IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘ගෝඨාභය ජනපති වූවොත් අගමැති මහින්ද‘

(ඩයනා උදයංගනී)

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණයෙන් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා එම තනතුරට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
 

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මහමැතිවරණය පවත්වන තුරු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් සමග කටයුතු කළ නොහැකි බැවින් පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කරගෙන මෙලෙස නව අග‍්‍රාමාත්‍යවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත්කරගන්නා බව ද අමරවීර මහතා කීවේය.
 
ඒ සදහා මන්ත‍්‍රීවරුන් 120කගේ පමණ සහය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබෙනු ඇතැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
 
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ රාජගිරිය, නාවල පාරේ පිහිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (56)

‘ගෝඨාභය ජනපති වූවොත් අගමැති මහින්ද‘

sanjeewa Wednesday, 30 October 2019 10:53 AM

ඔබ හඳුනන කාන්තාවකගෙන් ඡන්දය දෙන්නේ කාටද අහන්න? අද වනවිට සජිත්ට ඡන්දය දෙන්න කව්රුවත් නැහැ.

:       4258       3250

විනිවිද Wednesday, 30 October 2019 04:29 PM

100% මෙවර කාන්තවන් ඡන්දය දෙන්නේ සජිත්ට බව අමතක කරන්න එපා. "සියලු කාන්තාවන්" මව්වරුන් , සහෝදරියන්, උසස් අද්‍යාපනය ලබන සිසුවියන් ගේ ප්‍රබල මුලික " සෞඛ්‍ය" අවශ්‍යතාවයන් වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක සජිත් කටයුතු කරනු ඇත.

:       958       2170

chandimaWednesday, 30 October 2019 10:54 PM

ඇත්ත, හුඟක් කාන්තාවන් කැමති සජිත්ට තමයි. කිසි බියක් නැති විශ්වාසවන්ත පුරුෂයා කියනවනේ...

:       0       19

soysaThursday, 31 October 2019 03:10 AM

අපේ රට දිනපතා බෝම්බ පුපුරන් ඇෆ්ගනිස්ථානයට වඩා පහළට අැදලා දාපු මේ පාලනයට තිත තියමු. දන්නේ නැති පිරිස ලෝකබැංකු වාර්තාව කියවන්න...

:       236       139

saliyaThursday, 31 October 2019 04:13 AM

බෝම්බ බිය ඇතිකර දිනපතා පාසල් කාර්යාල වැසීමේ ප්‍රයත්න තිබුණු නිසා, සොයිසා මහතා දිනපතා බෝම්බ පිපිරීම ගැන කීමෙන් ඔහු ගැන විශාල සැකයක් ඇතිවේ. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන අපි රජය ගැන අප්‍රසාදය පලකර සිටිමු. ත්‍රස්තයින්ට ආධාර දුන් සියල්ලන්ම ඡන්දයේදී පිටුදකිමු.

:       7       70

Rasika Thursday, 31 October 2019 03:32 AM

සනීපාරක්ෂක තුවායකට ඡන්දය දෙන්න තරම් කාන්තාවන් පහළට වැටේ යයි සිතීම කාන්තාවන්ට කරන අවමානයකි.

:       203       184

athuraThursday, 31 October 2019 04:41 AM

කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම් කියන්නේ මොකක්ද? ඉස්කෝලේ කීයට වෙනකන් ගියාද?

:       0       40

pakeerSaturday, 02 November 2019 07:56 AM

සජිත් නියම තැනට කතා කරේ... කවදාවත් මේ කතාව ඇමෙරිකාවේ ඉන්න එකෙකුට තේරෙන්නේ නැහැ. ඇත්තටම මේක කරන්න පුළුවන් එකක් සහ කතාකළ යුතු දෙයක්... අනිත් එක තමයි ගෝඨා කතා කරන්නේ උසස් කියලා හිතන් ඉන්න සමාජෙට... සජිත් කතා කරන්නේ පහත් කියලා හිතන් ඉන්න සමාජෙට... අපි බලමු මොකද වෙන්නේ කියලා...

:       0       0

sirimal Wednesday, 30 October 2019 11:16 AM

ඔව් ඉතින් ඒ ගොල්ලෝ බලය අතට ගත්තට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ නීතිය වගේ දේවල් ගණන් ගන්න එකක් නැතුව ඇති එහෙනම්. දවස් 52 වෙලාවේ 113 න් හදාගන්න කොටි ගණන් වියදම් කළත් බැරි වුණා කියලනේ එදා මැසිවිලි දෙඩුවේ... මෙදාපාර කීයක් වියදම් කරලා හරි වැඩේ කරගන්නයි බලනවා ඇත්තේ... එහෙම හොඳ නම් ඉතින් එහෙම වුණාවේ කියලා තමයි අපට කියන්න වෙන්නේ...

:       3319       4451

WasudewaThursday, 31 October 2019 02:21 AM

සහතික ඇත්ත ශ්‍රීමාල්... මොකද දින 52ක ආණ්ඩුව හදලා අපිට මතකයි... මේ ගොල්ලන්ගේ චණ්ඩියෝ හැසිරිච්ච විදිය? නීතිගරුක සමාජයක මේ රස්තියාදු වැඩ කිසිකෙනෙක් අනුමත කරන්නේ නැහැ. අනික දින 52ක ආණ්ඩුවට උසාවියෙන් ඉහළම දඬුවම් ලැබුණා. මේකේ හොඳම වැඩේ... 19 සංශෝධනය හදපු කෙනාම 19 කඩලා පීචන් වෙලා ගියා. හරි නම් එයා ඉල්ලා අස්වෙන්න ඕනේ...

:       1       1132

dilan Wednesday, 30 October 2019 11:20 AM

මල්ලි ජනපති, අයියා අගමැති.. එතකොට අපි වහල්ලුද?

:       1506       3818

MaheeWednesday, 30 October 2019 02:25 PM

මොනවා කරන්නද ඩිලාන්, වහලුන් විසින් පත් කර ගත්තොත් "රටකට ලැබෙන්නේ ඒ රටේ ජනයාට ගැලපෙන ආණ්ඩුවකි".

:       214       878

nisamThursday, 31 October 2019 03:05 AM

තාත්තා ජනපති නිසා පුතත් ජනපති කරන්න ඕනෑද?

:       509       493

Buddika Wednesday, 30 October 2019 11:21 AM

අපි දන්නවා පවුලක් රජකරවන්න කේවට්ටයෝ රැළක් කරන කැපකිරීම. ඊට පස්සේ චමල් කථානායක. බැසිල් ආර්ථික සංවර්ධන ඇමති. පරම්පරාවේ හැමෝම ආණ්ඩුවේ. ඒක තමයි යතාර්ථය. 2015 ට පෙර තිබූ මේ සත්‍යය මිනිස්සුන්ට මතක නෑ.

:       5482       6639

aruniWednesday, 30 October 2019 12:14 PM

"...මේ සත්‍යය මිනිස්සුන්ට මතක නෑ..." නොවෙයි" ගෝත්‍රික වහලුන්ට...!!!, අරක්කු වීදුරුවට, රෙදි කෑල්ලට, බත් මුලකට ..තම ආත්මයම පාවාදෙන මේ නරුමයින් මේ රටේ සිටිනතාක් කල් මේ රට ලෝකයේ අසමත්ම රට වෙන එක වළක්වන්න බැහැ. මේ වහල්ලුන්ට " කොන්දක්, අභිමානයක් ආත්ම ගරුත්වයක් නැහැ.." ඔහේ ජීවත්වන්නන් වාලේ ජීවත්වෙනවා. අනුන්ට කඹුරමින් ඔහේ ජීවත්වෙනවා. මේ තත්වය තිබෙන්නේ ලංකාවේ පමණයි.

:       503       880

Thilina Wednesday, 30 October 2019 02:31 PM

පවුලක් තියා කාවවත් රජ කරවන්න මහජන කැමැත්ත නැතුව බැහැ මහත්තයෝ. මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ. පහුගිය අවුරුදු 4 වුන දේවලුත් මතකයි.

:       214       571

AmilaWednesday, 30 October 2019 03:08 PM

2015ට පෙර තිබුණු පවුල් පාලනයට වඩා නම් මේ තියෙන ආණ්ඩුව හොඳයි..

:       2021       2240

subashWednesday, 30 October 2019 06:16 PM

ඩොලර් බිලියන 20ක් ණයට අරන් අවුරුදු 4ක් පඩි ගෙව්වා. මෙහෙම ගියොත් අවුරුද්දෙන් පස්සේ කාටවත් පඩි නැතිවේවි..

:       610       610

chandimaWednesday, 30 October 2019 11:00 PM

ඩොලර් බිලියන් 20ක් ණයට අරන් පඩි ගෙව්වම පාඩු වුනේ ඩොලර් බිලියන 20ක් විතරයි. එතකොට රුපියල බාල්දුවෙන්න ඇරලා සල්ලි අච්චු ගහගහ බිලියන ගාණක් හොරකනුත් කරලා, අර බිලියන 20න් හදපුවත් චීන්නුන්ට විකුණන් කාලා, කෝටි දෙකක ජනතාවට මොකුත්ම නොකර සම්මන්ත්‍රණ, කමිටු තියතියා අවුරුදු හතර හමාරක් උඩ බලාගෙන උන්නු එක ගැන මොකද හිතෙන්නේ..?

:       309       301

saaliThursday, 31 October 2019 04:34 AM

සුබාෂ්, කලින් ණය ගත්තේ නැතෙයි..? චීනාට රට උකස් කළේ නැතෙයි..

:       33       181

කමල් Wednesday, 30 October 2019 11:44 AM

දින 52 මතක නැතුව කතා කරනවා

:       414       609

Nandalal DE SILVA - France Wednesday, 30 October 2019 11:59 AM

ඕක ඉතින් ආයෙමත් මතක් කරන්න ඕන දෙයක් නෙවි!

:       6       53

Nandalal DE SILVA - France Wednesday, 30 October 2019 12:10 PM

ඉතින් ඒක වෙන්න ඉස්සර වෙලා ගෝඨා ජනාධිපති වෙන්න එපාය? කවුද ඔය නොපෙනෙන පේනය බැලුවේ?

:       476       670

Amila Wednesday, 30 October 2019 12:19 PM

පවුලක් රජ කරවන්න තරම් මිනිස්සු මෝඩ නෑ හලෝ. මෙයා ගොට්ට ඇල්ලුවට ඊළඟ මහ ඡන්දෙන් ගෙදර..

:       613       569

suil milano Wednesday, 30 October 2019 12:39 PM

නම බුද්ධික වුණාට බුද්ධියෙන් බිංදුවයි.

:       520       640

Dr: Sanath Wednesday, 30 October 2019 12:41 PM

එම වැඩසටහන සම්පූර්ණ කළහොත් අපට පාර්ලිමේන්තුවද වසා දැමිය හැකිය.

:       214       244

Gamarala Wednesday, 30 October 2019 12:54 PM

හිතන්න එපා මේක පවුලක් රජ කරවන්න හදන වැඩක් කියලා. මෙය රට විනාශ මුඛයෙන් ගලවාගන්න කරන වෑයමක්. සමහරු පවතින රජයට කැමතිවෙන්නේ ඇයි කියලා කියන්නේ නැහැ. මහින්ද බේරාදුන් රට දැන් යක්ෂයින් පිනුම් ගහනවා.. නොපෙනෙන ඇස් ඇති අය ටිකක් හිතා බලන්න. ඔබ මොන අදහස් තියෙන කෙනෙක් වුණත් මේ වෙලාවේ ගතයුතු තීරණය හොඳින් හිතා බලන්න. පසුව කළයුතු දෙයක් නැත. දැනටමත් රට විනාශ මුඛයේ තමයි තියෙන්නේ. මා මහින්දට කඩේ යනවා නොවෙයි.

:       765       1517

පුරවැසියා Wednesday, 30 October 2019 01:51 PM

ගෝඨාභය ජනපති වූවොත් අගමැති මහින්ද හැර වෙනත් කෙනෙකු බව හැකිනම් කියන්න රටම අවුල් කල පවුල් පාලනයට නැවත බලය දීමට තරම් ලංකාවේ මිනිසුන් මෝඩයන් නොවේ බුද්ධිමත් ජනතව සහ විශේෂයෙන්ම තරුණ පිරිස් මෙවර මැතිවරණයේදී පවුල් පාලනයට තිත තැබීමට බලා සිටි.

:       819       922

Gamarala Thursday, 31 October 2019 02:08 AM

මෙය කවුරුත් කියන අන්දමට පවුලක් රජ කරවීමක් කියලා හිතන්න එපා. මීට පෙරත් පවුලේ අය එකමුතුව දේශපාලනය කළා. එහෙම ඉන්න පවුල් අද විරලයි. හිතන්න ඔබේ පවුලේ කොටස්කරුවන් අද කොයිතරම් එකට එකතුවෙලා කටයුතු කරනවද කියලා. එකට එකතුවීමේ ශක්තිය තමයි 2009 මැයි මාසයේ පෙන්නුවේ. දැන් වගේ කකුලෙන් අදින අය එදා හිටියා නම් අද අපිට ඉන්න වෙන්නේ ප්‍රභාකරන් යටතේ තමයි. ඔය කතා කියන ඔබ පසුගිය පාස්කු දින දක්වා කොයිතරම් සැහැල්ලුවෙන් ගමන් බිමන් ගියාද..? අද ඔබට පන්සලට හෝ පල්ලියට යන්න වෙලා තියෙන්නේ යහතින් එළියට එන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමින් නේද? එක පවුලක් ගැන කතා නොකර රට රැකගැනීමට කටයුතු කරන්න. බොහෝ දෙනෙක් කටවාචාල කමට පවුලක් ගැන කතා කරන්නේ ඇයි කියලා මට පුදුමයි.

:       381       344

sirisenaThursday, 31 October 2019 04:12 AM

කිසිම දෙයක් ස්වාධීනව බලන්න බැහැ.

:       73       26

Chanak los angelesThursday, 31 October 2019 04:16 AM

ඔබට පුදුම හිතුණාට ජනතාවට පුදුමයක් හිතෙන්නේ නැහැ මේ පවුල් පාලනයක් කියා...

:       32       37

යාපාThursday, 31 October 2019 04:19 AM

අනිවාර්යයෙන්ම සහෝදරයා. නමුත් වහල්භාවයෙන් මිරිකිලා ඉන්න අනුන් කියන දෙයක් අහනවා ඇරෙන්න තමන්ට තනිව සිතා යතාර්ථය තේරුම් ගැනීමට බැරි මිනිසුන්ට ඕවා කියා නම් ඵලක් නෑ. වාසනාවට 2015 මිනිස්සු රැවටුණු බව දන්නා නිසා මේ වගේ කිහිපදෙනෙක් ඇරෙන්න අනිත් මිනිස්සුන්ට නම් ඇත්ත තේරුම් ගන්න පුලුවන් වෙලා තියෙනවා..

:       56       9

කපුරු හාමි Wednesday, 30 October 2019 03:54 PM

අපේ රට බලලෝභී පවුල් පාලනේ ඒ අයගේ බූදලේද? ඇත්තටම මේ රටේ අයට වඩා උගත්, බුද්ධිමත් හරිහමන් අය ඕනෑතරම් ඉන්නේ... අතීතයෙන් පාඩම් අරගෙන වර්තමානය ගැන හිතාබලා අනාගතයේ බුද්ධිමත් හරිහමන් කෙනෙක් පත් කරන්න ජනතාවට මොලේ පෑදේවා..!

:       615       759

samelThursday, 31 October 2019 03:07 AM

එහෙම කළොත් කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ තමයි.

:       0       6

Kumara Wednesday, 30 October 2019 04:09 PM

පොහොට්ටුවෙන් ගුටි නොකා බේරන්ඩකෝ ඊට පස්සේ පුළුවන් ඔයකියන දේවල්කරන්න

:       316       477

ruwan kotuwelle Wednesday, 30 October 2019 07:17 PM

වෙනසක් නෑ. ගිය සැරේ වගේ බහුතරය පෙන්නන්න වෙනවා . හැබයි ගෝඨාභය ජනාධිපති උනොත් දහතුන් දෙනා සල්ලිවලට හෝ චන්ඩිකමින් ගන්න ලේසියි.

:       0       4

Chanak los angeles Wednesday, 30 October 2019 07:45 PM

ප්‍රශ්නයක් අහනකොට කියාගන්න බැරිව තමා පසුපස තියාගෙන ඉන්න අය දිහා බලන අයියටයි මල්ලිටයි ඡන්දය දෙන මෝඩයා කව්ද ?

:       124       16

Chanak los angeles Wednesday, 30 October 2019 10:03 PM

එළවන්න හදපු අයත් එකම වේදිකාවේ....ගිනි තියා ගන්නවා කියපු අය කෝ දැන් ? බුද්ධිමත් ජනතාවෙනි සාටකයන්ට නොරැවටෙන්න.

:       139       21

ranjith Wednesday, 30 October 2019 11:20 PM

මේ පක්ෂ ටිකේ නායකයෙකුට සුදුසුකම් ලත් වෙනත් උගත්තු ඇත්තේම නැතිද?

:       0       2

mahinda Wednesday, 30 October 2019 11:50 PM

පාකිස්ථානයේ ජනතාවට සේ ලෝකයේ ජනතාවට රට ගැන අදහසක් කවදා ඒවිද?

:       0       4

එරික් Thursday, 31 October 2019 12:07 AM

ගෝඨාභය ජනාධිපති වුණොත් ජනාධිපතිත් මහින්ද, අගමැතිත් මහින්ද තමයි.

:       33       108

සමන් ඔස්ට්‍රලියා Thursday, 31 October 2019 12:48 AM

රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ. පහුගිය අවුරුදු 4 වූ දේවලුත් මතකයි. මොනවද අවුරුදු 4ක් කරේ? දැන් ඇමරිකාවට රට විකුණන්න ගිවිසුමත් ගහලා ඉවරයි.

:       303       341

athuraThursday, 31 October 2019 04:47 AM

ඇමරිකාවට රට විකුණන්න තමයි ඇමරිකාව කැමති ඇමරිකන් පුරවැසියෙක් රටේ ජනාධිපති කරගන්න හදන්නේ...

:       2       110

NishanThursday, 31 October 2019 05:09 AM

ඔයා ඕස්ට්‍රේලියා නිසා සමාව දෙන්නම්. ඔයාලා වගේ අය ඔහේටම වෙලා ඉන්න එක තමයි ලොකුම සේවය...

:       134       25

Ashan Thursday, 31 October 2019 01:25 AM

ගමරාල, ඔබ කියන ඔය රට බේරාගැනීම කියන්නේ මොකක්ද? ඒක කරන්නේ කොහොමද? කරුණලාට ඇමතිකම් දුන්නේ, සහරාන්ලට පඩි ගෙව්වේ, ශරියා විශ්වවිද්‍යාලයට අවසරදුන්නේ, විල්පත්තුව කපන්න පර්මිට් දුන්නේ, කොළඹ කෑල්ලක් චීනෙට දුන්නේ, කුඩු මුදලාලිලා රැකගත්තේ කව්ද? රට බේරන්නේ එහෙමද?

:       437       228

ශෙහාන් Thursday, 31 October 2019 04:11 AM

ඇත්තටම වහල්කම කියන්නේ ඕක තමයි යාලුවා. නිකං හිස්වචන කතාකරන්නේ නැතුව ඇත්ත හොයලා බලන්න. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට දීපු අවසරේ අවසානේ යහපාලනය නැමැති පාවාදෙන්නන්ගේ කාලේ ෂරියා විශ්වවිද්‍යාල දක්වා ගෙනිච්චා. 2015 ට පස්සේ තමයි ඕකෙ නම්ගම් පවා වෙනස් වෙන්නේ. හොයලා කතාකරන්න. වහල් අන්ධයෙක් නොවී. විල්පත්තු එම කොටස රක්ෂිතයක් කරේ යුද්ධයෙන් පස්සේ. නමුත් ඊට පෙර පවුල් 30ක් පමණ පදිංචිවෙලා ඉඳලා තිබුණා. ඔවුන්ට තමන්ගේ බිමේ අයිතිය දුන්නාම ඇමතිලා ඒකෙන් ප්‍රයෝජන අරගෙන වැඩිපුර ඉඩම් දුන්නා. අවසානයේදි ඒවට විරුද්ධ වුණාම යමපාලනයට පැන්නා. රටක් බුද්ධි අංශයේ කාර්යභාරය ගැන නොදන්න ඔබ වැනි වහලුන් ගැන ඇත්තටම දුකයි. ඌරගේ මාලු කපන්න ඕනෑ ඌරගේ පිටේම තියලා. ඇමරිකාව රුසියාව වගේ රටවල්වල තියෙන එදා ලංකාවෙත් තිබුණු බුද්ධි අංශ ගැන හොයලා බලන්න. කරුණාලා කොටින්ගෙන් කැඩිලා ඇවිත් රට වෙනුවෙන් වැඩ කළා. බදියුදීන් හකීම්ලා තමන්ට ඕන අන්තවාදයට ඉඩ නොදෙනකොට අනිත් පැත්තට ගියා. තවත් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ මම හිතන්නේ. වහල්කමට නම් බෙහෙත් නෑ... ඒත් ඇත්ත කතාකරන්න පුරුදුවෙන්න.

:       49       201

shiroThursday, 31 October 2019 08:21 AM

ඔබ හරි. රටක, ජාතියක පැවැත්මට වඩා, අහිමානයට වඩා තමන්ගේ බඩ වඩා ගැනීමට මානසික වහල්කම් කරන මිනිසුන් අද අපේ රටේ බහුලයි. ඇත්ත ඇති සැටියෙන් ඔවුන්ට පෙනෙන්නේ නෑ. අන්ධ වී ඇති නිසා වහල් මානසිකත්වයෙන්. ඇත්ත බොරුව කර, බොරුව ඇත්ත කර පෙන්නනවා ඔවුන්...

:       23       35

Buddhini Thursday, 31 October 2019 03:03 AM

සජිත් අපේ ජනාධිපති 2020 - 2025 ජය නියතයි...

:       431       245

lalithm Thursday, 31 October 2019 03:10 AM

එක පවුලක පාලනයකට රටක් යටත් කරගෙන රාජාණ්ඩුවක් හදන එක මේ කලේ හැටියට නම් කියන්න තියෙන්නේ ගෝත්‍රික වාදයට ආපසු යමක් වගේ තමයි. අන්ධ විදියට පක්ෂ නායකයන් පස්සේ යන එක අපේ රටේ මිනිසුන්ගේ කරුමයක්. ලෝකයට ගැලපෙන විදියට රටක් ඉස්සරහට යනවා මිසක් නායකයෝ බේරගන්න විදියේ සංස්කෘතියට යාම අපේ විනාශයට හේතුවයි.

:       63       208

Deepal Nirosh Thursday, 31 October 2019 04:20 AM

බලාගෙන යනකොට ජනාධිපතිවරණයේදී තියෙන්නේ සජිත් - ගෝඨාභය තරඟයක් නෙවෙයි, ඒකට මුවාවෙලා රඟන රනිල් - මහින්ද තරඟයක්නේ. 2005, 2010 වගෙමයි මේ තරඟයත්...

:       0       5

max Thursday, 31 October 2019 05:15 AM

විරුද්ධ කොමෙන්ට් කාරයින් මෙතන වැලලෙන්න හැදුවට ගෝඨා-මහින්ද සුසංයෝගයට රටම කැමතියි. මේ විහිළුකාර ආණ්ඩුව ගෙදර යවන්න රටම තීරණය කර ඇත්තේ එ් නිසයි.

:       107       214

shiro Thursday, 31 October 2019 05:36 AM

පවුලකට කෙලවන්න ගිහින් රටකටම කෙලවුණා. ආර්ථිකය කඩා වැටුණා. අන්තවාදීන් පිනුම් ගහන්න ගත්තා. මරණ බය හැමෝගෙම හිතට ආවා. අහිංසක ජීවිත බෝම්බ වලට බිලිවුණා. තමන්ගේ අම්මා, තාත්තා, දූ පුතුන් අහිමි වුණු මිනිස්සුන්ට ආණ්ඩුව සරදම් හිනාවෙන් සංග්‍රහ කළා. ජාතික සමගිය වලපල්ලට ගියා. ලස්සනට ගොඩ නැගෙමින් ආ රට ඉන්න නොහිතෙන තැනක් බවට පත්වුණා. පරිසරය විනාශ කරද්දී රටම ඊට එරෙහි වෙද්දී පවුලක් නොවේ කියන ආණ්ඩුව ඇස් කන් වසාගෙන හිටියා. ජාතික සම්පතක් වූ හම්බන්තොට වරාය කුණුකොල්ලෙට චීනෙට දීලා අත පිහගත්තා. අද චීනයට එය මිළකල නොහැකි සම්පතක් වෙලා. ඇමරිකාවත් සමග හොර ගිවිසුම් ගහලා රටේ ස්වාධීනත්වය නැති කරන්නත් අර අඳිනවා. රට හැම පැත්තෙන්ම පරාජිත වෙලා.

:       105       250

samare Thursday, 31 October 2019 08:48 AM

අයිියට නොදුන්නු සහය දෙයි මල්ලිට.

:       0       1

Wimalasooriya Thursday, 31 October 2019 08:54 AM

නියමයි. ලේසියෙන්ම රට කළ හැකියි. ඕනෑම ප්‍රශ්නෙකට අයියා තමා දන්නේ...

:       0       107

buruwa Saturday, 02 November 2019 02:49 PM

සිංහලයා මෝඩයා. කැවුම් කන්න යෝධයා. මල්ලී ජනාධිපති. සහෝදරයා අගමැති.

:       0       0

ranjith Saturday, 09 November 2019 01:55 AM

පවුල් බලේට යට වූ වහල්ලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1316 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1551 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1102 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 246 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 674 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 493 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site