාජපක්ෂලා නිසා... මොකද නැහැයි කියන්න පුළුවන්ද? සිංහලයින්ගේ අතුනු බහන් එකතු කලේ සවලෙන් කියලා අමතකද? ගුණමකු සිංහලයින්....
සත්‍ය ගවේෂී.Saturday, 13 August 2022 06:02 PM
රටේ යුද්ධය දිනා දුන්නේ,සරත් පොන්සේකා මහත්තයා හා රණවිරුවන්.ඒ උනාට ඒකේ ගෞරවය බලෙන් ගත්තේ ඔබේ රාජපක්ෂ වරුන්.ඒත්,මිනිස්සුන්ට අන්තට්ටු පළඳවා සිටියත්, දැන් මිනිසුන් දන්නවා ඇත්ත.සරත් පොන්සේකා නොසිටින්න යුද්දෙ කරන්නෙත් රට බංකොලොත් කරා වගේ තමයි..රාජපක්ෂවරුන්ගේ හෙංචයියන් නොදන්නවාට අපි අද බේරිලා ඉන්නේ සරත් පොන්සේකා මහත්තයා හා හමුදාවට පින්සිදු වන්නට බව අප හොඳහැටි දන්නවා.
sisil Saturday, 13 August 2022 06:50 AM
ජනාධිපතිවරයා වශයෙන් වැරැදි සිදුවන්නට ඇත. නමුත් ගෝඨාභය සියලු වැරැදි කළබව කියමින් ඔහුට පමණක් චෝදනා කිරීම සුදුසු නොවේ. ඔහු වටා ඇමැති මණ්ඩලයක් සිටියේය. උපදේශකයන් සිටියේය. ඔහු සමග සිටි සියලු දේශපාලකයින් වර්තමාන ජනාධිපතිවරයා සමග ද සිටියි. ගෝඨාභය සහ බිරිඳ මේ ආකාරයට රටින් රටට ගොස් සැගවී ජීවත් වියයුතු නොවේ. ඔවුන්ට යළිත් ඇමෙරිකාවට ගොස් ඔවුන්ගේ මුණුබුරන් සමග සිට ඔවුන් කැමැති කාලයක නැවත ලංකාවට පැමිණීමට අවස්ථාව තිබිය යුතුවේ...!
Pradeep Saturday, 13 August 2022 08:15 AM
කවුරු මොනවා කිව්වත් පරිස්සම් කරන්න ඕනෑ කෙනෙක් තමයි. පිටට වටින අපිට නොවටින අපේම කෙනෙක් මිස්ටර් ගෝඨාභය...
Perera Saturday, 13 August 2022 09:18 AM
ඒ කියන්නේ හිර අඩස්සියේ ඉන්නවා වගේ තමයි..!
ජගත් ලියනගේ Saturday, 13 August 2022 09:53 AM
කළ හොඳ පස්සෙන් එනවා වගේ...!
යෝගා Saturday, 13 August 2022 10:22 AM
ඔබට අවශ්‍ය ආරක්ෂාව මේ රටේ තිබෙනවා. ඒ සඳහා අපේ ආරක්ෂක අංශ බැඳී සිටිනවා. ඔබට තියෙන්නේ ආර්ථිකය දුර්වලවීමේ චෝදනාව පමණි. නමුත් ඔබේ මුදල් ඇමැතිවරු, උපදේශකයින් හා රාජ්‍ය නිලධාරීන් මේ රටේ තවදුරටත් සිටිනවා. රටට ලැජ්ජා නොකර වහාම ආපසු පැමිණෙන්න. ඔබේ හැසිරීමෙන් ජාත්‍යන්තරයට හිතන්නේ මේ රටේ පවතින්නේ කැලෑ නීතිය කියලයි..!
Bamunuarachchi Saturday, 13 August 2022 11:35 AM
ගෝඨාභය මහතාට රැකවරණය දීම ගැන සතුටුවෙනවා.එතුමාට කරදරයක් උනොත් මහා ජෙප්පන්ව BBQ..දානවා
විපරමා Saturday, 13 August 2022 12:25 PM
රටම හොරාකාළා, විනාශ කරලා... සූඛෝපභෝගි හෝටල්වල සැප... හරි නම් ඉන්න ඕනේ හිරේ.
BamunuarachchiSaturday, 13 August 2022 01:10 PM
බෝම්බ වලින් මරුණු සිංහලයින්ගේ අතුණු බහන් සවලෙන් එකතු කිරීම නවත්තපු නිසයි එතුමාට දෙමළ තර්ජන ඇති වුණේ.. ඒක මතක තියගන්න.. මතකයි නේද ලන්ඩන්වලදී අපේ සෙනවියෙක් ඇඟිල්ල බෙල්ලට තියලා දෙමල ඩයස් පෝරාවට දුන්නු සංඥාව.. ඒ සංඥාවම අපි ජාතියක් හැටියට ගුණමකු පාහර ඔහෙලා වගේ මිනිසුන්ට දිය යුතුයි...
ගමේ එකාලාSunday, 14 August 2022 01:19 AM
නම බමුණුආරච්චි... ඒ වුණාට තවමත් තියෙන්නේ වහල් ගති... ජනතාව ගොනාට අන්දලා, ගල් පැලෙන බොරුබේගල් ගහලා, රාජපක්ෂලා පෙන්වපු සෞභාග්‍යයේ දැක්ම අපූරුයි නේද? රාජපක්ෂලා කියන්නේ දූෂිත බලලෝභී, බඩගෝස්තරවාදීන්...
oshara Saturday, 13 August 2022 01:16 PM
මිනිස්සුන්ට පිස්සු නැහැ පිස්සෙක්ව මරන්න... මෙයා මේ එන්නේ වෙන පොටකට.., මෙයා මොනවා කිව්වත්, කරත් අපේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කාපු සල්ලි රටේ දේපළ ආපහු දෙන්නම ඕනේ මෙයා සහ මෙයාගේ අනිත් සහෝදර රැල...
siri Saturday, 13 August 2022 04:35 PM
"හැමෝම කියනවා ඉතාලියට පැනගත්තේ කොහොමද? එතැනින් එංගලන්තෙට පැනගත්තේ කොහොමද, ඉන්දියාවට පැනගත්තේ කොහොමද, ඩුබායි වලට පැනගත්තේ කොහොමද කියලා. ඒත් කවුරුවත් කියන්නේ නෑ මම කොහොමද තායිලන්තයට පැන ගත්තේ කියලා. මම තමයි හොඳටම පැනගත්තේ... "
චන්දන Sunday, 14 August 2022 07:44 AM
අකාර්යක්ෂම පාලනය හැර වෙනත් දූෂණ චෝදනා ගෝඨා ට නැහැ . එහෙම කෙනාට මේ රටට එන්න බැරි ඇයි. සේරම හොරු ටික රට ඇතුලේ ඉඳිද්දි මෙයා අනාථ වෙලා .
Bamunuarachchi Sunday, 14 August 2022 11:19 AM
ෆොන්සේකාට තිබුනානේ රාජපක්ෂලා එන්න කලින් යුද්ධෙ දිනන්න. මොකෝ අවරුදු 25 ම යුද්ධ කලේ? ෆොන්සේකාට හමුදාපතිකම දීලා ඔය තත්ත්වයට ගත්තේ කව්ද? රාජපක්ෂලා එන්න කලින් ෆොන්සේකා කෙනෙක් ගැන ඔහේ දැනගෙන හිටියාද? ෆොන්සේකා හොඳ සැල්වේෂන් ආමි එකට කියලා රනිල් කිව්වා මතකද? රාජපක්ෂලා නොඑන්න ෆොන්සේකා නවතින්නේ සැල්වේෂන් ආමි එකේ. දෙවන ලෝක යුද්ධයේදී මහා බ්‍රිතාන්‍ය පැත්තෙන් යුද්ධය මෙහෙය වුයේ කවුද කියලාවත් ඔබ දන්නවාද?
sam Sunday, 14 August 2022 12:56 PM
මේ සාටක රාජපක්ෂ පවුලම හොරු කියල දැන් ලෝක ප්‍රසිද්ධයි. ඒකයි මුට එලියටවත් යන්න එපා කියල තියෙන්නෙ. මිග් යානා වලිං හොරාකාපු මූට සාප්පු වලිං හොරාකයි කියල බයටයි මූට එලියට යන්න එපා කියල නීති දාල තියෙන්න. හොරාකෑම සහ පට්ට බොරු ඇදබෑම හැරුනු කොට මුංගෙ ජරාපක්ෂ පවුලෙ ඒකෙක්වත් වෙන කිසිම දේකටනං දක්ෂ නැහැ. ඒක නං ඉර, හඳ වගේ විශ්වාසයි.