ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පස්වරුවේ සිංගප්පූරුවට හෝ ඩුබායි වෙත යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර ළඟා විය.
හෙතෙම ඩුබායි නුවරට යෑමට අපේක්ෂාවෙන් සිටින බවත් ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසරය ලැබෙන තෙක් බලා සිටින බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද ප්‍රින්ට්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඩුබායි නුවර ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් දේපළ තිබෙන බව අදාළ ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ඩුබායි නුවරට යෑමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයා අද පස්වරුවේ සිංගප්පූරුව වෙත යනු ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් ය.
055
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨාභය මාලදිවයිනෙන් වෙනත් රටකට?
susantha Wednesday, 13 July 2022 05:01 PM
රට ගිනිතබා රටින් පැනගත්, යන රටක සිටින ශ්‍රී ලාංකිකයින්ට භාරයි.
අතුල සෞදි Wednesday, 13 July 2022 05:27 PM
විදේශ මාධ්‍ය වලට මොකද මෙච්චර රුදාවක්.
fairoos Wednesday, 13 July 2022 05:29 PM
ලෝකේ කොහේ ගියත් කමක් නැහැ ආපහු ලංකාවටනම් එන්න ලැබෙන්නේ නැහැ.
PereraThursday, 14 July 2022 04:40 AM
ශ්‍රී ලාංකිකයින් ඉන්න රටකට ගිහින් ඉන්න ලැබෙන්නෙත් නැහැ.
ranjith Wednesday, 13 July 2022 05:38 PM
මේ රටේ වහල්ලු කීප දෙනෙක් තවමත් කඩේ යනවා.
Bandara Wednesday, 13 July 2022 05:47 PM
ඒ මනුස්සයට කරන්න දුන්නේ නැහැනේ. කරගන්න කියලා ගියා.
AnuraWednesday, 13 July 2022 09:26 PM
ඇයි කරපු ටික මදිද? මාස 30ක් රට බංකොළොත් කරා..., පොහොර තහනමක් දාගෙන කෘෂිකර්මාන්තය විනාශ කළා.
මධ්‍යස්තThursday, 14 July 2022 05:14 AM
කරපු හරිය මදැයි? කෘෂිකර්මය කෑවා, අපනයනය කෑවා, ස්වයං රැකියා කෑවා, සීනි වංචා, පොල්තෙල් වංචා, සුදුළූණු වංචා මදිවට ඩුබායිවල දේපළත් තියෙන්නේ. කොයි රටේ හැංගුණත් කර්මය පඩිසන් දෙනවා.
kasun Wednesday, 13 July 2022 05:50 PM
රට ගිනිතිබ්බේ අර රැවුල් කට්ටිය මිසක් ඔහු නෙවෙයි.
SUNIL MILANO Wednesday, 13 July 2022 07:30 PM
අනුන්ට වහල්ලු වහල්ලු කියන මේ එළොවටත් නැති, මෙලොවටත් නැති අපත ජෙප්පන් තමයි නියම වහල්ලු. කාලකණ්ණි අපතයින් ඉන්නකන් රටට හරි යයිද?
SUNIL MILANO Wednesday, 13 July 2022 07:35 PM
ඔබතුමා කොහේ හෝ නිරුපද්‍රිතව ඉන්න වැඩි කාලයක් යන්නට මත්තෙන්. ශ්‍රී ලංකාවේ ජනතාව ඔබතුමාව සාදරයෙන් නැවත පිළිගනීවි. ඔබතුමාට බුදුසරණයි.
Nihal Harischandra Wednesday, 13 July 2022 07:59 PM
ලෝකෙ කොහේ ගියත්, තමන්ගේ මාතෘභූමියට ආදරේ කරන මිනිස්සු ඉන්නවා. ඒ නිසා ටිකක් ප්‍රවේසමෙන්...!
Gamage Wednesday, 13 July 2022 09:02 PM
ගෝඨාභය නෙවෙයි මේවට වගකියන්න ඕනෑ... අර මයිනා. හෙණම ගහන්න ඕනේ. ගෝඨාභය නිකන් පරිප්පු කන්නේ...
නන්දේ Wednesday, 13 July 2022 09:24 PM
රට ගිනි තිබ්බේ ජෙප්පන් සහ ඕස්ට්‍රේලියාවේ ඉඳන් ආපු ද්‍රවිඩයා සහ ගෝලයින් ටික නිසා ලංකාව ලිබියාවක් වෙලා ඉවරයි. ඔවුන් තෙල් තියන නිසා අදටත් කාලා ඉන්නවා අපි...? තව අවුරුදු 20කට ගොඩ ඒමක් නැහැ. පුතාණෝ ආවත්, කලවැද්දන් ආවත්, ගල්අඟුරු හොරා ආවත් මාස 3 කට වැඩියෙන් ගෙනියන්න මොවුන් ඉඩ දෙන්නේ නැහැ.
Bandara Wednesday, 13 July 2022 09:35 PM
සින්ගප්පූරුවට ගිහින් අර්ජුන් මහේන්ද්‍රන් එක්ක දෙන්නාම හොරාගත්තු ධනය ආයෝජනය කරන හැටි සැලසුම් කරන්න...
Naseeha Wednesday, 13 July 2022 11:42 PM
රජෙක් වුණත් කළකම් ඵලදේවි...!
saman Thursday, 14 July 2022 06:34 AM
මේ දේශයට නැවත එන්න එපා මැතිඳුනි.. ඔබතුමා යම් යම් වැරැදි තීරණ ගත්තොත් එය සුදුසු නැත. ඔබතුමා රටට අවංකවම ආදරය කළ නායකයෙක් බව බොහෝ දෙනා දනී...