ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක හා ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නොතීසි නිකුත් කළේය.
2012 අගෝස්තු හත් වැනි දා හා 2015 ජනවාරි අට වැනි දා අතර කාලයේ මෙම පාඩුව සිදු කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දැන්වීය.
ගෝඨාභය රාජපක්ෂ, සුජාතා දමයන්ති ජයරත්න, රක්නා ලංකා සමාගමේ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බී.ඒ.ගොඩකවෙල, සෝමතිලක දිසානායක, නිශ්ශංක යාපා සේනාධිපති, ජයනාත් කොළඹගේ සහ ජයරත්න පෙරේර සැකකරුවෝය.
එම පිරිස අතර හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් ද වෙති.
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෝඨාභය/සේනාධිපති ඇතුළු අටකට නොතීසි
හේවා Thursday, 01 September 2016 09:18 PM
තිළිණ, මොනවද මේ කතාකරන අපබ්‍රංශ? (නි)
මාධවී Thursday, 01 September 2016 05:39 AM
සමහරුන්ට දරුණුවට "ගෝඨා- බය" වැළඳී ඇති බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. (නි)
තරංග Thursday, 01 September 2016 11:12 AM
ඇතැමුන් මෙහි දමා ඇති අදහස් වලින් පේනවා ඔවුන් ගෝඨාට වෛර කරන තරම. ඔවුන්වත් දන්නේ නැතුව ඇති ඊට හේතුව. (නි)
ගයාන් Thursday, 01 September 2016 06:02 AM
ගෝඨාභය රටට විශාල මෙහෙයක් කළ අයෙක්. දැන් අනුමාන වැරදි වලට ඔහු හිරේ දාන්න හදනවා. (නි)
වීරවර්ධන Thursday, 01 September 2016 06:10 AM
ප්‍රශ්නයක් නැහැ. අැප දෙයි. ඊටපස්සේ නඩුව කල්යයි. එච්චරයි වෙන්නේ. රිමන්ඩ් කළොත් ගෙවන වාට්ටුවට යයි (නි)
නයනා Thursday, 01 September 2016 06:14 AM
දේශයට අවංක, විශිෂ්ට, නිවැරදි, තැනට ඔබින චින්තනයක් තියන, රටට සත්‍ය සේවයක් කළ පුද්ගලයෙක්. අවංක බුද්ධිමත්, නිර්භීත, යුගයට අවශ්‍ය වටිනා චරිතයක්. මෙවන් අයගෙන් රටට වැඩක් ගන්නවා විනා පළිගැනීම ඉතාම පහත් නොමනා ක්‍රියාවක්. (නි)
පාඨලී Thursday, 01 September 2016 06:17 AM
මිනිසුන්ට අැස් වලට වැලි ගහනවා වගේ ගෝඨාභය කරපු දේවල් දකිනකොට. ඊර්ෂ්‍යාව තමයි ඔක්කොටම මුල (නි)
සිරි Thursday, 01 September 2016 06:18 AM
මාධවී, හොරෙක් අල්ලද්දී බයේ අල්ලනවා කියන්නේ ලංකාවේ ඉන්න ඔයා වගේ අය විතරද කොහෙද. (නි)
හේවා Thursday, 01 September 2016 06:40 AM
අැවන්ගාර්ඩ් සමාගම ලෝකයේ නැව් සමාගම් අතර ඉතා ප්‍රචලිත නමක්. ලංකාවට කීර්තියක් ලබාදුන් එවන් දක්ෂ මිනිසුන් සහ සමාගම අපේම අය නිසා අපට නැති වී ගියා (නි)
ඩෙන්සිල් Thursday, 01 September 2016 06:58 AM
සිරි, සේරටම කලින් ඕස්ට්‍රේලියාවේ සමාගමකින් අල්ලස් ගත් සිද්ධිය ගැනත් කියන්න (නි)
අංගොඩ ලාල් Thursday, 01 September 2016 07:20 AM
මාධවී, නිකන් පදනමක් නැති දේ කියන්න එපා (නි)
ශාන්ත Thursday, 01 September 2016 07:21 AM
නීතියට සියල්ල බාරදෙමු. නීතිය සියල්ල ඉටු කරයි. (නි)
සම්පත් Thursday, 01 September 2016 07:31 AM
තාම කවුරුත් හොරු වෙලා නැ , චෝදනා පමණයි ..(බ)
කීර්ති Thursday, 01 September 2016 07:33 AM
නයනා.. ඔය කියන විදියට මෙයා රටට වැඩ කරන්න ඇත්තේ කොහොමද ...(බ)
රිෂාන් Thursday, 01 September 2016 07:36 AM
නයනා. අවංකවම, නිර්භීතවම සේවයක් කළා නම් බය වෙන්න දෙයක් නැහැ, නඩු වැටෙන්නෙත් නැහැ. අවංකවම සේවය කරපු හැටි පේනවනේ අර මෝරු ඇති කරපු ටැංකියෙන් සහ අලි පැටියෙක් සුරතල් කරපු හැටියෙන්. ඒ වගේම රණවිරුවන් කියල කෑගහනවා ඒ රණවිරුවන්ම තමන්ගේ වහලුන් හැටියට යොදාගත්තා කියල සාක්කිත් තියෙනවනේ (බ)
තිළිණ Thursday, 01 September 2016 07:37 AM
මේ ව්‍යාපෘතියෙන් රජයට ලැබෙන්නේ ඉතා අඩු ලාබයක්..නමුත් මෙය පෞද්ගලික සමාගමක් සමග එකතු වී ඉතා ඉහළ අදායමක් රටට ලැබුණා..පෞද්ගලික නැව් සමාගම් රටක රජයකින් ආරක්ෂක සේවා ලබන්නේ නෑ..එහෙම වුනොත් එම නැව යුද නැවක් බවට පත් වෙනවා..(බ)
යමුණා Thursday, 01 September 2016 07:45 AM
මට හරි පුදුමයි මෙහි ඉහතින් අදහස් දක්වන අය ගැන. (බ)
පිටිගල මිලානෝ Thursday, 01 September 2016 07:38 AM
රාජ්‍ය බලය කිසිවෙක් අවභාවිතා නොකළ යුතුයි.(බ)
යමුණා Thursday, 01 September 2016 07:47 AM
ගෝඨාභය හොඳ වැඩ කළා නමුත් නොකළයුතු අකටයුතු ඊට වඩා කළා. අවදානයෙන් හිටි ජනතාව ඒවා දන්නවා. (බ)
ඇසළ Thursday, 01 September 2016 07:48 AM
අපේ රටට, සිංහල ජාතියට, බුදු දහමට යහපතක් සිද්ධ වෙන්නේ කවදා හෝ ගෝඨාභය වගේ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් රට පාලනය බාරගත්ත දවසට. ඒ දවස වැඩි ඇතක නෙමෙයි. (බ)
දිලිප් Thursday, 01 September 2016 07:44 AM
පවතින නීතියට අනුව කටයුතු කර ඇත්නම් බිය විය යුතු නැත. නීතියට එපිටින් කටයුතු කර ඇත්නම් නීති ප්‍රකාරව කටයුතු කිරීමට සිදු වීම අරුමයක්ද නොවේ (බ)
පිටිගල Thursday, 01 September 2016 07:48 AM
යුද්ධයද අමතක කර රටින් පිටවී වෙනත් රටක පුරවැසි භාවය ලබාගත් කෙනෙක් තම සහෝදරයා රටක පාලකයා වූ විගස උන්හිටි තැන දමා නැවත රටට එන්නේ වාසියක් බලාගෙනම නොවෙයිද?(හේ)
මාධවී Thursday, 01 September 2016 08:20 AM
කෙනෙක් හාෙරක් වෙන්නේ පිළිගත් අධිකරණයකින් තීන්දු කළාට පසුවයි (හේ)
දුමින්ද Thursday, 01 September 2016 09:01 AM
විදුලි පුටුවට වඩා සොඳුරු දඬුවමක්...(බ)
රොකී Thursday, 01 September 2016 03:16 PM
මාධවී, ඔබ කියන හැටියට ඔබේ තර්කය වලංගු වෙන්නේ උසාවියෙන් දඬුවම් පැමිණවීම සඳහාම පමණයි. (නි)
ධනුෂ්ක Thursday, 01 September 2016 10:36 AM
රිෂාන්, මේ අර කිව්ව ටැංකියේ මෝරු කීයක් විතර හිටියද? ඔයා ඇසින් දුටු පුද්ගලයෙක් නිසා අහන්නේ (නි)
සුසන්ත Thursday, 01 September 2016 10:37 AM
හොඳ වැඩේ ගෝඨාට. රජයට අාදායමකුත් ලැබෙන ලෙස පෞද්ගලික ආරක්ෂක සේවා අරඹා, ඒවායින් දහස් ගණනක් විශ්‍රාමික රණවිරුවන්ට අතිරේක රැකියාවක්/අාදායම් මාර්ගයක් හදාදීලා, රටටත් බිලියන ගණන් විදේශ විනිමය ගෙනාවට. පැත්තකට වෙලා හිටියා නම් ඉවරනේ (නි)