IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගෝඨා අධිකරණයේ ස්වාධීනත්වය අගයයි

‘මම කිසිදිනක ශ්‍රී ලංකාව වෙනුවෙන් නිවැරදි දේ කිරීමට පසුබට වී නැත්තෙමි. රජයේ සේවකයෙකු වශයෙන් මගේ එකම හා ප්‍රමුඛ චේතනාව වුයේ මගේ හැකියා  යොදවා උපරිමයෙන් වගකීම් ඉටු කිරීමයි. එකල ලක් මව වෙනුවෙන් දිවි පිදූ සැබෑ දේශප්‍රේමින් හා තවත් බොහෝ පරිත්‍යාග කළ අය සමඟ, අපි අපේ මාතෘ භූමියේ තිස් වසරක ශාපලත් ත්රස්තවාදය තුරන් කිරීම ගැන ආඩම්බර වෙමු.මාගේ ජීවිතය පරදුවට තබා ඒ ගත් තීරණ ගැන මා කිසි විටෙකත් පසුතැවිලි නොවෙන අතර, ඒ නිසාම, නූපන් දරුවවන් සඳහා නව, නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට අඩිතාලම දැමීමට හැකිවිය.‘ යි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ ලියා ඇත.

‘අද දින, සත්‍ය වෙනුවෙන් නැගී සිටිමට ධෛර්යය තිබු ගෞරවනීය අධිකරණයට ඉතා නිහතමානීව හිස නමා ආචාර කරමි . තවද මා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ නායක ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාටත්, නීතිඥ අලි සබ්රි මහතාටත් මගේ අවංක ස්තුතිය පුද කරමි.

එදත්, අදත්, හෙටත් මම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කැප වී සිටින අතර මාහට දක්වන නොසැලෙන ආදරය හා සෙනෙහස ගැන හෘදයාංගම ස්තුතිය පුදකරමි ‘-  එන්.ජී.ආර්. (නන්දසේන ගෝඨාභය රාජපක්ෂ)



අදහස් (0)

ගෝඨා අධිකරණයේ ස්වාධීනත්වය අගයයි

අරෝෂ Thursday, 14 May 2015 07:39 AM

ගෞරවනීය අධිකරණය ස්වාධීනත්වය අගයයි (ම)

:       0       0

මල්ලිකා Thursday, 14 May 2015 07:52 AM

අනේ මන්ද... මම නම් හිතන්නේ අධිකරණය තවම ස්වාදීන නෑ කියලයි. (ම)

:       0       0

මොහාන් Thursday, 14 May 2015 07:55 AM

රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණය වගේ නෑ නේද (ම)

:       0       0

අසීස් Thursday, 14 May 2015 07:57 AM

ඔයාලාගේ කාලේ නම් ඔහොම නෑ නේද ? (ම)

:       0       0

දුමින්ද Thursday, 14 May 2015 08:15 AM

සාපේක්ෂ කතාවක්. (ර)

:       0       0

නිමල් ලාලිත Thursday, 14 May 2015 08:32 AM

නන්දසේන වෙනුවට නන්දිමිත්‍ර ගෝඨාභය වී යුද්ධය දිනවීමට සිංහයෙකු මෙන් සිටියා සේම ඉතිරි ටිකත් සිංහලයන් වෙනුවෙන් හරියටම කළා නම් කෙතරම් අගනේද? (බ)

:       0       0

කුමාර Thursday, 14 May 2015 08:33 AM

මම හිතන්නේ ඔබ ලොකු දායාදයක් ලක් වැසියන්ට කළා කියලයි. ඔබ හොඳ වැඩ කළ වගේම වැරදි වැඩ කළා නම් එයද ඔබ බාර ගත යුතුය. සිංහලයාට කලගුණ අමතක නැත (බ)

:       0       0

වීරසිංහ Thursday, 14 May 2015 08:35 AM

හොඳ රජයේ සේවකයන් එක පක්ෂයක් වෙනුවෙන් දේශපාලන වේදිකාවල කතා කරනවද? (බ)

:       0       0

අනුර Thursday, 14 May 2015 08:38 AM

මහතාණෙනි අපගේ සදාදර උත්තමාචාරය . (ම)

:       0       0

චමින්ද Thursday, 14 May 2015 08:48 AM

වීරසිංහ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක දන්නවද දන්නේ නෑ. එහෙමනම රටේ හමුදාවේ, පොලිසියේ ඉන්න කාටවත් ඡන්දෙ දාන්නත් බෑ (බ)

:       0       0

සුනිල් Thursday, 14 May 2015 08:51 AM

ඒ යහපාලනයේ ආශ්චර්ය නිසා නේ? (බ)

:       0       0

කල්හාරි Thursday, 14 May 2015 09:05 AM

මාගේ ජීවිතය පරදුවට තබා මම යුද්ධය දරුණුම අවධියේ ඇමෙරිකාවට ගොස් සැගවී සිටියෙමි. යුද හමුදාවෙන් ඉවත්වුනේ මට තිබු අසනීපයක් නිසා නොවේ (බ)

:       0       0

ජයසිංහ Thursday, 14 May 2015 09:20 AM

යුද්ධය හැසිරවීම සහ නාගරික අලංකරණය වෙනුවෙන් අප ඔබට අපගේ ගෞරවය පුදකරමු. ඔබ වැන්නවුන් දහයක් හිටියානම් මුළු පර්ලිමෙන්තුවටම ඇති. (බ)

:       0       0

විදුර Thursday, 14 May 2015 09:21 AM

ඉස්සර නම් අපිටත් හොඳ රජයේ සේවකයෙකු කියලා හිතුනා එ්ත් පස්සේ පස්සේ අයියියාගේ උෂ්ණය ගහල තුට්ටු දෙකේ මෝඩ දේශපාලකයකු ගේ ක්‍රියාවක් වලක්වන්න ගිය ඩීඅයිජීලට කුණුහරපෙන් මහා සෙනගක් ඉස්සරහ බනින කොට නම් තු විතරක් කියලා හිතුනා. වගේම තමාගේ නුගත් කමත් පැහැදිලි වුණා (බ)

:       0       0

රුක්මල් සිල්වා Thursday, 14 May 2015 09:22 AM

දිව පටලවා ගන්න නැතුව ඔහොම්මම යානං හොඳද (බ)

:       0       0

ලාල් Thursday, 14 May 2015 11:01 AM

වර්තමාන යහාපාලන රජයට ස්තූතිකරන්න.වර්තමාන රජයේ ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයෙත් පසුගිය රජය ගෙනගිය පාලනයෙත් වෙනස බුද්ධිමත්ව දකින්න (ම)

:       0       0

සෙනෙවි Thursday, 14 May 2015 11:24 AM

පහුගිය කාලේ මේ වගේ සිද්ධියක් උනා නං පාර්ලිමේන්තුවෙ දෝශාභියෝගයක් ගෙනල්ලා නඩුකාරයා ගෙදර යවල (කේ)

:       0       0

බණ්ඩාර Thursday, 14 May 2015 11:26 AM

ෆොන්සේකා නඩුවේදී ඔබට එවූ පණිවුඩ ලබුනදැයි අසු වෙලාවේදී උසාවිය හැල්ලු කරමින් උසාවිය තුලදී විනිසුරු ඉදිරියේදීම ජංගම දුරකතනයේ පණිවුඩ විමසා "එහෙම එකක් නෑ" කියපු වෙලාවේ විනිසුරු බයටම මොකුත් කිව්වේ නෑ. ඔබ විනිසුරුවරයාද ඉක්මවා යමින් දිගට හරහට අරක මේක කියනවා දුටු මට ඔබ ගැනත් රටේ සියලු පාලකයන් ගැනත් මහා කාලකන්නි කලකිරීමක් ඇති වුණා. ඔබත් ඔබගේ සහෝදරයිනුත් පවුලේ සාමාජිකයිනුත් කෙරෙහි රට්ටුන්ගේ කලකිරීමට හේතුව නීතියට අවනත නොවීමයි. මොන තරම් කනගාටුද? (කේ)

:       0       0

සහන් Thursday, 14 May 2015 01:59 PM

ජයසිංහ , මේ වගේ දහයක් පාර්ලිමේන්තුවේ හිටියනම් අපේ රට අබ සරණයි ,මෙය ගහලතියෙන ගැහිලිවල හැටියට ,එක දහයෙන් වැඩිවෙලා ගහනකොට කොහොමද (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 76 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 133 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2431 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 894 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 517 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1525 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37754 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site