IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ගෝඨාභයට දෙවියන් සිහිවෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා (5) අලුයම 5 ට පමණ රක්වාන ශ්‍රී නාගබෝධි දේවාලයට හදිසියේ පැමිණ සමන් දෙවියන් ඉදිරිපිට දේවාශිර්වාද පූජවකට එක්විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දේවාලයේ භාරකරු පමණක් එහි දොරවල් වසා දමා පැය භාගයක පමණ කාලයක් දේව පූජාවකට සහභාගී වූහ.

අනාවැකි කීමේ ප්‍රසිද්ධියක් උසුලන මෙම දේවාලයට මීට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද විවිධ මැති ඇමැතිවරුද පැමිණ පූජා පවත්වා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

 



අදහස් (0)

ගෝඨාභයට දෙවියන් සිහිවෙයි

කුමාර් Monday, 07 September 2015 06:48 AM

ලංකාවේ අයට ඉතින් කොහොමත් දේවාල වල ඉන්න දෙවිවරු තමයි නිතරම පිහිට. (නි)

:       0       0

කසුන් Monday, 07 September 2015 06:48 AM

කළගුණ නොදත් මිනිසුන්! (නි)

:       0       0

රමේෂ් Monday, 07 September 2015 06:50 AM

පව් කියලත් හිතෙනවා (නි)

:       0       0

ටෙනිසන් Monday, 07 September 2015 07:01 AM

පවු! අන්තිමේදී ඔහුට දෙවි පිහිට පමණයි ඉතුරුවුණේ (නි)

:       0       0

දර්ශ Monday, 07 September 2015 07:02 AM

නිවැරදි මිනිස්සුත් වැරදිකරුවන් කරන ලෝකයක් මේක. (නි)

:       0       0

නිර්මල Monday, 07 September 2015 07:06 AM

රාජපක්ෂලාට දොස් කියන්න ගොඩාක් හේතු තියෙනවා. පක්ෂග්‍රාහීබව නිසා අපේ මිනිසුන්ට කරපු වින, රටට කරපු වින අමතක කරන්න පුලුවන්ද? යුද්ධය දිනු පමණින් ඕනෑම දෙයක් කරන්න දෙන්න පුලුවන්ද? කවදද අපි පක්ෂග්‍රාහීබව අමතක කරලා අපේ මිනිස්සු ගැන හිතන්න පුරුදු වෙන්නේ? කවදාද අපි වහල් විදිහට හිතන්නේ නැතුව ස්වාධීනව හිතන්න පුරුදු වෙන්නේ? (නි)

:       0       0

පියලාල් Monday, 07 September 2015 01:27 PM

ඇමෙරිකානුවන්ට රට අල්ලා ගැනීමට දෙවියන් උදව් කල බව ඔවුන්ගේ මතයයි.එනිසා සෑම වසරකම ඔවුන්ගේ පල්ලිවල පුද පූජා පවත්වා දෙවියන්ට ඉස්තුති කරනවා. අපේ රටේ ප්‍රභාකරන් ජය පතා නොයෙකුත් බිලි පූජා ඔවුන්ගේ දෙවියන් වෙනුවෙන් පවත්වා තිබෙනවා.මගේ මතය දේවාශිර්වාදය හොද දේට ලැබෙන බවයි. මෙතුමා කලේ තම රට ත්‍රස්ත වාදයෙන් මුදා ගැනීමයි.නමුත් අද ඔහු නීතිය හමුවේ අසරණනම් දෙවියන්ට නොකියා වෙන කාට කියන්නද? (අ)

:       0       0

අබේරත්න Monday, 07 September 2015 03:14 PM

ඔබ තුමා යුග පුරුෂයෙක් . ජය වේවා !

:       0       0

අබේරත්න ටෝකියෝ Monday, 07 September 2015 03:15 PM

අපිට නිදහස උරුම කරදුන් ඔබව දෙවියන් රැකගනු ඇත . (අ)

:       0       0

විසල් Monday, 07 September 2015 07:45 AM

කුමාර්, ඔබ සමහරවිට ගොඩ සුද්දෙක් වෙන්නට පුළුවන්.ලංකාවේ අය බුද්ධාගම හැරුණු විට දේවාල කරාත් යනවා.ඒක ඇත්තක්. ඉන් සමහරක් අය ඔබගේ ආගමට අයත් දෙවිවරු ළඟටත් යනවා,ආශිර්වාද ලබා ගන්නට. එතැනදී නොදැනුවත්වම ආගමික සහජීවනයද ඇතිවෙනවා. ශ්‍රද්ධාවෙන් සජ්ජායනය කරන පිරිත් නුලක් අතේ බැඳ ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල නුඹ වැන්නකුට විස්තර කිරීමෙන් ඵලක් නැත.කරුණු කාරණා හොඳින් තේරුම්ගත් දිනක,ඒ සම්බන්ධව නුඹට වැටහේවි (නි)

:       0       0

දිල්ශාන්ත Monday, 07 September 2015 03:35 PM

ඔබ සදධරණ නම් බය නොවන්න. ඔබේ ඒකාදිපති බලය රටේ අහිංසක ජනතාවට දැඩි පීඩනකාරී එකක් වුණ බවද අමතක නොකරන්න. සියල්ලට යහ පාලනයෙන් පිළිතුරු ලබාවි. (අ)

:       0       0

දහම් Monday, 07 September 2015 07:49 AM

සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ පිනට ඉපදුනු කෙනෙක් ගෝඨා. ඔහු නොහිටින්නට අපි තාමත් කොටින්ගෙන් මැරුම් කනවා. රටෙනුත් කොටසක් කොටි අල්ලාගෙන ඉවරයි. පටු දේශපාලනය නිසා මේ ඇත්ත අමතක වෙනවා සමහරුන්ට.ගෝඨාට සියලු දෙවි රැකවරණයි! (නි)

:       0       0

සුසිල් Monday, 07 September 2015 08:04 AM

මොහු යුද්ධය නිමාකිරීමට විශාල මෙහෙවරක් කළ බව ඇත්ත.එය නැහැ කීමට කාටවත් බැහැ නමුත් මොහුගේ සමහර ක්‍රියාකලාපයන් බොහෝ බුද්ධිමත් ජනතාව අනුමත නොකරති.යුද්ධය දිනුවාසේ අනෙකුත් දේවලුත් සමබරව තියාගත්තා නම් මොහු උතුම් මිනිසෙකි.තරාදියේ දෙපැත්තක් තිබෙන බව මෙහි අදහස් දමන සමහර අයට මතක්කරදීමට සිදුව තිබේ. (නි)

:       0       0

රූපවතී Monday, 07 September 2015 08:21 AM

දහම්,ඔබ මා කොපමණ දුක්වුණත් පලක් නොවනු ඇත. අප සිංහලුන්ට යමක් වැටහෙන්න මුළු ජීවිත කාලයම වැයකළත් බැරිය. සීපා ගිවිසුම,ඉන්දියාව යාකරන පාලමට අප කොපමණ විරුද්ධ වුවද එයත් ඵලක් නැත.අප රටට වන විපත ගැන සිතා ගැනීමටවත් වෙලාවක් අපිට නැත. ඉන්දියන් සයුරේ මුතු ඇටය අපිට කල්පයකින්වත් මතුකර ගන්න නොලැබෙනු ඇත. (නි)

:       0       0

ඒ.විජය Monday, 07 September 2015 08:22 AM

නිර්මල, ඔබ කියලා තියන දෙය හරියටම හරි. රාජපක්ෂලා සහ ඔවුන්ගේ පාක්ෂිකයින් මගේ රැකියාව අහිමිකර මගේ නෛතික අයිතිවාසිකමක් වු විශ්‍රාමය පවා වළක්වපු එකට මමවත්, මගේ දරුවන්වත්, ඥාතින්වත්, මගේ හිතවතුන්වත්, මා දන්නා කියන කිසිම කෙනෙක්වත් කිසිම දිනක සමාව දෙන්නෙ නැහැ. ඡන්දය දෙන්නෙත් නැහැ. (නි)

:       0       0

සුනිල් Monday, 07 September 2015 08:35 AM

රුපවතී, දන්නේ නැති බහුබූත දොඩන්නේ නැතුව ඉන්න. (බ)

:       0       0

රූපවතී Tuesday, 08 September 2015 07:04 AM

සුනිල්,ඔයා ඇත්තටම මොනවද දන්නේ? කියලා දෙන්න බලන්න මට. (නි)

:       0       0

සල්ගාදු පැරිස් Monday, 07 September 2015 09:04 AM

කල වැරදි දන්නා නිසා , කෙසේ හෝ දෙවියන්ගෙන් වත් සහනයක් උදව්වක් බලා පොරොත්තු වෙනවා , යුද්ධය මුවාවෙන් සහ පශ්චාත් යුද්ධයේ නාමයෙන් කළ ඇති විශාල දුෂණ වංචා නිසා ඇති බය , දෙවියන්වත් උදව් කාරවිද මෙහෙව් අයට (ම)

:       0       0

සුනෙත් Monday, 07 September 2015 09:05 AM

මේ රටේ වැඩක් කළ මිනිසුන්ට අන්තිමට ඉතිරි වෙන්නේ දෙවියන්ගේ පිහිට තමා මහත්තයෝ.. (ම)

:       0       0

නුවන් Monday, 07 September 2015 09:07 AM

නිර්මල. චිනය නැතිනම් යුද්ධය දිනන්නේ නැතයි අද මාධ්‍යට දී ඇති ෆොන්සේකාගේ ප්‍රකාශය දැක්කේ නැද්ද? (ම)

:       0       0

පෙරේරා Monday, 07 September 2015 09:12 AM

අනුන්ට දෙවියන් සිහිවෙන වැඩ කළොත් තමන්ටත් එවැනි දවසක් එන බව මතක තියාගන්න එක හොඳා.(ම)

:       0       0

සොපී Monday, 07 September 2015 06:18 PM

දෙවියන් ඔබ සමඟයි ....! (නි)

:       0       0

වසන්ත Monday, 07 September 2015 07:01 PM

ගෝඨාභය මහතාට සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

ශානික Monday, 07 September 2015 10:09 AM

ගෝඨාභය කරපු හැමදේම වැරදියි කියන්නෙ නෑ. නමුත් කරපු වැරදි වලට දෙවියන්ගෙන්වත් සමාවක් ලැබෙන එකක් නෑ. (අ)

:       0       0

ලක්ෂ්මන් Monday, 07 September 2015 10:13 AM

ඇත්ත චූලා, කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඒක තමයි (නි)

:       0       0

සංකල්ප Monday, 07 September 2015 05:48 AM

ඇත්තටම මෙතුමාව සමච්චලයට ලක් විය යුතු නොවේ. (බ)

:       0       0

විරාජ් ඒකනායක Monday, 07 September 2015 05:49 AM

දැන් තැන දැන ගත්තනේ ලංකාවේ නන්දෙසින් බත් කන හරක් පෝලිමේ යන්න පටන් ගනීවි (බ)

:       0       0

ධම්ම Monday, 07 September 2015 05:51 AM

තනිකරම දේව බලයෙන් දුවන රටක්. "බුදුහිමියන්ටත් කලියුගයේ දෙවියන්ගේ පිහිටයි" ගීතය මතක් වුනා. (බ)

:       0       0

ඉර්ෆාන් Monday, 07 September 2015 05:55 AM

වැරදී නොකළානම් බයවෙන්න දෙයක් නෑ ...(බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 07 September 2015 06:10 AM

ඇත්ත. එතුමාට දෙවියන් සිහිවෙන්න ඕනෑ, මේ වගේ කළගුණ නොදත් ජාතියක මරබිය දුරුකළ වරදට.මේ සිදුවන දේ ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. ඒක වෙන්න ඇති යහපාලනය. (නි)

:       0       0

දුමින්ද Monday, 07 September 2015 06:19 AM

දේව විනිශ්චයක් ලැබේවි (ම)

:       0       0

රූපවති Monday, 07 September 2015 06:21 AM

දෑසට පෙනෙන ඇසෙන මිනිසාට කළගුණ අමතක වෙන කොට ..දෑසට නොපෙනෙන දෙවියන් ඇදහීමේ කිසිම වරදක් නොමැත ..! මේ මිනිසා අප ඇදහිය යුත්තේ දෑසට පෙනෙන තවත් එක් මිහිපිට දෙවියකු ලෙසයි. ඒ මන්ද ඒ මිනිසා නිසාවෙන් අද අපිට අනාගත දරුවන්ට අපේ අනාගතේ ගැන බලාපොරොත්තු සිහින දැකිය හැකි වාතාවරණයක් රටතුළ ගොඩ නගා ඇත මේ මිනිසාගේ ශක්තියෙන්...! සියල්ල මොහොතින් අමතක වෙන මිනිසුනේ ආපසු හැරී බලනු මැන..යටගියාව දෙස ..? (ම)

:       0       0

වි.ස.ප.විමලසේන Monday, 07 September 2015 06:25 AM

මිත්‍යා විශ්වාස පිළිබදව තවමත් මේ අයට තේරී නැති බවයි පෙනෙන්නෙ.(ම)

:       0       0

ලුම්බිණි Monday, 07 September 2015 06:30 AM

සමහරවිට බාරයක් ඔප්පු කරන්න යන්න ඇති. අනික කිසිකෙනෙක් මෙතුමා කළ හොඳ දේවල් වලට වැරදි කියන්නේ නැහැ. වැරදි කරලා තියෙනවා නම් ඒවාට හොඳයි කියන්නත් බැහැ. (නි)

:       0       0

හේවා සරත් Monday, 07 September 2015 06:31 AM

කළගුණ නොදත් මිනිසුන් වැඩිපුර සිටින මේ රටේ අය රාජපක්ෂලාට දොස් නැඟීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

චාමිනී Monday, 07 September 2015 06:38 AM

කොහොම කිවුවත් කළකම් පළදීම දෙවියන්ටවත් නවත්වන්න බැහැ (නි)

:       0       0

ගුණපාල Monday, 07 September 2015 06:43 AM

සුමනදාසගේ අනාවැකි වගේ එකක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

චූලා Monday, 07 September 2015 06:44 AM

ගෝඨාගේ අගය දැනෙනවිට පෙරහැර ගිහින් හමාරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 874 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 774 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 163 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1051 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 205 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1236 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site